Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:12

Avatar Articles No:12

Avatar Articles No:12


Avatar Kyoshi- ඇවටර් කියෝෂි

ඇවටර් කියෝෂි උත්තර ජල ගෝත්‍රික ඇවටර් වරයෙකු වූ ඇවටර් කුරුක් ට පසුව හා අග්නි ජාතික ඇවටර් වරයෙකු වූ ඇවටර් රෝකු ට පෙර පහල වූ භූමි වංශික ඇවටර් වරියකි.
                    

 ඇය මියගියේ වයස 230 ක්ව තිබියදීය.එමෙන්ම ඇය එදා මෙදා තුර වැඩිම කාලයක් ජීවත් වූ මනුෂ්‍යයා ද වේ. ඇය ඉතා විශාල ශරීරයකට හිමිකම් කියූ අතර ඇය එදා මෙදා තුර ජීවත් වූ විශාලතම සිරුර හිමි ඇවටර් වරයාද වේ.ඇගේ නිතරම භාවිත කල ආයුධ වූයේ රන්වන් ලෝහමය අවාන් දෙකකි.තවද ඇය නිතරම සැරසී සිටියේද සටන් කිරීමටම උචිත ඇදුමකිනි.(පසුව මෙය ඇවටර් කියෝෂි විසින් ඇති කල කියෝෂි රණකාමිනියන්ගේ 'Kiyoshi Worriers' නිල ඇදුම බවට පත් විය.) (1 රූපය)
ඇගේ අනුප්‍රාප්තිකයන් වන රෝකු හා ඈන්ග් මෙන් නොව ඇගේ දැක්ම වූයේ 'සමතුලිතතාව හා සාමය ඇති කිරීමට යුක්තිය ඇති කල යුතුය' යන්නයි.ඇය ඇගේ එම දැක්ම සාර්ථක කර ගැනීමට සතුරන් මර දැමීමට සිදුවීම ගැන කිසිදු පැකිලීමක් නොදැක් වූවාය.මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නිසා ඇය ඉතා සාර්ථක වූ ඇවටර් වරයෙක් විය.කෙසේ වෙතත් ඇගේ යම් යම් ක්‍රියාමාර්ග භූමි රාජධානියේ දිගු කාලීන ගැටළු ඇති කිරීමට සමත් විය.ඇය ඒකාධිපති පාලකයෙකු වූ චින් නමැති ආක්‍රමණිකයා (Chin the Conqueror) (2 රූපය) මරා දමා ලෝකය නැවත වර්ෂ 233ක සාමකාමී යුගයකට ගෙන ආවත්, ඈ විසින් නිර්මාපිත ඩයි ලී නියෝජිත කණ්ඩායම (Dai Li agents) නිසා පසුව භූමි රාජධානියේ අල්ලස්,දූෂණ,දුබලයන් තලා පෙලීම, වැනි විවිධ සමාජ විරෝධී ක්‍රියා පැතිරී යාම ආරම්භ විය. එමනිසා පසුකලෙකදී ඇවටර් කියෝෂි, ඩයි ලී නියෝජිත කණ්ඩායම නිර්මාණය කිරීම පිළිබද දැඩිව කනගාටු වූවාය.

කියෝෂි 312 BG හිදී (පසුව කියෝෂි දිවයින බවට පත් වූ) නිරිත දිග භූමි රාජධානියේ අර්ධද්වීපයක උපත ලැබීය.සියලු ඇවටර් වරු මෙන් ඇය ද සතර මූලධාතු මෙන්ම ඇවටර් සමාධියද ප්‍රගුණ කර නැවත තම මව් රටට පැමිණි විට ඇයට එහි අහිංසක කාන්තාවන්ට හිරිහැර කරනා බේබදු මිනිසුන් සමූහයක් සිටිනා බවට ආරන්චි විය.ඔවුන් සමග ඇය සිදු කල සටනකින් පසු, ගැටුමක දී ස්වයන් ආරක්ෂාව සලසා ගැනීමට ගම්වැසි කාන්තාවන් පුහුණු කිරීමට ඇවටර් කියෝෂි කටයුතු කලාය. (3 රූපය) පසු කලෙක ඔවුන් කියෝෂි රණකාමිණියන් නමින් හැදින්වනු ලැබිණි.

ඇවටර් කියෝෂි, චින් ආක්‍රමණිකයා පරාද කොට 270 BG හිදී 'කියෝෂි දිවයින’ ඇති කලාය. කියෝෂි ගේ කාලයේදී, එවකට තිබූ 46 වන භූමි රජු (46th Earth King) ගේ පාලනය එතරම් බලවත් නොවීය.මෙය තම වාසියට හරවා ගෙන චින් නම් යුධනායකයෙකු එම මහාද්වීපය අල්ලා ගැනීමට ආක්‍රමණයක් මෙහෙයවීය.ඔහු කියෝෂි ජීවත් වූ අර්ධද්වීපයට පැමිණෙන තුරු සාර්ථක විය. එහිදී ඔහු කියෝශි ට සවන් දීම ප්‍රතික්ෂේප කල විට ඇය ඇවටර් සමාධියට ඇතුල් වී භූමිබන්ධනය හා වායුබන්ධනය මිශ්‍ර වූ ශිල්පක්රමයක් තුලින් එම අර්ධද්වීපය ප්‍රධාන භූමියෙන් වෙන් කලාය. ඉන්පසු ඇය එම භූමිය ඈත මුහුද දෙසට ගෙන ගියාය.එදායින් පසු එම අර්ධද්වීපය දූපතක් බවට පත් විය.කියෝෂි චින් සිටගෙන සිටි ස්ථානය දක්වා භූමිය ඇදගෙන ගිය නිසා,ඔහුගේ බර දරා ගැනීමට නොහැකිව එම ගැට්ටේ සිටි චින් මුහුදට වැටී මරුමුවට පත් විය.ඔහුගේ මරණයෙන් පසු ලොව ඉතා දිගු සාමකාමී යුගයකට ඇතුළු විය.

චින් විසින් ඇති කල අර්බුධයට හේතුව භූමි රජුගේ දුර්වල පාලනය බව දැනගත් ඇවටර් කියෝෂි ඔහුව හමු වීමට බා සින් සේ නගරය වෙත ගියාය.කියෝෂි තමන් මුණ ගැසීමට පැමිණෙන බව දැනගෙන බියට පත් භූමි රජු අයව අත්අඩංගුවට ගැනීමට තම හමුදාවන්ට අණ දුන්නේය.නමුත් කියෝෂි තම ඇවටර් සමාධිය භාවිතයෙන් ඔවුන් ඉතා පහසුවෙන් පරාද කර (4 රූපය) භූමි රජුට තර්ජනය කොට (5 රූපය) නැවත ඔහුගේ බලය ප්‍රතිෂ්ටාපනය කිරීමට ඇයට සිදු වන බව දන්වා සිටියාය.ඉන්පසු ඇය ඔහුගේ පාලනය බලවත් පරිදි භූමි රාජධානිය පුරා නැවත ඇති කර (මැයගේ මතකයට ගරු කිරීමක් වශයෙන් පසුව භූමි රාජධානියේ හමුදා නායකයෙකුට ලැබිය හැකි උසස්ම සම්මානය කියෝෂි සාමයේ සම්මානය 'The Kyoshi Medal of Freedom' නමින් නම් කරන ලදී.) බා සින් සේ නගරයේ නීතිය නැවත බලාත්මක කිරීමට දක්ෂ භූමි බන්ධකයන් කාණ්ඩයක් පුහුණු කලාය. (6 රූපය) (ඔවුන් පසුව ඩයි-ලී නියෝජිතයන් බවට පත් විය.නමුත් මොවුන් පසුව තම බලයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට පෙළබුනහ.)

කියෝෂි මිනිස් ඉතිහාසයේ මෙන්ම ඇවටර් වරුන් අතරින්ද වයස්ගතම පුද්ගලයා බවට පත් වෙමින් වයස අවුරුදු 230ක් ව තිබියදී 82 BG හිදී මිය ගියාය.ඇගෙන් පසු ඇගේ දියණිය කොකෝ (Koko) කියෝෂි දිවයිනේ පාලකයා බවට පත් විය.කියෝශිට ගෞරවයක් ලෙස කියෝෂි දිවයිනේ ඇගේ ප්‍රතිමාවක් ඉදි විය. ඇවටර් කියෝෂි ද එදා මෙදා තුර ජීවත් ව සිටි ලාවා බන්ධනය කළහැකි වූ පුද්ගලයන් කිහිපදෙනාගෙන් කෙනෙකි. (7 රූපය)

***Avatar Kyoshi***

__Biographical information__
Nationality-Kyoshi Island, Earth Kingdom
Ethnicity-Earth Kingdom
Age-230 at death
Born-312 BG
Died-82 BG
Predecessor-Kuruk (as the Avatar)
Successor-Roku (as the Avatar)

__Physical description__
Gender-Female
Hair color-Brown

__Personal information__
Allies-Koko, 46th Earth King, Dai Li, all Avatars….
Enemies-Chin the Conqueror, Chin's sympathizers
Weapon of choice-The elements, war fans
Fighting style(s) -earthbending, firebending, airbending, waterbending, tessenjutsu

__Chronological and political information__
Profession-Avatar, Earthbending instructor
Position-Fully Realized Avatar, Governor of Kyoshi Island (formerly)
………………………………………………………………………………………………………………………………………………………………....
<Guy Buddhima>

Comic Script ලිපිය


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න