Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Robin - Damian Wayne

Robin - Damian Wayne

Robin - Damian Wayne


Batman: Son of the Demon කියන 1987දී ප්‍රකාශයට පත් වෙන කොමික් පොත් කතා මාලාවෙන් අපිට මුලින්ම දැක ගන්න පුලුවන් වෙන ඩේමියන් වේන් කියන්නේ මම හිතන විදිහට හුගක් අය දෙවෙනියට වැඩිපුරම දන්න රොබින් වෙන්න ඇති.. මොකද අන්තිමට ආපු Son of Batman, Batman vs Robin ඇනිමේශන් ෆිල්ම් දෙකේම එක ප්‍රධාන චරිතයක් උනේ ඩේමියන් නිසා.. ඒත් මන් හිතන විදිහට ඩේමියන් කියන්නේ ලෝකය පුරා ඩීසී ෆෑන්ස්ලගේ කැමැත්තෙන් අඩුම චරිත වලින් එකක් වෙන්න පුලුවන්.. මොකද හුගක් අය ඩේමියන්ට කැමති නැහැ.. මේකට හේතු ගැන හිතද්දි මට කාරණා දෙකක් තේරුණා.. එකක් ඉන්ජස්ටිස් කොමික් කතාව සහ ඉන්ජස්ටිස් ගොඩ්ස් අමන්ග් අස් ගේම් එක.. අනික තමා ඩේමියන්ගේ හැසිරීම සහ ක්‍රියාවන්.. මේ ඔක්කොටම කලින් කියන්න ඕනා මම පෞද්ගලිකව ඩේමියන්ට හුගක් කැමතියි.. දැන් මම කියන්නම් ලෝකයේ අනිත් හැමෝටම ඩේමියන් ගැන ප්‍රශ්නයක් උනු කරුණු දෙක මට ප්‍රශ්නයක් නොවුනේ ඇයි කියලා.. ඉන්ජස්ටිස් කතා මාලාව ගැන මට තියෙන සිම්පල්ම උත්තරේ ඒක සිද්ධ වෙන්නේ අල්ටනේටිව් යුනිවර්ස් එකක්.. සුපර්හීරොස්ලගේ ඇල්ෆා වගේ ඉන්න සුපර්මෑන් විලන් කෙනෙක් වෙලා ලෙක්ස් ලූතෝර් හීරෝ කෙනෙක් වෙච්ච යුනිවර්ස් එකක.. ඒ වගේම ගේම් එකේදි අපිට දැකගන්න පුලුවන් වෙන විදිහට එතනදි ඩේමියන් වෙතින් වෙන්නේ අත් වැරැද්දක් වෙන්න පුලුවන්.. ඒ වගේම එතනදි ඩේමියන් සුපර්මෑන්ගේ පැත්ත ගැනිම නම් හුගක් සාධාරණයි.. මොකද ඩේමියන් පුන්චි කාලේ ඉදන් වර්ධනය වෙච්ච පිළිවෙතට ඉන්ජස්ටිස් සුපර්මෑන්ගේ ක්‍රියා පිළිවෙත හුගක් සමානයි.. ඊට පස්සේ ඩේමියන්ගේ මුරණ්ඩු ස්වාභාවය.. මට නම් මේක ප්‍රශ්නයක් නෙමේ.. මොකද ඇල්ෆ්‍රඩ්ම කියන විදිහට ඩේමියන් කියන්නේ එයාගේ තාත්තගෙම පුතා.. බෲස් පුන්චි කාලෙදි හැසිරුණු විදිහට ඩේමියන්ගේ හැසිර්ම හුගක් සමානයිලු.. අනික මට හිතෙන විදිහට රොබින්ලා හතර දෙනාගෙන්ම බෲස්ගේ පෞර්ෂයේ පැතිකඩ හතරක් නිරූපනය වෙනවා.. මෙතනින් ඩේමියන්ගෙන් බෲස්ගේ තියෙන මුරණ්ඩු ගතිය, වැඩකට බැස්සහම ඒ දේ කොහොම හරි කර ගන්න ඕනේ කියන දේ හොදට පිලිඹිඹු වෙනවා..

1987දී අපි හමුවට ඩේමියන් මුලින්ම පැමිණෙද්දි රොබින් වෙලා ඉන්නේ ටිම් ඩ්‍රේක්.. ටිම් ගැන නම් අපේ තවත් ඇඩ්මින්වරයෙක් ලියපු ලිපියෙන් අපේ යාලුවෝ ටිම් ගැන නම් දන්නවා ඇති.. ඩේමියන් කියන්නෙ හදාගන්න ගත්තු වේන්ලා රොත්තක් අතරේ වේන් පරපුරේ ලේ තියෙන දුර්ලභ ගණයේ චරිතයක්.. වේන් පරපුරේ ලේ වලට අමතර රේශ් අල් ගුල්ගේ පරම්පරාවේ ලේත් ඩේමියන්ගේ ඇගේ තියෙනවා.. මොකද රේශ් කියන්නේ ඩේමියන්ගේ සීයා.. ඩේමියන්ගේ අම්මා ටාලියා අල් ගුල්.. ඒ වගේම ඩේමියන් වර්ධනය වෙන්නේ ඇසසින් කෙනෙක් විදිහට.. පුරුදු වෙන්නේ ඩීසී යුනි එකේ අසාහය මාෂල් ආටිස්ට් කෙනෙක් වෙන රේශ්ගෙන්.. පුහුණු කරන්නේ රේශ්ගෙන් පස්සේ ලීග් ඔෆ් ඇසසින්ස් එකේ නායකත්වය ගන්න.. ඩේමියන් ඊලගට පුහුණු වෙන්නේ දැනට කොමික්වල ඉන්න හොදම මාෂල් ආටිස්ට් කෙනෙක්ගෙන්.. බෲස් වේන් නොහොත් බැට්මෑන්.. ඔය පුහුණු වීම් වලින් සහ ලේ වලින්ම තේරෙනවා ඩේමියන් හුගක් වැඩකාරයෙක් කියලා.. ඒ වගේම ඩේමියන් බැට් ට්‍රේනින් එකටත් කලින්ම ඒ වෙනකොට ඉන්න රොබින් වෙන ටිම්ව පරද්දනවා.. මන් මේ ගැන වැඩිපුර කතා කරන්න යන්නැත්තේ මේ විස්තර හැම දෙයක්ම සරලව සන් ඔෆ් බැට්මෑන් ෆිල්ම් එකේ තියෙන නිසා..

ඒ වගේම එක කතා මාලාවක ඩේමියන් මරණයට පත් වෙනවා.. ඒත් ඩේමියන් වෙනුවෙන් ඇපාක්ලිප්ස් වලටම යන බැට්මෑන් ලෝඩ් ඩාක්සයිඩ්ව පරාජය කරනවා හෙල්බැට් ආමර් එක යූස් කරලා.නීට පස්සේ ඩේමියන්ගේ ශරීරයත් රැගෙන ඩූම් ටියුබ් එකක් හරහා පෘතුවියට එන බැට්මෑන් Chaos Shard එක භාවිතයෙන් ඩේමියන්ට නැවත පණ ලබා දෙනවා.. හැබැයි නැවතත් පණ එන ඩේමියන්ට සුපර් පවර්සුත් තියෙනවා..

#PJ

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න