Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash : What happened in Flash season finale - Part 02

The Flash : What happened in Flash season finale - Part 02

What happened in Flash season finale? Part 02

උදේ දාපු පෝස්ට් එක හින්දා මොලේ විකාර උනේ නෑ කියලා හිතනවා. අපි ඒ ලිපියෙන් කතා කලානේ ඕල්ටර්නේට් යුනිවර්ස් එකක් හැදෙන විදිහ ගැන. අපි දැන් එතනින් එහාට කතා කරන්න යන්නේ. කලින් ලිපිය බලලා එන්න මේක කියෙව්වේ නැතිනම්. ඒක බලලාත් අවුල් වගේ තියෙද්දී බැලුවේ නැතිනම් මොකද වෙන්නේ කියන්න ඕනේ නැනේ 


දැන් අපිට තියෙන්නේ මෙතනින් එහාට දේවල් කතා කරන්න.

අපි මේ දක්වා දන්න දේ තමයි Eobard Thawne අතීතය වෙනස් කරපු හින්දා A කියන යුනිවර්ස් එකේ පැවැත්ම නැති වෙලා B කියන යුනිවර්ස් එක ඇති උනා කියන දේ.


කතාවේ දී අපිට Eobard Thawne ආපහු අනාගතයට යනවා දකින්න ලැබෙන්නේ නෑනේ. එයා මේ ටයිම් ලයින් එකේ හිරවුනා කියලා තමයි කිව්වේ. එයා වර්තමාන කාලයේ නතර වෙලා හිටපු එක භාවිතයට ගත්තා බැරී ඉක්මනින් ම ෆ්ලෑෂ් බවට පත් කරන්න.
දැන් අපි බලමු මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා. තමන්ගේ අම්මා මැරුවේ රිවර්ස් ෆ්ලෑෂ් කියලා දැන ගන්න බැරීට ඕනේ වෙනවා ඒක නවත්වන්න. ෆ්ලෑෂ්පොයින්ට් කතාවේ දී සිද්ධ උනේ මේ දෙය. එයා කෙරුවේ අතීතයට ගිහින් රිවර්ස් ෆ්ලෑෂ් නෝරා ඇලන් මරණ එක නැවැත්තුවා. ඔන්න දැන් ආපහු වෙනසක් උනා. අපි දන්නවා එහෙනම් අලුතෙන් යුනිවර්ස් එකක් ඇති වෙන්න ඕනේ කියලා. මේ තියෙන්නේ අපි මුලින් කතා කරපු A කියන යුනිවර්ස් එකම නෙවේ ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබයි මගේ පුද්ගලික අදහස නම් (මේක මගේ පුද්ගලික අදහසක් විතරයි. එකඟ නැති නම් ඒ ගැන අදහස් දක්වන්න පුළුවන්) වෙනස් උණු ටයිම් ලයින් එකක ඉදගෙන අපිට ආපහු කලින් තියන යුනිවර්ස් එකකට යන්න බෑ. මොකද අපි එක සිද්දියක් වෙනස් කෙරුවා කියලා A කියන යුනිවර්ස් එකේ සිදුවීම් වෙන අනුපිලිවෙලටම අලුතෙන් නිර්මාණය වෙන යුනිවර්ස් එකේ දී වෙනවා කියන්න බෑනේ. ඒ හින්දා මේ නිර්මාණය වෙන්නේ වෙනස්ම යුනිවර්ස් එකක්. අපි ඒක C කියලා ගමු. ෆ්ලෑෂ්පොයින්ට් කතාව කියවපු අයට මතක ඇති (අඩු ගානේ ඇනිමේෂන් එක බැලුවානම් ඇති) මේ C කියන යුනිවර්ස් එක අවුල් ජාලයක් කියලා. වෙන එකක් තියා බැරී, ෆ්ලෑෂ් වුනෙත් සෑහෙන දුකක් විදලා. අපි මෙතන දී ෆ්ලෑෂ් පොයින්ට් කතාව ගැන කතා කරන්න යන්නේ නෑ. ඉස්සරහට ඒ කතාව ගේන්න බලාපොරොත්තු වෙන හින්දා.




මෙතන දී සිද්ද උණු වැදගත් දෙයක් තමයි ෆ්ලෑෂ් කාලය හරහා ගමන් කරලා B කියන යුනිවර්ස් එක C කියන යුනිවර්ස් එකට හරවනකොට රිවර්ස් ෆ්ලෑෂ් හිටියේ speedforce එකේ. ඒ කියන්නේ අපි මුලින්ම කියපු සියලුම යුනිවර්ස් වලට පිටතින් තියන එකේ. එයා එළියේ හිටපු හින්දා බැරී කරන කිසිම දෙයකින් එයාගේ අනාගතය තීරණය වෙන්නේ නෑ. මොකද එයාට පුළුවන් ඕනෑම තැනකට යන්න. ඒ හින්දා එයාට පුළුවන් ඕනෑම වෙලාවක බැරීව මරන්න. හැබැයි කොහොම හරි ෆ්ලෑෂ් පොයින්ට් කතාව අන්තිමේ දී රිවර්ස් ෆ්ලෑෂ් පරාද කරනවා. ඊට පස්සේ බැරී ආපහු එනවා මීට කලින් ආපු බැරී නවත්වන්න.



හැබයි දැන් එන්නේ C කියන යුනිවර්ස් එකේ ඉන්න බැරී. කලින් තර්කයට අනුව C කියන යුනිවර්ස් එකේ ඉදන් එන බැරීට හැකියාවක් නෑ ප්‍රධාන යුනිවර්ස් එක වෙනස් කරන්න. (බැරි ට සාපේක්ෂව ප්‍රධාන යුනිවර්ස් එක තමයි B කියන්නේ.) ඒ හින්දා වෙන්නේ අලුතෙන් D කියලා යුනිවර්ස් එකක් හැදෙන එක. එතකොට බැරී ගේ වැඩ හින්දා මුලින්ම තිබ්බ B යුනිවර්ස් එක C උණා. ආයෙම සැරයක් D උණා. ෆ්ලෑෂ් පොයින්ට් කතාවේ දී speedforce එක හරහා යන ෆ්ලෑෂ් දකින්නේ මේ ටයිම් ලයින් තුන.



ෆ්ලෑෂ් පොයින්ට් කතාව කියවපු නැති කෙනෙක්ට මේ විස්තරය තේරුනේ නැතිව ඇති. ඒකට කමක් නෑ. කතාවේ සිද්ද වුනු දේ තේරුම් ගන්න ඒ ටික ඕනේ නෑ. එහෙනම් අදාළ නැති විස්තරයක් ගැන කියලා පැටලවීම වැඩි කෙරුවේ ඇයි කියලා අහන්න එපා. මොකද මේ කතාව වෙන වැඩකට ඉස්සරහට ඕන වෙනවා.

ආපහු මුලට ආවොත් අපි ඉන්නේ A කියන යුනිවර්ස් එකෙන් වෙනස් උණු B කියන යුනිවර්ස් එකේ. මේ වෙනස ඇති කෙරුවේ රිවර්ස් ෆ්ලෑෂ්. වර්තමානයේ ඒ කියන්නේ 2015 මැයි 20 (ලංකාවේ අපි ෆ්ලෑෂ් ෆිනාලේ බලපු දවස) ඉන්න බැරී යනවා අතීතයට. එයා ගිහින් අම්මා මැරෙන්න දෙන්නේ නැතුව බේරා ගත්තා නම් පැහැදිලිවම වෙන්නේ අපි කලින් කියපු ෆ්ලෑෂ් පොයින්ට් කතාව. සීසන් එක පුරාවටම මේ කතාව සිදුවෙයිද නැද්ද කියන සැකය තිබ්බා. හැබයි බැරී ඒ දෙය කරන්නේ නෑ. (හරි හරි අනිත් ෆ්ලෑෂ් කවුද කියන එකට පස්සේ එමු). එයා කරන්නේ අවසන් හුස්ම හෙලන නෝරා ඇලන්ට කතා කරලා ආපහු එන එක. ඒ කියන්නේ බැරි ගේ අතින් කිසිම වෙනසක් සිද්ද උනේ නෑ. එහෙනම් තවම දිගටම තියෙන්නේ B කියන යුනිවර්ස් එක. ඔන්න ඔතන දී තමයි රිවර්ස් ෆ්ලෑෂ් ගේ අසාමාන්‍ය සැලසුම ක්‍රියාතමක වෙන්නේ. එයා බලාපොරොත්තු උනේ බැරී අම්මා බේරා ගනිද්දී කාලය හරහා යන්න. ඒ කියන්නේ ෆ්ලෑෂ් පොයින්ට් කතාවේ දී ෆ්ලෑෂ් මත රදා පවතින්නේ නැති කෙනෙක් රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් බිහි උනා වගේම කෙනෙක් වෙන්න. බැරී අම්මා බේරා ගන්නේ නැතිව ආපහු ආව එකට එයාට ගොඩක් තරහා ගියේ ඒකයි. මොකද එයා ගේ හැම සැලසුමක් ම ඒකෙන් බිඳ වැටුනා.

ඔන්න ඊට පස්සේ තමයි ගොඩක් අයට තියන ප්‍රශ්නය. එඩී එහෙමත් නැතිනම් 2401 දී බිහිවෙන (කලින් කියපු විදිහටම අවුරුදු 136 ක සහ ශත වර්ෂ 5 ක් කියන එක වෙනසක් නෑ මෙතන දී) Eobard Thawne ගේ මුතුන් මිත්තා සිය දිවි හානි කර ගන්නවා. මුලින්ම A කියන යුනිවර්ස් එකට අයිති රිවර්ස් ෆ්ලෑෂ් නෝරා ඇලන් මැරුවට පස්සේ B කියන යුනිවර්ස් එක එකේ ඉන්න රිවර්ස් ෆ්ලෑෂ් උනානේ. එතකොට අපි ඉන්න B යුනිවර්ස් එකේ දී එඩි සියදිවි නසා ගත්තාම අනාගතයේ රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් ඉන්නේ නෑ. ඉතින් එයා මේ යුනිවර්ස් එකෙන් මැකිලා ගියා. ඊට පස්සේ තමයි හැමෝම අහන ප්‍රශ්නය. රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් නැතිනම් පාර්ටිකල් ඇක්සලරේටර එක හදන්නේ කවුද? බැරී කොහොමද ෆ්ලෑෂ් වෙන්නේ? මෙතන දී තියන ගැටලුව තමයි මේ ප්‍රශ්නය ඇති කරන්නේ Eobard Thawne නෙවේ. එඩී තමයි මේ paradox එක නිර්මාණය කරන්නේ.

මේක වෙනස් අවස්තා වලට වඩා වෙනස් ගැටලුවක් වෙන්නේ මේ හේතුව හින්දා. මේකට මගේ අදහස අනුව පැහැදිලි කිරීම් දෙකක් තියනවා. පලවෙනි එක තමයි ගොඩක් සරල එක. ඒ කියන්නේ එඩී ඇති කරපු paradox එක හින්දා මේ විශ්වයට පැවැත්මක් නෑ. කතාව අවසානයට දැක්කා වගේ මේක විනාශ වෙන්න ඕනේ. එතකොට ෆ්ලෑෂ් ඒ ක්‍රියාව වලක්වන්න ආපහු කාලය හරහා ගිහින් හරි වෙනස් දෙයක් කරලා හරි මේ paradox එක නැති කරන්න ඕනේ.

මම කැමති පැහැදිලි කිරීම නම් මේකට වඩා ටිකක් වෙනස්. එඩී කියන්නේ B කියන යුනිවර්ස් එකේ ඉන්න කෙනෙක්. B කියන යුනිවර්ස් එක නිර්මාණය කෙරුවේ එඩී නෙවේ හින්දා එයා කරන දෙයකින් B කියන යුනිවර්ස් එක විනාශ වෙන්න බෑ. එයාට කරන්න පුළුවන් එකම දේ අනාගතයේ B කියන යුනිවර්ස් එකේ Eobard Thawne ව නැති කරන එක විතරයි. හැබයි මේ වෙද්දී A කියන යුනිවර්ස් එකෙන් ආපු රිවර්ස් ෆ්ලෑෂ් ට මොකද වෙන්නේ. අපි කලින් කතා කරපු විදිහටම A කියන යුනිවර්ස් එක විනාශ වෙලා ගිහින්. හැබයි A යුනිවර්ස් එකේ හිටපු රිවර්ස් ෆ්ලෑෂ් තමයි B කියන යුනිවර්ස් එකේ රිවර්ස් ෆ්ලෑෂ් බවට පත් වෙන්නේ. අපි A කියන යුනිවර්ස් එකට පැවැත්මක් නෑ කියලා කතා කෙරුවේ එතනින් එහාට B කියන යුනිවර්ස් එක පවතින හින්දා. එහෙම උනාට A කියන යුනිවර්ස් එකෙන් ඇති කරපු ඵලය නැති වෙන්නේ නෑ. ඒ හින්ද වෙන්න පුළුවන් දේ තමයි බැරී දිගටම ෆ්ලෑෂ් විදිහට ඉන්නවා. එයාලට රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් ගැන මතකය තියනවා. හැබයි අනාගතයේ දවසක රිවර්ස් ෆ්ලෑෂ් කෙනෙක් නම් දකින්න වෙන්නේ නෑ.

ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නට පස්සේ කට්ටියට තියන ගැටලුව තමයි 2001 අවුරුද්දට බැරී කාලය හරහා ගියාට පස්සේ නෝරා බේරා ගන්න එපා කියලා කියපු ෆ්ලෑෂ් කවුද කියන එක. මම කලින් ෆ්ලෑෂ් පොයින්ට් කතාව ඉවර වෙලා මේක ඉස්සරහට ඕන කිව්වේ මේ හින්දා. මගේ අදහස නම් ඒ එන්නේ ෆ්ලෑෂ් පොයින්ට් එකෙන් පස්සේ බිහිවුණු යුනිවර්ස් එකේ (ලිපියේ කතා කරපු විදිහට නම් C කියන යුනිවර්ස් එක) ඉන්න ෆ්ලෑෂ්. ඒ කියන්නේ අනාගතයේ දවසක ෆ්ලෑෂ් පොයින්ට් කතාවත් දකින්න පුළුවන් වෙන්නත් ඉඩ තියනවා.
මේ පැහැදිලි කිරීම කෙරුවේ මගේ පුද්ගලික මතයට සහ දැනුම් ප්‍රමණය අනුව. සමහරක් විට මම වැරදි දෙයක් තේරුම් අරන් තියනවා වෙන්නත් පුළුවන්. මීට වඩා වෙනස් මතයක් තියනවා නම් අපි ඒ ගැන කතා කරමු.
අපේ යාලුවෙක් මතු කරලා තිබ්බා බැරි සුනාමිය නවත්වන්න කාලය හරහා ආපස්සට ගිය හින්දා මේ යුනිවර්ස් එක වෙනස් උනා නේද කියලා. ඇත්තටම ඔව්. ඒත් ඒ සිද්දිය කතාවේ දී විස්තර කරපු හින්දා මම මෙතන දී ඒ වෙනස් වීම සැලකුවේ නෑ. මොකද අනිත් ඒවත් එක්ක බලද්දී ඒක තේරුම් ගන්න ලේසි හින්දා

අවසාන වශෙයන් අපේ යාළුවන් ගෙන් ලොකු උදව්වක් ඉල්ලනවා. ඒ තමයි ෆ්ලෑෂ් බලපු හැමෝම අතරේ මේ ලිපිය ෂෙයාර් කරන්න කියලා. බොරු ඕන නෑ. අපේ පේජ් එකට ඒකෙන් වාසියක් වෙනවා. ඒත් අපි මේ පේජ් එක පටන් ගන්න මුලික හේතුව උනේ ලංකාවේ අපිට කොමික් ගැන කතා කරන්න තැනක් හදන්න. ඒ වගේම අපි ආසාවෙන් බලන කතාවක කොමික් පසුබිම බලන්න. මේ විස්තර මේ විදිහට සිංහලෙන් වෙන කවුරුත් දෙන්න හිටියා නම් අපිත් මේ පේජ් එක පටන් ගන්නේ නැති වෙයි. අපිට ඒ අවශ්‍යතාවය තිබ්බ හින්දා තමයි අපි අන්තර්ජාලය භාවිතා කරලා කරුණු හෙව්වේ. එතකොට ඉගෙන ගත්ත දේවල් අනිත් අයටත් කියන්න ඕනේ හින්දා තමයි මේ පේජ් එක පටන් ගත්තේ. අපිට දැන් මේ පේජ් එක තියනවා මේ දේවල් ගැන කතා කරන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගේ වගකීම තමයි ඒ අවස්තාව අනිත් අයටත් දෙන එක. මේ ලිපිය ගැන විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. මේ කරුණු මේ විදිහට හොයා ගන්න බෑ. ලොකු කමකට කියනවා නෙවේ. මේ ගැන පැහැදිලි කිරීමක් හොයා ගන්න අද දවසම අන්තර්ජාලයේ හෙව්වට ප්‍රමාණවත් කරුණු හම්බුනේ නෑ. ඊට පස්සේ තමයි මේ දක්වා ඉගෙන දේවල් පාදක කරගෙන මේ ලිපිය ලිව්වේ. ඒ හින්දා මේ ලිපියේ අන්තර් ගතයේ වැරද්දක් තිබ්බොත් එකේ සම්පුර්ණ වගකීම මට භාර ගන්න වෙනවා. මේ ලිපියෙන් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතෙනවා. කලින් තිබ්බටත් වඩා පැටලුනා නම් අපිට කියන්න. අපි බලමු විසදා ගන්න ඒ කරුණු.

#attila_THE_hun


Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න