Stephanie Brown
ටීම්,කැස් දෙන්නට පස්සේඅද විස්තර ගේන්නේ බැට්ෆැමිලි එකේ ඉන්න තවත් අමුතුම චරිතයක් ගැන විස්තර ගේන්නේ.. කලින් දාපු ලිපි දෙකෙන් අපිට හිතුනා ඒ චරිත ගැන වැඩිය අදහසක් අපේ යාලුවන්ගේ නෑ වගේ තමයි අපිට තේරුම් ගියේ.. අද විස්තර ගෙන මේ චරිතයත් කොමික් වලින් එළියේදී අපේ යාලුවන්ට වැඩිය දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි..
ස්ටෙෆනි බ්‍රවුන් එහෙමත් නැත්තම් ස්ටෙෆ් කියන්නේ බැට්ෆැමිලි එකට බලෙන්ම වගේ ඇතුළු උන චරිතයක් කියල කිව්වොත් මම හිතන්නේ මම හරි.. හැබැයි අනිත් batgirl ලට වඩා ලොකු ආකර්ශනීය බවක්,අහිංසක බවක් වගේම තවත් වෙලාවක තරමක් දුරට අසාර්ථක චරිතයක් විදිහටත් හඳුන්න්වන්න වෙනවා.. ගොඩක් අය ස්ටෙෆ් ව හඳුන්වන්නේ batgirl ලගේ ජේසන් විදිහට..
ස්ටෙෆ් කියන්නේ රිඩ්ලර් ගේ යාලුවෙක්/අනුගාමිකයෙක් වෙච්ච Arthur Brown ගේ දුව.. Arthur Brown කියන කෙනාව නම් අපේ යාලුවන්ට වැඩිය මතක නැතිව ඇති.. ක්ලු මාස්ටර් (Cluemaster) කියන කෙනාගේ දුව තමයි ස්ටෙෆ්. Cluemaster කියන්නේ හරියට නිකන් රිඩ්ලර් වගේම තමයි.. රිඩ්ලර් ප්‍රහේලිකා තියල යනවා වගේ Cluemaster තමන්ගේ සැලසුමට අදාළ දේවල් ගැන හෝඩුවාවන් ඉතිරි කරලා යනවා.. ඉතින් ලෝකේ හොඳම රහස් පරික්ෂකයට හැමදාම අහු වෙනවා.. එක නිසා මෙයා තීරණය කරනවා හෝඩුවාවන් ඉතිරි නොකර මෙයාගේ අපරාධ කරන්න.. අන්න ඒක නවත්තන්න තමයි ස්ටෙෆ් මුලින්ම කරලියට එන්නේ.. තමන්ගේ තාත්තාගේ නරක වැඩ බැට්මෑන් ට අහුකරලා දෙන්න එයා Spoiler කියන විජිලන්ට් වෙනවා.. (මැද තියෙන රූප පෙළ බලන්න) මේ වැඩේදී තමයි මෙයාට ටිම් එක්ක වැඩ කරන්න ලැබෙන්නේ.. ඒ ගමන මෙයාව බැටා ගේ හතරවෙනි රොබින්,තුන්වෙනි බැට්ගර්ල් විතරක් නෙමෙයි ටිම් ගේ පෙම්වතිය බවට පත් කරන්නේ..
කට්ටියම බලනවා ඇති ස්ටෙෆ්-ටිම් සම්බන්ධය ගැන මම ටිම් ගැන කතාකරනකොට කිව්වේ නෑ නේද කියල.. ඇත්තටම එකට හේතුව බැටා වගේම තමයි බැට්ෆැමිලි එකේ පිරිමි පාර්ශවයට කෙල්ලොන්ගෙන් නම් අඩුවක් නෑ.. ඉතින් ඒ සේරම එකකම කතා කරනවා වෙනුවට එයාලත් එක්ක සම්බන්ධ වෙන අනිත් අය ගැන කතාකරන තැන්වලදී කියන එක හොඳයි කියල හිතුනා..
ස්පොයිලර් ට කිහිප වතාවක්ම බැටා ඇවිත් මේ ගමනේ භයානක බව පැහැදිලි කරන්න උත්සාහ කලත් වැඩේ නවත්තන්නේ නැති නිසා පස්සේ කාලෙක ටිම් පුහුණුවට යවපු වෙලාවක ස්ටෙෆ් ගාවට ඇවිත් එයාව පුහුණු කරවනවා.. ඒ විතරක් නෙමෙයි බර්ඩ්ස් ඔෆ් ප්‍රේ වලටත් එකතු කරවනවා.එතැනදී තමයි මෙයාට කැස් ව හම්බවෙන්නේ. කැස් ගේ කියවීම,ලිවිම වැඩිදියුණු කරන්න ස්ටෙෆ් ඉදිරිපත් වෙනවා වගේම කැස් මෙයාට සටන් ක්‍රම උගන්වන්න කැමති වෙනවා..අන්න එහෙම තමයි මෙයාලගේ යාළුකම පටන් ගන්නේ..
ස්ටෙෆ් මේ වගේ වැඩ වලට ගැලපෙන්නේ නෑ කියල කිහිප වරක්ම බැටා කිව්වා කියල මම සඳහන් කළානේ.ඉතින් එක නිසාම ටික කාලෙකින් ස්ටෙෆ් ට දෙන මේ පුහුණුව නතර කරලා එයා ට මේ වැඩවලින් අයින් වෙන්න කියල අවවාද කරනවා..එත් ස්ටෙෆනි දිගටම මේ ගමන යනවා..
ටිම් රොබින් ප්‍රසොනා එක තහරපු දවස් වල ස්ටෙෆ් ටිම් ව බලන්න ආපු වෙලාවක ටිම් ව දැලේ දාගන්න කෙල්ලෙක් උත්සාහ කරන එක ටිම් තමන්ට හොරෙන් වෙනත් සම්බන්ධයක් පවත්වාගෙන යනවා කියලා වැරදියට තේරුම් අරන් අලුතෙන් රොබින් ඇඳුමක් හදාගෙන බැට්කේව් එකට කඩා පැනලා බැට්මෑන් ට බල කරනවා තමන්ව රොබින් කරගන්න කියල.. මුලින්ම අකමැති උනත් පස්සේ බැටා මේකට කැමති වෙනවා.. ඔය හේතුව නිසා තමයි මම කිව්වේ මෙයා බැට්ෆැමිලි එකට බලෙන් එකතු වෙන සාමාජිකාවක් කියල..
Detective Comics 809 War Crimes වලදී බැටා ගේ සැලසුම් විනාශ කරන නිසා මෙයාව රොබින් තනතුරෙන් අයින් කරනවා.. එකෙන් ගෝතම නගරය පුරාම විවධ කල්ලි අතර සටන් ඇති වෙලා අවුල්ජාලය වෙනවා..අන්න එතැනදී තමයි බ්ලැක් මාස්ක් ට අහුවෙන ස්ටෙෆනි එතැනදී කරන වදහිංසා වලදී සෑහෙන්න තුවාල වෙන්නේ.. බැටා ඇවිත් මෙයාව බේරාගෙන ඩොක්ටර් ලෙස්ලි තොම්ප්කින්ස් (ඔව් ඔව් ගෝතම වල ඉන්න කෙනා තමයි) ගාවට ගෙනාවත් මෙයා මැරෙනවා.. හෝව් හෝව්.. බය වෙන්න එපා,කොමික් වල තියෙන අමරණිය නිතිය මෙයාටත් ක්‍රියාත්මක වෙනවා.. තමන්ගෙන් වෙච්ච වැරදි වලින් ගැලවෙන්න (මොකද බ්ලැක් මාස්ක් මෙයාගේ රහසිගත අනන්‍යතාවය දැනගන්නවනේ) සහ batman ට පාඩමක් උගන්නන්න මෙයා ඩොක්ටර් ලී එක්ක එකතුවෙලා බොරුවට මැරෙනවා.. පස්සේ කාලෙක මේක බැටා දැනගන්නවා සහ ස්ටෙෆ් ආපහු ස්පොයිලර් විදිහට එනවා.. හැබැයි ස්ටෙෆනි බ්‍රවුන් විදිහට එලියට එන්නේ නෑ.. මේ දේ නිසා තමයි මම කලින් කිව්වේ සමහරු ස්ටෙෆනි ව batgirl ලගේ ජේසන් ටෝඩ් විදිහට හඳුන්වනවා කියල..
R.i.p Batman වලදී බැටා මැරෙන නිසා තමන්ගේ බැට්ගර්ල් ප්‍රසොනා එක අතහරින කැස් තමන්ගේ කොස්ටියුම් එක ස්ටෙෆ් ට දීලා කියනවා ඊළඟ බැට්ගර්ල් වෙන්න කියල.. එහෙම තමයි ස්ටෙෆනි බැට් ගර්ල් වෙන්නේ.. මේකට ඒ වෙද්දී batman වෙලා ඉන්න ඩික් කැමති වෙන්නේ නෑ.. එකට හේතුව තමයි මම අර කලින් කියපු war game සිද්දිය..අනික මෙයත් විශ්වාස කරන්නේ සටෙෆ් කියන්නේ වීරයෙක් ගේ ලක්ෂණ නැති කෙනෙක් කියල..නමුත් බෑබ් මෙයත් එක්ක වැඩකරලා මෙයාගේ දක්ෂතා වැටහ ගත්තට පස්සේ මෙයාටම කියල අලුතෙන් ඇඳුමක් හදලා දෙනවා (අවසාන පින්තූර පේලිය) බැට් ගර්ල් කොස්ටියුම් වලින් මම කැමතිම එක තමයි ස්ටෙෆ් ගේ ඔය දම් සහ කළු මිශ්‍ර ඇඳුම..
ටික කාලයක් වැඩ කරනකොට මෙයා ගැලපෙනවා කියල ඩික් ට තේරුම් යනවා සහ ස්ටෙෆ් ව දකිනකොට එයාට බැබ් ගේ බැට් ගර්ල් කාලේ මතක්වෙනවා කියල කියනවා..
මැරිලා කියල හිතන් ඉන්න බ්රුස් වේන් / batman ඔන්න ඔය කාලේදී තමයි ආපහු එන්නේ.. ඒ කාලය තුල බැටා (බ්රුස්) මෙයා ගැන (වගේම අනිත් අය ගැනත්) ඇහැ ගහගෙන ඉන්නේ.. ඉතින් ආපහු ආපු ගමන් නිත්‍ය වශයෙන් බැට්ගර්ල් වෙන්න සුදුසු බව කියනවා..
අද අන්තිමට කතාකරන්නේ මෙයාගේ හැකියාවන් සහ නිර්මාණකරුවන් ගැන..
මෙයා මුලින්ම කොමික් එකකදී පෙනී ඉන්නේ 1992 වසරේදී ආපු Detective Comics #647 කලාපෙදී.. ඒ ස්ටෙෆනි බ්‍රවුන් විදිහට.. මෙයාව නිර්මාණය කරන්නේ Chuck Dixon සහ Tom Lyle කියන දෙන්නා.. ස්පොයිලර් විදිහට මුලින්ම එන්නේ ඊළඟ කලාපෙදී,එහෙම නැත්තම් #648 දී..
2004 ජුලි මාසෙදි ආපු Robin #126 කතාවෙන් තමයි මුලින්ම රොබින් කෙනෙක් විදිහට එන්නේ..
2009 ඉදන් පටන් ගත්ත බැට් ගර්ල් ඔන්ගොයින් සීරිස් එකේදී තමයි මෙයා මුලින්ම බැට් ගර්ල් වෙන්නේ.. වෙනත් විදිහකට කියනවා නම් ස්ටෙෆ් ගෙන් තමයි batgirl සිරිස් එක පටන් ගන්නේ..
සුදුසුකම් ගැන කියනවා නම් ඉතින් අනිත් ය වගේම තමයි..
~ Exceptional athlete
~ Expert tracker
~ acrobat
~ martial artist වගේ දේවල් තියෙනවා..
තව වැදගත් දේවල් තමයි මෙයාට ගෝතම වල කානු පද්ධතිය ගැන තියෙන දැනුම.. ස්පොයිලර් වෙලා හිටපු කාලේදී තමයි මේ ගැන මෙයා මෙතරම් හොඳට දැනගන්නේ..
ඊට අමතරව බැටා ගෙන් ගෙන ගන්න උපක්‍රමික පසුබැසීම් ගැන දැනුම.. මේ දේ උගන්නන්නේත් ස්පොයිලර් වෙලා ඉන්න කාලේදී ආරක්ශාවෙන්න..
#ClownPrinceOfCrime
Comic Script ලිපිය



No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න