Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:15

Avatar Articles No:15

Avatar Articles No:15


Avatar Korra - ඇවටර් කෝරා

කෝරා යනු ඇවටර් ඈන්ග් ට පසුව ඉපදුනු ඇවටර් වරියයි.එනම් ඇවටර් ගේ වර්තමාන උත්පත්තිය යි.ඇය දක්ෂිණ ජල ගෝත්‍රයේ ඉපදී ඇත.ඇය දක්ෂිණ ජල ගෝත්‍රයේදී ජලබන්ධනය,භූමිබන්ධනය හා අග්නිබන්ධනය ප්‍රගුණ කල අතර වායුබන්ධන හා ආධ්‍යාත්මික පුහුණුව ලැබීමට ඇය වයස 17 දී ජනරජ නගරයේ (Republic City) ටෙන්සින් (Tenzin) වෙත ආවාය.මුලදී වායුබන්ධනය කිරීමට ඇය අසමත් වූවත් පසුව ඇය එම හැකියාව ලබා ගත්තාය. ඇවටර් ඈන්ග් ඇතුළු තම පසුගිය ආත්ම සමග සම්බන්ධ වීමට ඇය සමත් වූ පසු ඇවටර් ඈන්ග් විසින් ඇයට ශක්තිබන්ධනය කිරීමේ දැනුම ලබා දෙන ලදී. (1 රූපය) එම පසුගිය ආත්ම සමග සම්බන්ධ වීමේ අවසතාවෙන් පසුව ඇය, තමන් කැමති අවස්තාවක ඇවටර් සමාධියට පිවිසීමේ හැකියාව සහිත වූ පරිපූර්ණ ඇවටර් වරයෙකු (Fully Realized Avatar) බවට පත් වූවාය.ඒ ඇගේ වයස 17 දීය.
                                       

ශක්තිබන්ධනය(Energybending) පමණක් නොව ඇය ජලබන්ධනයේ උපබන්ධන හැකියා වන සුවකිරීමේ බලය(Healing) හා ආත්මබන්ධන(Spiritsbending) බලයද, භූමිබන්ධනයේ උපබන්ධන හැකියාවක් වන ලොහබන්ධන(Metalbending) හැකියාවද ලබාගෙන ඇත.වයස 18 දී ශරීරගත වූ ලෝහමය විෂක් නිසා ඇයට තම පසුගිය ආත්ම සමග සම්බන්ධ වීමේ හැකියාවද ඇවටර් සමාධියට පිවිසීමේ හැකියාවටද බාධා එල්ල විය.කෙසේ වෙතත් වයස 23 දී ඇය මෙම තත්වයෙන් මිදී නැවත ප්‍රකෘති භාවයට පත් වූවාය.

ඇවටර් ඈන්ග් ගේ මරණයෙන් පසුව 153 AG හිදී කෝරා දක්ෂිණ ජල ගෝත්‍රයේ පාලක ටොන්රාක් (Tonraq) ට හා ඔහුගේ බිරිද සෙනා (Senna) ට දාව කෝරා ඉපදී ඇත.(2 රූපය) ඇයට වයස 4 දී සුදු නෙලුම් නිකායික (The White Lotus) සාමාජිකයන්ට ඇය ඇවටර් බව තේරුම් ගියේ ඇය ඒ වනවිටත් ජල,භූමි හා අග්නිබන්ධනයට සමත්කම් දැක් වූ හෙයිනි.එයට වසරකට පසු උත්තර ජල ගෝත්‍රයේ පාලක (ටොන්රාක් ගේ සහෝදරයා වූ) උනලාක් (Unalaq) ඇය ව බැලීමට පැමිණ ඇය ජල ගෝත්‍රික ආධ්‍යාත්මික පුහුණුව ලබා දීමට උත්තර ජල ගෝත්‍රයට ගෙනයාමට තම සහෝදරයාගේ අවසරය බලාපොරොත්තු විය.නමුත් එයට ටොන්රාක් ගෙන් අවසර හිමි වූයේ නැත.(උනලාක් රතු නෙලුම් නිකාය [The Red Lotus]නම් රහස් සංවිදානයේ සාමාජිකයෙකු විය. රතු නෙලුම් නිකායේ බලාපොරොත්තුව වූයේ ඇවටර් කෝරා කුඩා කලදීම ඇය ව මරා දැමීමටය.ඔවුන් ඒ සදහා උනලාක් ව දක්ෂිණ ජල ගෝත්‍රයට යැවූ නමුත් උනලාක් ගේ රහසිගත සැලැස්ම වූයේ ඇය මරා නොදමා කුඩාකල සිටම අනුවර්තීය හෝරාවේදී[Harmonic Convergence] වාටු[Vatu] ව නිදහස් කිරීමට පුහුණු කර වීමය.) මෙම සැලැස්ම හරිගියේ නැති විට ඔහු කුඩා කෝරා ව පැහැර ගෙන ඒමට රතු නෙලුම් නිකායේ ප්‍රධාන සාමාජිකයන් වූ සහීර්(Zaheer), මින්-හුවා(Min-Hua), ගසාන්(Ghazan) හා ප-ලී(P’Li) මෙහෙය වූයේය.කෙසේ වෙතත් ප්‍රධානී සොකා(Chief Sokka), ටොන්රාක්(Tonraq), ටෙන්සින්(Tenzin) හා අධිපති සූකෝ(Lord Zuko) එක්ව මොවුන් පරාජය කොට ඔවුන්ව, ඔවුන්ට ඔවුන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන ගත නොහැකි ස්ථාන වල තනවන ලද අධි ආරක්‍ෂිත සිරගෙවල් සතරක සිර කරන ලදී.මෙම සිදුවීමෙන් පසු කෝරා අනෙක් මූලධාතු 3ම ප්‍රගුණ කරන තෙක් ඇයව දක්ෂිණ ජල ගෝත්‍රයෙන් පිටතට නොයවන බවට එකගතාවයක් ටෙන්සින් හා ටොන්රාක් අතර ඇති විය.

ඉන්පසු ඇය තවත්වසර 12ක් දක්ෂිණ ජල ගෝත්‍රයේ ගතකර ජල, භූමි, හා අග්නිබන්ධනය ප්‍රගුණ කලා ය.මේ අතරතුර කාලයේ ඇයට ඇගේ සත්ව හිතවතා වූ නාගා(Naga) නමැති හිමවලස් බැල්ලිය(Polar Bear Dog) ව මුණ ගැසී ඇත.

ඉන්පසු ඇය වයස 17 දී ටෙන්සින් යටතේ වායුබන්ධනය හා ආධ්‍යාත්මික පුහුණුව ලැබීමට ජනරජ නගරයට ගිය අතර එහිදී ඇයට ඇගේ (පසුකාලීනව) හොදම මිතුරන් හා ඇවටර් කණ්ඩායම(Team Avatar) බවට පත්වූ මාකෝ,බොලින්,අසාමි යන මිතුරන් හමු විය.(3රූපය)

*** ඇවටර් කණ්ඩායම (Team Avatar)***
1. Avatar Korra (17)
2. Mako (18) [අග්නිබන්ධකයෙක්.භූමිවංශික සාන්(San) හා අග්නිජාතික නෝකි(Noaki) ගේ වැඩිමහල් දරුවා.බෝලින් ගේ සහෝදරයා]
3. Bolin (16) [භූමිබන්ධකයෙක්. භූමිවංශික සාන්(San) හා අග්නිජාතික නෝකි(Noaki) ගේ බාල දරුවා.මාකෝ ගේ සහෝදරයා]
4.Asami (18) [නිබන්ධකයෙක්.‘අනාගත’ කර්මාන්ත ජාලයේ(Future Foundations) ප්‍රධානියා වූ හිරෝෂි සාටෝ(Hiroshi Sato) ගේ හා යසුකෝ(Yasuko) ගේ දියණිය.]
5. Pabu [බෝලින් ගේ සුරතල් සත්වයා]
6.Naga [කෝරා ගේ සුරතල් සත්වයා]

තමන්ගේ වායුබන්ධක පුහුණුවීම් අතරතුර කාලයේ රාත්‍රිකාලයේදී කෝරා, බන්ධක සටන් භූමියේ(Pro-bending Arena) පැවතුනු බන්ධක සටන්වල(Pro-bendig) නියලුනාය.ඒ ජලබන්ධකයෙකු ලෙස තම මිතුරන් වූ මාකෝ හා බොලින් සමග ගිනි මුගටියන් (Fire Ferrets) පිල නියෝජනය කරමිනි. (4 රූපය) මෙම කාලයේදීම රුදුරු රුධිරබන්ධකයෙකු වූ අමොන්(Amon) හා ඔහු විසින් නොමග යවන ලද ඔහුගේ නිබන්ධක හමුදාව/සමානාත්මවාදීන්(Equalists) සමග සටන් කිරීමට කෝරා ඇතුළු ඇවටර් කණ්ඩායමට සිදු විය.(5 රූපය)

අමොන්ගේ පරාජයෙන් වසරකට පමණ පසු 171 AG හිදී අනුවර්තීය හෝරාවේදී කෝරා ට වාටු(Vatu) ආරුඪ වී අදුරු ඇවටර් වරයා(Dark Avatar) බවට පත්ව සිටි තම මාමා වූ උනලාක් සමග සටන් කිරීමට සිදු විය.(6 රූපය) කෙසේ වෙතත් මෙම සටනින් කෝරා ට වාටු විනාශ කර දැමීමට හැකි වූවත් සිදුවූ අනතුරකින් ඇයට පෙර ඇවටර් වරු සමග තිබු ආධ්‍යාත්මික සබදතාවය අහිමි විය.මෙම සටනින් පසු ඇය ඉතා භයානක තීරණයක් ගත්තාය.එනම් මේ දක්වා ලෝක 2ක් ලෙස වෙන්ව පැවතී ආත්ම ලෝකය හා භෞතික ලෝකය (Spirits World and Physical World) එකට යාකරන දොරටු වූ ආත්ම ද්වාර(Spirit Portals) නැවත වසා නොදමා ඒවා සදාකාලයටම විවෘත කර තැබීමටයි.මේ සමගම ඇය පවසා සිටියේ ඇවටර් තවදුරටත් ආත්ම ලෝකය හා භෞතික ලෝකය එකට සම්බන්ධ කරන පාලම නොවිය යුතු බවයි.

අනුවර්තීය හෝරාවෙන් දෙසතියකට පමණ පසු, කෝරා මෙම ආත්ම ද්වාර වසා නොදැමූ බැවින් භෞතික ලෝකයේ සිටි සමහරක් නිබන්ධකයන්ට වායුබන්ධක හැකියාව ලැබුණි.මේ අතර සිරගතව සිටි (නිබන්ධකයෙකු වූ)සහීර් තමන්ට ලැබුණු නව හැකියාව ප්‍රයෝජනයට ගෙන ඉන් පලා ගොස් අනෙක් සිරගෙවල් වලින් තම මිතුරන් බේරා ගැනීමට සමත් විය.මොවුන්ගේ(රතු නෙලුම් නිකායේ) අරමුණ වූයේ ‘ලොව එහි ස්වභාවික පිළිවෙලට සකස් කිරීමයි.’ එමනිසා ඔවුන් විශ්වාස කලේ ලොවට ඇවටර් වරයෙකු විසින් සමතුලිතතාවය ගෙනා යුතු නොවන බවයි. එමනිසා මොවුන් උත්සාහ කලේ ඇවටර් ලොවින් තුරන් කිරීමටයි.කෙසේ වෙතත් මොවුන් අවසානයේ, ඇවටර් වූ කෝරා ව පැහැර ගැනීමට සමත් විය.ඉන්පසු මොවුන් උත්සහ කලේ කෝරාගේ සිරුරට යම් ලෝහමය විෂක් ඇතුළු කර එහි උදව්වෙන් ඇය ව ඇවටර් සමාධියට පත් කරවා ,එම අවස්ථාවේදී ඇය මරා දමා ඇවටර් චක්‍රය අවසන් කිරීමටයි.කෙසේ වෙතත් අවසානයේ කෝරා ට හා මිතුරන්ට රතු නෙලුම් නිකාය පරාජය කිරීමට (7 රූපය) හැකිවූ නමුත් තමා තුල වූ ලෝහමය විෂ හේතුවෙන් කෝරා ආබාධිත තත්වයට පත් වූ අතර ඇයට ඇවටර් සමාධියට පිවිසීමේ හැකියාව නොමැති විය.

කෙසේ වෙතත් නැවත දක්ෂිණ ජල ගෝත්‍රයට ගොස් කටාරා ගේ උදව්වෙන් ඇය නැවත තම ඇවිදීමේ ශක්තිය ලබා ගත්තත් ඇයට ඇවටර් සමාධියට පිවිසීමේ හැකියාව නැවත ලැබුනේ නැත.එමනිසා ඇය තම දෙමාපියන්ට තමන් පෙරලා ජනරජ නගරයට යන බව පවසා තනිවම ලොව වටා සංචාරයකට පිටත් විය.අවසානයේ ඇයට ඇවටර් ඈන්ග්ගේ භූමි බන්ධක ගුරුවරයා වූ ටොෆ් (Toph) හමු වූ අතර ඇයගේ මගපෙන්වීම යටතේ තමන් ගේ සිරුර තුල වූ ලෝහමය විෂ ඉවතට බන්ධනය කර දැමීමට ඇය සමත් වූවාය.මෙතුලින් කෝරා හට නැවත ඇවටර් සමාධියට පිවිසීමේ හැකියාව ලැබුණි.මේ අතර සහීර් භූමි රැජින හෞ-ටින්ග් (Hau-Ting) මරා දැමීම හේතුවෙන් නැවතත් භූමි රාජධානිය එක්සත් කිරීමේ වගකීම පවරනු ලැබ තිබු කුවීරා (Kuvira) ඒ සදහා දැඩි ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා කෝරා ට ඇය සමග සටන් කිරීමට සිදු විය.ජනරජ නගරයේ සිදුවූ එම අවසන් සටනේදී කුවීරා ගේ ආත්ම දාම ආයුධය හේතුවෙන් ජනරජ නගරය මධ්‍යයේ නව ආත්ම ද්වාරයක් නිර්මාණය විය. කෙසේ වෙතත් කුවීරා පරාජය කිරීමට කෝරා ඇතුළු පිරිසට හැකි විය. (8 රූපය) මෙම යුද්ධයෙන් පසු කෝරා හා අසාමි අතර ආදර සම්බන්ධතාවයක් ද ඇති විය.

***පෞරුෂත්වය***

තමන්ගේ පෙර බවයේ ඇවටර් ඈන්ග් මෙන් නොව කෝරා දැඩි,නොඉවසිලිමත්,රළු,තද චරිතයක් විය.නමුත් ඇයටද ඈන්ග් මෙන්ම කරුණාවන්ත හදවතක් පිහිටා තිබුණි.නමුත් ඈන්ග් සියලු ප්‍රශ්න සාමකාමීව විසදා ගැනීමට තැත් කල චරිතයක් වූවත් කෝරා සෑමවිටම ප්‍රශ්න විසදීමට කටයුතු කලේ ගැටුම් ඇති කර ගනිමිනි.

***හැකියාවන්***

කෝරා අතිශය දක්ෂ බන්ධකයෙකු විය.ඇය එදා මෙදා තුර ජීවත්ව සිටි ශක්තිබන්ධනය කළහැකි වූ දෙවන මනුෂ්‍යයා විය.තවද ඇය සතුව ජලබන්ධනයේ උප බන්ධන හැකියා වූ සුවකිරීමේ හැකියාව හා ආත්මබන්ධන හැකියාවද තිබුණි.එපමණක් නොව භූමිබන්ධනයේ උපබන්ධන හැකියාවක් වූ ලෝහබන්ධන හැකියාවද ඇය සතු විය.ඇය සතුව නම්‍යශීලී භාවය, සමබරතාවය හා නිරායුධ සටන් කළා වල ප්‍රගුනත්වයද තිබුණි.කෙසේ වෙතත් ඇය සතුව අසාමාන්‍ය කාය ශක්තියක් ද තිබුණි.(කෝරා එක් අවස්තාවක ටෙන්සින් හා ඔහුගේ දරුවන් තිදෙනාද එකවිට ඔසවා ඇත.) (9 රූපය)
ඇවටර් කෝරා වයස 17දි පරිපූර්ණ ඇවටර් වරියක් බවට පත් වූවාය.

***Avatar Korra***

__Biographical information__

Nationality- Southern Water Tribe
Ethnicity- Water Tribe
Age- 17 in Book One: Air, 18 in Books Two and Three, 21 in Book Four: Balance
Born- 153 AG
Predecessor- Aang (as the Avatar), Hasook (as the waterbending member of the Fire Ferrets)

__Physical description__

Gender - Female
Height- 5'7" or 1.70m
Eye color-Cyan (හරියට දුබුරු පාට වගේ)
Hair color- Dark brown
Skin color-Deep tan

__Personal information__

Love interest(s)- Asami Sato (girlfriend), Mako (boyfriend; formerly)
Allies- Southern Water Tribe, Order of the White Lotus, past Avatars, Tonraq, Senna, Naga, Asami Sato, Mako, Bolin, Pabu, Tenzin, Bumi, Pema, Katara, Zuko, Lin Beifong, Jinora, Ikki, Meelo, Rohan, Kya, General Iroh, Tarrlok, Unalaq (formerly), Desna and Eska, Bhanti Tribe, Iroh, Raava, Suyin Beifong, Opal, Toph Beifong, Baatar, ...
Enemies- Amon, Equalists, Tarrlok (formerly), Hiroshi Sato (formerly), Triple Threat Triad, dark spirits, Unalaq, Desna and Eska (formerly), Southern Water Tribe rebels (formerly), Vaatu, Hundun, Red Lotus, Aiwei, Hou-Ting, Dai Li, Kuvira, military of the Earth Empire, ...
Weapon of choice- The elements, glider staff
Fighting style(s) - waterbending (Southern, Northern, and Pro-bending style), earthbending, firebending, airbending, metalbending, energybending

__Chronological and political information__

Profession- Avatar, Pro-bender (formerly)
Position- Daughter of the Southern Water Tribe chief, Fire Ferrets' waterbender (formerly), Fully Realized Avatar, Member of Tarrlok's task force (formerly)
Affiliation- Fire Ferrets (formerly), Southern Water Tribe, Tarrlok's task force (formerly), Team Avatar
………………………………………………………………………………………………………………………………………………………………….
#Guy_Buddhima


Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න