Alfred Pennyworth (Supporting Character)
ටිකක් පරක්කු වෙලා හරි ඔන්න් මම අද සුදානම් වෙන්නේ බැට්ෆැමිලි එක යටතේ එන තවත් වැදගත් චරිතයක් වෙන අපි කාගේත් ආදරයට ලක්වෙච්ච ඇල්ෆ්රෙඩ් එහෙමත් නැත්තම් ඇල්ෆි ගැන කතා කරන්න.. බැටා ගේ කස්ටියේ ඉන්න වැදගත්ම චරිතය ඇල්ෆ්රෙඩ් කියල කිව්වොත් මම හිතන්නේ හරි.. මට හිතෙන විදිහට ඒකට හොඳම උදාහරණය තමයි new 52 කතා පටන් ගන්නකොට බ්රුස් ගේ ෆේෂල් රෙකග්නිෂන් ප්‍රෝග්‍රෑම් එක රන් කරලා චරිත හඳුන්වා දෙනකොට,රොබින් ල තුන්දෙනා ගේ ඇක්සෙස් ලෙවල් එකට වඩා ඇල්ෆ්රෙඩ් හේ ඇක්සෙස් ලෙවල් එක වැඩි කියල පෙන්නන එක..
Alfred Thaddeus Crane Pennyworth කියන්නේ සාමාන්‍ය සේවකයෙක්ට එහා ගිය දැවැන්ත කොමික් චරිතයක්.. මුලින්ම ඇල්ෆ්රෙඩ් කොමික් ලොව කල එලි බහින්නේ Batman #16 තුලින්,ඒ 1943 අප්‍රේල් වලදී.. batman චරිතය නිර්මාණය කරපු Bob Kane සහ Bill Finger දෙන්න Jerry Robinson කියන කොමික් චිත්රකරුවා එක්ක එකතු වෙලා තමයි මෙයාව නිර්මාණය කලේ..
සරලවම කියනවා නම් ඇල්ෆ්රෙඩ් කියන්නේ බ්රුස් වේන් ගේ සේවකයා,නමුත් දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ බ්රුස් ගේ භාරකාරය/දෙවෙනි තාත්තා.. එක නිසා කොතනකදී වත් මම කැමති නෑ ඇල්ෆ්රෙඩ් සේවකයෙක් කියල කියන්න.. බ්රුස් වේන් batman වෙන ගමනදී ලොකු සහයෝගයක් ඇල්ෆ්රෙඩ් ගෙන් ලැබෙනවා.. එක නිසා වීරයෙක්ව බිහිකරපු චරිතයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්..
වේන් මන්දිරයේ ප්‍රධාන පාලකයා,බ්රුස් වේන් ගේ රියදුරා විතරක් නෙමෙයි බැට්කේව් එකේ පාලකයෙක් වගේම සමහර වෙලාවට batman ගේත් රියදුරා විදිහට ඇල්ෆ්රෙඩ් ව හඳුන්වන්න පුළුවන්..
ඒ විතරක් නෙමෙයි බ්රුස්/බැට්සි දෙන්නගෙම හොඳම යාළුවා.. කොටින්ම කියනවා නම් සුපිරි වීරයන් අතර සුපිරි වීරයෙක් වෙච්ච batman ගේ සුපිරි වීරයා වෙන්නේ ඇල්ෆ්රෙඩ්..
අපේ යාළුවො ගොඩකට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොමික් වලින් සහ කාටුන් වලින් දකින ඇල්ෆ්රෙඩ් සහ ලයිව් ඇක්ෂන් ෆිල්ම්ස්/tv සිරිස් වල ඇල්ෆ්රෙඩ් එකිනෙකට සම්පුර්ණයෙන්ම වෙනස් ස්වරූප දෙකක් ගන්න එක(මටත් ඕක ඉස්සර තිබුන ප්‍රශ්නයක්) එත් එතන ගොඩක් අය නොදන්නා රසවත් කතාවක් තියෙනවා..
ඇල්ෆ්රෙඩ් ගේ මුල්ම කාලේ කොමික් වල පෙනුම නම් ටිකක් මහත්,රැවුල සම්පුර්ණයෙන්ම කපපු විදිහට හදලා තියෙන්නේ.. හරියට නිකන් ඩාර්ක් නයිට් වලදී,ගෝතම් වලදී අපි දැකපු විදිහම තමයි.. එත් 1943 batman ටෙලිවිෂන් කතාමාලාවේදී ඇල්ෆ්රෙඩ් චරිතය රඟපාපු William Austin ටිකක් කෙට්ටුයි..ඒ මදිවට හීනි උඩු රැවුලක් වවලා හිටියේ.. මේ පෙනුම නිසා ඇල්ෆ්රෙඩ් ට තවත් ගාම්භීර සහ වෙනස්ම් විදිහේ ආකර්ශනීය පෙනුමක් ලැබෙනවා කියල තේරුණා කොමික් එඩිටර්ස් ල තීරණය කළා කොමික් වලදීත් ඇල්ෆ්රෙඩ් ට මේ පෙනුම ලබා දෙන්න. අන්න ඒ කාරණය නිසා තමයි 1944 දී ආපු Detective Comics #83 කලාපේ ඉදන් දිගටම අපිට මේ පෙනුම දැකගන්න පුළුවන් වෙන්න..
~ ඇල්ෆ්රෙඩ් ගේ හැකියාවන් ගැන කතා කරනවා නම් මුලින්ම කියන්නේ ඕනේ වේන් මන්දිරයේ සේරම කටයුතු වල ලොක්කා තමයි ඇල්ෆ්රෙඩ්.
~ ඇල්ෆ්රෙඩ් ගේ අතීත කතා වල ගොඩක් තැන්වලදී තමන්ගේ තාත්තා ජාවිස් ගේ ඉල්ලීම නිසා බට්ලර් කෙනෙක් වෙන්න කලින් නළුවෙක් විදිහිට බ්‍රිතාන්‍ය වේදිකා නාට්‍ය වල රඟපාලා තියෙනව කියල තමයි සඳහන් වෙන්නේ..
~ බ්රුස්/බැට්සි ට ප්‍රථමාධාර වලින් උදව් කරන්න වගේම සමහර අවස්ථා වලදී ඊටත් වඩා එහාට ගිය ෙෙවද්්‍ය විද්‍යාත්මක දැනුමක් තියෙනවා.. එකට හොඳම උදාහරණ තමයි Batman: Knightfall සහ Batman: Hush වලදී පිලිවෙලින් බේන් නිසා කොඳු ඇට කැඩෙන,හශ් නිසා ඔලු කට්ට පුපුරන බැටා ව රෝහලකට අරගෙන යන්නේ නැතුව යතා තත්වයට පත්කරන්න ඇල්ෆ්රෙඩ් සමත් වෙන එක..
~ බැටා තරම්ම නැති උනත් ඇල්ෆ්රෙඩ් කියන්නෙත් දක්ෂ මාෂල් ආටිස්ට් කෙනෙක්.
~ ඒ වගේම තමයි හොඳ බුද්ධියකින් සහ (සාමාන්‍ය මට්ටමේ) රහස් පරීක්ෂක හැකියාවක් සහ හොඳ ඔත්තු බැලීමේ හැකියාවක් තියෙන කෙනෙක්.. මේ හැකියාවන් ලැබෙන්න හේතුව වෙන්නේ ඇල්ෆ්රෙඩ් ගේ ජනප්‍රියම අතීත කතාවක් වෙන බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ වැඩ කරපු එක.. මිට අමතරව සමගර තැන්වල බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ සේවය කළා කියලත් කියවෙනවා..
~ මිට අමතරව බැට්සි ට උදව් කරන අතර තුර වර්ධනය කරගත්ත හැකින් ස්කිල්ස්,ප්‍රෝග්‍රෑමින් ස්කිල්ස්.ඉලෙක්ට්‍රිකල් සහ කම්පියුටර් ඉංජිනියරින්,කෙමිකල් ඉංජිනියරින්, බයෝ මෙඩිකල් ඉංජිනියරින්,නැනෝ ටෙක්නොලජි සහ බයෝටෙක්නොලොජි පිලිබඳ දැනුම වගේ දේවලුත් තියෙනවා..
අල්ෆ්රෙඩ් ව අපි ටෙලිවිෂන්ය තුලින් William Austin,Alan Napier,Ian Abercrombie යන අයගෙන් දැකගන්න ලැබුනා වගේම අපේ මතකයේ හොඳටම රැඳෙන විදිහට Sean Pertwee ගෝතම් වලදී ඇල්ෆ්රෙඩ් ගේ චරිතය ඉදිරිපත් කළා.. මට මතකයි ගෝතම මිඩ් සීසන් ෆිනාලේ එකට කලින් සමහර අවස්ථා වලදී ඒ චරිතය tv සිරිස් වල underrated චරිත අතරට දිගින් දිගටම එකතු උනා.. එත් කතා මාලාවේ අවසාන හරිය වෙනකොට ඒක සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා රසිකයන්ගේ කැමැත්ත දිනාගත්ත චරිතයක් විදිහට මතු උනා.. ගෝතම් කතා මාලාවේදී කිසිම චරිතෙකට අසාධාරණයක් උනේ නෑනේ කොහොමත්..
ඇනිමේෂන් වලදී Olan Soule විසින් Batman: The Animated Series එකේදී සහ ඊට සමගාමිව ආපු චිත්‍රපට වලදී ඇල්ෆ්රෙඩ් ට තමන්ගේ හඬ ලබාදුන්නා.. ඊට අමතරව William Callaway,Andre Stojka,Clive Revill වගේ අයත් හඬකැවීම් සිද්ධ කළා..
The Dark Knight Trilogy එකේදි සමානනිය නළු Michael Caine විසින් ඇල්ෆෙරෙඩ් චරිතය නිරුපනය කළා.. ඊට අමතරව තව ගොඩක් දෙනෙක් අල්ෆ්රෙඩ් විදිහට රඟපාලා තියෙනවා..
2016 දී එන්න තියෙන BvS වලදී ඔස්කාර් සම්මානලාභී Jeremy Irons තුලින් අපිට ඇල්ෆෙර්ඩ් චරිතය නැවතත් දැකගන්න ලැබේවි..
#ClownPrinceOfCrime
Comic Script ලිපිය
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න