Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Batwoman

Batwoman

Batwoman 


බැට් ෆැමිලි එක යටතේ ඔන්න තවත් ජනප්‍රියම චරිතයක් ගැන තමයි ඕන අද විස්තර ගේන්නේ.. ඉන්ජස්ටිස් සහ නිව් 52 batman කතා කියවනවා නම් මෙයාව ඔයාලට හොඳටම මතක තියෙන්න ඕනේ. අපි දන්නා දෙයක් තමයි කොමික් වලදී වැඩිපුරම සහායකයින් ඉන්නේ batman ට කියන දේ.. සුපී ගේ ඉදන් ජිම් ගෝර්ඩන් වෙනකම් සහායකයෝ ගොඩක් batman ට හිටියත් batman ගේ ලක්ෂණ වලට ගොඩක් සාමාන වෙන විදිහට කාන්තා චරිතයක් හිටියේ නැති නිසා තමයි බැට්වුමන් චරිතය කොමික් වලට ගෙන්න ඕනේ කියල Bob Kane සහ Sheldon Moldoff දෙන්න Edmond Hamilton සහ Jack Schiff කියන දෙන්නත් එක්ක එකතු වෙලා තීරණය කරන්නේ.. ඒක නිසා 1956 වර්ෂයේ ජුලි මාසෙදි ආපු Detective Comics #233 කලාපයේදී මේ චරිතය මුලින්ම එලියට ආව.. ඒ උනත් 1964 දී dc කතෘ Julius Schwartz විසින් Bat-Mite,Bat-Hound වගේ ගැලපෙන්නේ නැති චරිත batman කතා වලින් ඉවත් කරන්න ගත්ත තීරණයේදී මෙයාවත් ඒ අයින් කරන කට්ටිය අතරට ඇතුලත් උනා..
                                         

 ඒත් 1985 දී ආපු Crisis on Infinite Earths වලදී ආපහු මේ චරිතේ ගැන සඳහනක් කරන්න උනා.ඒත් එතැනදී මෙයාගේ බැට්වුමන් නාමය වෙනුවට සාමාන්‍ය පුද්ගල නාමය උන Katherine Rebecca Kane කියන නම අහුවෙන විදිහට Kate Kane කියල තමයි සඳහන් උනේ.. (1956 දී නම් කැතරිනා කියන නම කැති කියල කෙටි කලේ)

ආපහු බැට්වුමන් චරිතය කලඑළි බහින්නේ 2005 අවුරුද්දෙන් පස්සේ.. ඒ Infinite Crisis ක්‍රොස්ඕවර් එකේදී බැටා නැතිවෙන නිසා ගෝතම වල ආරක්ෂාවට ආපහු මේ චරිතේ ගෙන්න කට්ටිය තීරණය කරනවා.. එක නිසා ආපහු 2006 අවුරුද්දේ ඉදන් Katherine Rebecca Kane එහෙම නැත්තම් Kate Kane විදිහට බැට්වුමන් ආපහු එනවා.

මම කලින් කිව්ව මතක ඇති බැට්වුමන් කියන්නේ බැටා ට සමාන වෙන්න හදපු කාන්තා චරිතයක් කියල. එහෙම වෙන්නේ දෙන්නගෙම සමාජ තත්වය එක වගේ නිසා.. මොකද කේට් ටත් බ්රුස් ට වගේම සල්ලි,පිළිගැනීම,රහස් පරීක්ෂණ දැනුම,තාක්ෂණික සහය වගේ දේවල් තියෙනවා..ඇත්තටම මේ දේවල් එච්චරම batman විදිහටම ගැලපෙනවද කියලා ඔයාලට හිතෙනවා ඇති.. ඒක ඇත්තටම එහෙම වෙන්නේ ඒ කාලේ වෙද්දී හිටපු batman චරිතයේ ප්‍රධාන ලක්ෂණ උනේ මම ඔය කියපු දේවල් නිසයි..

අනික බැට්වුමන් චරිතය හදන්න තවත් හේතුවක් උනේ ඒ කාලේදී සමහරු batman සහ පලවෙනි රොබින් Dick දෙන්න සමලිංගිකයෝ කියල කියන්න පටන් ගත්ත එක.. අන්න ඒ චෝදනාවෙන් ගලවෙන්නත් එක්ක තමයි බැටා ගේ ප්‍රධානම කාන්තා සහයිකාව විදිහට කේට් ව ගෙන්න තීරණය කරන්නේ.. දැන් අපේ යාළුවො බලනවා ඇති එතකොට බෑබ්ස් නෙමෙයිද බැටා ගේ ප්‍රධානම කාන්තා සහයිකාව කියලා.. ඇත්තටම බෑබ්ස් තමයි,එත් එහෙම වෙන්නේ මම අර කලින් කියපු Julius Schwartz 1964 දී ගත්ත තිරනෙන් පස්සේ තමයි බැට්වුමන් කියන චරිතේ වෙනුවට බැට්ගර්ල් ප්‍රධාන තැනට පත්වෙන්නේ.. අනික බෑබ්ස් , dick එක්ක පැටලැවෙන්නෙත් ඔය "හෝමෝ" චෝදනාව ආපහු එන්නේ නැති වෙන්නත් එක්කයි..

බැට්වුමන් කියන නමත් එක්කම එන තවත් ලොකුම දෙයක් තමයි සමලිංගිකත්වය.. ඔව් ඔව්,batman සහ robin දෙන්න gay නෙමේයි කියල පෙන්නන්න ගෙනාපු බැට්වුමන් පස්සේ සමලිංගික කොමික් චරිතයක් බවට පත් උනා.. මේ දේ හරියටම කියනවා නම් වෙන්නේ 2006 ඉදන් ආපු කේට් කේන් එක්ක.මොකද ඒ වෙනකොට බෑබ්ස් සහ අනෙක් බැට්ගර්ල් ල හිටපු නිසා තවදුරටත් batman ට හෝමෝ කියන චෝදනාව එන්නේ නෑ,ඒ උනත් ඒ කාලේ වෙනකොට සමලිංගික අයිතිවාසිකම් සහ සමානාත්මතාව සම්බන්ධව ආපු කතාබහට තමන්ගෙනුත් දෙයක් කරන්න ඕනේ නිසා DC ලා බැට්වුමන් ව යොදාගන්නවා.

විශේෂයෙන්ම කියනවා නම් කේට්/බැට්වුමන් කියන්නේ dc කොමික් ලගේ ඉන්න ලොකුම ප්‍රධාන පෙලේ සමලිංගික චරිතය..(පළමු චරිතය නෙමෙයි) මේ ගැන මේ ලඟදි ලොකු කතා බහක් ගිය නිසා මේ වෙලාව නියමෙටම ගැලපෙනවා කියල හිතුනා මේ ලිපිය ලියන්න..

#ClownPrinceOfCrime

 Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න