Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Agents of S.H.I.E.L.D. Season 2 : Review 2

Agents of S.H.I.E.L.D. Season 2 : Review 2

Marvel's Agents of S.H.I.E.L.D. Season 2


Review - Part 02




1 - Family Reunion
Skyeගේ දෙමව්පියන් කවුද කියලා අපි දැන් දන්නවා. මේ නිසාමද කොහෙද Season 2 එකේ Mid Credit scene එකෙන් පස්සේ ගොඩක්ම අපිටSkyeගේ පවුලේ(#1 රූපය) එකතුවීම ගැන දැකගන්න පුළුවන්. ඒ වගේම Jiaying සහ Cal තමාගේ දුව තමන් ළඟට වැඩිපුර රඳවාගන්න උත්සහ කරනවා. තිදෙනාගේම චරිත යොමුවෙන පැතිකඩවල් වෙනස් වුවත් පවුලක තිබිය යුතු ගුණාංග ඔවුන් ඉස්මතු කරන්න දැඩි වෙහෙසක් අරගෙන තියෙනෙවා ඒ උනාට මේ පවුලේ අවසානය නම් එච්චර හොඳ අවසානයක් වෙන්නේ නැහැ. තමාගේ කුරිරු සැලැස්මට විරුද්ධ වෙන Skyeව මරා දමන්නට Jiaying අවසන තීරණය කරනවා. ඒ අවස්ථාවේදී Jiaying විසින් Skyeගේ ජීව බලය උරාගන්නා අවස්ථාවේදී Cal පැමිණ සිය දියණිය මවට හානි කිරීම වළකා Jiayingව මරා දමනවා. කවුරුත් හිතපු නැති අවසානයකට යොමුවන කථාමාලාවේ අවසානයේ Daisy/Skyeගේ ඉල්ලීම මත Coulson විසින් Calව TAHITI project එකට යොමු කර ඔහුගේ මතකය මකා දමා ඔහුව නිරවුල් අලුත් පුද්ගලයෙක් බවට පත් කරවනවා.

2 - Avengers: Age of Ultron Movie Tie In
Marvel Universe එකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි හැමදේම එකිනෙක සම්බන්ධ වීම. මේ දේ අපිට Marvel Cinematic Universe එක සහ Marvel Tv Universe එක අතරත් දකින්න ලැබෙනවා. Captain America: The Winter Soldier (2014) film එකත් එක්කම Agents of S.H.I.E.L.D. Season 1 වල වෙනස්වීම සහ එහි සමහර කොටස් film එක හා සම්බන්ධ වීම තුළින් Marvel Universe එකේ අපැහැදිලි තැන් ගොඩක් තේරුම් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පාර Avengers: Age of Ultron Movie Tie In එකත් නියමෙටම තිබ්බා. Avengers: Age of Ultron movie එක release වෙන්න කලින් episode එකේදී Rainaට Sokovia වල වෙන සිදුවීම ගැන සිහිනයක් පෙනෙනවා. Lokiගේ Sceptre එක සහ ලෝහමය මිනිසුන් නගර ආක්‍රමණය කරන ආකාරයයි ඇය දකින්නේ. ඒ වගේම movie එකේදි දකින්න ලැබුණු S.H.I.E.L.D. Helicarrier එක තමයි Agents of S.H.I.E.L.D. එකේදී Director Coulsonගේ Theta Protocol එක කියලා ඔප්පු කිරීමෙන්ම අපිට film එකේදි තියෙන හිස්තැන් පුරවගන්න පුළුවන් වුණා. Marvel සමාගම අනිත් සමාගම් වලට වඩා ඉහළ තැනකින් ඉන්නේ මේ නිසාම තමයි .

3 - The Other S.H.I.E.L.D.
කථාමාලාවේ තිබුණු අනෙක් storyline එක තමයි Colusonගේ SHIELD එක සහ Robert Gonzales(#2 රූපය)ගේ SHIELD එක අතර පැවති ඝට්ඨනයයි. Cap 2 movie එකට පාදක වූ SHIELD එක බිඳවැටුණු දිනයේ Gonzales ඇතුළු පිරිසක් විසින් තනාගන්නා ලද SHIELD එකයි. මෙයාලා SHIELD එකේ හිටපු Director Nick Fury තවම ජීවත්වෙනවා කියලා දන්නෙ නැහැ. ඒ වගේම කණ්ඩායමේ හැමෝම vote එකකින් තමයි තීරණ වලට එන්නේ. මේ හේතුව නිසා මෙයාලගේ සැලසුම්වල හරයක් නැති අවස්ථා බොහොමයි. ඒත් කණ්ඩායමක් හැටියට එකමුතු බව නිසා එයාලගෙ missons ගොඩක් සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. මේ කණ්ඩායමේ මූලික නිලධාරීන් ලෙස Gonzales විසින් පත් කරන්නේ Agent Anne Weaver Weaver(#3 රූපය), Agent Oliver(#4 රූපය), Agent Tomas Calderon(#5 රූපය), Alphonso Mackenzie, Bobbi Morse යන පිරිසයි. Phil Coulsonට GH325 serum එක inject කළාට පස්සේ සිදුවන සිදුවීම් සහ Alien Temple එකේදී සිදුවූ සිදුවීම් පෙළ නිසා මොවුන්ට Coulsonගේ ක්‍රියාකලාප ගැන බොහෝ සැක මතු වෙනවා. ඒ නිසායි ඔවුන් Mackව සහ Bobbyව undercover එකක් හැටියට Coulsonගේ team එකට ඇතුළු කරන්නේ. කෙසේ හෝ ඔවුන් Coulsonගේ base එක වටලන්නට සමත් වෙනවා. පසුව Coulson හොඳ පුද්ගලයෙක් බව තේරුම්ගන්නා ඔවුන් Coulsonට උපදෙස් ලබාදෙමින් එක SHIELD එකක් යටතේ වැඩකරන්නට එකඟ වෙනවා. පසුව Jiaying සමඟ ඇතිකර ගන්නට ගිය ගිවිසුම අතරේදී Jiaying විසින් Terrigen Crystals භාවිතා කර ඔහුව මරා දමනවා(#6 රූපය).

4 - In the time of Evil
Agent 33 එහෙමත් නැතිනම් Kara Palamasගේ උදව් ඇතිව Grant Ward Season 1 අවසානයේදී Kree Temple එකෙන් පැනයනවා. තමන්ට ගැලවීයාමට උදව් කළ නිසාම Wars විසින් Karaගේ මතකයන් සහ සැබෑ මුහුණ යළි සොයාගන්නට උදව් කරනවා(#7 රූපය). ඒ වගේම ඇය කළින් SHIELD agent කෙනෙක් නිසා ඇයව යළි SHIELD එක තුළට ගෙන එමින් ඇයව HYDRA එකට අල්ලා දුන් Bobby Morseව පැහැරගෙන ගොස් වධ දෙමින් ඇයගෙන් සත්‍ය දැනගැනීමට පවා Ward ඇයව පොළඹවනවා. කෙසේ නමුත් Bobbyව සොයා එන Agent May සහ Agent Hunter දෙදෙනාට Kara සහ Wardව හමුවෙනවා. Agent Mayගේ විශිෂ්ඨ සැලසුමක් නිසා Wardගේ අතින් වෙඩි වැදී Kara මිය යනවා. කොහොම උනත් Season 2 එකේ සාර්ථකත්වයට මේ දෙදෙනාගේ රංගන දායකත්වය විශාල ලෙස බලපාන බව නම් නිසැකයෙන්ම පැවසිය යුතුයි.

5 - Mockingbird's fate
Kara Palamasව HYDRA එකට අල්ලා දෙන්නට සිදුවන්නේ Bobby Morseටයි. ඒ ඇය undercover එකකට HYDRA එකේ රැඳී සිටින කාලයේදීයි. Ward සහ Kara විසින් HYDRA නායක Sunil Bakshiව සොයාගෙන ඔහුගෙන් මේ සෑම විස්තරයක්ම දැනගන්නවා. ඉන් පසු Karaව යළි SHIELD එක තුළට ගෙන ගොස් සිටින විට Kara යළි Agent May ලෙස සිය මුහුණ සකසාගෙන Bobbyව රවටා ඇයව Ward වෙත රැගෙන යනවා. එහිදී ඔවුන් Bobbyව වධ හිංසාවලට පමූණුවමින් ඇයට තමන් කළ දේ වරදක් ලෙස පාපෝච්චාරණය කරන්නට යැයි පවසනවා. එහිදී Bobby පැනයන්නට දරණ උත්සාහයේදී Ward,Kara සහ Bobby අතර සිදුවන සටන විශේෂයි. එහිදී Bobyගේ පාදයක අස්ථි Ward විසින් පහරදී කඩා දමනවා(#8 රූපය). ඉන්පසු ඇයව සොයා එන Hunterව ඇය ඉදිරියේම මරාදමන ස්වයංක්‍රීය තුවක්කුවක් සවිකොට ඔවුන් Agent Mayව මරා දමන්නට ඇය සිටිනා පහළ මහලයට යනවා. කෙසේ නමුත් Hunter පැමිණ Bobbyව සිරකොට තිබෙන කාමරය විවෘත කරනවාත් සමඟම Bobby තමන්ව ගැටගසා සිටි පුටුවෙන් තුවක්කුව දෙසට පැන ඒ වෙඩි උණ්ඩය තමන්ටම වද්දවා ගන්නවා. පසුව ඇයව SHIELD base එකට රැගෙන ගොස් ඔවුන් ශල්‍යකර්ම රැසකින් පසු Bobbyගේ ජීවිතය බේරා ගන්නවා(#9 රූපය).

6 - Terrigen Crystals
Terrigen Crystals කියන්නේ Diviner එකෙන් හටගන්නා සොයාගන්නට ඉතාමත් අපහසු පළිඟුවක්. මේ Crystal වලින් හටගන්න Terrigen Mist එකෙන් තමයි Inhumansලාට බලය ලැබෙන්නේ. දැනට Inhumansලා සතුව Deviners 4ක් පමණක් ඇති නිසා Jiaying විසින් මේ Crystals රාශියක් නිපදවනවා. මේවා වලින් එක් පෙට්ටියක් අවසන් සටනේදී මුහුදට වැටෙනවා(#10 රූපය). ඒවා මාලුන් තුළට ගොස්, මාලුන්ගෙන් තනන fish oil වලත් මේවා තැන්පත් වෙනවා. එහෙනම් අපිට තව Inhumanලා ඊලඟ season එකේදිත් දැකගන්න ලැබේවිද? මේ ගැන වැඩි විස්තර Season 3 එකේදි කථාබහ කරමු.

7 - Hail Hydra!!
මේ season එක අවසානය දක්වාම Ward වැඩ කරන්නේ HYDRA එකට නොව තම ස්වාධීන මතයකට අනුවයි. ඒ වගේම තමන්ගේ අලුත් පෙම්වතිය වන Karaගේ මතකයන් සහ ඇගේ සත්‍ය මුහුණ ඇයට ලබාදීමටයි ඔහු උත්සුක වන්නේ. ඒ නිසා Wardව season 2 වලදී සෙසු චරිතයක් හැටියටයි හැදින්විය හැක්කේ. කොහොම උනත් Season 2 එක අවසානයේදී Ward, HYDRA එක යළි පිහිටුවන්නට පිරිස එක් රැස් කරන බවක් දැකගන්න පුළුවන්(#11 රූපය). දැනට HYDRA එකේ ප්‍රධාන නායකයන් යැයි සැලකෙන අය අඩු නිසා Grant Wardගේ උත්සාහය යළි HYDRA එක ලෝක බල තුලනයට සූදානම් කරවීම කියලයි මට හිතෙන්නේ.

8 - Hunting Grounds
අවසන් සටනේදී Daisy සහ Jiaying දෙදෙනා සටන් වදිද්දී Coulson, Mac සහ Fitz තිදෙනා Gordon සමඟ Terrigen Crystals පෙට්ටියක් ආරක්ෂා කරගැනීම සඳහා සටන් වදිනවා. Fitz තමාගේ විද්‍යා දැනුම උපයෝගී කරගෙන Gordonගේ teleportaion එක නවතා එක් තැනකට කොටු කරගන්න පුළුවන් විදියේ උපකරණ කිහිපයක් සවි කරනවා. Mac සහ Coulson දෙදනා සමඟ සටනේ නිරතවන Gordon වහාම Fitzව අල්ලා ගන්න ඔහු පිටුපසින් teleport වනවා. ඒ හා වහාම Fitz තමා අත තිබූ යකඩය පිටුපසට හරවනවා. Gordon teleport වන්නේ මේ යකඩය ඔහුගේ සිරුර හරහා යනවාත් සමඟමයි. මේ හේතුවෙන් Gordon මිය යනවා. නමුත් ඔහු බිම ඇද වැටෙන්නේ එක් Terrigen Crystal එකක් බිම පතිත කරවමිනුයි. වහාම එතැනට පනින Coulson මේ Crystal එක අල්ලාගන්නවා. නමුත් Crystal එක නිසා Coulsonගේ අත ගල් වේගන එනවා. ඒහා වහාම Mac තමා අත තිබූ පොරොවෙන් Coulsonව බේරා ගැනීමට Coulsonගේ අත කපා දමනවා(#12 රූපය). Season 3 එකේදි Coulsonට අතක් ලැබේවිද?

9 - Skye's new project
කථාමාලාවේ අන්තිමට Daisyට අලුත් project එකක් Coulson විසින් ලබා දෙනවා අපිට දකින්න ලැබෙනවා(#13 රූපය). වඩාත් පැහැදිලි zoomකරපු image එකකින් අපිට මේ project එක මොකද්ද කියලා දැනගන්න පුළුවන්. Caterpillars කියන නම Marvel Comics වලදී හුරුපුරුදු නමක්. මේ Caterpillars project එක කියන්නේ ශක්තිසම්පන්න ගුප්ත බලයන් සහිත තරුණ පිරිසක් එකතු කරලා Nick Fury විසින් සකසනු ලබන කණ්ඩායමකටයි. එහෙනම් මෙතැනදී නිසැකයෙන්නලුත් Inhumanලා එකතු කරලා හදන group එකක් ගැන තමයි කථා වෙන්නේ. එහෙම නම් comic වලදී වගේම ඉස්සරහට අපිට Daisy Johnsonව S.H.I.E.L.D. එකේ Director වෙනවා දැකගන්නත් ලැබේවි.

10 - Is Simmons Dead?
Agents Of S.H.I.E.L.D. Season 2 එකේ end credit scene එක තමයි දැනට වැඩිපුරම Comic Based Tv series වලින් කතාබහට ලක්වෙන කොටස වෙන්නේ(#14 රූපය). Season 2 end credit scene එක බලපු ඕනෙම කෙනෙක්ට WTF!! කියලා අනිවාර්යයෙන්ම කියවේවි. අපි හැමෝම ආදරය කරපු Jemma Simonsට අන්තිමට Fitz විසින් Agent Gonzalesගේ නැවේ Cargo එකේ තිබ්බ Kree object එක අසල පර්යේෂණ කරමින් සිටියදී dinner date එකකට ආරාධනා කරනවා. දෙන්නට දෙන්නගෙ හිතේ තියෙන දේවල් කියාගන්න හොදම chance එකක් තමයි මේ නිර්මාණය වෙන්නේ. ඒත් අන්තිමට Fitz එතනින් පිටවෙලා ගියාට පස්සේ ඒ Kree object එක විසින් Jemmaව ඇදලා ගන්නවා. එහෙනම් Jemma ඇත්තටම මැරෙනවාද? නැත්නම් Jemma ඒ object එකේ හිර වෙලාද ඉන්නේ? Season 3 villain වෙන්නේ Jemmaද? කියන ප්‍රශ්න සෙට් එකක්ම අපේ ඔලුවට එනවා. මේ සිදුවීම ගැන Season 3 එකට කලින් ටිකක් වැඩිපුර කථාකරන්න මං හිතුවා. ඒ නිසාම ඊලඟ ලිපියෙන් Jemmaට මොකක් වෙන්න ඇතිද කියන එක ගැන මම කථා කරනවා.

අඳුරු තේමාවක් සහ Actons, fights, Mythical theories, Aliens සහ බැඳීම් ගැන කියැවුණු Marvel's Agents of S.H.I.E.L.D. Season 2 එකට 8.6/10ක පමණ ලකුණු මට්ටමක් ලබා දිය හැකියි. Season 1වලට වඩා චරිතවල, theories වල, concepts වල සාර්ථකත්වයක් තිබෙනවා. නමුත් චරිතවල පසුබිම්, Avengers 2 tie-in, Tripගේ චරිතයේ ඔහුට කිසිදෙයක් කරන්න නොතිබීම යනාදී කරුණු ගැන තවත් අවධානය යොමු වූවා නම් මෙය අති සාර්ථක නිර්මාණක් වන්නට තිබුණා. නමුත් සාර්ථක Fan base එකක් ගොඩනගාගෙන, අලුත් චරිත ඉස්මතු කළ සාර්ථක Tv series එකක් හැටියටයි මම අන්තිමට ප්‍රකාශ කරන්න පුළුවන්.

#SmAsHeR
Comic Script ලිපිය


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න