Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Agents of S.H.I.E.L.D. - What just happened to Simmons?

Agents of S.H.I.E.L.D. - What just happened to Simmons?
What just happened to Simmons?

Marvel's Agents of S.H.I.E.L.D. season 2 end credits scene එක ගැන අන්තර්ජාලයේ ගොඩක් දෙනෙක් කතා වෙනවා අපිට දකින්න ලැබුණා. සමහර අය Marvel Theories එක්ක කතාවේ storyline එක සම්බන්ධ කරලා තිබුණා. තවත් සමහරු වෙනමම Fan Theories හදාගත්තා. ඒ ගොඩක් ඒවා කතාමාලාවට ගැලපෙනවා. ඒත් ඉතින් අපි හැමෝටම හරියටම Simmonsට මොකද උනේ කියලා දැනගන්න නම් තව ටික දවසක් ඉන්න වෙනවා. සැප්තැම්බර් 29 වෙනිදා Season 3 පටන් ගත්තානේ. ඉක්මනටම Simmonsට මොකද වුණේ කියලා දැනගන්න පුළුවන් කියලා තමයි අධ්‍යක්ෂකවරුන් කියන්නේ. ඊට කලින් ඒ ගැන ටිකක් කතා කරලා ඉන්න එක හොඳයි කියලා මට හිතුණා. මුලින්ම කියන්න ඕනේ Agents of S.H.I.E.L.D. Season 3 cast එකට Jemma Simmonsගේ චරිතයට රඟපාන Elizabeth Henstridge ඉන්නවා. ඒ කියන්නේ Simmons මැරිලා නැහැ කියන එකනේ. එහෙනම් අපි Simmonsට වෙච්ච දේ ගැන තියෙන Theories ටිකක් ගැන විස්තර දැනගෙන, මට හිතෙන විදියට ඒවා වෙන්න පුළුවන්ද බැරිද කියලා කථා කරමු.




01 - An Anti-Inhuman Simmons
මේ Theory එක සාර්ථක Fan Theory එකක්. මේ Kree Stone/Monolith එක Inhumansලා විනාශ කරන්න Kreesලා විසින් හදපු දෙයක් කියලා Jiaying විසින් Season 2 වලදී පවසනවා. මේ නිසාම අපිට හිතෙන්න පුළුවන් Simmons අනිවාර්යයෙන්ම Anti-Inhuman කෙනෙක් වේවි කියලා. ඒත් Simmons එහෙම කෙනෙක් වුණොත් ඇයට බාහිර ස්වරූපයක් තියෙන්න ඕනේ. එහෙනම් ඇය යළි භෞතික ශරීරයක් ලබන්න වෙනවා. ඒත් ඒ මොහොතේදී ඇයට එහෙම ශරීර වෙනසක් වෙනවා හෝ ඇය යළි ඒ Monolith එකෙන් ඉවතට ඇවිද එනවා දකින්නට ලැබුණේ නැහැ. නමුත් මේ Theory එක 55%ක පමණ සාර්ථක Theory එකක් වේවි.

02 - Some evil scary alien thing
අපි දැක්කා Mackට Kree Temple එකේදී සිදුවුණු සිදුවීමෙන් පසුව ඔහු හැසිරුණු විදිය. ඔහු Coulsonටත් පහර දුන්නා. එහෙනම් Simmonsටත් එහෙම වෙන්න ඉඩක් තියෙන්න පුළුවන්. සමහරවිට මේ Monolith එක ඒ වගේ ශක්තියක් ලබාදීලා මනුෂ්‍ය සංහාරයක් කරන්න Kreeලා එවපු උපකරණයක් වෙන්නත් පුළුවන්. නමුත් මේ Theory එකට කලින් සඳහන් කරපු හේතුව බලපානවා. ඒ තමයි බාහිර ස්වරූපයක් දැකිය නොහැකි වීම. ඒ වගේම Wardගේ යළි ආගමනයෙන් පස්සේ Simmonsගේ පළිගැනීමේ චේතනාව නිසා ඇය මෙහෙම කෙනෙක් වෙන්නටත් පුළුවන්. නමුත් මං හිතන්නෙ නැහැ Simmons වගේ ලස්සන කෙනෙක්ව බාහිර පෙනුමෙන් රාක්ෂයෙක් කරාවි කියලා. කොහොම උනත් මේ Theory එකට 50%ක වගේ ඉඩක් තියෙනවා.

03 - Kree stone has mind control
මේ Fan Theory එක ගොඩක් දෙනෙක් කියන්නේ Fitzගේ අත වැදිලා Monolith එක තිබුණු කුටියේ දොර විවෘත වුණු නිසායි. එහෙම mind control කරන්න පුළුවන් නම් Simmonsව ඒක ඇතුළට ඇදලා අරගන්නේ නැතුව එලියේ ඉඳලා Mind control කරන්න තිබුණානේ. ඒ නිසා මේ Theory එක අපිට යම්තාක්දුරකට බැහැරකරන්න පුළුවන් Theory එකක් වේවි. හැබැයි මේ Theory එක සිදු වෙන්න 35%ක පමණ ඉඩක් තියෙන්නත් පුළුවන්.

04 - Simmon is Ms. Marvel
මේක නම් Marvel Comic ගැන හොඳට නොදන්න අය මුලින්ම කියපු කතාවක්. දැනට ඉන්න Ms. Marvel(Kamala Khan) කියන්නේ Inhuman කෙනෙක්. කලින් හිටිය දැන් Captain Marvel වෙලා ඉන්න Carol Danvers කියන්නේ මනුෂ්‍ය ජාන Kree ජාන බවට පරිවර්තනය කරවපු කෙනෙක්. නම් වලින් Simmonsමේ දෙදෙනාගෙන් එක් අයෙක්වත් නෙවෙයි. මේ නිසා මේ මතය ඉබේම බැහැරවෙනවා.

05 - the new “villain”
මේ සිදුවීම නම් ගොඩක් දුරට වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසාම මේ ගැනත් අදහසක් කියන්න ඕනෙ නිසා මම මෙතන කරුණක් හැටියට මේක ගෙනාවා. Simmons අපි හිතන අහිංසක කෙනාම නෙවෙයි කියලා හිතන්න අපිට සාධක ගොඩක් තියෙනවා. Agent Trippගේ මිය යෑමෙන් පස්සේ ඇය Inhumanලට සහ Alien සිදුවීම් වලට පොඩ්ඩක්වත් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම Wardව මරන්න Simmons උත්සහ කරපු නිසා මේ දේ වේවි කියන එක මටත් හිතෙනවා. මේ දේ වෙන්න 65%ක පමණ ඉඩක් තියෙනවා.

06 - A time travelling Simmons?
මේ දේ තමයි කතා කරන්න පුළුවන් සහ ගොඩක්ම දෙනෙක් විශ්වාස කරන Theory එක වෙන්නේ. දැනට Tv series එකේ executive producer Jeff Bell කියලා තියෙන හැටියට නම් මේ දේ වෙන්න තරමක ඉඩක් තියෙනවා. ඔහු කියනවා Simmons සමහර විට වැරදි තැන වැරදි වෙලාවේ හිටියා හෝ ඉන්නවා වෙන්නත් පුළුවන් කියලා. මේ ගැන හරියටම confirm වෙලා නැති නිසා ඒක වෙන්න පුළුවන්මයි කියලා කියන්නත් බැහැ. ඒ වගේමයි Simmonsගේ චරිතයට රඟපාන Elizabeth Henstride, Simmons ගැන කියලා තියෙන ප්‍රකාශය නිසා ගොඩ දෙනෙක් මෙහෙම වෙයි කියලා හිතනවා. ''I think I’m somewhere. I think it transports me somewhere. We’ve had so many theories on set.... but I think it’s a transportation device.'' මේ නිසා ගොඩක් දුරට Simmonsව Inhumansලා විනාශ කරන තැනකට Teleport වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැනට කථාමාලාවේ Alien Species ගැන ගොඩක්ම කථාවුණු නිසා Simmons වෙන dimension එකකට Teleport වුණා වෙන්නත් පුළුවන්. එහෙම උනොත් නම් නියමයි. සමහරවිට අපිට Guardian of the Galaxy membersලා ගැන, Thanosගැන එහෙම Easter-eggs හොයාගන්න ලැබේවි. මගේ මතයට අනුව මේ දේ වෙන්න 70%ක පමණ ඉඩක් තියෙනවා.

07 - she goes invisible
මේ දේ ගැනත් Elizabeth Henstridge පොඩි ඉඟියක් දීලා තියෙනවා කොහොම නමුත් මේ විදියේ දෙයක් වෙනවා නම් ඒකට වඩාත් විද්‍යානුකූල තර්කයක් එක්ක ඉදිරිපත් වෙන්න ඕනෙ වේවි. නොපෙනෙන කෙනෙක් එක්ක Tv series එක යන එක ගැන නම් මගේ කැමැත්තක් නැහැ. මොකද Simmons කියන්නේ දැනට තිබ්බ Season දෙකේම හැම episode එකකම වගේ හිටපු කෙනෙක්. එහෙම කෙනෙක්ව Invisible කෙනෙක් කරන එකෙන් fan base එක අඩු වෙන්න පුළුවන්. අනික ඒක ටිකක් තර්කානුකූල නැති දෙය. අනිවාර්යයෙන්ම අපිට mid season finale එක වෙනකොටවත් Simmons ජීවතුන් අතර ඉන්නවා කියලා හෝඩුවාවක් ඕනෙ වෙනවා. ඒත් Invisible කෙනෙක්ගේ කටහඬකින් විතරක් ඒක කරන එක සාර්ථක මදි. ගොඩාක්ම Scientific කළොත් ඒක නොතේරෙන්නත් ඉඩ තියෙනවා. කොහොම වුණත් Directorsලා අතේ තමයි අන්තිම තීරණේ තියෙන්නේ. අපි එතකන් බලාගෙන ඉමු. මේ Theory එක වෙන්නත් 50%ක පමණ ඉඩක් තියෙනවා.

08 - she’s just trapped inside the rock
Elizabethගේ ප්‍රකාශය අතරේ මේ දේත් කියවිලා තිබුණා. ''What if she’s just trapped inside the rock? That would be terrible..'' මේ දේ වෙනවා නම් අනිවාර්යයෙන්ම Jemmaව මේ Monolith එකෙන් බේරගන්න කෙනා බවට පත්විය යුත්තේ Fitzයි. දෙන්නාට දෙන්නා ගැන තියෙන හැඟීම එතකොට ගොඩක් ඉස්මතු කරන්න පුළුවන්. අනික Simmonsව මරන එකත් හොඳ නැහැ. මොකද Fitz-Simmons දෙන්නා කණ්ඩායම වෙනුවෙන් සහ SHIELD එක වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරලා තියෙන දෙන්නෙක්. මේ නිසා මෙහෙම දෙයක් වෙන්නවා නම් ඒකෙ වැරැද්දකුත් නැහැ. Fansලා මේ දේට අකමැති වෙන එකකුත් නැහැ. කොහොම උනත් මේ Theory එකටත් 60%ක වගේ ඉඩක් තියෙනවා.

09 - Doctor Minerva
මේකත් එක්තරා Marvel Comic based Theory එකක්. Minn-Erva කියන්නේ Kree Scientist කෙනෙක්. ඇයව Comics වලදී වැඩිය සම්බන්ධ කරගෙන නැති නිසා සමහර විට Simmonsව ඇය බවට පත් කරවන්නත් ඉඩ තියෙනවා. Doctor Minerva කියන්නේ Kree කෙනෙක් නිසා ඇයත් නිල් පැහැතියි. අපිට මීට කලින් නිල් පැහැති Kree කෙනෙක්(Vin-Tak) Season 2 වලදී දකින්න ලැබුණා. ඒ නිසා මේ දේ වෙන්න පුළුවන් කියලා පොඩි විශ්වාසයක් තියාගන්නත් පුළුවන්. මේ දේ වෙන්න 40%ක පමණ ඉඩක් තියෙන්න පුළුවන්.

10 - Symbiotes/Venom
මේ දේ ගැන නම් කථා කරන්න දෙයක් නැහැ. මේකත් සම්පූර්ණ වැරදි මතයක්. Symbiotesලා ප්‍රධානව ඉන්නේ Spiderman සම්බන්ධ දේවල් වලදීයි. SHIELD Season 2 ඉවර වෙන කොටම Marvelලා අලුත් Spiderman හැටියට Tom Hollandව නම් කරපු නිසා comic නොදන්න සමහරු කිව්ව කථාවක් තමයි මේක. Simmons Venom වෙන්න කිසිම ඉඩක් නැහැ.

ඔයාලා හිතන්නේ Simmons Agents of S.H.I.E.L.D. Season 3 එකට කොහොම ඒවිද? සමහර විට ඔයාලා ගාවත් වෙනම Fan Theory එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගෙ අදහස් comment කරන්න. සමහර විට අපි නොහිතන දෙයක් Agents of S.H.I.E.L.D. Season 3 එකේදි වෙන්නත් පුළුවන්. එහෙනම් ඊලඟ ලිපියෙන් අපි Season 3 Episode 1 review එකෙන් හමුවෙමු.

#SmAsHeR


Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න