Marvel's Agents of S.H.I.E.L.D. Season 3 Episode 01
*** >> Spoiler Alert << ***
Spoilers Evreywhere.. Read at Your own Risk
ඔන්න හැමෝම බලන් හිටියා වගේම Agents Of S.H.I.E.L.D. Season 3 පහුගිය 29වෙනිදා ඉඳන් විකාශය වෙන්න පටන් ගත්තා. පහුගිය ටිකේ අපි කලින් Season වුණේ මොනවද සහ Season 3 වලදී මොකද වෙන්නේ කියන දේවල් ගැන කතාකරමින් Season 3 වලට හොඳ ආරම්භයක් ලබා ගත්තා මතක ඇතිනේ. ඒ වගේම හැමෝටම කුතුහලයක් වෙලා තිබ්බ Simmonsට මොකද වෙන්න ඇත්තේ කියන දේ ගැනත් කථා කළා. එහෙනම් කෙලින්ම අපි Season 3 Episode 1 වල සිදුවුණු විශේෂ සිදුවීම් සහ Comic වලට ඒවා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හොයලා බලමු.
01 - Fish Oil Pills
කලින් Season එක අන්තිමට අපි දැක්කා මුහුදු පතුළට ගිලී ගිය Terrigen Crystals අඩංගු පෙට්ටියෙන් වහනය වූ නිල් පැහැති දියරය මාළුන්ගේ ශරීර තුළට ගිහින්, ඒ මාළුන්ගෙන් හදන Fish Oil Pills වල මේවා තැන්පත් වෙනවා. එහෙනම් මේ එහෙම දෙයක් තමයි පෙන්නන්නේ. ඒ Fish Oil Pills Inhuman කෙනෙක් පාවිච්චියට ගත්තොත් ඒ කෙනා Inhuman කෙනෙක් වෙනවා. ඒ බව අපිට ඊලඟ රූපරාමු පෙළින් පැහැදිලි කරගන්න පුළුවන්.
02 - The cocoon
Skye/Daisyට සහ Rainaට බලයන් ලැබෙද්දීත් අපි මේ වගේම cocoon එකක් දැක්කා. එහෙනම් මේ විදියටම තමයි හැම Inhuman කෙනෙක්ම තමන්ගේ බලයන් ලබාගන්නේ. මේක බලපාන්නේ Inhumansලාට විතරයි කියලායි මට නම් හිතෙන්නේ. ඒ මොකද Diviner එකෙන් සහ Terrigen Crystals වල බාහිර කොටසට Diviner metal එකෙන් කොටසක් මිශ්‍ර වෙලා තියෙන නිසා ඒක කෙලින්ම මිනිස් සිරුරට බලපානවා. නමුත් මේක මාළුන්ගේ ශරීර වලට ගිහින් එන නිසා Inhuman DNA වලට විතරක් මේවා බලපානවා කියලයි මට හිතෙන්නේ. අපි ඉස්සරහට බලමු මේ theory එක වෙනස් වේවිද කියලා.
03 - Daisy taking Control of her Powers
මේ වෙනකොට Daisy එයාගේ බලයන් සාර්ථක ලෙස පාලනය කරන්න සමත්වෙලා තියෙනවා. ඒක අපිට මේ Season එකේදී හොඳටම බලාගන්න ලැබේවි. මෙතනදී පොඩි විශේෂ දෙයක් ගැන මං සඳහන් කරන්න කැමතියි. Daisy පැළඳ සිටින අත් ආවරණය කර තිබෙන ආවරණය දිහා බැලුවොත් ඔයාලට තේරේවි Comic වල Quake පළදින්නෙත් මේ වගේම ආවරණයක් කියලා. එහෙනම් නුදුරු අනාගතයේදීම අපිට Daisy Johnson, Quake කියන නම භාවිතා කරනවා අහන්නත් ලැබේවි.
04 - Sokovia
Avengers: Age of Ultron Movie එකේදී Ultron විසින් විනාශකරන්නට උත්සහ දරපු නගරය හැමෝටම මතක ඇති. ඔව් මේ ඒ නගරය සහ ඒ විනාශය ගැන තමයි Daisy මේ අලුත් Inhumanට කියලා දෙන්නේ. Marvel productions වල හැමදේම එකට සම්බන්ධයි සහ Avengers 2 movie එක මතක් කරන්න මේ දේ යොදාගෙන තියෙනවා.
05 - Joey the new Inhuman
Joey Gutierrez එහෙමත් නැතිනම් Joey තමයි දැනට SHIELD එකට මුලින්ම බේරා ගන්න ලැබෙන Inhuman කෙනා වෙන්නේ. මීට කලින් Inhumansලා 5දෙනෙක් ගැන විස්තර දැනගන්න ලැබුණු බවක් Coulson පවසනවා. එහෙනම් ඒ අයට මොනවා උනාද කියන දේ ගැනත් මෙතනදී දැනගන්න ලැබෙනවා. කවුරුන්ගේ පහරදීමකින් හෝ කුමන හේතුවක් නිසා හෝ ඔවුන් මිය ගොස් සිටින බව අපිට ඉදිරි රූපරාමුවලදී දැකගන්න ලැබෙනවා.
06 - Coulson got a new arm
Season 2 වල අන්තිමට Terrigen Crystal එකක් අල්ලාගන්න යෑමේදී Coulsonගේ අත ගල් වේගන එනවා දකින Mack ඒ අත කපා දැම්මා හැමෝටම මතක ඇතිනේ. ඔන්න ඒ නිසා Coulsonට අලුත් රොබෝ අතක් හමුවෙලා තියෙනවා. මේ Coulson පාවිච්චි කරන 3වෙනි අත කියලාත් අපිට Coulsonගේ කථාබහේදී දැනගන්න ලැබෙනවා. ඒ වගේම Coulsonගේ පරණ අත ප්‍රවේශම් සහිතව වීදුරු පෙට්ටියක තබා තිබෙනවාත් දැකිය හැකියි.
07 - Rosalind
Season 3 වලදී අපිට හමුවෙන තවත් අලුත් මුහුණක් තමයි මේ Rosalind කියන්නේ. මෙයා තමයි Advanced Threat Containment Unit(ATCU) එකේ ප්‍රධානියා වගේ වැඩ කටයුතු කරන්නේ. ATCU එක කියන්නේ SHIELD එක වගේම තවත් රජයට අනුබද්ධිත ආයතනයක් හැටියටයි සඳහන් වෙන්නේ. ගොඩක් දුරට මෙයා Civil War crossover එකට සම්බන්ධ කෙනෙක් වේවි.
08 - The President of USA
ජනාධිපතිවරයාගේ කථාවේදී MCU එකේ කාල රාමුව සඳහන් කිරීම තමයි මෙතනදී සඳහන් වන විශේෂතම කරුණ වන්නේ. Iron Man 3 චිත්‍රපටයේදීත් ජනාධිපතිවරයා ලෙසින් හිටියේත් President Ellisම තමයි. ඒ නිසා මට හිතෙන්නේ Civil War වලදීත් මේ නළුවාම ජනාධිපතිවරයාගේ චරිතය සඳහා යොදාගනීවි කියලායි. ඒ වගේම මෙතෙක් කල් ආපු සමහර Marvel movies ගැනත් ඉඟි පළකිරීමක් සිදුවෙනවා. ජනාධිපතිවරයාගේ කථාව සාවධානව ඇහුවොත් ඒකේදි New York, London සහ Sokovia වලදී සිදුවුණු විනාශයන් ගැන සඳහන් කරනවා. ඒ වගේම Washington වලදී SHIELD එකේ Triskelion එක කඩා වැටීමත් සඳහන් කරනවා. ඒ අනුව අපිට පිළිවෙළින් Marvel's The Avengers, Thor: The Dark World, Avengers: Age of Ultron සහ Captain America: The Winter Soldier කියන films ගැන ඉඟි පළ වෙනවා.
09 - Lash the Inhuman
මේ පාර season එකේ villain කෙනෙක් හැටියට හඳුන්වාදීපු කෙනා තමයි Lash කියන්නේ. මෙයාගේ ගැන කථා කරද්දි ගොඩක් දේවල් කථා කරන්න වෙනවා. ඒ නිසා මෙයා ගැන වෙනම ලිපියකින් මම කථා කරන්න හිතුවා. ඒ නිසා මෙතනදී වැඩිය මෙයා ගැන කථා නොකර ඉන්නම්. ඒත් මම Lash ගැන පුංචි ඉඟියක් දෙන්නම්; මෙයා Inhumansලාව සොයලා එයාලා ඒ බලයන් ලබන්න සුදුසු කෙනෙක්ද කියලා පරීක්ෂා කරන කෙනෙක්. එහෙම සුදුසු නැතිනම් වෙන්නෙ මොකද්ද කියලා ඔයාලට හිතාගන්න පුළුවන් නේද?
10 - Lincon Wants a normal life
කලින් Season එකේදී අපිට දැනගන්න ලැබුණු Inhuman කෙනෙක් තමයි Lincon Campbellකියන්නේ. මේ Season එකේදිත් අපිට Linconව දකින්න පුළුවන්. Skye අලුත් Inhumanලාට බලයන් පාලනය කර ගන්න උදව් කරන ලෙස Linconගෙන් ඉල්ලුවත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. තමන්ට සාමාන්‍ය ජීවිතයක් ඕනේ සහ මේ Inhuman කෙනෙක් වීම ශාපයක් හැටියටයි ඔහු දකින්නේ. Lincon මේ දෙයින් අදහස් කළේ මොකද්ද කියලා ඊලඟ episodes කිහිපයෙන් අපිට දැනගන්න ලැබේවි.
11 - Bobbi and Hunter
දැන් මේ දෙන්නම වැඩ කරන්නේ SHIELD එකටයි. Season 1 වලදී වුණු සිදුවීමෙන් පස්සේ තවමත් සුවය ලබමින් සිටින නිසා Bobby තමන්ගේ ජීව විද්‍යාව සඳහා වූ PHD එකෙන් ප්‍රයෝජනයක් ගනිමින් Lab එකේ පර්යේෂණ වල නිරත වෙනවා. Simmonsගේ අඩුව මකන්න බැරි වුවත් ඇය හොඳින් උපරිමයෙන් සිය රාජකාරිය ඉටු කරනවා. ඒ වගේම Hunter සූදානම් වෙන්නේ Bobbiට මේ දේ කරපු Wardව හොයාගෙන ඔහුගෙන් පළි ගන්නයි. ඒ වගේම Agent Mayත් පුද්ගලික නිවාඩුවක් අරන් කියලා කියන නිසා Hunter, May දෙන්නම එකතුවෙලා Wardගේ පස්සේ පන්නගෙන යන්න ලෑස්තිවෙනවාද දන්නෙ නැහැ.
12 - Inhumans The Movie?
ගොඩ දෙනෙක්ට මේ episode එකේදී මඟහැරෙන දෙයක් හැටියට මෙතන සඳහන් කරන්න පුළුවන්. අපි දකිනවා Coulson විසින් Inhuman Simulation එකක් run කරවනවා. මේකේ elapsed time දැක්වෙන්නේ මාස 17යි දින 21ක් හැටියටයි. එහෙනම් 2015 ඉඳන් මාස 17ක් ගත්තාම 2017 අවුරුද්දේ මාසයක් වෙන්නේ. අපි දැනටමත් දන්නවා Marvel Inhumans movie එකක් 2018දී එනවා කියලා. ඒ කියන්නේ මේ ඒකට කළින් කථාවක් ගොඩනඟලා තියන එක වෙන්න බැරිද?
13 - Fitz is losing his Shit
Jemma අර Monolith එක තුළට ඇදිලා ගිහින් කියලා දැනටමත් අපි දන්නවා. ඒ වගේම Fitz තමන්ගේ උපරිම උත්සාහය යොදනවා Jemmaව ආපහු ගෙන්නගන්න. ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම්. ඒ වගේම Fitz කොහොම හරි theory එකක් ගොඩනගනවා Jemma මේ Monolith එකෙන් කොහේට හරි teleport වෙලා කියලා. Coulson සහ Fitz අතර සංවාදයේදී Pym Technologies ගැනත් සඳහනක් කරනවා. මේ නිසාම Marvel Phase 2 movies ඔක්කොම වගේ මේ episode එකේදී mention කරලා තියෙනවා. ඒ කියන්නේ Marvel Phase 3 පටන් ගන්න යනවා කියලා පුංචි ඉඟියක් තමයි මේ දීලා තියෙන්නේ. කොහොම නමුත් Fitz Morocco වලට ගිහින් මේ Monolith එක ගැන තියෙන සඳහනක් රැගෙන එනවා. ඒක ලියලා තියෙන්නේ යුදෙව්(Hebrew) භාෂාවෙනුයි. ඒ Death(මරණය) කියලා. එහෙනම් Simmonsට මැරෙන්න වෙනවාද? නැතිනම් Simmons ඇත්තටම මැරිලාද?
14 - Simmons is Still Alive
Episode එකේ end credits scene එකේදි අපිට Simmons ඉන්න තැන ගැන පොඩි අදහසක් ලැබෙනවා. ඒ Simmons පෘථිවියේ නොසිටිනා බවයි. පේන හැටියට නම් මේක Kree ග්‍රහලෝකයක් වගේ. කාට හරි බයෙන් Jemma දුවන ආකාරයකුයි මේ රූප පෙළෙන් දිස්වන්නේ. ඒ ගැන හරියටම මටත් වැටහීමක් නැහැ. මේ ගැන දැනගන්න ඊලඟ episode එක එනකන්ම ඉන්න වේවි වගේ.
කොහොම වුණත් Season Premiere එකක් හැටියට Agents Of S.H.I.E.L.D. Season 3 පටන් ගත්තු විදිය නම් සුපිරියි. කෙලින්ම වැල් වටාරම් වලට යන්නෙ නැතුව කථාව නැවතුණු තැන ඉඳන් නියමෙටම ගලාගෙන යන්න ඉඩ හදලා තියෙනවා. ඒ වගේම කලින් Season දෙකටම වඩා මේ season එකේ කුතුහලය වැඩි වෙන විදියට කථාව රචනා කරලා තියෙනවා. මැද කොටසේදී කථා රසය නම් ටිකක් අඩුයි. ඒ උනාට අන්තිම ටිකේ ආයෙත් ඒ ටිකට හරියන්න හොඳ අවසානයක් ගෙනල්ලා තියෙනවා. ඒක ඊලඟ සතියේ episode එක miss නොකරන්නම කරපු දෙයක්ද මන්දා. කොහොම උණත් 8.8/10ක rating එකක් මේ සතියේ episode එකට දෙන්න පුළුවන්.
#SmAsHeR
Comic Script ලිපිය

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න