Inhumans - 02
Inhumansලා ගැන කෙරෙන අපේ කථාබහ තව ටිකක් පහු වෙලා කරන්නයි අපි හිතන් හිටියේ. ඒත් Marvel's Agents of S.H.I.E.L.D. කථාමාලාවට දැන් Inhumansලා ගොඩක් එකතු වෙලා ඉන්න නිසාත්, ගොඩක් දෙනෙක් අපෙන් Inhumansලා ගැන ලිපි ඉල්ලපු නිසාත් ඔන්න අපි අපේ Inhumans ලිපි පෙළ ගෙන එන්න තීරණය කළා. අපි කළින් Inhumansලා ගැන පොඩි හැඳින්වීමක් කළා. ඒ ලිපිය කියවලාම මෙතෙන්ට ආවොත් ගොඩක් පහසුයි. ඒ නිසාම ඒ ලිපියේ ලින්ක් එක දාන්නම්. ඒ ලිපියෙන් Inhumansලා කියන්නේ කොයි වගේ පිරිසක්ද කියලා හොඳහැටි අවබෝධයක් ගන්න ඔයාලට පුළුවන්.
Inhumans 01 - https://www.facebook.com/slcomicscript/photos/a.1519017541714586.1073741827.1519015728381434/1556061084676898/?type=1&permPage=1
එහෙනම් අපි අද මුලින්ම Agents of S.H.I.E.L.D. කථාමාලාවේදී අපිට දැකගන්නට ලැබෙන Lash ගැන Comics සම්බන්ධව තියෙන විස්තර කථා කරමු.
Lash (Villain) - Marvel
Lash කියන්නේ ප්රධාන Inhuman society එකෙන් වෙන්වෙලා සිටින රහසිගත Inhuman කණ්ඩායමක කෙනෙක්. ඔහු උපත ලබන්නේ Greenland වල Orollan ජනපදයේයි. ප්රධාන Inhuman society එකෙන් වෙන්වෙලා සිටින නිසා ඔවුන්ගේ පරපුරේ අයගෙන් Terrigenesis ක්රියාවලියට මුහුණ දීපු අතළොස්සෙන් එක් අයෙක් තමයි Lash කියන්නේ. මේ නිසාම Terrigenesis ක්රියාවලියට සෑම Inhuman කෙනෙක්ම මුහුණ දිය යුතු නැති බවත්, ඒ සඳහා සුදුස්සන් පමණක් මුහුණ දිය යුතු යැයි කියා Lash හිතනවා. මෙතනින් එහා කොටස සම්බන්ධ වෙන්නේ Thanosගේ comic පොතකයි(Marvel සමාගමේ It's all connected කියන දේ බලපාන්නේ මෙතනදීයි). මේ අතර Thanos සිය Inhuman පුතා වන Thane ගැන විස්තර දැනගැනීමට Inhuman King වන Black Boltව හමුවීමට එනවා. එහිදී Thanos සිය උපරිම බලය පාවිච්චි කරමින් තම Inhuman පුතා ගැන සියළු විස්තර පවසන ලෙස Black Boltට තර්ජනය කරනවා. නමුත් Thanosගේ අඩම්තේට්ටම් නොඉවසූ Black Bolt මේ විස්තර Thanosට ලබා දීම ප්රතික්ෂේප කරනවා. මේ හේතුවෙන් කුපිත වන Thnos, Black Boltට පහර දෙනවා. මේ හේතුවෙන් Black Bolt විසින් පෘථිවියේ New Yorkහි සවිකළ Inhumansලාට බලය ලබා දීමට භාවිතා කරන Terrigen Bomb එකක් පුපුරවනවා. මේ T-Bomb එක නිසා ඇතිවන Terrigen Mist එකෙන් මුළු පෘථිවියම වැසී යනවා. මේ හේතුවෙන් Thane ඇතුළු පෘථිවියේ වෙසෙන බොහොමයක් Inhumanලාට බලය ලැබෙනවා. ඊට පස්සේ තමයි ආයෙත් අපිට Lash ගැන විස්තර දැන ගන්නට ලැබෙන්නේ.
Black Bolt, T-Bomb එක සක්රිය කිරීම නිසා Inhuman පරපුරු වලින් පැවතෙනෙ(Inhuman ජාන සහිත) සියළුම මිනිසුන් Inhumansලා බවට පත්වෙලා ඔවුන්ට බලයන් ලැබෙනවා, නමුත් මේ සිද්ධිය නිසා Lash තදින්ම විශ්වාස කළ මතයට පැවැත්මක් නැතිව යනවා. Inhumansලා වීමට සුදුසු පුද්ගලයන් පමණක් මේ බලයන්දැරිය යුතුයි කියා Lash සිය Inhuman කණ්ඩායමට තරයේ ප්රකාශ කරනවා. ඒ අනුව ඉන් පසුව ඔහු අලුතින් බලයන් ලද Inhumansලා සොයාගෙන ගොස් ඔවුන් ඒ බලයන් දරන්නට සුදුසුදැයි පරීක්ෂාකොට, එසේ බලයන් දරන්නට සුදුසු නැතිනම් ඔවුන්ව මරා දමන්නට පෙළඹෙනවා. මෙලෙස Nuhumans(මිනිසුන්ව සිට Inhuman බලයන් ලද තවමත් ඒ බලයන් වැඩිදියුණු කරගත් නැති පිරිස) ලා සොයා යන Lashට Dante සහ Jason යන දෙදෙනාව හමු වෙනවා. Danteට තුනී වායු ස්ථරයන් අතරින් පවා ගිණිජාලාවක් ඇති කරන්නට බලය හිමිව තිබුණා. ඒ වගේම සිය බලය උපරිම යොදාගැනීමේදී Dante සම්පූර්ණ ගින්දරෙන් වැසී ගිණි රාක්ෂයෙක් බවට පත්වනවා. මේ නිසාම Lash, Danteව සිය කණ්ඩායමේ සාමාජිකයෙකු කරගන්නවා. ඒ වගේම Jasonට සිය ශරීරය තුළින් ශක්ති කදම්භයක් නිකුත් කරමින් පොළොවේ තිබෙන ගල් සහිත ස්ථර පාලනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. Jasonවත් තමාගේ කණ්ඩායමට එකතු කරගන්නා Lash සිය teleport වීමේ බලයන් යොදාගෙන යළි තමන් වාසය කළ Orollan වෙත පැමිණෙනවා. Lashගේ කණ්ඩායමේ සිටි Mother Bones, Grove ඇතුළු පිරිසට ඔහු Danteව සහ Jasonව හඳුන්වා දී ඔවුන්ගේ පිරිස වර්ධනය කරගන්නට සැලසුම් තනනවා.
Lashගේ මේ වැඩපිළිවෙළ ගැන දැනගන්නා Inhuman Queen Medusa, Gorgon ඇතුළු පිරිසක් සමඟින් Lashව සොයාගෙන Orollan වෙත පැමිණෙනවා. එහිදී Lash තමන්ගේ පිරිස යොදාගෙන Queen Medusa ඇතුළු පිරිස වළක්වන්නට උත්සහ කරනවා. නමුත් Queen Medusa විසින් Lashව අල්ලා ගෙන ඔහුට යළිත් මෙවන් වූ ක්රියාවන් වල නොයෙදෙන ලෙස දැඩිලෙස අනතුරු අඟවා Lashගේ කණ්ඩායමේ අනෙක් Nuhumansලාද රැගෙන New Attilan කරා යනවා. කොහොම නමුත් Lash කෙටි කාලයක් සැඟව සිටිමින් යළි තම සැලසුම් ක්රියාත්මක කරන්නට සූදානම් වනවා. මෙවර ඔහු 'The Tribe' නමින් කුඩා කණ්ඩායමක් පිහිටුවාගෙන යළින් Nuhumansලා සොයාගොස් ඔවුන් Inhumansලා වීමට සුදුසුදැයි සොයා බලන්න පටන් ගන්නවා. මේ අතර Lashට ජර්මනිය ආශ්රිතව Nuhumanලා පිරිසක් ගැවසෙන බවට ආරංචි ලැබෙනවා. මේ ගැන සොයාබලන්නට ඔහු ඒ ආසන්න ප්රදේශයකට teleport වෙනවා. එහිදී Neo-Nazis කණ්ඩායමක් සහ Invadersලා අතර ඇතිවන ගැටුමක පාර්ශවකරුවන් වී සිටින බලැති Nuhumansලා තිදෙනෙක් Lash විසින් හඳුනාගන්නවා. ඒ අනුව ඔහු Invadersලාගේ පාර්ශවයේ සිටින Nuhumanලා දෙදෙනා වන Iron Cross සහ Toroව තමන්ගේ කණ්ඩායමට එක්කර ගන්නට උත්සහ කරනවා. මෙහි Iron Cross කියන්නේ Power Suit එකක් සහිත Technopathy කෙනෙක්. ඒ වගේම Toroට Heat Generation, Fire Control සහ Radiation පාලනය කරන්නටත් පුළුවන්. නමුත් ඔවුන් Invaders කණ්ඩායම අතහැර එන්නට කැමති වෙන්නේ නැහැ. ඒ අනුව කෝපයට පත්වන Lash, Neo-Nazis කණ්ඩායමේ නායක Uber Alles වෙත යනවා. Uber Alles කියන්නෙත් Nuhumanකෙනෙක්. මොහුට සුළි සුළං සහ වායු ආවර්ථ ඇතිකරවන්නට පුළුවන්. මුලින්ම Invadersලාව පරාජය කරන්න උදව් කරනවා නම් තමන් Lash සමඟ එකතු වෙන්න සූදානම් බව Uber පවසනවා. කොහොමහරි මේ ගැටුම ගැන දැනගන්නා Inhuman Royal Family එක එතැනට පැමිණ මේ ගැටුම නවත්වනවා. Inhuman Royal Family එකේ පැමිණිම ගැන දැනගන්නා Lash වහාම එතනින් teleport වී පලා යනවා.
Lash සතු ප්රධානම බලය වන්නේ ඔහුට සිය අත්ල මඟින් බලශක්තිය අපවර්තනය කරන්නට/යොමු කරන්නට(Energy Conversion)හැකිවීමයි. මේ නිසාම ඔහුට බලශක්තිය උරාගන්න(Energy Absorption)ටත්, බලශක්තිය මෙහෙයවීම(Energy Manipulation)සහ Energy Shields ඇතිකරන්නටත් හැකිවෙනවා. මීට අමතරව සුපිරි ශක්තියක්(Super Strength), ඉතා කඩිසර බවක්(Super Agility) මෙන්ම හොඳ සටන් කිරීමේ හැකියාවක්ද පිහිටනවා. මීට අමතරව Lash සතු වන විශේෂතම හැකියාව වන්නේ ඔහුට Teleportවීමේ බලයක් හිමිව තිබීමයි. 2014 ජූනි මස එළිදැක්වුණු 'Inhuman #1 - Part 1: Genesis' කියන Comic එකේදී තමයි අපිට මුලින්ම Lashව දැකගන්න ලැබෙන්නේ. Lashව නිර්මාණය කරන්න අදහස පහළ වෙලා තියෙන්නේ Charles Soule කියන Comic book writerටයි. Joe Madureira තමයි Lashගේ concept එක චිත්ර බවට හරවලා රූපරාමු නිර්මාණය කරලා තියෙන්නේ. තවම Lash ජීවත්වෙන නිසාම ඉදිරි වසරවලදීත් අපිට Inhumans comics තුළින් Lashව දැකගන්නට පුළුවන් වේවි.
#SmAsHeR

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න