එක හුස්මකින් සම්පුර්ණ නගරයක් බිමට සමතලා කරලා දාන්න, අක්‍රීය වෙලා තියන ගිනි කඳු සක්‍රිය කරවන්න, සම්පුර්ණ මහාද්වීපයක් කම්පා කරවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා එයා කොච්චර බල සම්පන්න ඇතිද? Inhumans වරුන්ගේ නායකයා Blackagar Boltagon එහෙමත් නැතිනම් අපි හැමෝම දන්න විදිහට කෙටි කරලා කිව්වොත් Black Bolt කියන්නේ ඒ වගේ කෙනෙක්. ෆිල්ම් එක එන්න ගොඩක් කල් තියන හින්දා අපි මේ ගැන කතා කරන එක පස්සට දාලා තිබ්බත් ශිල්ඩ් කතා මාලාව හින්දා ආපහු ඉන්හියුමන් වරු ගැන කතා කරන්න සිද්ධ උණා කියන කාරණය ඔයාලා දන්නවා නේ දැන්. ඒ යටතේ අපි මුලික හැදින්වීමක් කෙරුවා. මුලින්ම ඒ ලිපිය කියවලා එන්න වෙනවා මේ අය ගැන හරියටම තේරුම් ගන්න නම්.
ඊට පස්සේ අපි ශිල්ඩ් කතාවේදී අපිට මුණ ගැහුණු ඉන්හියුමන් වරයා ගැන කතා කෙරුවා.
දැන් අපි කතා කරන්න යන්නේ ඉන්හියුමන් වරුන්ගේ Royal Family එක විදිහට හදුන්වන කණ්ඩායම ඇතුළු ප්‍රධාන ඉන්හියුමන් වරුන් ගැන කතා කරන්න. රජ පවුලක් ගැන කතා කරද්දී මුලින්ම රජතුමා ගැන කතා නොකර බෑනේ. ඒ හින්දා අපි ඔන්න එයාලගේ රජතුමා ගැන කතා කරලා අනිත් අය ගැන කතා කරමු.
ඉන්හියුමන් වරුන් කියන්නේ ගොඩක් බලවත් හැකියාවන් තියන කට්ටියක් නේ. ඒත් මේ අය අතර උණත් බ්ලැක් බෝල්ට් ගේ හැකියාව කැපිලා පෙනුනා. මොකද ඒක ඒ තරමට අසාමාන්‍යයි. ඒ වගේම බලසම්පන්නයි. එයාගේ හැකියාව උනේ තමන්ගේ කටහඩ හරහා ශක්තිය හසුරවන්න පුළුවන් වීම (Energy Manipulate). අපි ඕනෑම කෙනෙක්ට කටහඩ හරහා ධ්වනි ශක්තිය නිකුත් කරන්න පුළුවන් නේ. ඒත් බ්ලැක් බෝල්ට් ගේ මේ හැකියාව හිතා ගන්නවත් බැරි තරම් විශාලයි. ඒ වගේම කුඩා කාලයේ දී එයාට මේක පාලනය කරගන්නත් බැරි උණා. ඒ හින්දා අනිත් කට්ටියගේ ආරක්ෂාව වෙනුවෙන් බ්ලැක් බෝල්ට් ශබ්ද පරිවාරක කුටියක් ඇතුලේ තමයි ජිවත් උනේ එයාට වයස අවුරුදු 19 වෙනකල් ම.
ඇත්තටම බ්ලැක් බෝල්ට් ට මේ අසාමාන්‍ය හැකියාව ලැබෙන්න හේතුවක් තියනවා. ඒ තමයි එයා ඉන්හියුමන් වරුන් බලය ලබා ගන්න Terrigen Mist පරිවර්තනයට ලක් උනේ අනිත් අය වගේ ඉපදුනාට පස්සේ නෙවේ. විද්‍යාඥක් උණු එයාගේ තාත්තා Agon, බ්ලැක් බෝල්ට් හම්බෙන්න ඉද්දි එයාගේ අම්මා Rynda Terrigen Mist එකට නිරාවරණය කරනවා පරීක්ෂණයක් විදිහට. ඒ හින්දා තමයි දැනට බිහිවුණු බලවත්ම ඉන්හියුමන් වරයා විදිහට ඉපදෙනකොට බ්ලැක් බෝල්ට් ට මේ හැකියාව හම්බුනේ.

බ්ලැක් බෝල්ට් ට තවත් සහෝදරයෙක් ඉන්නවා Maximus කියලා. බ්ලැක් බෝල්ට් ගේ මුළු ජිවිතයම අමු අපායක් කරන එක තමන්ගේ වගකීම කරගත්ත හින්දාම අපිට බ්ලැක් බෝල්ට් මුහුණ දීපු හැම කරදරයක් පිටිපස්සෙම මැක්සිමස් ගේ නම අහන්න හම්බෙනවා. මේක ආරම්භ උනේ මැක්සිමස් Kree අධිරාජ්‍ය එක්ක කුමන්ත්රනය කරලා ඉන්හියුමන් වරුන් විනාශ කරන්න Kree වරුන්ගේ යානාවක් ගෙන්වපු වෙලාවේ. මෙතන දී බ්ලැක් බෝල්ට් එයාගේ කටහඩ භාවිතා කරලා යානාව විනාශ කරනවා. හැබයි මේ යානාව කඩා ගෙන වැටෙන්නේ ඒ ඉන්හියුමන් වරුන්ගේ පාර්ලිමේන්තුව උඩට. මෙතන දී බ්ලැක් බෝල්ට් ගේ දෙමව්පියන් ඇතුළු ගොඩක් ප්‍රධාන ඉන්හියුමන් වරුන් සේරම වගේ මැරෙන හින්දා බ්ලැක් බෝල්ට් ට සිද්ද වෙනවා නායකයා වෙන්න. එදා ඉදන් නායකයෙක් විදිහට තමන්ගේ වගකීම අකුරටම ඉෂ්ට කරන බ්ලැක් බෝල්ට් ඉන්හියුමන් වරු වගේම පෘථිවිය මුහුණ දීපු ගොඩක් ගැටළු නිරාකරනය කරන්න මැදිහත් උනා.
ඉන්හියුමන් වරුන් පැවත ගෙන එන්නේ ආරම්බයේ ඉදන් පැවත ගෙන පුද්ගලයන් හතර දෙනෙක් ගෙන්. මේ අය ගේ පහල පරම්පරා අතර අන්තර් විවාහයෙන් තමයි වර්තමාන ඉන්හියුමන් වරුන් බිහිවෙලා ඉන්නේ. බ්ලැක් බෝල්ට් කාලෙන් කාලෙට කිහිපවතාවක් ම විවාහ උනත් ගොඩක් ප්‍රසිද්ධ උනේ එයාගේ පලවෙනි බිරිඳ Medusalith Amaquelin එහෙමත් නැතිනම් Medusa එක්ක විවාහය. මේ දෙන්නාට හම්බෙන දරුවා තමයි Ahura Boltagon කියන්නේ. ඒ තමයි ඉන්හියුමන් වරුන්ගේ 4 වෙනි පරම්පරාව. බ්ලැක් බෝල්ට් ලා අයිති වෙන්නේ තුන්වෙනි පරම්පරාවට.
බ්ලැක් බෝල්ට් කියන්නේ මනුෂ්‍යයින් සහ ඉන්හියුමන් වරුන් කියන දෙපිරිස ගේම යහපත පිණිස කටයුතු කරන අති දක්ෂ නායකයෙක්. මේ නායකත්ව ලක්ෂණ වලට අමතරව එයාට තියන සුපිරි හැකියාවන් මොනවාද කියලා අපි බලමු.
බ්ලැක් බෝල්ට් ගේ හැකියාවන් ගොඩකට පාදක වෙන්නේ එයාගේ මොලයේ කථනය ට සම්බන්ධ කොටසේ තියන යාන්ත්‍රණයක්. බ්ලැක් බෝල්ට් ගේ හැඟීම් වලට අනුරූපව එතනින් අංශු වගයක් නිෂ්පාදනය කරනවා. මේවා ඉලෙක්ට්‍රොන අංශු එක්ක සංයෝජනය වුණාම අමුතු අමුතු හැකියාවන් ගොඩක් කරන්න පුලුවන් වෙනවා. ඒ අතරින් ප්‍රධානම එක තමයි කටහඩ මගින් අධික ශක්තියක් නිකුත් කරන්න පුළුවන් හැකියාව. එක හුස්මකින් බ්ලැක් බෝල්ට් ට නගරයක් බිමට සමතලා කරන්න පුළුවන් කියන්නේ මේ හැකියාව හින්දා. හැබැයි මේ හැකියාව ගොඩක් විනාශකාරී එකක්. හරියට මැස්සෙක් මරන්න බසූකා එකකින් වෙඩි තියනවා වගේ. ඒ හින්දා බ්ලැක් බෝල්ට් ට සාමාන්‍ය සටනකට මේ හැකියාව ප්‍රයෝජනයට ගන්න බෑ. ඒ හින්දා එයා කෙරුවේ නළලේ සම්බන්ධ කර ගත්ත ඇන්ටෙනාවක් හරහා අර අංශු හා ඉලෙක්ට්‍රෝන නිකුත් කරන්න ක්‍රමයක් හොයා ගත්ත එක. එයාට පුළුවන් උනා පාලනයක් ඇතුව එයාගේ බලය භාවිතා කරන්න.
මීට අමතරව බ්ලැක් බෝල්ට් ට පුළුවන් මේ අංශු සහ ඉලෙක්ට්‍රොන සිරුරේ වෙනස් තැන් වලින් පවා නිකුත් කරන්න. ඒ හැකියාව හින්දා Energy Shield එකක් විදිහට වගේම අවශ්‍ය වෙලාවක ඕනෑම දිහාවකට යොමු කරන්නත් පුළුවන්. ඒ වගේම පදාර්ථය හසුරුවන්න, වෙන කෙනෙක් ගේ මනසට බලපෑම් කරන්න වගේම ගුරුවය පාලනය කිරීමෙන් පියාඹන්න ත් බ්ලැක් බෝල්ට් ට පුළුවන්.
බ්ලැක් බෝල්ට් ට විතරක් උරුම උණු මේ හැකියාවන්ට අමතරව සියලුම ඉන්හියුමන් වරුන්ට හම්බෙන අසාමාන්‍ය ශක්තිය ත් මෙයාට තියනවා. ඒ හින්දාම තමයි මේ දක්වා පහල වුනු බලගතුම ඉන්හියුමන් වරයා කියලා එයාට කියන්නේ.
#Amadeus_chO
Darkseid gana lipiyak thiyeda hoya ganna be neh?
ReplyDelete