The Main Man
ලෝබෝ කියන්නේ ඩීසී කොමික්ස් වල ඉන්න ශක්තිමත්ම වගේම පරාද කරන්න අමාරුම චරිත වලින් එකක්.. ඒ වගේම මම ආසම චරිත වලින් එකක්.. ලෝබෝ කියන්නෙත් මාශන් සහ සුපී වගේම ඒලියන් කෙනෙක් සහ ඒගොල්ලන්ගේ ලෝකයේ අවසන් ජීවියා.. ටිකක් එක වගේ කතාවක්නේ.. ඒත් චුට්ටක් වෙනස් වෙනස් වෙනවා, මොකද ලෝබෝ තමන්ගේ ලෝකයේ අවසාන ජීවීයා බවට පත් වෙන්නේ එයාට ඕනේ නිසා.. (පොරට ජෝකර්ටත් වඩා මොලේ අමාරුවක් තියේ වගේ) ලෝබෝගේ ජාතියේ නම තමා Czarniansලා.. තමන්ට අවුරුදු දාහතක් වෙද්දි ලෝබෝ බැක්ටීරියා එකක් මුදා හැරලා තමන්ගේ ජාතියම විනාශ කරලා දානවා.. ඒ වගේම බිලියන පහක් වෙච්ච Czarniansලව මරලා දාන වයිරස් එක නිර්මානය කරන්නෙත් ලෝබෝම තනියෙන්මයි.. ඒ වගේම මෙ වයිරස් එකෙන් එක පාරට මැරිලා යන්නෙත් නෑ, දවස් ගානක්ම දැඩි වේදනාවක් විදවලා තමා මැරෙන්න වෙන්නේ.. ඒ වගේම වයිරස් එකට immune එක හදා ගන්න ලෝබෝ තමන්ගේ ලෝකේ අනිත් අය මැරෙනකන් කලේ ඩෙත් මෙටල් ප්ලේ කරපු එක.. සුපිරි ඩයල් එක නේ.
මියගිය ලෝකයක් පාලනය කරන්න කිසිම අදහසක් නැති ලෝබෝ එක එක ජොබ්ස් ට්‍රයි කරලා Bounty Hunter කෙනෙක් වෙන්න තීරණය කරනවා, ඒ වගේම ලෝබෝට මිත්‍රයෝ නම් මන් දන්න තරමින් නෑ, මොකද ලෝබෝ උන් සෙට් එකම මරලා ඇත්තේ.. ඒත් ස්පේස් ඩොල්ෆින්ලා වගයක් ගැන නම් ලෝබෝට ලොකු ආදරයක් තියෙනවා, ඒ නිසා විශ්වයේ කව්රු හරි එක ස්පේස් ඩොල්ෆින් කෙනෙක්ට හරි හානියක් කලොත් ලෝබෝ ඉස්සරහ තමා වග උත්තර බදින්න වෙන්නේ.. ඒ වගේම ලෝබෝ ව අපායෙන් සහ දිව්‍ය ලෝකය කියන දෙකෙන්ම ප්‍රතික්ශේප කරලා තියෙන්නේ, හේතුව දිව්‍ය ලෝකේ ලොක්කා God ව සහ අපායේ ලොක්කා Devilව මරන්න තැත් කිරිම නිසා..මරණෙන් පස්සේ යන්න තියෙන මේ ස්ථාන දෙකෙන්ම ප්‍රතික්ශේප වීම නිසා ලෝබෝ කියන්නේ immortal චරිතයක් බවට පත් වෙලා හමාරයි.. ඒ වගේම තමන්ගේ ශරීරයේ ඉතුරු වෙච්ච එකම ලේ බින්දුවකින් සම්පූර්ණයෙන් reform වීම වගේ ලොකු හැකියාවන් පෙන්නලා තියෙනවා..
ඒ වගේම ලෝබෝ කියන්නේ සුපර්මෑන් ලෙවල් එකේ strength එකක් තියෙන කෙනෙක්.. මාවල් වලනම් ස්ට්‍රෙන්ත් ස්කේල් එකක් තියෙනවා, ඒත් මන් දන්න තරමින් ඩීසී වල එහෙම එකක් නැහැ.. ඩීසී වල ශක්තිමත්ම ස්ට්‍රෙන්ත් ස්කේල් එක විදිහට හදුන්වන්නේ අපි nerds ලා කටවහරට කියන සුපර්මෑන් ලෙවල් එකේ කෙනෙක් කියන එක.. සුපී,ඩයනා,ඩාක්සයිඩ්,මොන්ගුල් සහ ඩූම්ස්ඩේ වගේ ඩිසී වල ශක්තිම චරිත ඉන්න ස්කේල් එක තමා මේක.. සල්ලිවලට Santa Claus සහ God ව උනත් මරන්න පොරොන්දු වෙච්ච ලෝබොට අනිවා කන්ට්‍රැක්ට් එක ලැබෙනවා ජස්ටිස් ලීග් එක විනාශ කරන්න කියලා.. ජස්ටිස් ලීග් කිව්වට අන්තිමට වලිය සෙට් වෙන්නේ සුපී v ලෝබෝ තමා.. මේ චරිත දෙකම හුගක් බලවත් නිසාත්, දෙන්නට දෙන්නව පරාද කරන්න බැරි නිසාත් සුපී ලෝබොව පරාද කරන්න නැතුව මොකක් හරි කරලා ලෝබෝව ආපහු යවන එක තමා කරන්නේ.
ලෝබෝව අපායෙන් සහ දිව්‍ය ලෝකයෙන් පිටුවහල් කරපු එක ඇරෙන්න ලෝබෝව මරන්න බැරි වෙන්න තවත් හේතුවක් තියෙනවා.. ඒක තමා Czarniansලව මරන්න පුලුවන් තවත් Czarnian කෙනෙක්ට විතරයි.. ලෝබෝ Czarnianලා ඔක්කොම වගේ මරපු නිසා ලෝබෝට කොහොමත් තර්ජනයක් නෑ.. ඒ වගේම ලෝබෝට කිසිම ගේමක් නැතුව ස්පේස් එකේ යන්න එන්න පුලුවන්, ඔක්සිජන් අරව මේවා නැතුව.. කලින් කිව්වා වගේම සුපිරි ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා වගේම, ඒ ස්ට්‍රෙන්ත් එකෙන් හුගක් ප්‍රයෝජන ගන්න පුලුවන් ස්ටැමිනා එකක්(හුගක් වෙලා තම්න්ගේ බලය යොදවන්න පුලුවන් හැකියාවක්) ලෝබෝට තියෙනවා.. කිව්වා වගේම සුපිරි healing factor එකකුත් තියෙනවා.. ඒ වගේම ආහාරපාන නැතිව ඕනේ කාලයක් ඉන්න ලෝබෝට හැකියාව තියෙනවා.. ඒ වගේම ලෝබෝ හුගක් වේගවත්.. ඒ වගේම ලෝබෝව හදුන්වන්නේ විශ්වයේ හොදම ට්‍රැකර් කියලා.. ගැලැක්සි එකක් එහා පැත්තේ ඉන්න කෙනෙක්ව උනත් සුවදින් හදුනා ගැනීමේ හැකියාවක් ලෝබෝට තියෙනවා..
තමගේ වෙපන්ස් විදිහට හුගක් වෙලාවට පාවිච්චි කරන්නෙ කොක්කක් එක්ක තියෙන චේන් එකක්.. ඒත් වරද්ද ගන්න එපා ඒක ඌ ගාව තියෙන එකම වෙපන් එක විදිහට.. පත සයිස් ගන්ස් විස්සක් තිහක් විතර පොරගේ ආසනල් එකේ තියෙනවා.. ලෝබෝ ගේ බයික් එකත් අමුතු විදිහේ එකක්. Spacehog කියලා හඳුන්වන මේ බයික් එකත් ලෝබෝ වගේම විශ්වයටම තියන මේ වර්ගයේ එකම එක.
ලෝබෝ තමන්ව හදුන්වගන්න ප්‍රධානම වචනය තමා The Main Man.. ඒ වගේම ලෝබෝගේ ෆේමස්ම වචනය තමා බැස්ටිච්
නියමයි ආ... :D
ReplyDelete