Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Piotr Nikolaievitch Rasputin / Colossus

Piotr Nikolaievitch Rasputin / Colossus
ඇලෙක්සැන්ඩ්‍රා රස්පුටින් හා නිකොලායි රස්පුටින්ට දාව Piotr Nikolaievitch Rasputin ඉපදුනේ සෝවියට් රුසියාවෙ සයිබීරියාවේ බයිකාල් විල( සාමාන්‍ය දැනුමට: ලෝකේ තියෙන ගැඹුරුම විල ) ළග තියෙන සාමූහික ගොවිපොළක.. Piotrට අජටාකාශගාමියෙක් වෙච්ච මිකායිල් රස්පුටින් නම් සහෝදරයෙක් හා ඉලියානා රස්පුටින් කියලා බාල සහෝදරියක් හිටියා.. (මේ දෙන්නත් මියුටන්ට්ලා.. wink emoticon ) 
ගොවිපොළේ වැඩවලට උදව් වෙලා Piotrට ආරෝහ පරිනාහ ශරීරයක් තිබ්බා.. දවසක් ගොවිපළේ වැඩ කරන අතරේ ගොවිපළේ තරමක් ඈතින් කට්ටිය කෑගහන ශබ්දයට Piotr ඒ පැත්තට යනකොට Piotr දකිනවා රියැදුරෙක් නැතිව ට්‍රැක්ටර් එකක් ගොවිපළ හරහා යනවා.. ට්‍රැක්ටර් එක යන පාරේ Piotrගේ නංගි ඉදගෙන චිත්‍ර අදිනවා.. මිනිස්සු කෑගහන සද්දය ඉලියානට ඇහෙන්නේ නෑ.. Piotrගේ මියුටන්ට් බලය ක්‍රියාත්මක වෙන්නේ නංගිව බේරගන්න යනකොට.. ඉලියානාව පාරෙන් එහාට තල්ලු කරන Piotrව ට්‍රැක්ටර් එකේ හැප්පෙනවා.. එතනම නැවතුණු ට්‍රැක්ටර් එකෙන් එළියට එන්නේ යකඩ සිරුරක් තියෙන Piotr කෙනෙක් විදියට.. ඒ මොහොතේ එතනට එන ප්‍රොෆෙසර් චාල්ස් එක්සේවියර් Piotrව එක්ස් මෙන් කණ්ඩායමට එකතු කරගන්නවා..



Powers : කාබනික ලෝහමය රූපාන්තරණය
කොලෝසස්ට තමන්ගේ සිරුරේ සියළු පටක කාබනික ලෝහමය හරයකට වෙනස් කරන්න පුළුවන්.. කොලෝසස්ට මේ ලෝහමය ස්වරූපය පවත්වාගෙන යන්න පුළුවන් කාල සීමාවක් ගැන සදහනක් නෑ.. ඒත් උපරිම දවස් පහක් එක දිගට ලෝහමය ස්වරූපයෙන් ඉදලා තියෙනවා.. සිහිය තියෙන කල් කොලෝසස්ට ලෝහ ස්වරූපය පවත්ව ගන්න පුළුවන්.. සිහි නැති උනාම ඉබේම සාමාන්‍ය ස්වරූපයට පත් වෙනවා.. 
මේ සන්නාහ ස්වරූපයේදී කොලෝසස්ට ටොන් 100ට වඩා වැඩි බරක් පහසුවෙන් එසවීමට තරම් සුපිරි ශක්තියක්, දරාගැනීමේ හැකියාව හා සවිබලයක් ලැබෙනවා..



කොලෝසස් එක අවස්ථාවකදී සයිට්‍රොක්ගේ ඇවටාර් බවට පත් වෙනවා.. එතකොට අන්ස්ටොපබල් කොලෝසස් විදියට ජගනුට්ගේ බලයන් ඔක්කොම ලැබෙනවා.. සුපිරි ශක්තිය, සවිබලය, දරාගැනීමේ හැකියාව, සුපිරි වේගය, ත්වරණයෙන් සිදුවන සුව වීම.. ඒ වගේම සයිට්‍රොක්ගේ ඇවටාර් විදියට කොලෝසස්ගේ පටක හතරගුණයක් ඝනකම වෙනවා.. කිසිම භෞතික ආබාධයක් වෙන්නේ නෑ.. ස්වයං නඩත්තුව නිසා කන්න, බොන්න, හුස්ම ගන්නෙ නැතුව ඕන තරම් කාලයක් ඉන්න පුළුවන් වෙනවා..



2000දී ආපු එක්ස් මෙන් ෆිල්ම් එකේ කොලෝසස් පොඩි කැමියෝ එකකට ඉන්නවා..

2004 එක්ස් 2 : එක්ස් මෙන් යුනයිටඩ් ෆිල්ම් එකේ ඩැනියෙල් කඩ්මෝර් කොලෝසස් විදියට විලියම් ස්ට්‍රයිකර්ගේ සෙබළුන්ගෙන් ඉස්කෝලේ ළ්මයි බේරගෙන උමගක් දිගේ අරගෙන යනවා..

2006 එක්ස් මෙන් ලාස්ට් ස්ටෑන්ඩ් ෆිල්ම් එකේ ඩේන්ජර් රූම් ට්‍රේනින් එකක කොලෝසස් හා වුල්වරීන්ගේ "ෆාස්ට්බෝල් ස්පෙෂල්" කියන විශේෂ ප්‍රහාරයක් දකින්නත් පුළුවන්.. ඇල්කට්‍රාස දූපතේ සටනට කොලෝසස් සහය වෙනවා.. මේ ෆිල්ම් එකේ කොමික්වලදකින කිටී ප්‍රයිඩ්ගේ හා කොලෝසස්ගේ ප්‍රේම සම්බන්ධය ගැන පොඩි අවස්ථා වගයක් පෙන්නුවට කිටී ඒ සම්බන්ධය නවත්තලා අයිස් මෑන් එක්ක සම්බන්ධයක් පටන්ගන්නවා දකින්න පුළුවන්..

2014 එක්ස් මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් ෆිල්ම් එකෙත් ඩැනියෙල් කඩ්මෝර් කොලෝසස් විදියට කිටී ප්‍රයිඩ්, බිශොප්, සන්ස්පොට්, වෝර්පැත්, බ්ලින්ක් සහ අයිස් මෑන් එක්ක අනාගත කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට ඉන්නවා.. ඒ වගේම ඉතාම කලාතුරකින් කොමික්වල දකින්න ලැබුණු බ්ලින්ක්, කොලෝසස් එකතු වෙලා කරන විශේෂ ප්‍රහාරයක් දකින්නත් පුළුවන්.. සෙන්ටිනල්ස්ලා ඉන්න අනාගතයේ කිටී අයිස් මෑන් එක්ක සම්බන්ධය පැවැත්තුවත්, සෙන්ටිනල්ස්ලා නැති අනාගතයේ කිටී සහ කොලෝසස් එක පන්තියක උගන්නන්නවා දකින්න පුළුවන් වෙනවා..

2016 එන ඩෙඩ්පූල් ෆිල්ම් එකෙත් කොලෝසස් ඉන්නවා.. හැබැයි ඩැනියෙල් කඩ්මෝර් නෙමෙයි ඉන්නේ.. අඩි හතක් විතර උස කොලෝසස් කෙනෙක් ඩෙඩ්පූල් එකේ දකින්න පුළුවන්.. කොමික්වලට ආසන්නම කොලෝසස් ඩෙඩ්පූල් ෆිල්ම් එකේ දකින්න පුළුවන් වේවි..



1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න