Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Medusa

Medusa
අපේ යාලුවෝ ගොඩක් දෙනෙක් ඉල්ලා තිබ්බ හින්දා අපි ඉන්හියුමන්  වරුන් ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ යටතේ අපි ඉන්හියුමන් රෝයල් ෆැමිලි එක ගැන තමයි අවධානය යොමු කරන්නේ. මිට කලින් අපි ඉන්හියුමන් වරුන් ගේ නායකයා බ්ලැක් බෝල්ට් කතා කෙරුවානේ. අපි දැන් කතා කරන්නේ ඉන්හියුමන් වරුන් ගේ රැජින Medusa ගැන.



Medusa කියද්දී හැමෝටම මතක් වෙන්නේ පර්සියස් ගේ අතින් මැරුම් කාපු ගෝර්ගොන් වනේ. ඇස් දෙක දිහා බලපු කෙනක් ගල් වෙන Medusa ගේ කොන්ඩේ වෙනුවට ඉන්නේ විෂ සහිත සර්පයෝ. මුලින්ම ඉන්හියුමන් රැජින Medusa ගේ නම අහපු දවස් වල මම හිතාගෙන හිටියේ එයාට නම ආවේ මිත්‍යා කතාවල ඉන්න Medusa හින්දා කියලා. මොකද මේ දෙන්නා ගේම කොණ්ඩය ගොඩක් විශේෂයි. ඒත් පස්සේ තමයි දැන ගත්තේ මේ Medusa කියන්නේ Medusalith Amaquelin කියන නම කෙටි කරලා කියලා. මෙයාගේ දෙමව්පියෝ තමයි Quelin සහ Ambur Amaquelin කියන්නේ. මෙයාට තව සහෝදරියක් ඉන්නවා. ඒ තමයි Crystal Amaquelin. අපි මේ සහෝදරිය ගැන ඉස්සරහට වෙනම ලිපියකින් කතා කරමු.

මතක ඇතිනේ අපි බ්ලැක් බෝල්ට් ගැන කියද්දී කිව්වා එයාට අවුරුදු 18 වෙනකල්ම කුටියක රඳවලා හිටියා කියලා. ඉතින් Medusa නිතරම පුරුදු වෙලා හිටියා මේ කුටිය ගාවට යන්න. ඒ අතර වාරේ දී තමයි මේ දෙන්නා වචන වලින් නැතුව අදහස් ප්‍රකාශ කරගන්න පුරුදු උනේ. පස්සේ කාලෙක දී ත් බ්ලැක් බෝල්ට් ගේ අදහස් අනිත් අයට කියන්න Medusa ට පුළුවන් උනේ පුංචි කාලේ ඉදන් ම ලබපු හුරුව හින්දා. කොහොම හරි බ්ලැක් බෝල්ට් කුටියෙන් එලියට ගද්දි මේ දෙන්නා අතරේ ආදරකුත් ඇතිවෙන්න පටන් අරන් තිබ්බේ.


Medusa ගේ සම්පුර්ණ ජිවිත කතාවෙන් වැඩි කොටසක් අපිට පොඩි වචන ටිකකින් කියන්න පුළුවන්. ඒ මොකද හැමවෙලාවෙම වගේ බ්ලැක් බෝල්ට් ගේ දුෂ්ට සහෝදරයා මැක්සිමස් ගේ උගුලක් හින්දා කරදරයට පත් වෙලා එතනින් නිදහස් වෙනවා. මේ හැම වේලාවේම මෙයාව කරදරයෙන් බේරා ගන්නේ ඉතින් බ්ලැක් බෝල්ට් තමයි. පොඩි කාලේ ඉදන්ම තිබ්බ ආදරය මේ කරදර හින්දා තවත් වැඩි වෙනවා. අවසානේ දී මේක නතර වෙන්නේ මේ දෙන්නා විවාහ වෙලා. මේ දෙන්නාට හම්බෙන දරුවා තමයි Ahura කියන්නේ.

කලින් කිව්වා වගේ බ්ලැක් බෝල්ට් ගේ අදහස් අනිත් අයට දැන ගන්න සැලැස්සුවේ Medusa. ඒ වගේම පෘථිවිය එක්ක ගනුදෙනු කරන අවස්තා වල දී ඉන්හියුමන් වරුන් නියෝජනය කරන ප්‍රධාන නියෝජිතයා වුනෙත් Medusa. ඒ වගේම පෘතුවියේ වීරයෝ විශේෂයෙන්ම ෆැන්ටාස්ටික් ෆෝර් කණ්ඩායම එක්ක සමීප සම්බන්ධයක් මෙයාට තිබ්බා. එක වතාවක් ෆැන්ටාස්ටික් ෆෝර් කණ්ඩායම අන්තරාදායක මෙහෙයුමකට යද්දී එයාලට කරදයක් උනොත් ෆැන්ටාස්ටික් ෆෝර් කණ්ඩායමේ සාමාජිකයෝ වෙනුවට වෙන හතර දෙනෙක් ට වගකීම් පැවරුවා. ඒ අයගෙන් ඉන්විසිබල් වුමන් ගේ තැන ලබා දුන්නේ Medusa ට.

පස්සේ කාලේ ක Medusa ඉන්හියුමන් වරුන් ගේ රැජින උණා. එයාට මිනිස්සු එක්ක හොදට වැඩ කරලා පුරුදු හින්දාම බ්ලැක් බෝල්ට් ටත් වැඩියෙන් මනුෂ්‍ය වර්ගයා එක්ක සහයෝගයෙන් කටයුතු කරා.

Medusa කුඩා කාලේ දී තමයි Terrigen Mist වලට නිරාවරණය කෙරුවේ. ඒකෙන් එයාට හම්බුණ හැකියාව තමයි එයාගේ කොණ්ඩය කැමති විදිහට හසුරුවන්න පුළුවන් වෙන එක. මෙතන දී උනේ එයාගේ කේශ මූල සෛල වෙනස් උන එක. ඒ වෙනස් වීමෙන් පස්සේ කෙස් ගහකට වටේ තියන කෙස් ගස් එකතු වෙලා දැලක් වගේ හැදෙනවා. ඒවාට ඕනෑම හැඩයක් ගන්න, ඕනෑම දිශාවකට යොමු කරන්න විතරක් නෙවේ ඕනේ නම් දිග වැඩි කරන්නත් පුළුවන්. Medusa තමන්ගේ කොන්ඩේ යොදා ගන්නවා ආයුධයක් විදිහට. ඒ කියන්නේ ලණුවක් වගේ කෙනෙක් ව අල්ලා ගන්න එහෙමත් නැතිනම් හිර කරන්න, ශබ්දයට වැඩි වේගයෙන් චලනය කරන්න පුළුවන් කසයක් විදිහට යොදා ගන්න, එක අක්ෂයක් වටා කොණ්ඩය රවුමට කරකවලා ආරක්‍ෂිත ආවරණයක් විදිහට වගේ. 


ඒ විතරක් නෙවේ Medusa ට අතින් උස්සන්න බැරි බරක් උනත් එයාට කොන්ඩේ භාවිතා කරලා උස්සන්න පුළුවන්. දැනට පිළිගන්න විදිහට නම් ටොන් 1.6 ක බරක් මෙයාට උස්සන්න පුළුවන්. මෙතන දී එයාගේ සිරුරට බර දැනෙන්නේ නෑ. ඒ වෙනුවට එකින් එක කෙස් ගහ අතර ඇතිවෙන බලයක් මගින් තමයි දරාගෙන තියා ගන්නේ. මේ වැඩ වලට අමතරව සියුම් වැඩ වලට පවා මේ කොන්ඩේ යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉඳි කට්ට්කින් වියන්න, අඟුළු අරින්න වගේ. කොටින්ම කියනවා නම් Medusa ගේ කොන්ඩේ කියන්නේ අපේ වගේ මුලින් විතරක් ජීවී සෛල පිහිටලා තියන දෙයක් නෙවේ. සම්පුර්නයෙන්ම සජීවී අවයවයක්. මේ අසාමන්‍ය හැකියාවට අමතරව හැම ඉන්හියුමන් කෙනෙකුටම පොදු සාමන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවලා ගියපු ශක්තියකුත් Medusa ට තියනවා.



#Amadeus_chO




No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න