Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Hellfire Club

Hellfire Club
හෙල්ෆයර් ක්ලබ් ටී වී සීරීස් එකකුත් එනවා කියලා පහුගිය සතියේ ලැබුණ නිව්ස් එක නිසා හෙල්ෆයර් ක්ලබ් එක ගැන පොඩි හැදින්වීමක් ඉදිරිපත් කරන්න අපි හිතුවා..



හෙල්ෆයර් ක්ලබ් කියන්නේ 1760දී සර් ෆ්‍රැන්සිස් ඩෑශ්වුඩ්, ඩන්කන් මුන්රෝ සහ ස්කොට්මන් ජෝන් ස්ටුවර්ට් කියන ප්‍රභූවරු එකතු වෙලා එංගලන්තෙ පෝසත් හා ප්‍රභූ පිරිස් වෙනුවෙන් හදා ගත්ත සමාජයක්.. හෙල්ෆයර් ක්ලබ් එකේ බලවත් සාමාජිකයන් කිහිපදෙනෙක් ඇමරිකාවේ කොලනිවලට ගියාට පස්සේ හෙල්ෆයර් ක්ලබ් එකේ ශාඛාවන් නිවුයෝක් නගරයේ වගේම ප්‍රධාන නගර කිහිපයක ඇති කරනවා.. ලෝඩ් ඉම්පීරියල් සර් ගෝඩ්න් පිලිප්ස් මැරෙනකොට එයා යටතේ ලෝකය පුරාම හෙල්ෆයර් ක්ලබ් ශාඛාවන් තිබුණා.. 



මේ සමාජයේ අරමුණ වුනේ දේශපාලනය හා ආර්ථික හැකියාවන්ගෙන් ලබාගන්න බැරි වුණ බලය ලබාගෙන පවත්වාගෙන යන්න බාහිර යටත් කරගැනීම් හා ආධිපත්‍යය යොදාගැනීම.. 

හෙල්ෆයර් කල්බ් එකේ සාමාජිකයෙක් වෙනවා කියන්නේ ප්‍රභූ සමාජය ඇතුළේ ලොකු පිළිගැනීමක් ලැබෙන දෙයක්.. මේ සාමාජිකත්වය පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙනවා.. ඒ වගේම ධනවත්කම හෝ කරන්න පුළුවන් බලපෑමේ මට්ටම අනුවත් සාමාජිකත්වය ලබාගන්න පුළුවන්.. ටෝනි ස්ටාක්ට වගේම නෝමන් ඔස්බෝන්ටත් මේ හෙල්ෆයර් ක්ලබ් එකේ සාමාජිකත්වය ලබාගන්න ආරාධනා ලැබිලා තියෙනවා.. 
හෙල්ෆයර් ක්ලබ් එකේ තවත් රහස්‍ය නිකායක් තියෙනවා.. ඒකේ නම ඉනර් සර්කල්.. මේ ඉනර් සර්කල් එකේ අය තමයි හෙල්ෆයර් ක්ලබ් එක හසුරුවන්නේ.. ඉනර් සර්කල් එකේ සාමාජිකයෙක් වෙන්න ලොකු තරගයක් තියෙනවා.. මේ ඉනර් සර්කල් එකේ ඉන්න අය ඉතාම වැදගත් අය වගේම ඉතා බලවත් අය.. ඉනර් සර්කල් එකේ අය තමන්ව චෙස් ඉත්තන්ගේ නම් වෙලින් හදුන්වා ගන්නේ.. කලු හා සුදු (පසුව රතු ) රජු, රැජින, බිශොප්ස් හා රූක්ස් විදියට නම් කරගෙන තියෙන්නේ.. ඒ වගේම ලෝඩ් ඉම්පීරියල් වෙන්නේ මුලු හෙල්ෆයර් ක්ලබ් එකේම බලවත්ම සාමාජිකයා.. මේ ඉනර් සර්කල් එක පොහොසත් හා ප්‍රභූ පිරිස්වලටම පිරිසට වෙන් වෙලා තිබ්බට බලවත් මියුටන්ට්ලා කිහිපදෙනෙක් ඉනර් සර්කල් එක කාලයක් තමන්ගේ යටතට ගත්තා.. 
ඒක වෙන්නෙත් බොහොම රසවත් සිද්ධියක් නිසා..


ඉනර් සර්කල් එකේ සුදු රජ එඩ්වඩ් 'නෙඩ්' බක්මන්, ස්ටෙෆන් ලැන්ග්ට එයාගේ මියුටන්ට්ලා දඩයම් කරන සෙන්ටිනෙල්ස්ලා හදන්න යන වියදම හෙල්ෆයර් ක්ලබ් එකෙන් දෙන්න තීරණය කරනවා.. ඒ සෙන්ටිනෙල්ස්ලා සෙබස්තියන් ශෝගේ ගෙදර විනාශ කරනවා.. සෙබස්තියන්ගේ පෙම්වතිය ඒ ප්‍රහාරයෙන් මැරෙනවා.. ඒකට පළිගන්න සෙබස්තියන් ශෝ එමා ෆ්‍රොස්ට් එක්ක ඇවිත් ඉනර් සර්කල් එකේ හැමෝම මරලා ඒ දෙන්නම ඉනර් සර්කල් එකට පත් කරගන්නවා.. ඉනර් සර්කල් එකේ අනික් තනතුරුවලටත් මියුටන්ට්ලාම අරගෙන ද ලෝඩ්ස් කාඩිනල් කියලා ඉනර් සර්කල් එක නම් කරනවා..



ද ලෝඩ්ස් කාඩිනල්

බ්ලැක් කිංග් : සෙබස්තියන් ශෝ
බ්ලැක් ක්වීන් : ඩාක් ෆීනික්ස් (ජීන් ග්‍රේ )
බ්ලැක් බිශොප් : හැරී ලේලන්ඩ්
බ්ලැක් රුක් : ජේසන් වයින්ගාර්ඩ්
වයිට් කිංග් : ඩොනල්ඩ් පියර්ස්(සයිබොර්ග් කෙනෙක්)
වයිට් ක්වීන් : එමා ෆ්‍රොස්ට්
වයිට් රුක් : එමානුවෙල් ද කොස්තා(සන්ස්පොට්ගේ තාත්තා)

ඩාක් ෆීනික්ස් කොහොමද බ්ලැක් ක්වීන් උනේ කියලා ප්‍රශ්නයක් එන්න ඇති..
ඒක වෙන්නේ මෙහෙමයි..
සෙබස්තියන් ශෝ සෙන්ටිනෙල්ස්ලා නිසා ඉනර් සර්කල් එකේ අය මැරුවට සෙන්ටිනෙල්ස්ලා යොදාගෙන මියුටන්ට්ලාව බය කරහෙන තමන්ගේ වැඩවලට යොදාගන්න උත්සාහ කලේ.. ඒකට විරුද්ධව එක්ස් මෙන්ලා නැගී සිටියා.. ජීන් ග්‍රේ හා එමා ෆ්‍රොස්ට් අතර තිබ්බ මානසික සටනකින් එමා ෆ්‍රොස්ට් පැරදිලා ලොකු කම්පනයකින් ඉන්නකොට වයින්ගාඩ් ජීන්ව පාලනය කරමින් හෙල්ෆයර් ක්ලබ් එක පැත්තට හරව ගන්න උත්සාහ කලා.. ඒ උත්සාහය හරි යනවා.. ෆීනික්ස් එක්ස් මෙන්ලාට විරුද්ධව සටන් කරලා බ්ලැක් ක්වීන් වෙනවා.. ඒත් ෆීනික්ස් ක්‍රමයෙන් වයින්ගාඩ්ගේ බලපෑමෙන් ඉවත් වෙලා තමන්ගේ මානසික බලයන්ගෙන් වයින්ගාඩ්ට අපස්මාර තත්වයක් ඇති කරලා පැනගන්නවා.. 
ෆීනික්ස් අයින් උනාට පස්සේ බ්ලැක් ක්වීන් තනතුරට සෙලීන් පත් කරගන්නවා.. ඒ වගේම ඩොනල්ඩ් පියර්ස්වත් ඒ තනතුරෙන් අයින් කරලා වයිට් කිංග් තනතුරට එරික් ලෙන්ශර්(මැග්නීටෝ ) සහ ඔරෝරො මුන්රෝ(ස්ටෝර්ම් )ව පත් කරනවා.. (ස්ටෝර්ම් ඒ දවස්වල මැග්නීටෝ යටතේ හිටියේ) 



සර් ගෝඩ්න් පිලිප්ස් මැරුණට පස්සේ සෙබස්තියන් ශෝ ලෝඩ් ඉම්පීරියල් වෙනවා.. එතකොට බ්ලැක් කිංග් තනතුරට පත් වෙන්නේ රොබර්ටෝ ද කොස්තා.. (එක්ස්මෙන්ලාගේ සන්ස්පොට්) සෙබස්තියන් ශෝගෙන් පස්සේ ලෝඩ් ඉම්පීරියල් වෙන්නේ රොබර්ටෝ ද කොස්තා..

ඒ වගේම අපි ඩෙඩ්පූල් ට්‍රේලර් එකේ දැකපු නෙගසොනික් ටීනේජ් වෝර්හෙඩ් සෙබස්තියන් ශෝ හදන හයවෙනි ඉනර් සර්කල් එකේ බ්ලැක් ක්වීන් වෙනවා..
මේ බ්ලැක් ක්වීන් තනතුරට එන මියුටන්ට්ලා ඔක්කොම ටෙලිපතික් පවර් එක තියෙන අය..



අපිට එක්ස් මෙන් ෆස්ට් ක්ලාස් ෆිල්ම් එකේදි හෙල්ෆයර් ක්ලබ් එකේ මූලස්ථානයක් වගේම බ්ලැක් කිංග් සෙබස්තියන් ශෝ, වයිට් ක්වීන් එමා ෆ්‍රොස්ට්වත් දකින්න පුළුවන් උනා.. 



හෙල්ෆයර් ටී වී සීරීස් එකට පාදක වෙන්නේ 1960ගණන්වල හෙල්ෆයර් ක්ලබ් එක කියලා තමයි ආරංචිය.. 

1 comment:

  1. මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න