Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Calvin Rankin / Mimic

Calvin Rankin / Mimic
කැල්වින් රැන්කින් භයානක, අනතුරුදායක පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක්ගේ පුතෙක්.. කැල්විනුත් අනික් ළමයි වගේම නිතරම ඕනම දේකට හොට දාලා බලන ළමයෙක්.. තාත්තගේ පරීක්ෂණාගාරයට යන්න තහනම් කරලා තිබ්බට දවසක් පරීක්ෂණාගාරෙට හොරෙන් රින්ගපු කැල්වින් අතින් වායුවක් පුරවලා තිබ්බ බීකරයක් බිදෙනවා.. ඒ වායුව කැල්වින්ගේ මියුටන්ට් හැකියාව ක්‍රියාරම්භ කරනවා.. ඒත් තමන්ට අනික් අයගේ හැකියාවන් අනුකරණය කරන්න පුළුවන් කියලා කැල්වින් හොයාගන්නේ ඉස්කෝලෙදි.. අනික් ළමයින්ගේ ක්‍රීඩා හැකියාවන් අනුකරණය කරන කැල්වින් ඉස්කෝලේ ජනප්‍රිය ළමයෙක් වෙනවා.. ඒත් හැකියාවන් නිසා උද්දච්ච වෙන කැල්වින්ගෙන් යාළුවෝ ඈත් වෙනවා.. 


මේ හැමදේම දැනගන්න කැල්වින්ගේ තාත්තා කැල්වින්වත් අරගෙන අතහැරලා දාපු ගුහාවකට යනවා කවුරුවත් කැල්වින්ට විරුද්ධව නැගිටින්න කලින්.. ඒ ගුහාව ඇතුළෙදී කැල්වින්ගේ තාත්තා කැල්වින්ගේ බලය අයින් කරලා කැල්වින්ට සාමාන්‍ය ජීවිතයක් ලබාදෙන්න යන්ත්‍රයක් හදනවා.. ඒත් තාත්තා කැල්වින්ට කියන්නේ ඒ යන්ත්‍රයෙන් කැල්වින් ලබාගන්න හැකියාවන් ස්ථාවර කරගන්න පුළුවන් යන්ත්‍රයක් කියලා.. ඒත් ඒ ගමේ අයට ගුහාව ඇතුළේ විනාශකාරී යන්ත්‍රයක් හදනවා කියලා ආරංචි වෙලා කණ්ඩායමක එනවා යන්ත්‍රය විනාශ කරන්න.. කැල්වින්ගේ තාත්තා ඒ කණ්ඩායමට යන්ත්‍රය ළගට එන්න බරි වෙන්න ගුහාවේ ලොකු පිපිරවීමක් කරනවා.. ඒ පිපිරවීමෙන් කැල්වින්ගේ තාත්තත් මැරෙනවා.. කැල්වින් එතනින් පැනගන්නවා..

ඒ සිද්ධියෙන් බොහෝ කාලෙකට පස්සේ කැල්වින් ඉස්කෝලේ ඉන්න වේරා කැන්ටර් කියන ගෑණු ළමයත් එක්ක යාළු වෙන්න ට්‍රයි කරනවා.. ඒත් ඒ වෙනකොටත් වේරා හෑන්ක් මැකෝයි ඒ.කේ.ඒ බීස්ට් එක්ක සම්බන්ධතාවයක් පවත්වනවා.. කැල්වින් හෑන්ක්ව සටනකට පොළඹව ගන්නවා.. ඒත් බීස්ට් කැල්වින් බීස්ට් වගේම සටන් කරනවා දැකලා පුදුම වෙනවා.. ඒ ඉස්කෝලෙම ඉන්න බොබී ඒ.කේ.ඒ අයිස් මෑන් හෑන්ක්ට උදව්වට එනවා.. බොබීගේ බලයත් අනුකරණය කරන කැල්වින් තමන් සටන් කරන්නේ එක්ස් මෙන් කණ්ඩායමේ දෙන්නෙක් එක්ක කියලා දැන ගත්තාම අළුත් බලයන් යොදාගෙන පැනලා යනවා.. ඒත් ඒ බලයන් ක්ෂය වෙලා යනකොට කැල්වින් තීරණය කරනවා එක්ස් මෙන්ලා ඔක්කෝගෙම බලයන් ලබාගෙන තාත්තාගේ උපකරණයෙන් ඒ බලයන් ස්ථීර කරගන්න.. 
එක්ස් මැන්ශන් එකට එන කැල්වින්ව හැමෝම හොදින් පිළිගත්තට ඒ අයගේ බලයන් අනුකරණය කරන කැල්වින් ඒ හැමෝම බිම දානවා.. ඒත් කණ්ඩායමක් විදියට ආයෙත් සටන් කරන එක්ස් මෙන්ලාට තමා පැරදෙන්න යන බව තේරුම් ගන්න කැල්වින් ජීන් ග්‍රේ අරගෙන එතනින් පැනලා යනවා.. තාත්තාගේ යන්ත්‍රය තිබ්බ ගුහාවට ඇවිත් එක්ස් මෙන්ලාගේ බලයන් යොදාගෙන යන්ත්‍රය ක්‍රියාත්මක කරගෙන යන්ත්‍රය ඇතුළට යන්න හදන්කොට එක්ස්මෙන්ලා එතනට එනවා.. ඒත් කැල්වින් යන්ත්‍රය ඇතුළට පැනගන්නවා.. ප්‍රොෆෙසර් එක්සේවියර් යන්ත්‍රයේ වයර් ඇදලා කඩනවා.. ඒත් ඒ යන්ත්‍රය නිසා කැල්වින් ලබාගන්න බලයන් ඒ බලයන්ගේ ඇත්ත අයිතිකාරයාගේ බලයෙන් බාගයක් තරම් විතරයි පවර්ෆුල් වෙන්නේ.. 
ප්‍රොෆෙසර් එක්සේවියර් කැල්වින්ගේ ඒ සිදුවීම ගැන මතකයන් අයින් කරනවා..



කැල්වින් කලින් ගිය ඉස්කෝලෙටම යනවා.. ජීන් ග්‍රේ කැල්වින්ගේ හොද යාළුවෙක් වෙනවා.. ඉස්කෝලේ වෙන පිපිරීමක් නිසා ඇති වෙන කම්පනයට කැල්වින්ට පරණ මතකයන් ලැබෙනවා.. ඒ ගැන පසු තැවෙමින් ඉන්න අතරේ ප්‍රොෆෙසර් එක්ස් තමන්ගේ එක්ස් මෙන් කණ්ඩායමට අළුත් සාමාජිකයෙක් හොයනවා.. ක්වික් සිල්වර්, ස්කාලට් විච් සහ ස්පයිඩර් මෑන්ගෙන් අහලා ඒ අය බැහැ කිව්වට පස්සේ ප්‍රොෆෙසර් එක්ස් එන්නේ කැල්වින් ළගට.. පරණ වැරදි ගැන දුක් වෙන කැල්වින් එක්ස් මෙන් කණ්ඩායමේ හයවෙනි සාමාජිකයා විදියට එකතු වෙනවා..

පවර්ස් : මිමික්ට අනෙක් අයගේ බලයන්, හැකියාවන්, දක්ශකම් අනුකරණය කරන්න පුළුවන්.. එක වෙලාවකට පස්දෙනෙක්ගේ බලයන් විතරයි මිමික්ට උරාගන්න පුළුවන්.. ඒ බලයනුත් ඒ බලය ලබාගත්ත කෙනාගේ තරමින් බාගයයි තියෙන්නේ..

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න