Halloween Special - Trick or Treat
ජැක් ඕ'ලැන්ටර්න් කියලා හදුන්වන්නේ හැලොවීන් එකට බටහිර රටවල අය වට්ටක්කා ගෙඩියක ඇතුළ මදය ඉවත් කරලා වට්ටක්කා ගෙඩියේ ඉස්සරහින් මූණක් පේන විදියට පොඩි කොටස් ටිකක් කපලා හැලොවීන් දවසේ රෑට ඒ වට්ටක්කා ගෙඩිය ඇතුළේ ඉටිපන්දමක් පත්තු කරලා කරන සැරසිල්ලක්..
ජේසන් මැකන්ඩේල්
පළවෙනිම ජැක් ඕ'ලැන්ටර්න් ජේසන් මැකන්ඩේල්.. මැකන්ඩේල් අපකීර්තිමත් හිටපු සී අයි ඒ නියෝජිතයෙක්.. මැකන්ඩේල් ස්පයිඩර් මෑන්ගේ හතුරෙක්.. මැකන්ඩේල් හොබ්ගොබ්ලින් එක්ක එකතු වෙලා මුලින් වැඩ කරන්නේ..
ස්පයිඩර් මෑන් එක්ක සටනක් අතරතුරේ හොබ්ගොබ්ලින් මැකන්ඩේල්ගේ ජීවිතය අනතුරේ දාලා පැනලා යනවා.. මැකන්ඩේල් එතනින් පැනගන්නේ හොබ්ගොබ්ලින්ගෙන් පළිගන්නවා කියලා දිවුරලා.. විදේශීය කුලී මිනී මරුවෙක් ලවා හොබ්ගොබ්ලින්ව මැරුවත් ඒ මැරෙන්නේ ඇත්ත හොබ්ගොබ්ලින් රොඩ්‍රික් කින්ග්ස්ලි බ්‍රේන් වොශ් කරපු වෙන මනුස්සයෙක්.. ඒ අතරේ මැකන්ඩේල් මැරිච්ච එකාගේ හොබ්ගොබ්ලින් සූට් එක අරගෙන හොබ්ගොබ්ලින් වෙනවා.. පස්සේ කලෙක කින්ග්ස්ලි පෞද්ගලිකවම ඇවිත් මැකන්ඩේල්ව මරනවා..
පළවෙනි ජැක් ඕ'ලැන්ටර්න් පාවිච්චි කලේ වට්ටක්කා ගෙඩියෙන් හදන ජැක් ඕ'ලැන්ටර්න් එකක හැඩයේ හෙල්මට් එකක් සහ හූවර්ක්‍රාෆ්ට් එකක්..
ස්ටීවන් මාක් ලෙවින්ස්
ස්ටීවන් මාක් ලෙවින්ස් තමයි වැඩියෙන්ම ප්‍රසිද්ධ ජැක් ඕ'ලැන්ටර්න්.. වෘත්තීමය අපරාධකාරයෙක් වෙන ලෙවින්ස් ස්පයිඩර් මෑන් වගේම, කැප්ටන් ඇමරිකාගෙත් හතුරෙක්..
සිවිල් වෝ වලදී ලෙවින්ස් තන්ඩර්බෝල්ට්ස් කියන හීරෝලා දඩයම් කරන කණ්ඩායමට එකතු වෙනවා.. ස්පයිඩර් මෑන් අල්ලන්න යන සටනකදී පනිශර් ලෙවින්ස්ගේ ඔළුවටම වෙඩි තියලා මරනවා..
ලෙවින්ස්ගේ ජැක් ඕ'ලැන්ටර්න් සූට් එකේ රාත්තල් හතේ යුධ ටැංකිනාශක බසූකා මිසයිලයක් උනත් දරාගන්න පුළුවන් විදියේ ලෝහ දැල් සහිත කෙව්ලර් ඛණ්ඩ කිහිපයක් සහිත ආරක්ෂක වැස්මක් තියෙනවා.. උණ්ඩ නොවදින පැය තුනක අන්තර් වායු සැපයුමක් දෙන හෙල්මට් එකක් ලෙවින්ස් පාවිච්චි කරන්නේ.. හෙල්මට් එකේ ඉන්ෆාරෙඩ්, ටෙලස්කෝපික් විශන්ස් වගේම අංශක 360ක පෙනීමක් ලබාදෙන ප්‍රතිබිම්බ තිව්‍රකාරකයක් සහිත උපකරණයක් සවි කරලා තියෙන්නේ..
ලෙවින්ගේ මැණික් කටුවල මීටර් එකොළහක පරාසයකට විදුළි දහරාවක් විහිදුවන්න පුළුවන් උපකරණ හයි කරලා තිබ්බා.. ඒ වගේම නිර්වින්දක, කදුළු ගෑස්,hallucinogenic gas, regurgitant gas වගේ විවිධාකාර බෝම්බ ලෙවින්ස් පාවිච්චි කලා.. මණික් කටුවල තියෙන උපකරණවලිනුත් පොඩි පොඩි බෝම්බ යවන්න පුළුවන්කම ලෙවින්ස්ට තිබ්බා.. ඊට අමතරව ලෙවින්ස් ගෝස්ට් ග්‍රැබර්ස් කියන හතුරන්ව ඇලවෙන අර්ධ පාරදෘශ්‍ය පටල වර්ගයකුත් පාවිච්චි කරනවා..
ඉහළ ඝනත්වයකින් යුතු ලිතියම් බැට්‍රියක් සහිත ඉලෙක්ට්‍රික් මෝටරයක් සහිත හූවර්ක්‍රාෆ්ට් එකක් යොදාගත්තේ..
මෑඩ් ජැක්
නෝමන් ඔස්බෝන්ගේ උදව් ඇතිව ඩැනියෙල් බර්ක්හාර්ට් (කලින් මිස්ටීරියෝ කෙනෙක්) ජැක් ඕ'ලැන්ටර්න්ගේ ඇදුම, උපකරණ භාවිත කරමින් 'මෑඩ් ජැක්' නමින් ඔස්බෝන්ගේ වැඩවලට උදව් කරනවා.. ග්‍රීන් ගොබ්ලින් මැජික් චාරිත්‍රයක් ඉටු කරන වෙලාවක ඒ චාරිත්‍රය වැරදීමෙන් පිස්සු ස්වභාවයකට පරිවර්තනය වෙන නිසා මෑඩ් ජැක්ට ස්වාමියෙක් නැති වෙනවා.. මේ අතරේ මුල්ම මිස්ටීරියෝ වෙන ක්වින්ටින් බෙක්ගේ ඥාති සහෝදරියක් හම්බෙනවා.. ඇයගේ උදව්වෙන් බර්ක්හාර්ට් ආයෙත් මිස්ටීරියෝ වෙනවා..
බර්ක්හාර්ට් ලෙවින්ස්ගේ උපකරණවලට අමතරව මනෝභ්‍රාන්තික වායු බෝම්බ හා මනස පාලනය කරන්න පුළුවන් වායු බෝම්බ පාවිච්චි කරනවා..
ස්ටීවන් ලෙවින්ස්ගේ සහෝදරයා
ගුප්ත රාක්ෂයෙක්ගේ බලයෙන් තමන්ගේ හිස ඇත්තම ජැක් ඕ'ලැන්ටර්න් එකක් කරගන්න පුළුවන් තමාව ලෙවින්ස්ගේ සහෝදරයා කියලා හදුන්වා ගන්න කෙනෙක් පොලීසියෙන් අත් අඩංගුවට ගන්නවා.. පස්සේ නෝමන් ඔස්බෝන් එයාව නිදහස් කරලා තමන්ගේ හමුදාවේ ජැක් ඕ'ලැන්ටර්න් බවට පත් කරගන්නවා..
ක්‍රයිම් මාස්ටර්ගේ ජැක් ඕ'ලැන්ටර්න්
ජැක් කියලා දෙමව්පියන්ට අකීකරු වෙන, සත්තුන්ට හිරිහැර කරන පොඩි ළමයෙක් හැලොවීන් රාත්‍රියේ ජැක් ඕ'ලැන්ටර්න් විදියට ඇදගෙන ට්‍රික් ඕර් ට්‍රීට් කර කර යනකොට ක්‍රයිම් මාස්ටර්ගේ ගෙදරට යනවා.. ක්‍රයිම් මාස්ටර් ජැක්ව තමන්ගේ යටතට අරගෙන ඇසසින් කෙනෙක් කරන්න පුරුදු කරවනවා.. ජැක් ලොකු වෙලා මුලින්ම මරන්නේ එයාගේ දෙමව්පියන්ව.. මේ ජැක් ඕ'ලැන්ටර්න් කලින් ජැක් ඕ'ලැන්ටර්න් කියන නම පාවිච්චි කරපු හැමෝම මරනවා.. මේ ජැක් ඕ'ලැන්ටර්න් තමා මම හිතන්නේ භයානකම ජැක් ඕ'ලැන්ටර්න්.. මොකද මෙයා තමන් මරන අයගේ මොළේ හා ඔළුව ඇතුළේ තියෙන හැමදේම ඉවත් කරලා හිස් කබල ඇතුළේ ඉටිපන්දම් පත්තු කරනවා..
කලින් හිටපු හැම ජැක් ඕ'ලැන්ටර්න් කෙනෙක්ගේම උපකරණ මෙයා පාවිච්චි කරනවා.. ඒත් හූවර්ක්‍රාෆ්ට් එකක් වෙනුවට මෙයා පාවිච්චි කරන්නේ ජෙට් බලයෙන් වැඩ කරන ඉදල් මිටක්..
#ආර්කේඩ්
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න