Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow S04E04 Review

Arrow S04E04 Review
Arrow S04E04- Beyond Redemption

* Who is that nasty looking Lady Cop
* Arrow Cave 3.0

Bonus
* A savior from the hell

Full of Spoilers. Read at your own risk

ඔන්න පුරුදු විදිහටම අපි අදත් ඇරෝ කතාව අරගෙන ආවා. මේ දක්වා අපි ඇරෝ කතාවේ සීසන් 4 එකේ දී දැක්කේ එක්තරා විදිහක පිවිසීමක් වගේ. හැබයි මේ සතිය වෙද්දී අවශ්‍ය මූලික පාදම දාගෙන ඉවරයි. ඒ මොකද කියනවා නම් මේ සතියේ කොටස සමස්ථයක් විදිහට බලද්දී ලොකු දෙයක් දුන්නේ නැති උණාට මේ දක්වා පෙන්වපු කරුණු වල ගැඹුර ට ගියා. විශේෂයෙන්ම ඔලිවර් සහ ලාන්ස් අතර තියන සම්බන්දය ගැන වැඩිපුර අවධානය යොමු උණා. එහෙනම් අපි බලමු මේ සතියේ කතාවේ දී අපිට දකින්න පුළුවන් උනේ මොනවාද කියලා.

1. Arrowcave 3.0

ගිය සතියේ ඔලිවර් ගේ රහස් කුටිය එහෙමත් නැතිනම් ඇරෝ කේව් එක එළිදරව් උණාට පස්සේ ඔලිවර් අලුත් තැනක් ගැන සඳහනක් කෙරුවා. ඒක හරියටම අපිට දැක ගන්න පුළුවන් උනේ අද. මේ තුන්වෙනි ඇරෝකේව් එක. ඇරෝකේව් කියන වචනය කෙලින්ම කිව්වේ නැතිවට කොමික් වල භාවිතා වෙන වචනයම මෙතන දී භාවිතා කරන්න හිතුවා. කලින් දැකපු දෙකටම වඩා මේකේ පහසුමකම් ගොඩක් තියනවා. ඒ වගේම ටිම් ඇරෝ එක වෙනුවෙන් ඉඩක් වෙන් කරලා තියනවා. ඒ වගේම ඔලිවර් ගේ සැලමන් ලැඩර් එකට පවා තැනක් වෙන් වෙලා තියනවා මේකෙත්. හැබයි මේවා හදන්න අනුන්ගේ සල්ලි වියදම් කරපු එක නම් අනුමත කරන්න බෑ කොහෙත්ම. අර මනුස්සයා ආපහු ආව දවසට මොනවා නොකියයි ද.


ඔලිවර් ගේ මේ රහසිගත නවාතැන් පොළ ගැන අපිට කොමික් වල නිතරම අහන්න ලැබෙනවා. ඉන්ජස්ටිස් කතාවේ දී හාර්ලි හිර කරලා තියන්න ඔලිවර් මෙතන තමයි යොදා ගත්තේ. Arrowcave කියන එකට වඩා Arrow-quiver කියන වචනය හොදයි කියලා හාර්ලි, ඔලිවර් චාටර් කරන්නේ මෙතන. පස්සේ හාර්ලි, බිලිව හිර කරලා තියන්නෙත් මෙතන.



2. Sara is not a white canary yet
සේරා පත්වෙලා ඉන්න තත්ත්වය ඇත්තම කනගාටු දායකයි. ලෝරල් ගැන තියන තරහා තවත් වැඩි වෙන්න මේක හේතුවක් මට නම්. මොකද සත්ත්වයෙක් හිර කරලා තියනවා වගේ මට නම් හිතෙන්නේ. ඇත්තටම අපි මේක ගැන ගැඹුරින් බැලුවොත් ලෝරල් සහ සේරා අතරේ ඒ දවස් වල ඉදන් තරඟයක් තිබ්බා. පස්සේ කාලේක ඒක සමථයකට පත් උණාට ලෝරල් ට හැම වෙලේම හම්බුනේ දෙවෙනි තැන. සේරා තමයි පළවෙනියා උනේ. අඩු ගානේ අයුක්තිය වෙනුවෙන් සටන් කරන එක උණත් සේරා කරපු හින්දා කරන්න ගත්තේ. මෙතන දී පලවෙනි වතාවට ලෝරල් ට සේරා ඉක්මවලා යන්න පුළුවන් උණා. ඒ සේරාව මරණයෙන් නැගිට්ටවන එක. මට නම් පේන්නේ සේරා ඉන්න තත්ත්වය ගැන ලෝරල් දුක් උණාට පොඩි ආඩම්බරයකුත් තියනවා. සේරා ව ආපහු යථා තත්ත්වයට පත් කරන කෙනා වීමේ ආශාව ලෝරල් ට හොදටම තියනවා. 



3. THE father
මේ සතියේ ලාන්ස් වෙනුවෙන් වැඩි අවධානයක් වෙන් උනා. එයා සේරා ඉන්න තත්ත්වය දැකලා ගොඩක් කම්පාවට පත් වෙනවා. ආපහු යථා තත්ත්වයට පත් කරන්නේ කොහොමද කියලා එයා ඩේමියන් ගෙන් පවා උපදෙස් ගන්නවා. අන්තිමේ බැරිම තැන සේරා ගේ ජිවිතේ නැති කරන්න පවා එයා උත්සාහ කරනවා. ඒ තීරණය ට ලාන්ස් එන්නේ ගොඩක් අමාරුවෙන්. එයාට ඒක කරන්න බැරි උණාට එතන දී එයා කියනවා තමන්ගේ දුවලා දෙන්නා වෙනුවන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි කියලා. මෙතන දී මට නම් ලාන්ස් ගැන අනුකම්පාවක් හිතෙන්නේ.



4. Lance and Oliver
තමන්ගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් කරන කැප වීම හින්දාම තමයි ලාන්ස් ට ඩේමියන් ගේ අණට කීකරු වෙන්න සිද්ද වෙන්නේ. ලාන්ස් ගේ රහස දැන ගන්න ඔලිවර් ගොඩක් කලකිරෙනවා. අපිට කලින් තේරුනේ නැති උණාට පහුගිය අවුරුදු වල දී ඔලිවර් ගේ ජිවිතේ වෙනස් කරන්න ලාන්ස් හේතුවෙලා තියනවා. ඔලිවර් වඩා හොඳ වීරයෙක් වෙන්න බලපෑව දේවල් වලින් ඒක ප්‍රධාන එකක්. ඔලිවර් ගේ වචන වලින් ම කියන විදිහට ලාන්ස් ඉදිරියේ පිළිගැනීමක් ගන්න ඔලිවර් ගොඩක් උත්සාහ කරලා තියනවා. ඒ වගේම තමයි ලාන්ස් ට මුලින්ම ඩේමියන් ගේ පිහිට හොයන්න හේතු වෙන්නෙත් ඔලිවර් ගේ ඉවත් ව යාම. 



5. Oliver Queen for Mayer
නගරාධිපති තනතුරට ඔලිවර් ඉදිරිපත් වෙන්න ලාන්ස් හේතු වෙනවා වගේම ලාන්ස් ගේ වෙනස් වීම හින්දා ඔලිවර් ට ඒක ගැන කලකිරෙනවා. ඒත් අවසානයේ ලාන්ස් ව නියම ආකාරයට තේරුම් ගත්ත හින්දා ඔලිවර් තරඟයට ඉදිරිපත් වෙනවා. ඒ වගේම තමයි හිතනවාට වඩා ලොකු උපකාරයක් තියා ගෙන් හම්බෙනවා. මුලින්ම මේ කට්ටිය ගේ ප්‍රතිචාර එක්ක බලද්දී නම් මේක සෑහෙන්න වටිනවා.



6. They are good
මේ සතියේ කතාවේ සතුරු භූමිකාව රඟපාන්නේ ස්ටාර් සිටි පොලිසියේම කොටසක්. මේ අය අපරාධ වලට එරෙහිව සටන් කරනවාට වඩා තමන්ගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් මහන්සි වෙන කණ්ඩායමක්. නවීනතම තාක්ෂනය වගේම ඉහල මට්ටමේ පුහුණුවක් මේ අයට තියනවා. ටීම් ඇරෝ එක මුලින්ම හම්බුනු අවස්තා වේ දී සම්පුර්ණයෙන්ම පරාද කරන්න මේ අයට පුළුවන් වෙනවා.


7. Liza Warner aka Lady Cop
රහසිගත කණ්ඩායමේ නායිකාව තමයි ලීසා වෝනර්. මෙයා කරන්නේ වැරදි වැඩක් උණත් යම්කිසි සීමාවක් තියාගෙන වැඩ කරනවා. ඒ වගේම තමයි නිතිය හා සාධාරණත්වය ගැන මෙයාගේ විශ්වාසය සම්පුර්ණයෙන්ම නැති වෙලා නෑ.


අපිට කොමික් වල දී මේ නම තියන කෙනෙක් හම්බෙනවා. හැබයි මෙයා වැඩ කරන්නේ නම් ස්ටාර් සිටි වල නෙවේ. Ivy Town වල. මෙයාට කියන්නේ ලේඩි කොප් කියලා. කොමික් වල දී නම් මෙයා අවංක වගේම නිර්භීත කෙනෙක්. 


8. Inspiration of Captain. Lance
ලාන්ස් මේ සතිය ඇතුළත ගොඩක් පහලට වැටුණා. එයාගේ එක දුවකගේ ජිවිතේ අනතුරේ. ඒ වගේම අනිත් දුව මරණයෙන් ආපහු නැගිට්ටෙව්වට පස්සේ හැසිරෙන්නේ සතෙක් වගේ. ඒ අතරේ එයා ගේ වැරදි ඔලිවර් ට අහුවෙනවා. මේ කරුණු එක්ක ලාන්ස් හොදටම වැටුණා. ඒත් එයා ආපහු තමන් ගේ මහන්සි යෙන්ම ගොඩ ආවා. ස්ටාර් සිටි කියන්නේ බේරන්න බැරි තැනක් කියලා ඔලිවර් පවා හිතන කොට ලාන්ස් බලාපොරොත්තු අත් හැරියේ නෑ. ලීසා ගේ හිත පවා වෙනස් කරන්න තරම් ලාන්ස් කටයුතු කෙරුවා. ඒ වගේම තමන්ගේ වැරදි වෙනුවෙන් දඩුවම් විදින්න පවා එයා ලෑස්ති උණා. ඩේමියන් ට උදව් කරනවා කියලා පෙන්වන ගමන් රහසිගතව උදව් කරන්නත් මෙයා කටයුතු කරනවා.


අපි කලින් දැන ගෙන හිටියේ නෑ ඔලිවර් සහ ලාන්ස් අතර මේ විදිහේ ගැඹුරු සම්බන්දයක් තියනවා කියලා. ඒ වගේම තමයි ඩේමියන් ගාව දිගටම ඉන්න කියන්නෙත් ඔලිවර්. මේ කාරණායත් එක්ක බලපුවාම අපි කලින් කොටසක දැක්ක සොහොන ලාන්ස් ගේ වෙන්න තියන සම්භාවිතාවයත් ඉහල යනවා. මොකද ලාන්ස් භාර ගත්ත රාජකාරිය ගොඩක් අවදානම්. ඒ වගේම තමයි ලාන්ස් ට කරදරයක් උනොත් ඔලිවර් වරදකාරී හැඟීමක් දැනෙන්න ඉඩක් තියනවා. හැබයි ඉතින් මේකත් අනුමානයක් විතරයි තවම.


9. Old memories
මේ අතර තුරේ දී ෆෙලිසිටි වෙනම අභියෝගයකට මුහුණ දෙනවා. ඒ තමයි රේ පාමර් ගේ පණිවිඩයක් හම්බෙන එක. මේ වෙද්දී ෆෙලිසිටි සහ ඔලිවර් ගොඩක් සතුටින් ඉන්නවා. ෆෙලිසිටි කැමති වෙන්නේ නෑ ඒ පරණ තුවාලය ආපහු පාරවන්න. හැබයි කර්ටිස් ගේ උපදෙස් මත එයා තීරණය කරනවා ඒ පණිවිඩයට සවන් දෙන්න. අපිට මේකෙන් ගන්න තියන දේ තමයි රේ පාමර් ආපහු ගෙන්වන්න අඩිතාලම දාගන්නේ මේ සිද්ධියෙන් වෙන්න පුළුවන් කියන එක.



10. Flashbacks
වෙනදා වගේම අතීත සිදුවීමේ දී අපි දැක්කා ඔලිවර් තමන්ගේ විර චාරිකාවේ තවත් පියවරක් ඉස්සරහට තියනවා කියලා. හැබයි ඔලිවර් ගේ සන්නි වේදන උපකරණය අහු උණු හින්දා ලබන සතියේ කතාවේ නම් විශේෂ දෙයක් වෙන්න හොදටම ඉඩ තියනවා.



11. Honorable mentions
කර්ටිස් එක අවස්තාවක දී අනුමාන කරනවා ග්‍රීන් ඇරෝ කියන්නේ Neal Adams කියලා කෙනෙක් කියලා. නීල් ඇඩම්ස් කියන්නේ DC කොමික් වෙනුවෙන් බැට් මෑන්, ග්‍රීන් ලැන්ටර්න් , ග්‍රීන් ඇරෝ වෙනුවෙන් නිර්මාණ කරනයෙන් දායක වුනු කෙනෙක්. 
ඒ වගේම ඔලිවර් සහ තියා එක තැනක දී කතා වෙනවා Papp Stadium කියලා එකක් ගැන. මේක නම් කරලා තියෙන්නේ පලවෙනි ග්‍රීන් ඇරෝ කොමික් කතාව ඇතුළත් MORE FUN COMICS #73 වලට නිර්මාණකරනයෙන් දායක වුනු George Papp ට ගරු කිරීමක් විදිහට.


Bonus
A savior from the hell
සේරා ව ආපහු පරණ තත්ත්වයට ගෙන්වන එක කරන්න බැරි දෙයක් කියලා ඩේමියන් කිව්වා උණාට ඒක ඇත්තක් නෙවේ. මොකද මැරුණු අයත් එක්ක ගනුදෙනු කරන්න දක්ෂ අය ඕනේ තරම් ඉන්නවා. ඉතින් වෙනසකටත් එක්ක ඒ අය අතරින් කෙනෙක් ගේ උපකාරය හොයන එක හොදයි නේ. ඒ හින්දා තමයි සේරා හොඳ කරන වැඩේ අති දක්ෂයෙක්ට භාර දෙන්නේ. හැබයි මෙයා ගැන වැඩි විස්තර කතා කරන්නේ අපි ලබන සතියේ. එතකල් ඒ පුද්ගලයා ගැන අවබෝධයක් ගන්න ලබන සතියේ ට්‍රේලර් එක බැලුවා නම් හරි.


#attila_THE_hun

1 comment:

  1. E kiyanne oliver mula idalama constantine wa dannawa wfe e qyanne flashbacks walat eyawa pennai

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න