Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Agents of S.H.I.E.L.D. S03 E06

Agents of S.H.I.E.L.D. S03 E06
"AMONG US HIDE..." - Review

*** >> Spoiler Alert << ***

  • Spoilers Evreywhere.. Read at Your own Risk


Agents of S.H.I.E.L.D. කථාමාලාව දැන් එන්න එන්නම සාර්ථක Tv Series එකක් වෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. Inhumans concept එකත් එක්ක කථා තේමාව අපූරුවට ගලපන්නට තිර රචකයන් සහ අධ්‍යක්ෂකවරුන් සමත්වෙලා තියෙනවා. ගිය සතියෙදී අපිට Simmonsට මොකද වුනේ කියන දේ ගැන සම්පූර්ණ විස්තරයක් ලැබුණා. අද කථාව ටිකක් වෙනස්. Season 3 වල "Devils You Know" episode එකට පසුව සිදුවන සිදුවීම් පෙළයි අද කථාවෙන් ඉදිරිපත් වෙන්නේ. Andrew Garner, Werner Von Strucker, Rosalind Price ගැන ගොඩක්ම කථාබහට ලක්වුණු episode එකක් හැටියට මේ episode එක සඳහන් කරන්න පුළුවන්.


1- Andrew is Alive

Season 3 episode 4 වලදී අපිට අන්තිමට Andrewව දකින්න ලැබුණේ Werner Von Strucker ඇතුළු පිරිසට කොටුවී සිටින අවස්ථාවේදීයි. ඒ episode එක අන්තිමට පෙන්නපු විදියට ඒ ගොඩනැගිල්ල පෙට්‍රල් නිසා ගිණිගෙන පුපුරා විනාශ වී යනවා. නමුත් එතනින් බේරී පලායන්නේ Von Strucker පමණක් බවක් අපිට දැකගන්න ලැබුණේ. නමුත් Andrewත් තුවාල ලබා බේරෙනවා. ඔන්න ඔතනදී තමයි අර fan theory එක සම්බන්ධ වුණේ. ඒ ගැන අපේ කලින් ලිපියෙන් අපි ඉඟි පළ කළා මතක ඇතිනේ. කොහොම හරි Andrew මේ සිද්ධියෙන් බේරෙනවා. ඒ වගේම තමයි Agent May මේ සිද්ධියෙන් පස්සේ තරමක කේන්තියෙන් ඉන්නේ. Coulson සහ May මේ වෙච්ච සිද්ධිය ගැන Andrewගෙන් ඇහුවාම ඔහු කියන්නේ Coulson තමන්ගේ ආරක්ෂාවට රඳවා තැබූ ආරක්ෂකයා නිසා තමන්ට බේරෙන්නට හැකිවූ බවයි. පසුව ඇතිවුණු පිපිරීමෙන් තමන්ව දොර අසලට විසිවූ බවත් ඉන් පසු තමන් අපහසුවෙන් ඉවතට එනවිට Coulsonව හමුවූ බවත් Andrew පවසනවා. ඒත් මෙතන හිටියේ Werner Von Strucker කියලා May ඇතුළු පිරිස දැනගන්නේ ඉන් පසුවයි. ඒ කියන්නේ මෙතනදී වුණු දේ දන්න අනිත් කෙනා Von Strucker තමයි.


2- Hunter is on the Bench


Wardව ඉවර කරලා දාන්න තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න බැරි වුණු Hunterට දැන් ලොකු අවුලක් තමයි වෙන්නේ. Hunterගේ තීරණය නිසා තමයි Andrew මේ තත්වයට පත් වුණේ. මේ නිසාම Agent May, Hunter එක්ක ටිකක් කේන්තියෙන් තමයි ඉන්නේ. මේ ගැන Hunter, Mayගෙන් සමාව ඉල්ලුවත් ඔහුට Andrewව බලන්න යන්න නම් ලැබෙන්නේ නැහැ. ඔය අතරේ තමයි Coulson තමන්ගේ තීරණය Hunterට කියන්නේ. ''You're off from that assignment''. ඒ කියන්නේ Ward ගැන බලාගන්න මෙහෙයුමෙන් Hunterට ඉවත් වෙන්න සිදු වෙනවා. මේකට හේතුව Bobbyට වුණු දෙයින් පස්සේ Hunter Ward ගැන කේන්තියෙන් ඉන්න නිසා කියලයි මට හිතෙන්නේ. කොහොම වුණත් දැන් Ward පස්සෙන් පන්නන එකේ සම්පූර්ණ වගකීම භාරගන්නේ Agent Mayයි. මේ පාර නම් Wardට බේරෙන්න සෑහෙන අමාරු වේවි.


3- Kill the BOY!!




SHIELD එක තමන්ව අල්ලගන්න තමන්ගේ තැනටම ආපු එක ගැන Grant Ward ඉන්නේ එච්චර සතුටකින් නෙවෙයි. ඔහු මේ ගැන දොස් පවරන්නේ Keboටයි. නමුත් Wardගේ සැලැස්මට අනුවයි Kebo පිරිස් සංවිධානය කරවන්නේ. මේ නිසා Hunterගේ සැලැස්මට තමන් ඇතුළු පිරිස අසුවූ බව Ward තේරුම්ගන්නවා. ඔවුන්ගේ අනිත් සැලැස්ම වූයේ Andrew Garnerව අල්ලා ගැනීම හෝ මරා දැමීමයි. සමහර විට Andrew ගැන Wardගේ හිතේ සැකයක් තිබුණාදී කියලාත් මට හිතෙනවා. මේ නිසාම Ward Keboගෙන් Werner Von Struckerගෙන් පිළිතුරක් ලැබුණාද යැයි විමසනවා. නමුත් Von Struckerගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති බව Kebo පවසනවා. ඒ වගේම Von Strucker HYDRA එක ගැන සීමාවට වඩා දේවල් දන්න නිසා ඔහු SHIELD එකට අසුවුණොත් තමන්ට ලොකු පාඩුවක් වන බව දන්නා Ward Keboට පවසන්නේ Von Struckerව සොයාගෙන ඔහුව ඉවරයක් කර දමන ලෙසයි. හිතුවට වඩා ඉක්මනට Werner Von Struckerට තමන්ගේ ජීවිතයට සමුදෙන්න වෙනවා. ඒ Kebo විසින් එල්ල කරන ලද මාරාන්තික පිහි පහරක් නිසාවෙනුයි.
 



4- New vs Old HYDRA



ඔසුසලේදී ඇතිවන පිපිරීමෙන් බේරී පලා යන Werner Von Strucker කෙළින්ම යන්නේ ඔහුගේ පියාගේ හිතවතෙකු වන Gideon Malick වෙතටයි. Gideon Malickගේ චරිතය අපිට මීට කළින් The Avengers movie එකේදී හමුවෙලා තියෙනවා. ඒ World Security Council එකේ member කෙනෙක් විදියටයි. The Avengers movie එකේ nuclear missile එක New York වලට දියත් කරන්න සහය පළ කරපු කෙනෙක් තමයි Gideon Malick කියන්නේ. නමුත් අපිට මෙයාව Captain America: The Winter Soldier movie එකේදී දැකගන්න ලැබුනේ නැහැ. සමහර විට ඒ අතරතුර කාලයේදී Gideon කූඨ විදියට රජය හා සම්බන්ධ වෙමින් HYDRA එකට උදව් කළා වෙන්න පුළුවන්. කොහොම වුණත් Gideonගේ උවමනාව වෙන්නේත් HYDRA එක යළි පිහිටුවීමයි. නමුත් ඔහු Wardට වඩා සෑහෙන සැලැස්මක් ගොඩනගන බවට ඉගි පළ වෙනවා.ඒ වගේම ඔහු Werner Von Strucker සිටිනා ස්ථානය Wardට පවසන්නේ තමන්ගේ වැරදි අඩුපාඩු සහ තීරණ යළි මඟහරවා ගැනීමටයි. මොනවද මේ වැරදි අඩුපාඩු සහ තීරණ? මට නම් හිතෙන්නේ Captain America: The Winter Soldier එකේදී මෙයා HYDRA පැත්ත ගත්තේ නැහැ. ඒ නිසා ගොඩක් HYDRA අය මිය ගියත් මෙයා ඉතිරි වුණා. පරණම HYDRA member කෙනෙක් නිසා ආයෙත් HYDRA එක පිහිටුවන්න සුදුසු වෙලාව එනකන් බලන් හිටියා. ඒ වගේම Grant Ward මේ වනතෙක් වැඩේ සාර්ථකව කරගෙන ගිහින් තියෙනවා. ඒ නිසා තමන්ගේ පක්ෂපාතීත්වය නිවැරදියි කියලා පෙන්නන්න තමයි Gideon Werner Von Struckerව පාවා දෙන්නේ. ඒ වගේම Captain America: Civil War movie එකට බොහෝදුරට මෙයා සම්බන්ධ වේවි කියලා මට හිතෙනවා. 


5- Welcome back Agent Morse



ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් Bobby Morseට වැඩ පෙන්නන්න අවස්ථාවක් හම්බෙනවා. කලින් Season එක අවසානයේදී Ward Bobbyගේ කකුල කඩලා දැම්මා මතක ඇතිනේ. මේ නිසා තමයි Bobbyට මෙච්චර කාලයක් SHIELD Lab එකට වෙලා ඉන්න වුණේ. ඒ වගේම තමයි Coulson කැමති වුණේ නැහැ Bobbyව සම්පූර්ණ සුව වෙනකන් field එකට යවන්න. මේ නිසාම ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න Bobbyට සිදු වෙනවා. ඒත් වැඩේ කියන්නේ Bobbyගේ මෙහෙයුම වෙන්නේ Agent May එක්ක එකතුවෙලා Wardව අල්ලන එක. මේ නිසා මේ mission එක Agent Bobby Morseගේ තීරණාත්මකම mission එක කියලයි මට නම් හිතෙන්නේ.



6- May and Bobby are Teaming UP


SHIELD එක සතුව තියෙන HYDRA ලියකියවිලි වලින් May සහ Bobby දෙදෙනා Werner Von Strucker සැඟව සිටිනා තැන සොයාගන්නවා. නමුත් මේ දෙදෙනාට කලින් Gideon Malickගේ තොරතුරෙන් Kebo ඇතුළු පිරිස එතැනට ළඟාවෙලායි සිටින්නේ. ඔවුන් Von Struckerට වධ දෙනවා. ඒ වහාම එතැනට May සහ Bobby දෙදෙනා කඩාවදිනවා. නමුත් Kebo ඔවුන් දෙදෙනාගෙන් පැන යන්නේ Struckerට මාරාන්තික පිහි පහරක් එල්ල කරමිනුයි. Kebo පසුපස දිව යන Bobbyට තවත් ඔහුගේ ස්අහයකයන් දෙදෙනකු හමුවනවා. ඒ දෙදෙනාටත් හොඳට සංග්‍රහ කරලා Bobby Keboටත් හොඳ පාඩමක් උගන්වනවා. ඒ තමන් උත්සහයෙන්, කැපවීමෙන් පමණක් නොව අත්දැකීමෙන්ද පරිපූර්ණ බව පෙන්වමිනුයි.

ඔය අතරේ Agent May සමඟ සටනට එන්නේ Von Strucker අසල සිටි HYDRA සාමාජිකයන් දෙදෙනායි. Mayගේ පහර කිහිපයකින් ඔවුන් දෙදෙනා බිම ඇද වැටෙනවා. ඒ අතරේ Struckerව ගැටගසා ඇති බැමි වලින් ඔහුව ලෙහාදමන May ඔහුගෙන් Ward සිටිනා තැන විමසනවා. නමුත් මෙතනදී ඇයට Struckerගෙන් අසන්නට ලැබෙන්නේ වෙනම දෙයක්. Strucker මරු විකල්ලෙන් මේ කියවන දේ ඉස්සරහට SHIELD කථාමාලාවේ කණපිටපෙරළුම බවට පත් වේවි.




7- Banks: the first suspect


මේ අතරේ Daisy, Mac දෙදනා එකතුව Lash ගැන වැඩි විස්තර සොයනවා. Lash සාමාන්‍ය මනුෂ්‍යයෙකු බවට පත්වනවා Daisy දැකපු නිසා Daisy ඇතුළු පිරිස Lash විදියට ඉන්නේ ATCU එකේ කෙනෙක් කියලයි හිතන්නේ. මේ නිසාම ඔවුන්ගේ පළමු සැකකරුවා වෙන්නේ Rosilandගේ දෙවෙනියා වන Luther Banksවයි. Banks ගැන වැඩි තොරතුරු සොයාගන්න Daisy සහ Mack පිටවයන්නට සූදානම් වෙද්දී ඔවුන්ට උදව් කරන්න Hunter ඉල්ලනවා. Hunterට field එකේ ඉන්නම ඕනේ වෙලා වගේ. කොහොම හරි ඔවුන් Banksගේ පස්සෙන් ඔත්තු බලන අතරේ Hunter කෙලින්ම ගිහින් Banksට Icer එකකින් වෙඩි තියලා අල්ලන් එනවා. Banks Inhuman කෙනෙක්ද කියලා බලන්න ඔවුන් ඔහුගේ blood sample එකක් Jemmaට යවනවා. නමුත් ඔවුන් හිතුව දේ වැරදියි. Banksගේ ලේ සාම්පලය Inhuman DNA වලට සම්බන්ධ වෙන්නෙ නැහැ කියලා Jemma කියනවා. එහෙනම් ඇත්තටම කවුද මේ Lash?


8- Fitz vs Will

ගිය සතියේ episode එක හා සම්බන්ධ වෙන එකම තැන තමයි මේක. ඒ වගේම Fitz තවමත් portal එක ගැන කරන් පර්යේශණ සිදුකරගෙන යන බව පෙන්නුම් කරනවා. ඒ අතරේ Fitz Will Daniels ගැන විස්තර හොයනවා. සමහර විට තමන්ට Simmonsව ලබාගන්න ඕනෙ නම් මේ හාදයා ගැන විස්තර ටිකක් දැනගෙන ඉන්න එක හොඳයි කියලා Fitzට හිතෙන්න ඇති.

9- ROSILAND+COULSON = I Need It
 


අපි දන්නවා Rosiland සහ Coulson දෙන්නා එකමුතු වෙලා මේ Inhuman ප්‍රශ්නේ විසඳගන්න කටයුතු කරනවා කියලා. නමුත් තාමත් දෙන්නා දෙන්නට 100%ක්ම ඇත්ත කියන බවක් නම් පේන්නේ නැහැ. කොහොම වුණත් චරිත දෙකක් හැටියට සාර්ථකව එකිනෙකා සමඟ වාචිකව සහ අදහස් අතින් ගැටෙන එකම චරිත දෙක බවට පත්වෙන්නේ මේ දෙන්නායි. මේ සාර්ථකත්වයට දෙදෙනාගේ රඟපෑමෙන් ලොකු පිටිවහලක් ලැබෙනවා. ඒ ව්අගේම තමයි දෙන්නා එන්න එන්නම දෙන්නාට කැමති වෙනවදෝ මන්දා. අපේ Director Coulson වුණත් දැන් සෑහෙන කාලයක් තනිකඩව හිටියා මදෑ ඉතින්. ඒ නිසා මේ දේ වෙනවනං මම ගොඩක්ම කැමතියි. ඒත් ATCU එක ගෙනියන ක්‍රියාමර්ග සහ SHIELD එක ගෙනියන ක්‍රියාමාර්ග හාත්පසින්ම වෙනස් නිසා ඒ දේ නොවෙන්නත් පුළුවන්.

කොහොමනමුත් මේ පාර episode එකෙන් අපිට Rosiland Priceගේ ජීවිතය සහ චරිතය ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. ඇය අපි හිතන තරම් අමානුෂික කාන්තාවක් නොවන බවත්, ඇයගේ වෙනස්වීම් වලට හේතුව ඇගේ සැමියාගේ වියෝව බවත් අපිට පැහැදිලිවම කියවුණා. ඒ වගේම ඇයට Inhumansලා මරා දමන්නට උවමනාවක් නැති බවත් ඔවුන්ව සුවපත්කරන්න මාර්ගයක් සොයන්නට ඇය වෙහෙසෙන බවත් කියවුණා. මේ නිසාම Rosiland මේ season එකේ villan නොවේවි. ඒනමුත් ඇය registration act එකක් ගෙනේවි කියලයි මට හිත්න්නේ.


10- Andrew Is LASH!


ඔන්න මේක තමයි මේ පාර episode එකේ WTF moment එක. අපි දැක්කා Andrew අච්චර දරුණු පිපිරීමකින් ඒ තරම් දරුණු තුවාල නොලබා බේරිලා ඉන්නවා. ඒ වගේමයි ඊට පහුවෙනිදම Andrew ආපහු යථා විදියට ඇවිදිනවා. මෙතන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා. ඒ වුණාට ඒ දේ දැනගන්න ලැබෙන්නේ Andrewගේ Ex-Wife වන Melinda Mayටයි. Werner Von Strucker තමන්ගේ අවසාන මොහොතේදී අර පිපිරීම සහ සිදුවී දෙය ගැන Agent Mayට පවසනවා. ඒ මොහොතේදී Dr. Andrew Garner Lash බවට පත්වූ හැටිත්, ඔහු තමන්ව හැර අනෙක් සියළුදෙනාව මරා දැමූ හැටිත් ඔහු පවසනවා. ඉන්පසුව ඔහු ඒ ඔසුසැලට පෙට්‍රල් වත්කොට ගිණි තබා මෙය පිපිරීමක් ලෙස පෙන්වූ ආකාරයත් තමා ඔහුගෙන් බේරී පලාගිය ආකාරයත් ඔහු පවසනවා.

දැන් අපිට කලින් වෙච්ච ගොඩක් දේවල් ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. ඒත් Andrew Daisyව ඉතුරු කරලා ඔහුට හමුවෙන අනිත් Inhumansලා මරපු එක ගැන නම් සැකයක් තියෙනවා. සමහර විට Daisyට තමන්ගේ බලය පාලනය කරගන්න පුළුවන් නිසා ඒ දේ නොකළා වෙන්නත් පුළුවන්. නැතිනම් Daisy ලවා අනිත් Inhumansලා සොයාගෙන ඔවුන්ව කොටුකරලා මරලා දාන්න Lash සැලසුම් කරනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒකට හේතුවක් තාම හරියටම කියන්න අමාරුයි. Lash එහෙම කරන්නේ ඇයි? එහෙනම් සමහර විට Lashට අණ දෙන වෙනත් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්ද?


11- Daisy is keeping in touch with Lincon
 


ප්‍රශ්න මැද්දේ ඔන්න අපේ Daisyගෙයි Linconගෙයි ආදර කථාවත් ගලාගෙන යනවා. නමුත් Linconව කාටවත් හොයාගන්න බැරිවෙන්න Daisy පාවිච්චි කරන්නේ untraceable phone එකක්. කොහොම නමුත් දැනට Lincon ආරක්ෂිතව ඉන්න බවයි ඔහු කියන්නේ. දැනට SHIELD එකේ හැමෝම මේ ගැන දන්නේ නැහැ. නමුත් Daisy Lincon ගැන Andrewට කියලා තියෙනවා වගෙයි පේන්නේ. Daisy හොරෙන් call එක අරන් එනකොටම එතන පිටුපස Andrew හිටගෙන ඉන්නවා.


12- A Wolf In Sheep's Clothing



දැන් අපි දන්නවා Lash කියන්නේ Andrew කියලා. ඒත් Andrew ඇත්තටම කරන්න යන දේ ගැන නම් තාමත් මට හිතාගන්න බැහැ. Daisyගේ call එක හොරාට අහගෙන ඉඳලා මුකුත් දන්නෙ නෑ වගේ Daisyගෙන් Lincon ඉන්න තැනක් කිව්වද කියලා අහපු එක නම් මට ඇල්ලුවේ නෑ. අනික Linconට ඉන්න පුළුවන් ආරක්ෂිතම තැන SHIELD එක කියද්දි එන පොට හොඳ නෑ කියලා තේරෙනවා. කලින් season 3 episode 4වලදී SHIELD base එකේ Alisha(තමන් වගේ ප්‍රතිරූප මවන්න පුළුවන් Inhuman ගැහැණු කෙනා) රඳවාගෙන ඉන්න බව තමන්ට නොකිව්වේ ඇයි කියලා Andrew අහනකොටම මට මේක තමයි scene එක කියලා හිතුණා. ඒත් Andrew Inhumansලා hunt කරනවද කියලාත් හිතෙනවා. කලින් කිව්වා වගේ Daisyගේ උදව්වෙන් අනිත් Inhumansලා හොයාගෙන අන්තිමට Daisyවත් මරලා දාන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ. කොහොම වුණත් Andrew පහුගිය ටිකේ Jemma එක්ක කතා කරද්දි ඇයට අමුතු බලයන් ලැබුණාද කියලා අහනවා අපි දැක්කා. මං හිතන්නේ Andrew Monolith එක ගැන වැඩි දෙයක් දන්නෙ නැහැ. සමහර විට Inhumansලා හොයාගෙන ඔවුන්ව මරලා තමන්ගේ බලය වැඩි කරගන්න Andrew හිතන් ඉන්නවා වෙන්නත් පුළුවන්. 

මේ හැමදේටම උත්තර ලබන සතියේ ලැබේවි කියලා හිතන්න පුළුවන්. ඒ මොකද ලබන සතියේ Agent May කෙලින්ම මේ දේවල් Andrewගෙන් අහන නිසා. මේ සතියේ episode එකට ලකුණු 9.5/10ක් දෙන්න පුළුවන්. හැමදාම වගේ epic ending එකක් තියෙන නිසා ලබන සතිය වෙනකන් බලන් ඉන්න නම් අමාරු වේවි..



Agents of S.H.I.E.L.D. continues next Tuesday with ‘Chaos Theory’ at 9pm on ABC. Check out a preview below:




#SmAsHeR

1 comment:

  1. Niyamai niyamai sahooo
    patta review eka
    thanks wewa...............

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න