Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow S04E05 Review

Arrow S04E05 Review
Arrow - 04x05 - Haunted

My name is John Constantine and I'm an exorcist.
FP for Fair-play

Bonus
What you need a dead peacock feather for

Full of Spoilers. Read at your own risk

මම හිතන්නේ මේ කොටස තමයි එදා මෙදා තුර ගොඩක් අය නිකුත්වෙනකල් නොයිවසිල්ලෙන් බලාගෙන හිටිය කොටස. ඒ හින්දාම තමයි මේ කතාව නියමිත දවසට කලින් අනවසරයෙන් එලියට ආවේ. සාමාන්‍යයෙන් මේ විදිහට අනවසරයෙන් එළියට එන්නේ ගොඩක් වැදගත් ඒවා. උදාහරණයක් විදිහට BVS ට්‍රේලර් එක, GOT සීසන් 5 මුල් කොටස් ටික මෑත කාලයේ එහෙම ආපු ඒවා. මොකද කෙනෙක් මේ විදිහේ අනතුරු දායක දෙයක් කරන්නේ නෑ වටිනාකමක් නැති දේකට. ඒ කාරණය හින්දාම අපිට මේ කොටසේ තියන වැදගත් කම හිතා ගන්න පුළුවන් නේ. ඒකට හේතුව තමයි අපි හැමෝම ආදරය කරන John Constantine ගේ අවාසනාවන්ත සමු දීමෙන් පස්සේ එයා ආපහු කරලියට ආවේ මේ කතාවෙන්. ගොඩක් අය බලාපොරොත්තු උණේ මේ සතියේ කතාව සම්පුර්ණයෙන්ම වගේ Constantine ට වෙන් වෙයි කියලා. Constantine මේ සතියේ ආකර්ශනය දිනා ගත්තා උණාට ඊට අමතරව ඇරෝ කතාවේ තව වැදගත් ගොඩක් දේවල් සිද්ද වෙනවා.
අපි එහෙනම් බලමු Constantine ගේ පැමිණීම සහ ඇරෝ කතාවේ සිදු වුනු  අනිත් දේවල් මොනවාද කියලා.


01. Who is John Constantine 

CW ඇරෝවර්ස් එකේ දකින විශේෂ ලක්ෂනයක් තමයි අපිට කොමික් ලෝකේ ගැන කියන්නේ පියවරෙන් පියවර. ඒ අය මුලින්ම සුපිරි බලයක් නැති ඇරෝ ගැන තමයි කතා කලේ. ඊට පස්සේ ක්‍රම ක්‍රමයෙන් සුපිරි වීරයෝ ගැන කතා කරලා සාමන්‍ය කෙනෙක් ට එකපාරටම පිළිගන්න අමාරු විදිහේ  හැකියාවන් තියන ෆ්ලෑෂ් වගේ චරිත හඳුන්වා දුන්නා. ඊලඟට ෆ්ලෑෂ් චරිතය හරහා DC කොමික් වල ගැඹුරු සංකල්ප වන කාලය හරහා යෑම, මල්ටිවර්ස් වගේ දේවල් කතා කෙරුවා. ඊට පස්සේ එයාල DC කොමික් වල තවත් පැත්තක් වෙන සුපර් නැචුරල් ගැන කතා කරන්න ගත්තා. හැබයි ඒකත් එක පාරටම නෙවේ. ලාසරස් පිට් එක, මළවුන්ගෙන් නැගිට වීම වගේ දේවල් මුලින් කතා කරලා. ඊට පස්සේ තමයි එයාලා සුපර් නැචුරල් නියෝජනය කරන DC කොමික් වල ප්‍රධානම චරිතයක් වෙන Constantine ව ගෙන්නුවේ.


මතක ඇතිනේ අපි මෙයා ගැන මීට කලින් ලිපියක් ගෙනාවා. අපි එතන දී කොමික් වල මෙයාගේ චරිතය ගැන කතා කරපු හින්දා මෙතන දී අමුතුවෙන් කතා කරන්න යන්නේ නෑ. NBC ආයතනයේ සාහාසික කපා දැමීම නිසා අකාලයේ නවත්වපු  Constantine කතාව තුළින් අපිට මුලින්ම සුපර් නැචුරල් කොමික් ගැන යම් අවබෝධයක් ලැබුණේ. ඒ කතාවේ ප්‍රධාන චරිතය ඇරෝවර්ස් එකට හදුන්වා දුන්න හින්දා අපිට ඉස්සරහට මේ අංශය ගැන ඇරෝ කතාව ඇතුලෙනුත් වැඩි පුර දැක ගන්න ඉඩ තියනවා.

02. Thea Hunt
මේ සේරම කාරණා වලට මුල් වෙන්නේ සේරා මළවුන් ගෙන් නැගිටවිම. ගිය සතියේ අපි දැක්කා සේරා සිර කරපු තැනින් පැනලා ගියා කියලා. එයා තියා පස්සේ (හෝ ඒ හැඩහුරු කම තියන අය) එලවනවා. මේකට හේතුව තමයි සේරා මැරෙන්නේ තියා ගේ අතින් (අවසිහියෙන් හිටපු) හින්දා. එයා තියා හොයාගෙන යනවා තමන් ගේ පළිය ගන්න.



03. A new brain for the election
ඔලිවර් ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න අළුත් කෙනෙක් ගෙන්වනවා. මොකද චන්දයක් උණාම කොච්චර නම් දේවල් තියනවා ද කරන්න. මඩ ගහන්න, පෝස්ටර් අලවන්න, පෝස්ටර් ගලවන්න වගේ දේවල් මෙහෙයවන්න ඕනේ. රෑ තිස්සේ හොරු අල්ලන්න යන හින්දා ඔලිවර් ට වේලාවක් නෑනේ. ඒකට ගෙනාපු කෙනා තමයි Alex Davis කියන්නේ. මෙයාගේ තියනවා වගේ පොඩි කැමත්තක් තියා ට.


And it is not Quidditch, It is Chappaquiddick
මෙතන දී ඇලෙක්ස් සඳහන් කරන්නේ අතීතයේ කරපු දේවල් හින්දා මැතිවරණ ව්‍යාපාරය විනාශ වෙන්න පුළුවන් කියලා. මොකද ඔලිවර් සම්බන්ධයෙන් මෙහෙම දේවල් ගොඩක් තියනවා නේ. අනික මොයිරා ගේ මැතිවරණ ව්‍යාපාරය ට එල්ලවුණු චෝදනා එක්ක බලද්දී මේක සාධාරණයි.


04. FP for Fair-Play
මේක සමහරක් විට ගොඩක් අයට මඟහැරෙන්න ඇති. කර්ටිස් ජිම් එකට යන්න කරට දා ගත්ත බෑග් එකේ FP කියන අකුරු දෙක ගහලා තිබ්බා.


අපි දන්නවා නේ කර්ටිස් කියන්නේ අනාගතයේ මිස්ටර් ටෙරිෆික් කියලා. එයාගේ ඇඳුමේ ලියලා තියන වචන දෙක තමයි FAIR PLAY කියන්නේ. මේ ඒක ගැන කරපු සඳහනක්. අනික මේ බෑග් එකේ පාටින් ම තමයි ඒ වචන ලියලා තියෙන්නෙත්. 



මෙතන සඳහන් වුනු වැදගත්ම කාරණය ඒක නෙවේ. කර්ටිස් ෆෙලිසිටි ට කියනවා එයා දස ප්‍රයාම ඉසව්වෙන් ඔලිම්පික් ලෝකඩ පදක්කමක් දිනලා තියනවා කියලා. කොමික් වල දී නම් සඳහන් වෙන්නේ කර්ටිස් මේ ඉසව්වට රන් පදක්කම අරගෙන තියනවා කියලා. මෙයා ඇරෝ කතාවට එකතු වෙද්දී තාක්ෂණික දැනුම තියන නර්ඩ් කෙනෙක් විදිහට තමයි හදුන්වා දුන්නේ. ඇත්තටම එහෙම උනා නම් ඒක කොමික් වල අපිට හම්බෙන හැම අතින්ම අති දක්ෂ චරිතයට කරන අසාධාරණයක්. මේ විදිහට හරි එයා ගේ නියම කොමික් චරිතයම අපිට දැන ගන්න හම්බුනු එක නම් ගොඩක් වටිනවා.

05. Laurel & Oliver
පහුගිය කතා පුරාම ලෝරල් ට කතාවේ හම්බුනේ අඩු සැලකිල්ලක්. ලෝරල් මේ ගැන ඔලිවර් එක්ක කෙලින්ම කතා කරනවා. අපිට ලෝරල් ගැන වැඩි කැමැත්තක් ඇති නොවෙන්න හේතුවත් මේක තමයි. මොකද අපි කිසිම වේලාවක ලෝරල් ගේ පැත්තෙන් බැලුවේ නෑ. එහෙම බැලුවා නම් පහුගිය කාලේ ලෝරල් ගැන අපිට ඇතිවුණු ආකල්පය මෙච්චර නරක එකක් නොවෙන්න පුළුවන්.  ලෝරල් මේ සතියේ දී ඒ ආකල්පය සෑහෙන දුරකට වෙනස් කරගත්තා. 



06. A bitter truth
ඩිගල්ස් සහ ලාන්ස් දෙන්නා එකතු වෙලා කරන මෙහෙයුම හින්දා දැන ගන්න ලැබෙන කාරණය තමයි ඩිගල්ස් ගේ සහෝදරයා කියන්නේ අපි හිතාගෙන හිටිය කෙනා නෙවෙයි කියලා. එයාට අමිහිරි අතීතයක් තියනවා. ඇත්තටම මේ මාතෘකාව ගැන ඇරෝ කතාවේ කතා කෙරුවේ ගොඩක් අඩුවෙන්. ඩිගල්ස්ට අවශ්‍ය පිළිතුර ලැබුනා කියලා මේ ප්‍රශ්නය මෙතනින් ඉවර වෙයි කියලා නම් මම හිතන්නේ නෑ, මීට වඩා වැඩි දෙයක් මෙතන තියෙන්න පුළුවන්.



07. A villain you can never hate
එදා මෙදා තුර ඇරෝ කතාවට ආපු දුෂ්ඨ චරිත අතරින් කැමතිම චරිතය විදිහට ඩේමියන් පත්වෙලා ඉවරයි. අපි දන්නවා ඩේමියන් කියන්නේ මේ දක්වා ආපු භයානකම කෙනා කියලා. ඒත් එයාගේ අමුතුම ආකර්ශනයක් තියනවා. මෙයා ගැන දැන ගන්න දැන ගන්න ඒ ආකර්ශනය වැඩි වෙනවා. තව දෙයක් තමයි Constantine  මෙයා ගැන කියන දේවල් එක්ක බලද්දී ඉස්සරහට මෙයාගේ ගොඩක් වැඩ බලාගන්න පුළුවන් වෙයි.



08. Constantine ගේ ආගමනයත් එක්ක එයාට සමීප ගොඩක් දේවල් අපිට දැකගන්න ලැබුණා. වෙන වෙනම කතා කරන්නේ නැතිව ඒ ගැන එකටම කතා කෙරුවොත් හොදයි කියලා හිතුවා. අපි මුලින්ම අතීත කතාව දිහා බලමු. 

 The most unexpected moment of the show
මෙච්චර දවසක් අපි ඇරෝ කතාවේ අතීත සිද්ධි දිහා බැලුවේ බලන්න ඕනේ වට. ඔන්න මේ පාර කතාවේ දී හැමෝම නොහිතපු දෙයක් උණා. Constantine ඇරෝ එකට එකතු වෙනවා කියලා දන්නවා උණාට අතීත කාලේ සිදුවීම් වලට එකතු වෙයි කියලා කවුද හිතුවේ. එකපාරටම Matt Ryan ගේ කටහඬ ඇහෙද්දී ඒ දැනුනු හැඟීම ගැන කියන්න වචන නෑ.
මෙතන දී ඔලිවර් ගේ ඔළුවට පිස්තෝලේ තියද්දි Baron Reiter තුවක්කුව බිම දැම්ම එක නම් එච්චර තාත්ත්වික නෑ.



Side of Angels
Constantine ඔලිවර්ට කියනවා එයා Angels වරුන්ගේ පැත්තේ කියලා. Constantine කතාව බලපු අයට නම් මේක අමුතුවෙන් කියන්න දෙයක් නෙවේ නේ. මෙයාට නිතරම උපදෙස් දෙන Manny කියන්නේ Angels කෙනෙක් නේ. (Constantine කතාවේ ප්ලොට් එක ටිව්ස්ට් වෙන්න ගියා විතරයි කතාව නැවැත්තුවා. ඒ හින්දා පොර හොදයි කියලා අපි හිතා ගමු)


Orb of Horus
Constantine හොයාගෙන ආපු දේ තමයි Orb of Horus කියන්නේ. කොමික් වල දී අපිට Orb of Nabu, Orb of Ra ගැන සඳහනක් තිබ්බට මෙහෙම දෙයක් ගැන නම් සඳහන් වීමක් නෑ. 


හැබයි Horus සම්බන්ධයෙන් අපිට කොමික් වල දී Claw of Horus. Eye of Horus ගැන කොමික් වල සඳහන් වෙනවා. Constantine කතාව බලපු අයට නම් Eye of Horus ගැන මතක ඇති. පලවෙනි කතාවේ දී මේ ගැන සඳහනක් කෙරුවා. 
Eye of Horus - Constantine S01E01

රික් රියෝඩන් ගේ කේන් ක්‍රෝනිකල් කියවපු අයට නම් මේ වගේ දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අපිට මේක වැදගත් වෙනවා තව දෙයක් හින්දා. ඒ තමයි ඇරෝවර්ස් එකට Hawkman සහ Hawkwomen ඉස්සරට ගෙන්වනවා. මේ දෙන්නා සම්බන්ද කතා ගොඩක් තියනවා නේ. ඒ අතරින් ඇරෝවර්ස් එකට තෝරා ගෙන තියෙන විදිහට නම් මේ දෙන්නට බලය ලැබෙන්නේ  හෝරස් ගේ මාර්ගයෙන්. ඒ කියන්නේ Deity කෙනෙක් විදිහට වෙන්න ඉඩ තියනවා. 

Safe place
Constantine කියනවා එයා එකතු කරන දේවල් ආරක්ෂිතව තියන්න තැනක් තියනවා කියලා. මේ කියන්නේ Constantine කතාවේ දී ප්‍රධාන මුලස්ථානය වුනු Mill house එක ගැන.

Mill House - Constantine
Constantine ඔලිවර් ගෙන් වෙන්වෙලා යද්දී තෑග්ගක් දීලා යන්නේ. ඒ තමයි එයාගේ අතේ තිබ්බ පච්ච සලකුණක් ඔලිවර් ගේ ඇඟට කා වද්දන එක. මේකෙන් වැඩක් ගන්න පුලුවන් කියලා කියන්නේ Baron Reiter ට එරෙහිව. අපිට මේ බැරන් ගැනයි, ඔලිවර් මේක භාවිතා කරන විදිහ ගැනයි ඉස්සරහට දැන ගන්න අවස්තාව හම්බෙයි.


09. අතීත කතාව වගේම වර්තමාන කතාවේ දී ත් අපිට Constantine ගැන ගොඩක් දේවල් දැක ගන්න පුළුවන් උණා.

No Smoking
සොරි Constantine. CW එක ඇතුලේ දුම් බීම ට අවසර නෑ. Constantine  කියන්නේ දුම් බීමට තදින්ම ඇබ්බැහි වුන කෙනෙක් නේ. ඒ ගැන ඉඟි අපිට හම්බෙනවා අවස්තා කිහිපයක දීම.


දුම් බොන්න විතරක් නෙවේ පූජාවක් කරද්දී පහන් පත්තු කරන්න ගන්නෙත් Constantine  ගේ විශේෂ ලයිටර් එක.

Same Person with Same Name
ගොඩක් අයට තිබ්බ ගැටලුවක් තමයි Constantine ඇරෝ එකට ගෙනාවට ඒ අපිට NBC එකේ දකින්න ලැබුණු කෙනා වෙන්නේ නැතුව වෙන Constantine කෙනෙක් වෙයි ද කියලා (මල්ටි වර්ස් වගේ). ඒ ගැන කාට හරි සැකයක් තිබ්බා නම් මේකෙන් ඒක නැති වෙනවා. මොකද Constantine කතාවේ දී එයා ගාව තියෙන්නේ මේ කාඩ් එකමයි.


One year ago similar case
Constantine කියනවා එයා ආත්මයක් ආපහු ගෙන්වන වැඩේ මීට කලින් කරලා තියනවා කියලා. ඒ මීට අවුරුද්දකට කලින් වගේ කියලා. මෙතන දී කියන්නේ Constantine කතාවේ 10 කොටසේ දී සිද්ද වුනු සිදුවීමක්. මේකේ දී Constantine එයාගේ සහයකයා Chas ගේ දුවගේ ආත්මය ආපහු ගෙන්වනවා.
ඔලිවර් සහ ලෝරල් Sprite World එකට ආයුධ නැතිව ගියාට ඒ ලෝකේ දී මේ දෙන්නාට ආයුධ හම්බෙනවා. හැබයි Constantine කියපු තරම් නම් ලොකු අනතුරක් තිබ්බේ නෑ ආත්මය ආපහු ගේන්න. 

I'll be there for you
ඔලිවර් කියනවා Constantine ට එයා වෙනුවෙන් ඔලිවර් ඕන වේලාවක ඉන්නවා කියලා. අමුතුවෙන් ඉන්න දෙයක් නෑ. ඔලිවර් එහෙමත් නැතිනම් Stephen Amell,  Constantine වෙනුවෙන් පෙනී හිටියා. 

10. Ray is alive
තව පොඩ්ඩෙන් අමතක වෙනවා. රේ පාමර් ජිවතුන් අතර ඉන්නවා ලු.



Bonus
What you need a dead peacock feather for
අපි මේ ගැන ඉඟියක් අපේ යාළුවන් ට දුන්නා මතක ඇතිනේ. කිහිප දෙනෙක් ඒක හරියටම හදුනාගෙන තිබ්බා. ඇත්තමට මෙතන දී Constantine සමච්චලෙට ගන්නේ Constantine  කතාව කලින් විකාශය වුනු NBC ආයතනය ගැන. 

මොකද NBC ආයතනයේ ලෝගෝ එක තමයි මොණරා.

Constantine ඇවිත් ගිය එකෙන් ඇරෝ කතාව බලන  දැනෙන තරම් වෙනසක් උණාට කතාවේ ප්‍රධාන ගැටළු ව තවම වෙනසක් වෙලා නෑ. ඒ කියන්නේ ඉස්සරහ කොටස් වල දී අපිට ගොඩක් සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ දේවල් එක්ක ආපහු හම්බෙමු ලබන සතියේ ත් එහෙනම්.
එතකල් ලබන සතියේ ඇරෝ කතාවේ වෙන්නේ මොකක්ද කියන දේ ගැන පොඩි අදහසක් අරන් ඉමු.



attila_THE_hun

5 comments:

  1. Constantine ayeth evida arrow ekata ehema naththan Constantine SE 2 patan gavida bn

    ReplyDelete
    Replies
    1. කොන්ස්ටන්ටීන් සීරියස් එක නවත්තල තියෙන නිසා අපිට සීසන් 2 එක බලාපොරොත්තු වෙන්න බැරිවෙයි, ඒත් ඉස්සරහට ඇරෝ එකේදි අපිට කොන්ස්ටන්ටීන්ව බලාගන්න පුලුවන්.

      Delete
  2. කොන්ස්ටන්ටීන්?????

    ReplyDelete
  3. niyamai sahoo
    supiri episode eka thama meka
    enakam balagena hitiye
    thanks for the review ekata
    digatama karanna

    ReplyDelete
  4. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න