Gotham s02e07 - Mommy's Little Monster Review
******* Spoiler Alert *******
ගෝතම් සහ ෆ්ලෑෂ් කතාමලාවන් සාමාන්‍ය කතා වගේ නෙමෙයි, හැංගිච්ච කරුණු ගොඩක් තියෙන දිනෙන් දින රසවත් වෙන කතාමාලාවන් දෙකක් කියල කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි.. එක නිසාම වෙන්න ඕනේ අපේ යාලුවෝ අපෙන් රිවිව් එක එනකම් ගොඩක් නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙත්.. කලින් ගෝතම් සහ ඇරෝ කතාවන් දෙකටම රිවිව් සපයපු අපේ ඇඩ්මින් සහෝදරයාව වැඩවලින් ටිකක් නිදහස් කරන්න ඕනේ කියල ගෝතම් බාරගත්තා උනත් ගෝතම් කතාව ආපු ගමන්ම වගේ රිවිව් එක දෙන්න බැරි වෙන එක ගැන පොඩි කනාගටුවක් තියෙනවා. අදත් සුදානම ටිකක් පරක්කු වෙලා උනත් මේ සතියේ කොටසේ සැඟවිච්ච කරුණු ගැන අපේ යාලුවන්ව දැනුවත් කරන්න.. මුලදීම කිව්වා වගේ ගෝතම් කතාව තුල හැංගිලා තියෙන සියුම් දේවල් නිසාද මන්දා එන්න එන්නම් රසවත් වෙනවා.. ඒක නිසාම මෙවරත් අපිට ගොඩක් රසවත්, තිබුන ප්‍රශ්ණ කිහිපයකට උත්තර ලැබුන සහ තවත් ප්‍රශ්ණ රාශියක් අලුතෙන් ඇතිවෙච්ච සාර්ථක කොටසක් දැකගන්න ලැබුනා..
01 - Caged - අපි දැක්ක ගියපාර ගිල්සින් එහෙමත් නැත්තම් බුච් පෙන්ගුයින් ගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ගිහින් තියෝ ට අහුවෙනවා.. එතැනදී ටැබතා ගේ ග්‍රහණයට අහු වෙච්ච බුච් කතාවේ අන්තිමට පෙන්ගුයින් ගාවට ඇවිත් කියනවා එයාගේ අම්ම ඉන්න තැන ගැන දන්නවා කියලා. ඒ අනුව පෙන්ගුයින් අම්මව හොයාගෙන එන තැනින් තමයි මේ පාර කතාව පටන් ගන්නේ. අපි එදා අන්තිම හිතපු දේ හරි,පෙන්ගුයින් අල්ලගන්න තියෝ,ටැබතා සහ බුච් හදපු කුඩුවට තමයි ඔස්වල්ඩ් මේ අවේ..
මෙතැනදී අපිට කියනවා ටැබතා කොහොමද බුච් ව ආපහු යතා තත්වෙට ගෙනාවේ කියල. මනෝවිද්‍යාව ගැන උනන්දු අය සහ චිත්‍රපට හෝ වෙනත් ආකාරයෙන් මේ දේවල් ගැන තොරතුරු ලබාගත්ත අය දන්නවා මෝහනය කිරීමකදී යම්කිසි විධානාත්මක වචනයක් (හෝ වෙනත් දෙයක්) මනස ඇතුලේ තැම්පත් කරලා ඒම විධානය ලැබුන විටෙක ස්වයන් මෝහනයකට ලක් කිරීම ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක් කියල.. මෙතනත් උනේ ඒ වගේම සංසිද්දියක්,ටිකක් ප්රතිවිරුද්ධව..
මෙතැනදී පෙන්ගුයින් ව තමන් ඉස්සරහ දැනගස්සවන්න තියෝ ට පුළුවන් උනා. අපිට පෙන්නනවා තමන්ගේ අම්ම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඔස්වල්ඩ් සුදානම් කියල,එකනේ එයා තියෝ ට කියන්නේ තමන්ව මැරුවත් කමක් නෑ අම්මට යන්න දෙන්න කියල..
මොනවා උනත් අන්තිමේදී පෙන්ගුයින්ට කතාව ඇතුලේ තනි වෙන්න වෙනවා. ඔස්වල්ඩ් මෙතෙක් ලබාගත්ත දරුණුම පරාජය තමයි තමන්ගේ අම්මගේ මරණය.. නමුත් මට හිතෙන විදිහට නිෂ්පාදකයෝ මෙහෙම කරන්න ඇත්තේ බැඳීම් නැති වඩා දරුණු පෙන්ගුයින් කෙනෙක්ව ඉස්සරහට ගෝතම් වලට ගෙන්න ද කියලත් හිතෙනවා..
ගොඩක් අයගේ අදහස මෙතැනදී පෙන්ගුයින් තියෝ ගේ බෙල්ලට පිහිපහරක් එල්ල කරන එක ජෙරොම් ගේ මරණය ගැන අපිට කරන මතක් කිරීමක් කියලයි.. ඇත්තටම එක ගොඩක් හොඳ අදහසක්..
02 - Wake Up - කලින් දවසකදී මම කිව්වා වගේම ගෝතම් වලදී රිඩ්ලර් චරිතය කොමික් වලට වඩා ටිකක් සිහිබුද්ධිය අඩු චරිතයක් කරන්න අදහසක් තියෙනවා වගේ.. කලින් සතියේ තමන්ගේ අතින් මැරිච්ච ක්‍රිස්ටීන් ව නිග්මාගේ අභ්‍යන්තර අඳුරු චරිතය කොහේ හරි හංගලා නිග්මට කියනවා හොයාගන්න කියලා.. රිඩ්ලර් ගේ චරිතය ආරම්භ කරන්න මිට වඩා හොඳ විදිහක් නම් හැබැයි තවත් නැති තරම්. නිග්මා ගේ තියෙන ප්රේහෙලිකාවන්/තේරවිලි වලට ඇති කැමැත්ත වගේ නෙමෙයි රිඩ්ලර් ගේ හැංගිච්ච හෝඩුවාවන්..
දම් පාට සහ කොළ පාට ගොඩක්ම ජනප්‍රිය ජෝකර් ගේ වර්ණයන් විදිහට නිසා ගොඩක් අය මෙතැනදී දම්පාට ලියුම් කවරයේ කොළ පාටින් ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන එක ගැන හිතුවේ ජෝකර් ගැන දෙන හෝඩුවාවක් කියල.. ඒත් ඇත්තටම මේ අපිට පෙන්නන්නේ රිඩ්ලර් ගැන. රිඩ්ලර් ගේත් ප්‍රධාන පාටවල් දෙක වෙන්නේ දම් සහ කොළ. ලෙක්ස් ලුතර් ටත් මේ පාටවල් දෙක එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා.(කතාවක් තියෙනවා ලෙක්ස් ගේ ආමර් එකට මේ වර්ණ දෙක යොදාගන්නේ කොළ ක්‍රිප්ටනයිට් සහ සුපි ගේ නිල්-රතු දෙකේ සංයෝජනය විදිහට කියලත්) බලන් යනකොට "සුපිරිම" විලන්ස්ලා කොළ - දම් පාට දෙකෙන් එකකට හරි ලොකු කැමැත්තක් තියෙනවා වගේ ( ඩොක්ටර් ඩුම්,ලෝකි,මැග්නිටෝ,සිනෙස්ටර්)
ඔතන නිග්මට එහායින් Zelda කියල තියෙන පෝස්ටර් එක 1966 දි ආපු බැට්මෑන් කතාමාලාවේ කොටස් දෙකකට පෙනී හිටපු Zelda the Great කියන Escape Artist/Villain ව මතක් වෙන්න කතාවට ඇතුලත් කළා කියල තමයි දැනගන්න ලැබුනේ.
03 - Don't trust cute girls! - අපේ කාන්තා පාර්ශවේට ටිකක් තරහ යයිද දන්නේ නෑ මම එහෙම කිව්වම.. ගණන් ගන්න එපා,ගෝතම් කතාවේ රිවිව් එකේදී මෙතනට දෙන්න මිට වඩා හොඳ කැප්ෂන් එකක් හිතා ගන්න බැරි උනා.. අහිංසක පාටට හිටියට සිල්වර් කියන්නෙත් ටැබතා, තියෝ ගානටම මෝරපු කෙල්ලෙක් වගේ.. කතාවේ ඉන්න එකම ගෑනු ළමයා බ්රුස් විතරද මන්දා..
කොමික් එක්ක තියෙන සම්බන්දය බැලුවොත් මම කලින් කියපු විදිහට සිල්වර් සෙන්ට් ක්ලවුඩ් කියන්නේ නම් ගොඩක් අහිංසක චරිතයක්. බ්රුස් වේන් කියන්නේ බැට්මෑන් කියල දන්න චරිතයක් වගේම බ්රුස් වේන් කසාද බඳිමුද කියල අහපු කෙල්ලෙක්..
04 - I Am the Mayor - පැනල යන පෙන්ගුයින් ව තමන්ට අලුතෙන් ලැබුන නගරාධිපති පුටුවේ බලතල මාර්ගයෙන් කොහොම හරි අල්ලගන්න තමයි තියෝ ගේ කල්පනාව. නමුත් මෙතැනදී ජිම් ට ඉවෙන් වගේ තේරෙනවා තියෝ ගේත් යටි අරමුණක් තියෙනවා කියලා..
කාලෙකට පස්සේ අපිට හාවී ඩෙන්ට් වත් මුලින්ම දැකගන්න ලැබෙන්නෙත් මෙතැනදී..
අනික් දේ තමයි මෙතැනදී ඇහෙන විනිසුරු ටර්න්බුල් කියන නමත් එක්ක අපිට මතක් වෙන්නේ ජෝනා හෙක්ස් ගේ විලන් කෙනෙක් වෙන ක්වින්ටින් ටර්න්බුල් ගේ පවුලේ කෙනෙක්ද කියල.. ජෝනා හෙක්ස් කියන්නේ කවුද කියල නම් අපේ යාලුවොන්ට වැඩිය මතකයක් නැතුව ඇති,ඒත් නයිට් ඔෆ් ද අවුල්ස් කතා මාලාව ටයි ඉන්ස් එක්ක කියෙව්වනම් මේ නම හම්බවෙන්න ඇති..
05 - every girls are very much alike - බ්රුස් ව හොයාගෙන එන සෙලිනා ට බ්රුස් ගේ අලුත් මිතුරිය සිල්වර් වත් හම්බවෙනවා.. සිල්වර් ව දැක්කම සෙලිනාටත් පොඩ්ඩක් ඉරිසියා හිතුන වගේ,එත් හොඳම වැඩේ මේ දෙන්න ඉතාමත් ඉක්මනින් හොඳ හතුරන් වෙන එක.. ඉස්සරහට තවත් රසවත් දේවල් අපිට දැකගන්න ලැබෙයි..
06 - Need a Hand? - නිග්මා එයාගේ අභ්‍යන්තර නපුරු නිග්මා දුන්න ප්‍රෙහේලිකා විසඳීම කරන්න හදනවා. ඉස්සරහට මේ වගේ දේවල් ගොඩක් අපිට දැකගන්න ලැබේවි ගොඩක් දුරට. කොහොමත් මේ දේ අපිට මිට ගොඩාක් සාමන ආකාරයට තමයි කොමික් වලත් දකින්න ලැබෙන්නේ..
07 - what's the matter Silver! Is cat got your tongue? - කලින් කට වහගෙන හිටිය සෙලිනා බ්රුස් තමන් ගැන වඩා විශ්වාසයක් තියෙනවා කියල හිතපු නිසාද මන්ද ඔහොම කතා කලේ.. කොහොම හරි කඳුළු පෙන්නලා සිල්වර් ගානට එතනින් මාරු උනා. අපිට ගෝතම් වලදී මේ වෙනකම් දකින්න ලැබුනේ කිසි දෙකට භය නැති සෙලිනා කෙනෙක් විතරයි,එත් කැට්වුමන් වෙන්න නම් මේ සෙලිනාට එයාගේ මායම් ඔයිට වඩා හොඳට පාවිච්චි කරන්න ඉගෙන ගන්න වෙනවා.. ඉස්සරහට ඒ දේවලුත් අපිට දැකගන්න ලැබෙයි කියල විශ්වාසයක් තියෙනවා..
"That smell really dose slap in the face, doesn't it, Alfred? - සෙලිනා,එයාට අල්ෆ්රෙඩ් ගහපු කනේ පාර ගැන අල්ෆ්රෙඩ් ට කරපු හින්ට් එක නම් මේ පාර කතාවේ හම්බෙච්ච ලස්සනම සිද්දියක්..
08 - the game is on - නිග්මා ගේ රංගනය මේ කතා මාලාවේදී ගොඩාක් වැඩි දියුණු වෙලා. පෙන්ගුයින් සහ ජෙරම් ට ඇදිච්ච අවධානය ටිකෙන් ටික තමන්ගේ ග්‍රහණයට ගන්න මෙවර නිග්මා සමත් වෙනවා.. ඉස්සරහට ගෝතම් වල චරිත අතර මීටත් වඩා උණුසුම් තරඟයක් දැකගන්න ලබෙන බවට දැනටම ඉඟි පහළවෙනවා වගේ..
09 - This is War - ජිම් හමුදාවෙන් ආවට යුධ පිටිය අමතක වෙන්න ගෝතම් නගරයෙන් ඉඩ දෙන්නේ නෑ. බුච් ව හොයාගෙන එන බුලොක් සහ ජිම් දෙන්න වික්ටර් සෑස් ගේ බලකාය එක්ක වෙඩි හුවමාරුවකට යන්න සිද්ධ වෙනවා..
මෙතැනදී ජිම් සහ බුලොක් දෙන්නට බුච් ව අල්ලගන්න බැරි උනත් සෑස් ගෙන් බේරෙන එක සහ තියෝ ගැන ඇත්ත දැනගන්න ලැබෙන එක ලොකු ජයග්‍රහණයක්..
10 - Traped - බ්රුස් අපි හිතනවටත් වඩා තියෝ ගේ උගුලට අහු වෙලා වගේ. වෙච්ච සිද්ධිය නිසා සිල්වර් ගෙන් සමාව ඉල්ලන්න එන එකෙන් තව ටිකක් කරදරේ වැටෙනවා වගේ..
තව පොඩ්ඩෙන් අමතක වෙනවා, අපිට කතාව මුලදී දැනගන්න ලැබෙනවනේ තියෝ ගේ අරමුණ බ්රුස් ගේ දේපල එයාගේ නමට හරවගන්න එක කියල. අමුතුවෙන් කියන්නේ ඕනේ දෙයකුත් නෙමෙයි හැබැයි ඒ දේ නම්..
11 - Man behind the mask - ජිම් අනුමාන කරනවා ගෝතම් වලට වෙච්ච දේවල් බහුතරයක් පිටිපස්සේ තියෝ ඉන්නව වෙන්න ඕනේ කියල. ජිම් කියන කාරනා බැලුවම හාවී ටත් පිළිගන්න වෙනවා තියෝ කියන්නේ ගොඩක් කපටි කෙනෙක් කියල..
12 - Penguins - තියෝ ට පහර දෙන්න පෙන්ගුයින් යොදාගන්න උපාය හැමෝවම පුදුම කළා වගේ. තියෝ උනත් හිතන්න ඇති මේ වැඩේ ලේසියෙන්ම කරගන්න ලැබෙයි කියල.. කොහොම හරි පෙන්ගුයින් ගේ කට්ටිය වගේම ගෝතම් පොලිසියේ ගොඩාක් දෙනෙකුත් මේ ප්‍රහාරය නිසා මැරෙනවා. ඒ අතරට ස්ට්‍රයික් ෆෝර්ස් එකේ මර්ටිනස් ගේ මරණයත් ඇතුල් වෙනවා..
මේ වෙනකොට ස්ට්‍රයික් ෆෝර්ස් එකේ ආරම්භක සාමජිකයන්ගෙන් තව ඉතුරු වෙලා ඉන්නේ දෙන්නයි..
තියෝ මරන්න කිව්වට ජිම් පෙන්ගුයින් ව මරන්නේ නෑ,මොකද එයා දන්නවා පෙන්ගුයින් මේ දේවල් කලේ අයි කියල.. ටැබතා පෙන්ගුයින්ව මරන්න හදන එකත් සාර්ථක වෙන්නේ නෑ,පෙන්ගුයින් පැනලා යනවා..
13 - The Speech - නොවැදගත් වගේ පෙනුනට මේ පාර කතාවේ ගොඩක් සුවිශේෂී දෙයක් තමයි තියෝ ගේ මේ කතාව. මෙතැනදී තියෝ කියනවා එයාගේ මුතුන්මිත්තෝ කඩු හදපු අය කියල.. අපිට දැනගන්න ලැබුනා තියෝ ගේ නියම පරම්පරාව ඩුමා පරම්පරාව කියල. එතකොට ඩුමා ල සහ මේ කඩු සෑදීම කියන දේවල් සම්බන්ධ වෙන්නේ කොහොමද? ගෝතම් කතාවේ තියෙන විශේෂිතම දෙයක් තමයි අවිනිශ්චිත බව. කලින් දීපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මම එහෙම කියන්න හිතුවේ ඇයි කියල මම අන්තිමට කියන්නම්..
කලින් පාර රිවිව් එකකදී මම කිව්වා සෙන්ට් ඩුමා පරපුර එක්ක ටෙම්ප්ලර් නයිට් ලට තියෙන සම්බන්ධය ගැන. ටෙම්ප්ලාර් නයිට් ල,විශේෂයෙන් ඇස්රෙයිල් කියන්නේ කඩු භාවිතා කරන අය. එසේ මෙසේ කඩු නෙමෙයි බොහොම විශේෂ කඩු භාවිතා කරන අය. ඉතින් මෙතැනදී අපිට කෙල්න්ම කියනවා තියෝ ගැල්වාන් කියන්නේ ටෙම්ප්ලාර් නයිට් ලට සම්බන්ධයක් තියෙන කෙනෙක් කියල.. ඒ කියන්නේ අපිට ඉස්සරහදි ඇස්රෙයිල් ව ගෝතම් වලදී දැකගන්න ලැබුනොත් ඒ ගැන වැඩිය පුදුම වෙන්න දෙයක් නෑ..
කලින් මම කිව්වනේ ගෝතම් කියන්නේ අවිනිශ්චිත කතාවක් කියල,මම එහෙම කිව්වේ කෝර්ට් ඔෆ් අවුල්ස් සහ ටෙම්ප්ලාර් නයිට් යන දෙකම ගැන අපිට මේ දිගින් දිගටම දෙන ඉඟි නිසා. සමහරවිට මේ දෙකම ගෝතම් වලට එන්නත් පුළුවන්..
14 - Killer Lips - එක පැත්තකින් තියෝ ජිම් ගේ විශ්වාසය අහිමි කර ගත්තට සිල්වර් ගේ මාර්ගෙන් බ්රුස් ව නම් තමන්ගේ යටතට අරගෙන ඉවරයි. පෙන්ගුයින් ජිම් ට මේ ගැන අනතුරු අඟවන්න හැදුවත් ඒක ටැබතා නිසා වැළකෙනවා. කොහොම හරි සෙලිනාත් පැත්තක ඉඳන් මේ දේවල් ගැන බලාගෙන ඉන්නේ..
රිවිව් එක පටන් ගද්දි කිව්වා වගේම ගෝතම් කතාව එන්න එන්නම රසවත් වෙනවා.. ඉස්සරහට වෙන්න තියෙන දේවල් අනිවාර්යයෙන්ම තවත් රසවත් වේවි..
15 - Welcome to the Dark Side - ඔන්න අන්තිමේදී නිග්මා එයාගේ අභ්‍යන්තර අඳුරත් එක්ක එකතු වෙන්න තීරණය කරනවා.. නිග්මා ගෙ පැත්තෙන් මේක පෙන්නන්නේ එයාගේ තිබුන කුලෑටි ගතිය, බියගුළු කම නැති කරන්න කරන්න ඕනේ දේ කියල. සම්පුර්ණයෙන්ම පිස්සෙක් නොකර හෝ සීරියල් කිලර් කෙනෙක් නොකර මේ තත්වේ මේ විදියටම දිගටම පවත්වාගෙන ගියොත් ඒක ලොකු දෙයක්..
මෙතැනදී (අඳුරු) නිග්මා කතා කරන විදිහ, කටහඬ අපිට දෙන ඉෆෙක්ට් එක සහ විෂුවල් ඉෆෙක්ට් එක නිසා බැට්මෑන් ආකම් පරිගණක ක්‍රීඩා මාලාවේ රිඩ්ලර් සහ රිඩ්ලර් ගේ පණිවිඩ එන විදිහ මතක් උනාද?
#Gotham_sII_eVII_Review
#ClownPrinceOfCrime
ෆට්ට බන් එපිසොඩ් එක බලපු ගමන් නොඉවසිල්ලෙන් ඉන්නෙ මේක එනකම් උබලාගෙ මේ effort එක ගොඩාක් වටිනවා keep up #stay_with_script
ReplyDeleteඅනිත් කතාවලට වඩා දැන්නම් ගෝතම සුපිරි.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ඊළඟ එපිසෝඩ් එක එනකම් ඉන්නේ ඇගිලි ගැන ගැන.ඒ වගේම රිවිව් එකත් එහෙමයි.ඒකයි මැසේජ් කරලා අහන්නේ :) ඊළඟ එපි එකටත් රිවිව් ඉක්මනට දෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.ජය වේවා.
ReplyDeleteඅනිවා මචං
Deleteස්තූතියි
ReplyDelete