Spider Verse කථාමාලාව සම්බන්ධ ලිපි මේ සතියේ පටන් පල කරන්න සියල්ල සූදානම් කරලා හමාරයි. කලින් ලිපියේදී අපි මේ Spider Verse එක ගැන සැකෙවින් විස්තරයක් ගෙන ආවා. Spider Verse එකේදී වෙන්න පුලුවන් ගොඩක් දේවල් ගැන පුංචි අදහසක් ඒ ලිපියෙන් ලැබෙන්න ඇති. අද අපි Spider Verse එකේදී අපි දැනගත යුතු කරුණු කිහිපයක් ගැන කථා කරනවා. මේ කථා කරන සමහරක් කරුණු සම්බන්ධයෙන් වැදගත් පුද්ගලයන් සහ දේවල් ගැන වෙන වෙනම පසුවට කථා කරන්නත් සිදු වේවි. ඒ ඒ දේවල්/පුද්ගලයන් ගැන විශේෂ තනි ලිපි අවශ්‍ය ස්ථාන වලදී ගෙන එන්නත් සූදානම්. මේ storyline එකේ අපැහැදිලි තැනක් තිබුණොත් comment කරලා අහන්න. ඒ වගේම මේ වගේ තව ඉස්සරහට ගොඩක් කථාමාලා ගේන්න අපි සූදානම්. ඒකට ඔයගොල්ලන්ගෙ ප්‍රතිචාර ගොඩක් වැදගත්වෙනවා. ඒ නිසා ඔයාලා like එකක් දාලා comment කරලා දක්වන සහයෝගය අපිට ගොඩාක් ලොකු හයියක්. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න. ඉස්සරහට කෙරෙන වැඩ වලට ඒවා ගොඩාක් ලොකු පිටිවහලක් වේවි. එහෙනම් අපි අපේ වැඩේ පටන්ගමු..
1 - What The Hell Is Going On?
Spider Verse සහ more Spider Men and Totems කියපු ගමන් ගොඩක් කට්ටියට මේ විදියට හිතෙන්න පුළුවන්. එක දිගටම comics කියවන්නේ නැති අයට නම් මේක එක පාරටම විකාරයක් කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් ඇත්තටම කවුරුත් හිතපු නැති විදියට මේ storyline එක ගොඩක් ජනප්‍රිය වුණා. Marvel විශ්වයේදී Totems ලෙස හඳුන්වන්නේ සත්වයන්ගෙන් බලයන් ලද දෙමුහුන් මනුෂ්‍ය/සත්ව පිරිස් වලටයි. ඔවුන්ව මනුෂ්‍ය සහ සත්ව ලෝක අතර ආධ්‍යාත්මික link එකක් හැටියටත් හඳුන්වන්නට පුළුවන්. අපි දන්නවා Peter Parker එහෙම නැත්නම් Spider Manට බලයන් ලැබුණේ radioactive spider-bite එකකින් කියලා. ඒ වගේ තවත් බලයන් ලැබුණු බොහෝ පිරිස් Marvel විශ්වයේ සිටිනවා. ඒ විතරක් නෙවෙයි තවත් බොහොමයක් totems Marvel විශ්වයේ තිබෙනවා. Black Pantherට බලයන් ලැබෙන්නේත් මේ විදියටමයි. ඒ කියන්නේ Panther Totem එකේ දෙවිවරුන්ගෙනුයි Black Pantherට බලයන් ලැබෙන්නේ. Black Panther ගැන ඉදිරියට ලියැවෙන ලිපි වලින් මේ ගැන විස්තරාත්මකව කථා කරන්න අපි සූදානම්.
Spider Manගේ දිගු කාලීන සතුරෙක් වන සහ මේ කථාමාලාවේ දුෂ්ඨයා වන Morlun කථාවට සම්බන්ධ වන්නේ මේ Spider Totem නිසාමයි. Morlun Marvel multiverse එකේ Spider-Totems සහිත සියල්ලන්ම සොයා යමින් ඔවුන්ව මරා දමමින් ඔවුන්ගේ totemic power එක ලබාගෙන තමන්ගේ ශක්තිය සහ බලය ලබා ගැනීමටයි අරමුණු කරන්නේ. මේ හැමදේම පටන් ගන්නේ Superior Spider Man කථාවේදී පිපිරුමක් වලක්වන්නට යද්දී එක්වරම අතුරුදහන් වුණු Peter Parkerගේ ශරීරය තුළ සිරවුණු Otto Octavius(Doc Ock) එහෙමත් නැතිනම් Superior Spider Man විසින් Time Travell Device එකක් මගින් යළිත් තමන්ගේ timeline එකට පැමිණෙන්නට උත්සහ කිරීමෙන් පසුව දකින සිදුවීම් සමුදායකට පසුවයි. Superior Spide Man පැමිණ තිබෙන්නේ ඔහුගේ timeline එකට නොවෙයි. ඒ වගේම ඒ වන විටත් ඒ timeline එකේ Spider Manව කවුරුන් හෝ මරා දමා තිබෙනවා ඔහු දකිනවා. Otto Octavius(Doc Ock)ගේ බුද්ධිය ගැන අපි හැමෝම දන්නවානේ. මේ නිසාම වෙලා තියෙන දේ ගැන සැක හිතෙන Superior Spider Man මේ අනිත් dimensions ගැන තේරුම් ගන්නවා. වහාම time travel device එකෙන් මේ අනිත් dimensions වලට යන Superior Spider Manට දකින්න ලැබෙන්නේ ඒ ඒ dimensions වල ඉන්න Spider Manලාත් මරා දමා ඇති බවයි. මේ නිසාම අනිත් ඉතිරි dimensions වල ඉන්න Spider-Totemsලා සියල්ලන්ම එකතු වී තමන්ට මේ සිදුවෙන්නට යන විනාශයට එරෙහිව සටන් කරන්නට තීරණය කරනවා. ඒත් මේ අයට Morlunවත් ඔහුගේ පවුලේ පිරිස( The Inheritors)නවතාලන්නට හැකිවේවිද? මේ සියල්ල පිටුපස සිටින්නේ Morlun පමණක්ද? Morlun මුළු multiverse එකේම Spider Totemලා විනාශ කරලා බලය ලබාගනීවිද?
2 - Meet The Inheritors
Morlun මේ Spider-Totems විනාශ කරන්නට පැමිණෙන්නේ තනිව නොවෙයි. ඒකට ඔහුගේ පවුලේ උපකාරයත් ලැබෙනවා. ''The Inheritors''කියන්නේ මූලිකව vampires කොට්ඨාශයක්. අපි හිතන් ඉන්න vampiresලාට වඩා විශේෂ වෙනස් කොට්ඨාශයක්. මොවුන් පැමිණෙන්නේ Earth-001 සිටයි. ඒ කියන්නේ Main Marvel Universe එක වන Earth-616 එකෙන් පරිබාහිරවයි. ඒ නිසාම තමයි මේ කතාමාලාව විශේෂ එකක් වෙන්නේ. මේ Inheritors පවුල ඉතාමත් විශාල පවුලක්. Bora, Brix, Daarroh, Daemos, Jennix, Malos, Morlun, Mortia, Naamurah, Solus, Thanis, Verna කියන ප්‍රබල සාමාජිකයන් රැසක්ම අපිට මේ කථාවේදී හමුවෙනවා. ඉදිරියට මේ හැමෝම ගැන වෙනම ලිපි වලින් වැඩිදුරට කථා කරන්න බලාපොරොත්තු වන නිසා වැඩි විස්තර ඒ ලිපි වලදී කථා කරමු.
ඇත්තටම මේ Inheritorsලාට Spider-Totems විනාශ කරන්නට උවමනා වෙන හේතුව ගැන පොඩ්ඩක් පැහැදිලි කරන එක වටිනවා. Inheritorsලාට ජීවත් වීමට ජීව සාරය අවශ්‍ය වනවා. ඒ නිසාම තමයි ඔවුන් Spider Totem සහිත ජීවීන් සොයාගොස් ඔවුන්ව මරා දමන්නේ. මේ නිසා ඔවුන්ට ශතවර්ෂ ගණනාවකට ආයුෂ ලබාගත හැකියි. මේ Spider Totem පමණක් නෙවෙයි Spider Totem වලටත් වඩා බලවත් Spider Totemic Godලාත් හඹා යනවා. Master Weaver කියන්නේත් ඒ වගේ Spider Totemic God කෙනෙක්. මේ Master Weaverව හඹා යන Morlun ඇතුළු Inheritorsලා පිරිස ඔහුව අල්ලාගෙන Master Weaverගේ බලයෙන් විශ්වයේ සියළු Spider Totems හඹා ගොස් මරා දමන්නට සැලසුම් කරනවා. මේ සැලැස්ම කෙටි සැලැස්මක් නම් නෙවෙයි. 2001 වසරේදී Spider Man comic වලදීත් Morlun Peter Parkerව මරා දමන්නට උත්සහ කරනවා. නමුත් ඒ උත්සහය අසාර්ථක වී Morlun මිය යනවා. නමුත් Inheritorsලා විසින් යළිත් පණ ලබාදෙන Morlun ටික කාලයකට Earth-616 එක මඟ හැර වෙනත් විශ්වයකට යනවා. ඒ අතරේදීයි තමන්ගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා මේ master plan එක Morlun ක්‍රියාත්මක කරන්නේ. නමුත් Inheritorsලාගේ මේ plan එක සාර්ථක වේවිද?
#SmAsHeR
fatta bn
ReplyDeleteඑළz!
ReplyDelete