මේ The Fourth World එකට සම්බන්ධ කොමික් වලින් තමයි අපිට මුලින්ම Darkseidව දැක ගන්න ලැබෙන්නේ. ඩාක්සයිඩ් කියන්නේ Apokolips කියන ග්‍රහලෝකයේ ඒකාධිපති පාලකයා. ඩාක්සයිඩ් වටේ ලොකු කතාවක් තිබුනත් මන් ඒ ගැන අවධානය යොමු නොකර ඉන්නම්.
Apokolips කියන්නේ නරක සෙට් එක ඉන්න ග්‍රහලෝකයක් කිව්වොත් නිවැරදියි, මොකෝ මේකේ ඉන්නේ විශ්වයේ නපුරුම ජීවින් ටිකෙන් පිරිසක්. ඒ හින්ද මේ කට්ටියව කන්ට්‍රෝල් එකේ තියාගෙන ඉන්න වෙනම හොද සයිඩ් එහෙකුත් ඉන්නවා. මේ කට්ටිය ඉන්නේ New Genisis වල. Apokolips වල අනිත් පැත්ත. මේ දෙකේම ඉන්න පාලකයෝ සහ ඒ අයගේ පවුලේ අය new Godsල. High Father, Darkseid, Mr. Miracle, Big Barda, Orion, Metron, Desaad, Kalibak, Black Racer, Steppenwolf (ජස්ටිස් ලීග් ෆිල්ම් එකේ විලන් ) වගේ අම්බානක සෙට් එකක් ඉන්නවා. Yuga Khanට (ඩාක්සයිඩ්ගේ තාත්තා) පස්සේ බලවත්ව New God විදිහට Darkseidව හදුන්වන්න පුළුවන්.
- ඩාක්සයිඩ් හුගක් ප්‍රසිද්ධයි එයාගේ Omega Beams වලට. ඔමේගා බීම්ස් කියන්නේ හුගක් වේගෙන් ගමන් කරන ලේසර් වගේ Attack එකක්. හැබැයි මේක කොස්මික් ලෙවල් එකේ පවර් එකක්. Supermanව එහෙමත් knockout වෙනවා මේක වැදුනම. මේක වැදිලා ජිවත් වෙන්න පුළුවන් Superman, Doomsday වගේ සෙට් එහෙකට විතරයි. ඒ වගේම මේ Omega Beams වල තියෙන විශේෂත්වය තමා ඉලක්කය ගත්තට පස්සේ දුවල බේරෙන්න අමාරුයි. මොන direction එහෙකට දිව්වත් හබාගෙන එනවා. Flash level speed එකක් තියෙන කෙනෙක්ට තමා දුවල බේරෙන්න පුළුවන්.
- ඩාක්සයිඩ්ට ළමයි කිහිප දෙනෙක් ඉන්නවා. Orion, Kalibak, Grail මේ අතරින් ප්‍රධානයි.
මේ අතරින් Orion හොද කෙනෙක් කියල කියන්න පුළුවන්. මොකද ඔරියොන් ඩාක්සයිඩ්ගේ පුතෙක් උනාට හැදී වැඩෙන්නේ නිව් ජෙනේසිස් වල. කලිබැක් හුගක් powerful උනාට පුර්ණ ළමාවිය සංවර්ධනය උනේ නැති පොරක්. Grail කියන්නේ මේ ලගකදී හදුන්වා දුන් චරිතයක්. Grailගේ අම්මා ඇමේසන් කෙනෙක්. ඒ හින්ද Grail පට්ට පවර්ෆුල්.
- ඩාක්සයිඩ්ගේ තාත්තා Yuga Khan. ඩාක්සයිඩ්ට කලින් විශ්වයේ God of Evil යුගා කාන් කියල කියන්න පුළුවන්. මෙයා Source Wall එකේ හිර උනාම තමා Darkseid අපොකලිප්ස් වල පාලනය භාර ගන්නේ. ඩාක්සයිඩ්ට වඩා පවර්ෆුල් එකම නිව් ගොඩ් Yuga Khan කියල හිතන්න හේතු තියෙනවා.
- ඩාක්සයිඩ්ගේ මුලික පරමාර්ථය විශ්වයේ තියෙන Free Will එක නැති කරන්න. ඒ කියන්නේ කෙනෙක්ට තමන් කැමති විදිහට වැඩ කරන්න තියෙන හැකියාව නැති කරන්න.
- ඩාක්සයිඩ් මේක කරන්න ට්‍රයි කරන්නේ Anti-Life Equation හරහා. Anti-Life Equation එක ගැන කෙටියෙන් කියනවනම් මේකෙන් මිනිස්සුන්ගේ හැගීම් සහ මනස පාලනය කරන්න පුළුවන්. ඩාක්සයිඩ්ගේ අරමුණ ලගා කරගන්න හොදම භාණ්ඩේ මේක. DC universe එකේ අපි ජිවත් වෙන මල්ටිවර්ස් එකට අමතරව Anti-Matter යුනිවර්ස් එක තියෙනවා. සරලව කියනවනම් අපි ජිවත් වෙන්නේ Positive matter යුනිවර්ස් එහෙක.මේකේ විරුද්ධ එක තමා Anti-Matter universe. මේක නිර්මාණය වෙන්නේ Anti-Life Equation එකෙන්. ඩාක්සයිඩ් විශ්වාස කරනවා Anti-Life Equation එක ජිවිතයේ තියෙන හිස් බව පෙන්වන Mathematic Equation එකක් කියල. ඒ වගේම Darkseid විශ්වාස කරනවා පෘතුවියේ මිනිස්සුන්ගේ යටිහිතේ තමයි මේක සැගවිල තියෙන්නේ කියලා. ඒක ලබා ගන්න තමයි ඩාක්සයිඩ් හැමතිස්සෙම පෘතුවිය ආක්‍රමණය කරන්නේ.
- ඒ වගේම කියන්න ඕනේ ඩාක්සයිඩ් ඉන්නේ Multiverse එකටත් පිටින්. ඒ කියන්නේ Crisis, Flashpoint/New52 වගේ ඉවෙන්ට්ස් වලින් ඩාක්සයිඩ්ට බලපෑමක් නැහැ.
- කට්ටිය අහල ඇති Doomsday, Superman එහෙම ඩාක්සයිඩ්ව පැරද්දුව කියල. ඒත් මේක ඇත්තම නෙමේ. මොකද ඒ අය පරද්දන්නේ clone ඩාක්සයිඩ් කෙනෙක්ව. ඇත්ත ඩාක්සයිඩ් කියන්නේ අර ඉස්සෙල්ල කියපු Anti-Monitor එක්ක කරට කර සටන් කරපු කෙනෙක්. Anti-Monitor කියන්නේ DC මල්ටිවර්ස් එකේ එක යුනිවර්ස් එකක් ඇරෙන්න හැම යුනිවර්ස් එකක්ම විනාශ කරපු කෙනෙක්.ඇත්ත Darkseidව මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ New 52 එකෙන්.
- ලගදීම ආපු කොමික් වලදී අර කිව්වා වගේම ඩාක්සයිඩ් Anti-Monitor එක්ක කරට කර සටන් කරනවා. හැබැයි Black Racer (තවත් නිව් ගොඩ කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් මෙයා මරණයේ සලකුණක්. Embodiment of death. ) Anti-Monitorට උදව් කරන නිසා ඩාක්සයිඩ් මේ සටනේ අන්තිමට පරදිනවා. හැබැයි Anti-Monitor වගේ ඉතා පවර්ෆුල් කෙනෙක්ට තනියෙන් පරද්දන්න බැරි උනා කියන එකෙන් තේරෙනවා ඩාක්සයිඩ්ට ලොකු boost එකක් හම්බුනා කියල අන්තිමට ආපු කොමික් වල.
- මේ සටනේ අන්තිමට ඩාක්සයිඩ් මැරුණත් ඩාක්සයිඩ් නැවත ඉපදෙනවා. හැබැයි පුංචි දරුවෙක් විදිහට. ඉතින් Grail (ඩාක්සයිඩ්ගේ දුව) තීරණය කරනවා ඩාක්සයිඩ්ව උපතේ ඉදන් හොද පැත්තට අර ගන්න. හැබැයි මට හිතෙන විදිහට මේක වැඩ කරන එකක් නැහැ. මොකද ඩාක්සයිඩ්ගේ දුෂ්ටත්වය එන්නේ ඩාක්සයිඩ්ගෙන් නෙමේ ඩාක්සයිඩ් පාලනය කරපු Apokolips planet එකෙන්. මේ බව Presenceගේ (DC විශ්වය මැව්වේ මෙයා. DC වල බලවත්ම ජිවියත් මෙයා.) දකුණු අත වගේ ඉන්න Spectreම වරක් මේ බව සදහන් කරනවා.
- ඒ වගේම කියන්න ඕනේ ඩාක්සයිඩ් මැරුණු එකෙන් ලෝකේ හොද සහ නරක කියන දෙකේ බැලන්ස් එක නැති වෙලා මල විකාරයක් වෙනවා. ඒ කියන්නේ Darkseid කියන්නේ දුෂ්ටයෙක් උනත් ලෝකෙට අත්‍යවශ්‍යම කෙනෙක්. මොකද විශ්වයේ Balance එකට Darkseid අත්‍යවශ්‍යයි.
- මොනවා උනත් අපිට ලගදීම රිබර්ත් වලින් ඩාක්සයිඩ්ව ආයේ බලා ගන්න පුළුවන් වෙයි කියල මට හිතෙන්නේ.
-ඒ වගේම ඩාක්සයිඩ්ව අපිට ඉස්සරහට එන DC ෆිල්ම්ස් වලින් බල ගන්න පුළුවන් වෙයි. BvS එකේ අර batman දකින nightmare sequence එකේ ඔමේගා සංකේතේ ඩාක්සයිඩ්ගේ සලකුණ. ඒ වගේම ලෙක්ස් ෆිල්ම් එකේ අන්තිමට සදහන් කරන්නෙත් Darkseid ගැන.
- මේ නොවැම්බර්වල එන Justice League ෆිල්ම් එකේ ප්‍රධාන සතුරා ඩාක්සයිඩ්ගේ General කෙනෙක් වෙන Steppenwolf. එක්කෝ මෙකෙදීම හරි ලගදීම එන ෆිල්ම් එහෙක හරි ඩාක්සයිඩ් අනිවා ඉදි.
- මිට අමතරව Animation series සහ film කිහිපයක් ඩාක්සයිඩ් ඉදල තියෙනවා.
මේ විස්තර ටික දැනට ඇති කියලයි හිතෙන්නේ. ප්‍රශ්න මොනා හරි තියේ නම් අනිවා අහන්න.
#PJ
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න