Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Supergirl S01 E05 Review

Supergirl S01 E05 Review

Supergirl: Easter Eggs and DC Comics References In "How Does She Do It?


සුපර්ගර්ල් ටීවී ශෝ එකට DC comics වල අනිත් ටීවී ශෝ වල තරම් ෆෑන් බේස් එකක් නැති උනත් අනිවාර්යෙන්ම කියන්න ඕන දැන් දැන් ශෝ එක යම් තත්වෙකට ඩිරෙක්ටර්ස්ලා අරන් ඇවිල්ලා තියෙනවා කියලා. ඊයෙ CBS නාලිකාවෙන් සුපර්ගර්ල් සම්පූර්න සීසන් එකකට අවසර දීල තිබුන නිසා ඒක හොදටම පැහැදිලි වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඇත්තම කියනවනම් සමහර අය මේ ශෝ එක ලාමකයි කිව්වට මම හිතන්නෙ කොමික් ෆෑන් කෙනෙක් නම් මේ ශෝ එක මිස් කරන්නෙ නෑ. මොකද කතාව දැන් ටිකක් කුතුහලයෙන් බලන්න පුලුවන් තත්වෙකට වැටිලා තියෙන නිසා.

ගිය සතියෙ කිව්ව වගේම අපිට පහුගිය එපිසෝඩ් දෙක මාරු කරලා තමයි බලාගන්න පුලුවන් උනේ. මේ සතියෙ එපිසෝඩ් එකේ ඒ තරම් විශේෂ දෙයක් නෑ වගේ පෙනුනත් එහෙම දෙයක් නැත්තෙමත් නෑ. වෙනසකට තියෙන්නෙ ඒව දකින්න නම් වටපිටාව ගැනත් හොඳ අවදානයෙන් ඉන්න ඕන කියන එක.
මම මේ සතියෙ විස්තරය ඒ තරම් දිගට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ලබන සතියෙ එපිසෝඩ් එක ගැන ගොඩක් දේවල් ලියන්න තියෙයි කියිලා හිතෙන නිසා.

  • අපිට බලාගන්න පුලුවන් කාරාගෙ පස්සෙන් ඔත්තු බලන්න Hi-tech drone එකක් එනවා. මේක ඉතිං ඕන සුපර් හීරෝ කෙනෙක්ට සාමාන්‍ය දෙයක්නෙ. මොකද කවුරු උනත් බලන්නෙ ඒ අසීමිත බලයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න. කාරා ඩ්‍රෝන් එක අල්ලගෙන DEO එකට අරන් ඇවිල්ල පෙන්නනකොට මට නම් මතක් උනේ Man of Steel movie එකේ සුපී ඒ වගේම ලොකු ඩ්‍රෝන් එකක් අරන් අවිල්ලා ජෙනරල්ගෙ කකුල් දෙක ගාවට අතාරින එක සීන් එක. ඒ වගේම ඩැන්වර්ස් සහෝදරයෝ(කාරා,ඇලෙක්ස්) හෑන්ක් ගැන අවදානෙන් ඉන්නව වගේ තේරෙනවා. 



  • කාරා ඔෆිස් එකේ උනත් කරන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා තේරෙනවා ඇතිනෙ. කැට් ග්‍රෑන්ට්, ලොයිස් ලේන්වත් පරාද කරලා Siegel Prize for Women in Media ත්‍යාගය දිනාගන්නවා කියලා අපිට මෙතනදි දැනගන්න ලැබෙනවා. ඇත්තටම මේ Siegel Prize එක නම් කරලා තියෙන්නෙ සුපර්මෑන් චරිතයේ සම නිර්මාතෘ Jerry Siegel ට උපහාරයක් විදිහටයි.


  • මම කලින් රිවිව් එකේ කිව්ව වගේම ඔන්න අපිට කාටර්, එහෙමත් නැත්තම් කැට්ගේ පුතා ගැන දැනගන්න ලැබුනා. කැට්ම කියනවා කාටර් විශේෂ කෙනෙක් කියලා. ඒ ඇයිද කියන එක අපිට ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. 
  • ලුසී, ජිමිත් එක්ක තිබ්බ සම්බන්දෙ නතරවෙන්න හේතුවත් ඔන්න අපි දැන් දන්නවා. සමහරවිට ඒ දෙන්න අතින් මොන වැරදි උනත් තාම දෙන්නට දෙන්නා ආදරේ කරනවා වෙන්නත් පුලුවන්. මේ දෙන්නගෙ සම්බන්ධය ශෝ එකේ ගොඩක් දේවල් වලට බලපාන්න පුලුවන්. මොකද ජිමී කියන්නෙ ප්‍රධාන චරිතයක් නිසා. 
  • DEO එක කියන්නෙ එසේ මෙසේ තැනක් නෙවෙයි කියලා දැන් පැහැදිලියි නෙ. FBI එකට පවා ඉහලින් රහසිගතව ඉන්න පුලුවන් සංවිධානයක් තමයි DEO කියන්නෙ. අපි ඒක පහුගිය එපිසෝඩ් වලදිත් දැක්කා. තව දකින්න දේවල් ගොඩක් ඉස්සරහට තියෙයි කියල හිතෙනවා.


  • අපිට ඇහෙනවා DEO එකේදි ඇලෙක්ස් සහ කාරා ලුසී ගැන කතා කරද්දි අලෙක්ස් කියනවා "Can she fly?" කියලා කියනවා. එතකොට කාරා දෙන උත්තරේ තමයි "I wouldn't be surprised" කියලා. මෙතනදි මේක සාමන්‍ය දෙයක් වගේ පෙනුනත් අපි දන්න විදිහට ලුසී තමයි කොමික් වලදි Superwoman වෙන්නෙ. ඒ නිසා මේක ඒ ගැන කරපු සඳහනක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. 

  • කාටර්ව කොමික් වලදි  ගොඩක්ම හැඳින්වුවෙ ඇඩම් කියලා උනත් ටීවී ශෝ එකේදි නම ටිකක් වෙනස් කරලා තියෙනවා. මේක ඉතිං සාමාන්‍ය දෙයක්නෙ. කොහොම උනත් සුපර්ගර්ල්, කාටර්ගෙත් වීරවරිය වෙලා ඉවරයි. දැන් ඉතිං CBS එකෙන් සම්පූර්ණ සීසන් එකක්ම ඉල්ලලා තියෙන නිසා අපිට කාටර්වත්, කැට්ගෙ පවුලෙ අනිත් අයවත් වැඩිපුර බලාගන්න හැකියාවක් ලැබෙයි.
  • ඇලෙක්ස්, මැක්ස්වෙල් ලෝඩ්ගෙ ඔෆිස් එකේ ඉන්න වෙලාවෙදි අපිට පේනවා ලෝඩ්ගෙ "Super Rail" ප්‍රොජෙක්ට් එක ගැන විස්තරයක් එතන පරිගණකයේ තිරයක දාලා තියෙනවා. එතන හොදට බැලුවොත් පෙනෙයි "RR" කියන අකුරු දෙක එක ලග තියෙනවා හරියට "LL" වගේ. සමහරවිට අපිට මේකෙන් කියන්න හැදුවෙ ලෝඩ් කියන්නෙ සුපර්ගර්ල් ශෝ එකට ලෙක්ස් ලූතර් කෙනෙක් වගේ කියල වෙන්නත් පුලුවන්.
    ඒ වගේම ඇලෙක්ස් සහ ලෝඩ් අතර පොඩි සුහදත්වයක් වර්ධනය වෙලා තියෙනවා. ලෝඩ් මොකාටදෙ මේ එන්න හදන්නෙ? 
  • ලෝඩ්ගෙ ඔෆිස් එකේදි පිපිරෙන්න යන බෝම්බෙ ගැන නම් මට් හිතෙන්නම ලෝඩ් මේක උවමනාවෙන් කරපු දෙයක් කියලයි. මොකද ලෝඩ් කියන්නෙ මෝඩයෙක්ක් නෙවෙයිනෙ. අනිත් එක තම්න්ගෙ අතින්ම බෝම්බයක් නිශ්ක්‍රීය කරන්න තරම් ලෝඩ්ගෙ හිත හයිය වෙන්නත් බෑ.
  • ඔන්න එපිසෝඩ් එකේ තිබ්බ හොදම ඊස්ටර් එග්ස් වලින් එකක්. අපිට ඇහෙනවා කාරා වින්ට කියනවා "Your desk is filled with toys" කියලා. මම කලින් රිවිව් වල කියලා තියෙනවා වින්ට ටෝයිමෑන් කියන විලන්ට ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. දැන් ඒක තවත් තහවුරු උනා. තව දෙයක් කියන්න ඕන, සුපර්ගර්ල් නිශ්පාදකවරු ගොඩක් ලොකු ඉඟි දීලා තියෙනවා ටෝයිමෑන් වෙන්නෙ වින් නෙවෙයි වින්ගෙ තාත්තා කියලා. අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා.
  • කාරා සිහි නැතුව ඉන්න වෙලාවෙදි දකිනවා හෑන්ක් තමන්ගෙ ලේ සාම්පලයක් වගේ දෙයක් පරීක්ෂා කර කර ඉන්නවා. හෑන්ක්, සුපර්මෑන්ගෙන් තමන්ට ලැබුන දේවල් වලින් සෑහීමකටපත්වෙලා නෑ වගේ. ඒ වගේම හෑන්ක් ක්‍රිප්ටෝනියන්ලා ගැන සෑහෙන දේවල් ප්‍රමාණයක් දන්නවා වගෙ. ඒත් අපිට තියෙන ප්‍රශ්නය තමයි හෑන්ක් මේ දවල් ගැන මේ තරම් දැනගත්තෙ කොහොමද කියන එක. අපි බලමු මොකද වෙන්නෙ කියලා.

  • කාරා සහ ලූසි මුනගැහෙන බාර් එකේ නම "NOONAN" කියලා සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම මේ NOONAN කියන්නෙ Hitman කෙනෙක්. DCලගෙ හිට්මෑන්ලා ගැන ඔයාල දන්නවා ඇතිනෙ. දන්නැත්තම් කමක් නැහැ ඒ ගැන අපි ඉස්සරහට විස්තරයක් දෙන්නම්. කොහොම උනත් ශෝ එකේ කොහොම උනත් කොමික් එකට අනුව මේ බාර් එකේ අයිති Sean Noonan කියන හිට්මෑන්ට. 

  • ලෝඩ්ගෙ අම්මයි තාත්තයි ජීවිතයෙන් වන්දි ගෙවන්න හේතුව රජයේ වැරද්දක් කියලා තමයි ලෝඩ් කියන්නෙ. සමහරවිට ලෝඩ්,රජයට උදව් නොකරන්න මේක ලොකු හේතුවක් කරගෙන ඉන්නවා ඇති.
  • ඊතන් නොක්ස් කියලා කෙනෙක් කොමික් වලදි අපිට දකින්න ලැබුනෙ නැතත් ඇලෙක්සැන්ඩර් ක්නොක්ස්, සහ කර්ටිස් නොකස් කියලා දෙන්නෙක් නම් අපිට දකින්න පුලුවන් උනා.
  • කාරා මොනවා උනත් වින්ව විශ්වාස කරනවා කියලා පැහැදිලියිනෙ? මේ විශ්වාසය ඉස්සරහට ලොකු සාධකයක් වෙන්න පුලුවන් කියලා මට හිතෙනවා. ඒ වගේම හෑන්ක්ගෙ හැකියාවන් තව තව පෙන්නනවා. සයිබෝග් සුපර්මෑන් විදිහට තව මොනා කරන්න පුලුවන් වෙයිද කියලා බයෙත් බෑ. මොනා උනත් සුපර්මෑන් කෙනෙක්නෙ. 


  • සුපර්මෑන් කෝච්චිය නවත්තන ක්ලැසික් සීන් එක සුපර්මෑන් ෆෑන්ස්ලට මතක ඇතිනෙ. ඒක මතක් වෙන්නත් එක්ක ශෝ එකට ඒ වගේ සීන් එකක් එකත් කරපු එකත් නරකම නෑ.

  • ඇලෙක්ස්ට හෑන්ක් ගැන තියෙන සැකය එන්න එන්නම තහවුරු වෙනවා වගේ. මොකද අපිට දැන් ලැබිලා තියෙන දත්ත වල හැටියට ඇලෙක්ස්ගෙ තාත්තගෙ මරණයට හෑන්ක්ගෙ මොකක් හෝ සම්බන්ධයක් තියෙනවා.
  • ලෝඩ් කියන්නෙ ජස්ටිස් ලීග් එක පවා එකතු කරවන්න මූලික උන චරිතයක් කියලා මම ඔයාලට කිව්ව මතක ඇතිනෙ. මේ දේ කරන්න ලෝඩ් ඕනම දෙයක් කරන්න පසුබට වෙන්නෙ නෑ කොමික් වලදි නම්. ඒ වගේම තමයි ඒ ගතිගුණ ඒ විදිහටම අපිට ශෝ එකේදිත් බලාගන්න පුලුවන්. මේ හැමදේකටම ලෝඩ්ගෙ ලොකුම සැලැස්මක් තියෙන බව ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේ.

ඔන්න එහෙනම් මේ එපිසෝඩ් එකෙත් රිවිව් එක දුන්නා. මේ සතියෙ එකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳීලා ඉන්න Comic Script සමඟ. ආ ඒ වගේම කියන්න ඕන අපේ පළමුවෙනි සැමරුම ලඟම එනවා. ඒ නිසා අපිත් එක්ක අවුරුද්දක් කාලයක් රැඳී හිටපු හැමෝටම ස්තූති කරන්න ඕන. ලොකු දේවල් ගොඩක් ලෑස්ති කරලා තියෙනවා ඔයාලට දෙන්න ඉස්සරහට.

#Luthor

3 comments:

  1. එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.


    බොහෝම ස්තුතියි.

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න