Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Vandal Savage

Vandal Savage
Arrow - Flash crossover එකත් එක්ක අපිට අලුතෙන්ම හදුන්වා දීපු දුෂ්ට චරිතය තමයි Vandal Savage. මෙයා තමයි DC's Legends of Tomorrow කතාවේ ප්‍රධාන සතුරා වෙන්නේ. ඉතින් අපි හිතුවා මෙයා ගැන පොඩි හදුන්වා දීමක් කරන එක අපේ යුතුකමක් කියලා.
Vandal Savage ගේ ආරම්බය ගැන හොයලා බැලුවොත් ඒක යනවා මානව පරිණාමයේ මුල්ම අවධිය දක්වා. ඒ කියන්නේ මීට අවුරුදු 50,000 කට විතර කලින් වගේ. ඒ කාලේ දී මෙයාගේ නම Vandar Adg. මෙයා Blood Tribe කියන ගල් යුගයේ ගෝත්‍රයක නායකයා වෙලා හිටියේ. එක දවසක් මෙයා පොලවට කඩා වැටුණු උල්කාපාතකින් නිකුත් වුනු විකිරණ වර්ගයකට නිරාවරණය වෙනවා. මේ හින්දා එයාගේ බුද්ධි මට්ටම අසාමන්‍ය විදිහට වැඩිවෙනවා වගේම එයාට අමරණීයත්වය හම්බෙනවා. 


මෙයා තමන් ගේ නම Vandal Savage විදිහට මාරු කරගන්නවා. එදා ඉදන් ඉතිහාසය පුරාවටම අපිට මෙයා ගැන අහන්න ලැබෙනවා. ඒ සමහරක් දේවල් විශ්වාසවාස කරන්නත් බැරි තරම්.
ඒ අතරේ ප්‍රධානම දෙයක් තමයි පුරාණ අත්ලාන්තිසය ගිල්වන්න කටයුතු කෙරුවේ Vandal Savage මෙහෙයවපු Illuminati කියන කණ්ඩායම. සමහරක් අවස්ථාවල දී මෙයා රජු ගේ ප්‍රධාන උපදේශකයා නැතිනම් ප්‍රධාන පුජකයා. තව වෙලාවක මෙයාම ප්‍රධානියා විදිහට කටයුතු කරලා තියනවා. ඒ එක එක කාල සිමා වල වෙනස් නම් වලින් වෙනස් වෙනස් ශිෂ්ටාචාර වල. ඒ අතරේ Khafre කියන ඊජිප්තුවේ 4 වෙනි රාජ වංශයේ පාරාවෝ , මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා , Julius Caesar රෝම අධිරාජ්‍යයා, සම්පුර්න ආසියාවම සහ යුරෝපයේ වැඩි කොටසක් යටත් කරගත්ත ශේෂ්ඨ Genghis Khan මොන්ගෝලියන් අධිරාජ්‍යයා, ඩ්‍රැකියුලා චරිතයට පාදක වුනු Vlad the Impaler වගේ චරිත ගොඩාක් ප්‍රසිද්ධයි. මීට අමතරව Erik the Red, Napoleon Bonaparte, Ra's al Ghul, Otto von Bismarck , Adolf Hitler වගේ අයගේ උපදේශකයෙක් විදිහට මෙයා කටයුතු කරලා තියනවා.


එදා මෙදා තුර කාලයේ දී මෙයාගේ හැම වැඩක් පස්සෙම අවධානයෙන් හිටිය කෙනෙක් හිටියා. ඒ තමයි Vandal Savage ට බලය හම්බුනු උල්කාපතයෙන්ම බලය හම්බුනු Immortal Man. ඉතිහාසය පුරාවටම Vandal Savage මිනිස් ලෝකය විනාශයට මෙහෙයවද්දී මෙයා ඒක වළක්වන්න කටයුතු කෙරුවා.


මෑත අතීතයේ ඒ කියන්නේ සුපිරි වීරයන් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිය කාලේ දී Vandal Savage ගේ වැඩ ගොඩක් වැඩි උණා. මොකද එයා සුපිරිවිරයන් ට එරෙහිව වැඩ කරන්න ගත්තා. මුල්ම කාලේ දී Justice Society of America වලට එරෙහිවත් ඊට පස්සේ Justice League of America වලට එරෙහිවත් මෙයා ක්‍රියා කරන්න ගන්නවා. කතාවට කියන්නේ අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ පහල වුන පලවෙන හැම වීරයෙක් එක්කම Vandal Savage සටන් කරලා තියනවා කියලා.
Vandal Savage කියන්නේ ඉතාම විශිෂ්ට දැනුමක් තියන කෙනෙක්. එයා නිපදවපු Velocity 9 කියන රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා කෙනෙක් ට සුළු කාලයක් ඇතුලත ෆ්ලෑෂ් ගේ වේගයට සමාන වේගයක් ලබා ගන්න පුළුවන්. දරුණු විදිහට කෙනෙක් ඇබ්බැහි වෙන්න පුළුවන් මේ මත් ද්‍රව්‍ය භාවිතා කරලා Vandal Savage ලොකු විනාශයක් කෙරුවා.
Vandal Savage කියන්නේ ලෙක්ස් ආරම්භ කරපු Secret Society of Super-Villains කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක්. හැබයි මෙයා ගොඩක් ම ප්‍රසිද්ධ වුනේ Cain විදිහට ආපහු මේ ලෝකෙට ආපු අවස්ථාවේ දී. Cain කියන්නේ ක්‍රිස්තු භක්තිකයන්ගේ විශ්වාසය අනුව ලෝකයේ පලවෙනි මරණය කරපු කෙනා. ඒකට දඩුවමක් විදිහට මෙයාට සිද්ධ වෙනවා මිනිස් සමාජය පවතින පුරාවටම විදවන්න. කාලෙන් කාලෙට ලෝකයට පහල වෙන Cain ගේ එක නිරුපනයක් Vandal Savage වුනාම ඒක මනුෂ්‍ය සංහතියට කොහොමටවත් යහපත් දෙයක් නම් නෙවේ.


Vandal Savage, Cain විදිහට කොච්චර බලසම්පන්න උනාද කියනවා නම් එයා Spectre වත් පරාද කරනවා.


Vandal Savage අමරණිය උණාට එයාට සිද්ද වෙනවා සතුරන්ගේ රුධිරය කැප කරන්න. අලුතෙන් කෙනෙක් විදිහට පහල වුනු ගමන් ට මෙයාට කලින් ආත්ම වල හැම හැකියාවම නෑ. එයා ඒවා ලබා ගන්න ඕනේ බල සම්පන්න කෙනෙක් මරලා ඒ රුධිරය කැප කරලා. විනාශ කරන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න මෙයාගේ බලය වැඩි වෙනවා.

අපි කලින් කියපු විදිහට මෙයාට ඉතාම ඉහල මට්ටමේ දැනුමක් තියනවා. ඒ වගේම සටන් ශිල්පයේ පරතෙරටම ගිහින් ඉන්නේ.
CW යුනිවර්ස් එකේ දී අපි තවම මෙයාගේ හැකියාවන් දැක්කේ නැති උණාට මෙයා DC යුනිවර්ස් එකේ එපාම කරපු දුෂ්ටයින් අතරින් කෙනෙක් විදිහට තියාගෙන ඉන්න නම ආරක්ෂා වෙන මට්ටමට ඉදියි කියන එක නම් විශ්වාසයි.


attila_THE_hun

5 comments:

  1. ලිපියට බොහෝම ස්තුතියි.
    ගොඩක් කරුණු දැනගත්තා. :)

    ReplyDelete
  2. Thanks lot...
    Mn ahannamai hitye meya gana..danui flash baluwe ekai..

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Justice League eke toy man supiwa future ekata yawana story eka tamai savage ge fhttama story eka

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න