Gotham s02e10 - Son Of Gotham Review
******* Spoiler Alert *******
මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලනවා මේ රිවිව් එක සතියක් පරක්කු කලාට.. පහුගිය සතියේ කොහොමත් අපිට ටිකක් වැඩ වැඩි සතියක් උනා කියල මතක ඇතිනේ.. ජෙසිකා ජෝන්ස් ආව,සිවිල් වෝර් ට්‍රේලර් එක ආව, කොමික් කොන් එක තිබ්බ, ඒ මදිවට පොඩ්ඩක් අසනීපත් උනා.. සිවිල් වෝර් නිසා පොඩ්ඩක් විතර උණුසුම අඩු උනත් අවිවාදයෙන්ම කියන්න පුළුවන් ගෝතම් කතා මාලාවේ මෙතෙක් ආපු හොඳම එපිය මේක කියල.. ඉතින් මේ වගේ වටිනා කතාවක රිවිව් එකේ අගය බාල වෙන නිසා මේ සතිය වෙනකම් ම තියාගත්තා රිවිව් එක දෙන එක..
01 - Rain Rain go away - කතාව පටන් ගන්නෙම ගියපාර අන්තිමට ගෝතම් වලට ආපු අඳුරු බලකායේ පොඩි වැඩකින්.. මේ වේගය/ක්‍රියාශීලි බව කොමික් වලදීත් අපිට ටැලෝන් ලාගෙන් දැකගන්න පුළුවන් කියල දන්නවනේ.. ගොඩක් ලොකු විශ්වාසයක් තියෙනෙව මේ ඉන්නේ ටැලොන්ස් ලා කියල..
ඊළඟට අපිට පෙන්නන්නේ කලින් කතාවේදී අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්න සාජන්ට් පාර්ක්ස් ගේ අවමගුල් උත්සවය.. මේ දර්ශන දෙකටම පොදු කාරණයක් තමයි වැස්ස කියන එක. අවමගුලකට වැස්සක් ඕනෙමයි වගේ නිකන්.. එත් ටිකක් හොඳින් කල්පනා කලොත් අපිට තේරෙනවා අවමගුලකට මේ වැස්ස යොදාගන්නේ මොකද කියල.. අඳුරු අහස තුලින් කියවෙන්නේ රැස්වෙලා ඉන්න පිරිසගේ ශෝකය සහ වැටෙන වැහි බින්දු වලින් සංකේතවත් කරන්නේ කඳුළු.. ගෝතම් කියන්නේ කොහොමත් ඉතින් හැමදාම අඳුරු වලාකුළු වලින් බරවෙච්ච නගරයක් නේ..
හැබැයි මෙතැනදී මතක් කරන්න ඕනේ මාර්තා වේන් සහ තෝමස් වේන් ගේ අවමගුල තිබුන දවස නම් හොඳට පායලා තිබුනේ කියල. ගොඩක් දුරට හිතා මතා ම කරපු දෙයක් වෙන්න පුළුවන්..
02 - The fever, the rage, that turns good men cruel - පාර්ක්ස් ගේ මරණය ගැන ජිම් තමන්ටම චෝදනා කරගනන්ව කියල අපිට කොහොමත් හිතුන දෙයක් නේ.. තියෝ ව හම්බවෙන්න බ්ලැක් ගේට් එකට ගියත් හිත ඇතුලේ ඒ අදහස තියෙනෙව.. ඔක්කොටම වඩා අවුල යන්නේ තියෝ එතන හැසිරෙන විදිහ හින්දා, මොකද පෙනුමෙන් නම් ජිවිත කාලෙකට හිරේට යන්න අදහසක් තිබුනේ නෑ..
04 - Hide and Seek - බ්රුස් සහ සෙලිනා සිල්වර් ගේ හොර අල්ලන්න ලෑස්ති වෙනෙවා.. මෙතැනදී අපිට හොඳින්ම පෙන්නනවා බ්රුස් වේන් කියන්නේ තමන්ගේ අරමුණ වෙනුවෙන් කොච්චර කැප වෙන කෙනෙක්ද කියල.. තමන්ට ඕනේ දේ කරගන්න නම් අනතුරු ගැන නොසලකා ඉන්න ඕනේ කියන මතයේ ඉන්නවා,හරියටම කොමික් වලදී වගේ.. මෙතැනදී ඇතිවෙන කතාබහත් විශේෂයි..
05 - Same case, just a different angle - තියෝ ගැලවන් මේ නඩුවෙන් ගැලවෙයි කියන භය නිසා ජිම් දිගටම මේ දේවල් ගැන හොයන්න හදන්නේ. එත් අනිත් හැමෝම එකේ වටිනාකම දකින්නේ නෑ. කැප්ටන් බාර්න්ස් උනත් ජිම් ගේ හොඳට කියල තමයි වෙන පරීක්ෂණයක් භාර දෙන්න හදන්නේ. එත් ඉතින් වෙන එකක් කියල මේ දෙන්නෙම තියෝ ගේ මාස්ටර් ප්ලෑන් එකේ තවත් පියවරක් ගැන හොයන්න..
හාවී බුලොක් සහ කැප්ටන් බාර්න්ස් අතරේ තියෙන සොඳුරු අරගලයේ තවත් අවස්ථාවකුත් අපිට දැකගන්න ලැබුනා.. ;)
මෙතැනදී අහන්න ලැබෙන වැදගත්ම දේ තමයි හාවී බුලොක් තියෝ ගේ ගෙදර තිබිල ජිම් ට ලැබිච්ච පුජක ලෝගුව සෙන්ට් ඩුමාස් ඕඩර් එකට සම්බන්ධයි කියන එක. අපි මිට කලින් දුන්න රිවිව් වලදී මේ ගැන කතා කළා මතක ඇතිනේ.. එතකොට ඇත්තටම මේ ගෝතම් වලට එන්නේ ඩුමාස් ඕඩර් එකට සම්බන්ධ ටෙම්ප්ලාර් නයිට්ස් ලද, එහෙමත් නැත්තම් කොර්ට් ඔෆ් අවුල්ස් වල ටැලෝන් ලද කියල ගැටළුවක් එනවා..
06 - That's ma Bruce - කොමික් වල තියෙන,ඉන්න සෙල්ලක්කාර බ්රුස් වේන් ව අපිට දැකගන්න හම්බෙවෙනවා.. කලින් බ්රුස්ව නටවපු සිල්වර් ව රවට්ටන්න තරම් බ්රුස් මෙච්චර ඉක්මනට දක්ෂ උනේ කොහොමද කියලත් හිතෙනවා.. එත් ඉතින් ඒ තමයි බ්රුස් වේන් ගේ තියෙන පෞර්ශත්වය.. ස්ත්‍රී පාර්ශවය එක්ක තරමක පැටලිලි සහගත් සම්බන්දතා තිබුනට, ස්ත්‍රී පාර්ශවය අතර බ්රුස් කියන්නේ ජනප්‍රිය චරිතයක් කියල දන්නවනේ.. අනික ඉතින් ඕනෙම දෙයක් කෙටි කාලෙකින් වටහා ගන්න/ඉගෙන ගන්න වගේම ඒ දේ අබිබවා කටයුතු කරන්නත් කොමික් වලදී හැකියාව තියෙනෙව කියල මතක ඇති.. අපිට ඕනේ කරන බ්රුස් වේන් ව ගෝතම් වලින් දැන් තමයි ඔන්න එලියට දාන්නේ..
07 - Deadly Assassins - මුල්ම වතාවට ජිම් මේ කළු ලෝගු දාගත්ත ඇසසින් කෙනෙක් එක්ක කරන සටන නරකම නෑ නේද? සමහරු කියනවා batman ට වඩා ජිම් ව දක්ෂ කරන්න හදනවා කියල.. ඒක හැබැයි ඉතින් කොමික් ගැන දන්නේ නැති අයගේ මෝඩ අදහසක්.. මොකද ජිම් ගෝර්ඩන් කියන්නේ කොන්ඩේ පැහිච්ච,සිගරට් ගහන දුර්වලයෙක් නෙමෙයි.. සුපර්හෙවි ආර්ක් එකේදී batman මැන්ටල් එක ගන්න තරම් දක්ෂ කෙනෙක්..
ඔන්න මෙතැනදී අපිට ආපහු පාරක් කොර්ට් ඔෆ් අවුල්ස් වලට සම්බන්ධ දර්ශනයක් පෙන්නලා අපිව අවුල් කරනවා. අපේ යාළුවො දන්නවා ඇති ටැලෝන්ස් ලාවත් මරන්න ටිකක් අමාරුයි කියල.. මරන්න බැරි තරම්.. ටැලෝන් සෙබළුන්ව විශේෂ රසායන මිශ්රනයක දාලා එයාලව අමරණිය තත්වයකට පත් කරලනේ තියෙන්නේ..
එතකොට මේ ගෝතම් වල සෙන්ට් ඩුමාස් ඕඩර් එකයි කොර්ට් ඔෆ් අවුල්ස් එකයි පටලවාගෙන කරන්නේ මොකක්ද? ඇත්තටම මම නම් කැමති නෑ මේ දේට.. මොකද අවුල්ස් ලා සහ ඩුමා ල කියන කණ්ඩායම් දෙකම කොමික් වල ඉතාමත් ප්‍රභල සහ රසවත් කණ්ඩායම් දෙකක්.. ඒ දෙක එකතු කරන්න ඕනේ නෑ,මොකද තනි තනිව ගත්තත් ඉතාමත් ජනප්‍රිය කණ්ඩායම් දෙකක් නිසා..
08 - Lovely Lier - ඔන්න අපිට කලින් පොරොන්දු උනා වගේම වෙනස්ම නිග්මා කෙනෙක් තමයි ඉස්සරහට දැකගන්න ලැබෙන්නේ.. කලින් හිටපු ලැජ්ජාශීලි, බියගුළු නිග්මා වෙනුවට භයානක සංසුන්කමකින් යුක්ත නිග්මා කෙනෙක් තමයි දැන් ඉන්නේ.. එකනේ ඩොක්ටර් තොම්ප්කින්ස් ට අහුවෙන්නේ නැතුව තත්වය පාලනය කලේ..
09 - Unmasking - මේ කොටස පටන් ගත්ත වෙලේ ඉඳන්ම තේරුම් ගන්න පුළුවන් මේ බ්රුස් සහ සෙලිනා දෙන්න එකතු වෙලා සිල්වර් ගෙන් තොරතුරු ගන්න සහ ඇත්ත ස්වරුපය මතු කරලා ගන්න කරන සැලැස්මක් කියලා..
තමන්ගේ ඇඟිල්ල නැති වෙන්න යන්නේ කියන භය නිසා සිල්වර් නමක් එලියට දානවා. ඒ M.Malone කියල.. කොමික් වල මේ නම තියෙන කෙනෙක් ඉන්නවා මැචස් මැලෝන් කියලා.. ආර්සනිස්ට් කෙනෙක් එහෙමත් නැත්තම් ගිනි තියන කෙනෙක් තමයි කොමික් වලනම්.. ගෝතම් කතාවට එද්දී ඒක කොහොම වෙයිද දන්නේ නෑ..
තවත් දෙයක් තමයි ග්‍රේසන් කතාමාලාව එහෙම කියෙව්වා නම් මතක ඇති බ්රුස්, ඩික් එක්ක රහසිගතව පණිවිඩ හුවමාරු කරද්දී භාවිතා කරන්නේ මිස්ටර් මැලෝන් කියන කෝඩ් නේම් කියල..
මේ සේරම කරන්නේ සිල්වර් තමන්ගේ දෙමව්පියන්ගේ මිනීමරුවා ගැන දන්නවා ඇති කියලා උපකල්පනය කරලා.. එහෙම නොවුනා නම් සමහර විට සිල්වර් ට ඇඟිල්ලක් නැති වෙන්නත් ඉඩ තිබුනා.. තමන්ගේ අරමුණ වෙනුවෙන් ඒ දේවල් අමතක කරන්න බ්රුස් සුදානමින් හිටියේ..මම කලිනුත් කිව්වා වගේම කොමික් වල ඉන්න විදිහේ සහ අපිට දකින්න ඕනේ කරන ආකාරයේ බ්රුස් වේන් කෙනෙක්ව දැන් තමයි ගෝතම් වලින් අපිට දෙන්නේ.. මොකද මේ වගේ දේවල් කොමික් වලදී බ්රුස් වේන් / බැට්මෑන් චරිතෙත් එක්ක ගොඩක් බැඳිලා තියෙන සිදුවීම්.. හැබැයි එකෙන් කියවෙන්නේ නෑ ළඟදීම අපිට බැට්මෑන් ව ගෝතම් තුලින් දැකගන්න ලැබෙයි කියලා..
10 - Don't underestimate the Butler - බ්රුස් ව හොයාගෙන තියෝගේ පේන්ට් හවුස් එකට එන අල්ෆ්රෙඩ් ටැබතා ට අභියෝග කරන විදිහ නම් සුපිරි. කිසිම භයක් සැකක් නැතුව අභියෝග කරනවා විතරක් නෙමයි අනිත් අයට වඩා හොඳින් ටබැතාත් එක්ක සටන් කරනවා.. හැමෝටම ගැලවෙන්න අපහසු උන කසය ට අහුවෙන්නේවත් නැතුව බේරුන විදිහ උපායමාර්ගිකව සටන් කරපු විදිහ ඇත්තටම නියමයි.. පිහි පාරවල් දෙකක් කෑවා නම් තමයි ඉතින් ;)
11 - The Monster - අපි කලින් ඉඳන් දැනන් හිටියා වගේම තියෝ ව හිරේට යවන්න බැරි උනා.. මේ දේ ගොඩක්ම බලපාන්නේ ජිම් ට.. හැමෝම ඉන්න තැනක නගරාධිපතිට ගහන්න තරම් ජිම් ට තරහ යනවා.. තියෝ ජිම් ගැන දන්නා හින්ද තමයි එහෙම දෙයක් සැලසුම් කරලා එතනින් ජිම් ව පැහැරගන්නේ.. කොහොමද ජිම් එක්ක තියෝ ගහගන්න විදිහ.. මෙච්චර කාලයක් ශාන්ත ස්වරුපයක් තිබුනට තියෝ කියන්නේ කොච්චර දරුණු පුද්ගලයෙක්ද කියල අපිට තේරෙන්නේ එතකොටයි..
කොහොම හරි එතනට පෙන්ගුයින් ආපු නිසා ජිම් ට ජිවත් වෙන්න වාසනාව ලැබුනත් තියෝ ට පහරදීපු නිසා නීතියෙන් සැඟවෙන්න සිද්ද වෙයි..
#Gotham_sII_eX_Review
#ClownPrinceOfCrime
බෲස් බැට් මෑන් වෙනකන් සීරීස් එක යයි කියල හිතනවද??
ReplyDeletethz machoo post ekata
ReplyDelete