Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash S02E08 - Review

The Flash S02E08 - Review
The Flash S02E08 - Legends of Today

Full of Spoilers. Read at your own risk

කලින් වතාවේ වගේ නෙවේනේ මේ පාර Arrow - Flash ක්‍රොස් ඕවර් එක. කතා දෙකක් වෙනුවට එකම තනි කතාවක්. ඒ හින්දා සුපුරුදු විදිහට ෆ්ලෑෂ් කතාව ලියන ඇඩ්මින් වෙනුවට මේ සතියේ කොටස් දෙක වෙනුවෙන්ම රිවිව් එක දෙන්න මට භාර උණා. එහෙනම් අපි වැඩිය කතා නැතුව මේ සතියේ ෆ්ලෑෂ් කතාවේ සිද්ධ වුනු දේවල් මොනවාද කියලා බලමු.
මේ සතියේ ඇරෝ සහ ෆ්ලෑෂ් කතා දෙකේම අරමුණ තමයි DC's Legend of Tomorrow කතාවට අවශ්‍ය මුලික පසුබිම හදන එක. පහු ගිය කාලයේ කතා දෙකෙන්ම මේකට අවශ්‍ය මුලික තේමාව වැටුනත් මේ ක්‍රොස්ඕවර් එකෙන් තමයි සේරම එකට එකතු කරන්නේ. ඒ සේරටම කලින් ඔයලා දැක්කද දන්නේ නෑ මේ පාර ෆ්ලෑෂ් එකේ මුලින් දාන ලෝගෝ එකේ වෙනසක් තියනවා.



1. Barry is not fast enough
සූම් එක්ක ගැටුමෙන් පස්සේ තවමත් බැරී පරණ තත්ත්වයට පත් වෙලා නෑ. එයාට පුළුවන් වෙන්නේ 1375 ක  වේගයක් ලබා ගන්න. (මෙතන ඒකකය ඇමරිකානු ඒකක වෙන්න ඉඩ තියනවා. 1375 mph කියන්නේ 2213 kmph ක වේගයක්). ඒත් එයා කලින් මාර්ක් 2.00 ට වඩා වැඩි වේගයක් ඒ කියන්නේ 2390 kmph ක වේගයක් රදවාගන්න පුළුවන් වෙලා තියනවා. 


2. Dramatic Entrance of the Villain 
DC's Legend of Tomorrow කතා මාලාවේ වගේම මේ සතියේ ප්‍රධාන දුෂ්ට චරිතය තමයි Vandal Savage. මෙයාගේ ප්‍රවිෂ්ටය හරිම ආකර්ශනීය විදිහට අරගෙන තියනවා. මුල් දර්ශනයෙන්ම මෙයා ලේසි පහසු කෙනෙක් නෙවේ කියන එක පෙන්නනවා. 


වැන්ඩල් අත් දෙකට දාලා තිබ්බ මාංචු දෙක ගලවපු වෙලාවේ එයාගෙන් එතන ඉන්න නිලධාරියෙක් අහනවා මේ දේවල් ඉගෙන ගත්තේ Houdini ගෙන්ද කියලා? මේ කියන්නේ 20 වෙනි සියවසේ මුල් කාලයේ ජිවත් වුනු Harry Houdini කියන මැජික් ශිල්පියා ගැන. ඒ වෙලාවේ වැන්ඩල් කියනවා එයා තමයි Houdini ඉගැන්නුවේ කියලත්.

වැන්ඩල් ගොඩ බහින නැවේ නම තමයි S.S.Tithonos. Tithonos කියන්නේ ට්‍රෝයි වල කුමාරයෙක්. මෙයත් එක්ක ආදරයෙන් බැදුණු ටයිටන් කෙනෙක් හිටියා Eos කියලා. මෙයා තමයි අරුණෝදයට අධිපති ටයිටන් වරිය. මෙයා Tithonos කොච්චර ආදරේ කරාද කියනවා නම් එයා Zeus ගෙන් ඉල්ලනවා Tithonos ව අමරණිය කරන්න කියලාත්. අපිට මේ නම DC කොමික් වල දීත් හම්බෙනවා. ඒ Book of Tithonos කියන පොත භාවිතා කරලා අමරණීයත්වය ලබා ගන්න පුලුවන් කියන මතයත් එක්ක. අමරණිය Vandal Savage අමරණියත්වයට සම්බන්ධ කෙනෙක් ගේ නමින් නම් කරපු නැවකින් ගොඩ බැහැපු එක ඇත්තටම අහම්බයක් නම් නෙවේ. 


3. Kendra Saunders aka Chay-Ara aka Hawk girl 

Kendra සහ සිස්කෝ දෙන්නා අතර සිප ගැනීමක් වෙන්න යද්දී එතනට වැන්ඩල් කඩා පනිනවා. එයා Kendra ට කියන්නේ Chey-Ara පුජක වරිය කියලා. අපි මීට කලින් ඔයාලට ගෙනාව Hawkman සහ Hawkwoman ලිපිය කියෙව්වා නම් ඔයාලට තේරෙන්න ඇති ඒක ගොඩක් පැටලිලි සහගත කතාවක් කියලා. ඇත්තටම DC කොමික් වල ගොඩක් ම විකෘති වුනු චරිත දෙකක් තමයි මේ Hawk Man සහ Hawk Girl කියන්නේ. ඒ හින්දාම ෆ්ලෑෂ් කතාව ලියන කට්ටිය ඒ සේරම චරිත එකතු කරලා තනි චරිතයකට අරගෙන වගේ. මොකද කියනවා නම් අතීතයේ Chay-Ara විදිහට ඉපදිලා ආත්ම භව ගණනක් ගත කරලා ආවේ Shiera Sanders. මුල් කාලයේ Hawk Girl විදිහට හිටියේ මෙයා උණාට පස්සේ කාලෙක ආපු කොමික් කතාවකින් ඒ Hawkgirl චරිතය Thanagar කියන වෙනත් ග්‍රහලෝකයෙන් ආපු කෙනෙක් ට පවරනවා. පස්සේ කාලෙක Hawk Girl තමන්ගේ නම Hawk Women කියලා වෙනස් කර ගන්නවා. 
එතකොට Kendra Saunders කියන්නේ Shiera Sanders ගේ ඥාති දියණියක්. මෙයා සියදිවි හානි කරගත්තාට පස්සේ Shiera Sanders ගේ ආත්මය මෙයාගේ ශරීරයට ඇතුල් වෙනවා. ඇත්තම කියනවා ඊට පස්සේ Kendra, Hawk Girl උනාට එයාට Chey-Ara ගේ සම්බන්ධයක් නෑ. ඒ හින්දා තමයි අපිට නිගමනයකට එළඹෙන්න වෙන්නේ අපිට දකින්න හම්බුනේ Shiera සහ Kendra දෙන්නාගේම චරිත වල එකතුවක් තමයි ෆ්ලෑෂ් කතාවේ දකින්න හම්බුනේ. 


4. Poor Cisco
පෙරුම් පුරලා ගැහැණු ළමයෙක් යාලු කරගෙන සිස්කෝ මොන තරම් බලාපොරොත්තු තියාගෙන හිටියාද. ඒත් එයාව සිප ගන්න යද්දී ම දුෂ්ටයා කඩා පනිනවා. 


ඒ විතරක් නම් කමක් නෑ, බැරී හිටියේ නැතිනම් තව ටිකකින් මැරෙන්නත් ඉඩ තිබ්බා. සිස්කෝ කොච්චර බය උනාද කියනවා නම් එයාට ෆ්ලෑෂ් කවුද කියන එකත් Kendra ඉස්සර කියවෙනවා.


5. It is Coptic
වැන්ඩල්, Kendra ට Chay-Ara කියලා කතා කෙරුවා කියලා සිස්කෝ විස්තර කරද්දී හැරිසන් වෙල්ස් කියනවා ඒක කොප්ටික් කියලා. ඒ කියන්නේ අවසන් භාගයේ ඊජිප්තුවේ භාවිතා වුනු භාෂාවක්. අපිට කොමික් වල හම්බෙන විදිහට Chey-Ara ජිවත් උනේ ඊජිප්තුවේ රාජාවලියේ අවසාන භාගෙට හම්බෙන 19 වෙනි රාජවංශයේ.

6. Trip on a Star City
Kendra ආරක්ෂා කරන්න ස්ටාර් සිටි වලට යන්න තීරණය කරනවා. මෙතන දී හේතු විදිහට කියන්නේ මැජික් සමබන්ධ දේවල් ගැන ඔලිවර් ට දැනුමක් තියනවා කියලා. ක්‍රොස් ඕවර් එක අහසින් කඩා පාත් කරන්න බැරි හින්දා හේතුවක් විදිහට මේක සෑහෙන්න සාධාරනයි. හැබයි අඩු පාඩුවකට තිබ්බේ ෆ්ලෑෂ් එතනට ආවේ නැතිනම් ඇරෝ කතාවේ අවසානය වෙන්න ඉඩ තිබුණු එක. මේක නම් එච්චර තාත්ත්වික නෑ. ඒ වගේම ඩේමියන්ට ෆ්ලෑෂ් ගැන අදහසක් නෑ කියන එක නම් පිළිගන්න අමාරුයි. එයා ලඟට ෆ්ලෑෂ් ව හම්බෙලා නැති උණාට ඒ ආවේ ෆ්ලෑෂ් කියන දැන ගන්න ඕනේ.


ඇරෝ ගේ සටන් කිරීමේ හැකියාව. උපක්‍රම ශීලි කම අපිට ඕන තරම් දකින්න හම්බෙනවා නම් තමයි. ඒත් ඇරෝ ගේ ප්‍රධාන හැකියාව දුන්නෙන් විදින එක. ඒක ඉස්මතු වෙනවා නම් මදි වගේ. අපිට දකින්න හම්බුනු කාන්දම් ඊතල උණත් උපක්‍රම ශීලි කම පෙන්නනවා මිසක් දුනු විදීමේ හැකියාව ඉස්මතු කරන්නේ නෑ. 


7. Did I know, We knew The Flash
මේක නම් ගොඩක් ලස්සන අවස්ථාවක්. තියා අහනවා මම ෆ්ලෑෂ්ව හදුනනවා කියන කාරණය එයා දන්නවා ද කියලා. එයා කියන්නේ නෑ එයා ෆ්ලෑෂ් දන්නේ නෑ කියලා. මේ ප්‍රශ්නය තියෙන්නේ තියා ට නෙවේ අපිට. පහුගිය කාලේ ෆ්ලෑෂ්, ටීම් ඇරෝ එකත් එක්ක වැඩ කරද්දී තියා ව මුණගැහුනා ද කියන එක මතක නෑ දැන්. ඒ ගැන පැහැදිලි කරනවාට වඩා ඒ සැකය තියා ම අහනවා. එතකොට අපිට ආයේ ඒ ගැන හිතන්න දෙයක් නෑ. ඒ වගේම ඩිගල්ස් ට තවම ෆ්ලෑෂ් ට හුරුවෙන්න බැරි වුන එක, ෆෙලිසිටි ආපහු සැරයක් මයික් එක On කරගෙන කතා කරන එක වගේ දේවල් හින්දා කතාව තවත් ලස්සන වෙනවා.


8. Friends in need
මතකද බැරී සහ ෆෙලිසිටි දෙන්නා අතර කැමැත්තක් තිබුණ කාලේ. දැන් ඒ කාලේ ගොඩක් වෙනස් උනත් ෆෙලිසිටි, බැරි ගැන හොයලා බලනවා. ඒ වගේම අලුත් මෙහෙයුම් මාධ්‍යස්ථානය, අලුත් ඇඳුම ගැන බැරී දක්වන අදහස් එහෙම ලස්සනට ගලපලා තියනවා. ඒ වගේම අලුත් කට්ටිය හඳුනාගැනීම, ඒවා ගැන අදහස් දැක්වීම වගේ මේ සේරගෙන්ම මීට කලින් කට්ටිය හම්බුනු වෙලාවේ මතකයන් අලුත් කරනවා.


9. Dothraki Hot
ෆ්ලෑෂ් විදුලි වේගයෙන් වැන්ඩල් ගේ රූපය අදිනවා නේ. ඒක අපි අලුතෙන් දැක්ක වැඩ කෑල්ලක් නේ.


ඒත් ලස්සනම කාරණය ඒක නෙවේ. ෆෙලිසිටි කියනවා, රූපේ ඉන්න කෙනා Dorthaki කෙනෙක් වගේ කියලා. මේ කියන්නේ කවුරු ගැනද දන්නවානේ. GOT කතාවේ Khal Drogo අයිති වෙන ජාතිය ගැන තමයි මේ කිව්වේ.


10. More from Vandal
එකපාරටම කට්ටිය ඉන්න තැනට වැන්ඩල් කඩා පනින එක ටිකක් තාත්වික නෑ වගේ උණත් ඒ අවස්ථාව වචනයෙන් කියලා ඉවර කරන්න බෑ. අපි දකිනවා ෆ්ලෑෂ් ගේ හැකියාවන් ආයෙමත්.


වැන්ඩල් ගේ කබාය ඇතුලේ ආයුධ 32 ක් තියනවා කිව්වා මතකනේ. එක එක වර්ගයේ පිහි වර්ග අපි දැක්කට පිහිවලට වඩා වෙනස් දේවල් පවා තියනවා වගේ.


මේක දැක්ක ගමන් ම ඔයාලට කාවද මතක් උනේ? Mortal kombat ගේම් එකේ Kitana මතක් උනේ නැති කෙනෙක් නම් ඉන්න විදිහක් නෑ.



11. Velocity 6
මේක ක්‍රොස් ඕවර් එකක් උණාට කතාව ෆ්ලෑෂ් වටා ගෙතෙන්නෙ. ඔලිවර් ඇතුළු කණ්ඩායම පැත්තකින් හිටියත් ෆ්ලෑෂ් තමයි මූලික කරගෙන තියෙන්නේ. ඒ හින්දාම මේ දවස් වල ෆ්ලෑෂ් ට තියන ලොකුම ගැටලුව සූම් ගැන අමතක කරන්න බෑනේ. කේට්ලින් සහ හැරිසන් වෙල්ස් එකතු වෙලා රසායනිකයක් හදනවා. න්‍යායාත්මකව මේකට පුළුවන් කෙටි කාලයකට ෆ්ලෑෂ් ගේ වේගය ලබා ගන්න. හැරිසන් වෙල්ස් ගේ ජීවිතය බේරා ගන්න ගැරික් අකමැත්තෙන් උණත් මේක භාවිතා කරනවා.


කොමික් වල දී නම් මේක භාවිතා කෙරුවේ ගැරික් ප්‍රධාන ප්‍රතිවාදියෙක් වෙන Rival. මෙයා ගැරික් ට බලය හම්බුනු ප්‍රතික්‍රියාව ආපහු ඇති කරන්න ගිහින් තමයි මේක හදන්නේ. හැබයි ඒකෙ නම Velocity 6 කියලා කොහේදිවත් කියන්නේ නෑ. ඒ උණාට අපිට හම්බෙනවා Velocity 9 කියලා මේ වගේම රසායනිකයක් ගැන. ඒකෙන් තාවකාලිකව කෙනෙක් ට බලය ලබා ගන්න පුළුවන්. විශේෂම කාරණය ඒක නෙවේ. කොමික් වල දී මේ Velocity 9 නිෂ්පාදනය කරන්නේ වැන්ඩල්. පස්සේ කාලේක Bart Allen එහෙමත් නැතිනම් Impulse ගේ සතුරෙක් වුනු Inertia මේ රසායනිකය භාවිතා කරනවා. ඒ වගේම Antimatter Universe එකේ දී Johnny Quick භාවිතා කරන Speed Juice එකත් මේ වගේ තාවකාලික ප්‍රතිපල ලබා දෙන මත් ද්‍රව්‍යයක්.

13. Joe owe an explanation
අහම්බෙන් වගේ හැරිසන් වේල්ස් දකින පැටි ස්ටාර් ලැබ් එකට ඇවිත් හැරිසන් ට වෙඩි තියනවා නේ.  Joe ඇවිත් පැටි ව එළියට දාලා ප්‍රශ්නය වහ ගන්න හැදුවට ඒක සර්ථක වෙන්නේ නම් නැතිවෙයි. ජෝ ට විතරක් නෙවේ බැරී ටත් පැහැදිලි කිරීමක් කරන්න වෙයි වගේ.


12. League of Assassin is back
ක්‍රොස්ඕවර් එකක් උණාම සේරම දෙනා ඉන්න ඕන නේ. ඒ හින්දා අපිට මර්ලින් ඇතුළු කණ්ඩායමත් දකින්න පුළුවන් උණා. ඒ කණ්ඩායම එක පාර මතු වෙන විදිහ නම් ටිකක් අමුතුයි වගේ තමයි. ඒත් අවුරුදු දහස් ගණනක් පරණ කෙනෙක් ගැන විස්තර හොයන්න නම් ඒ අයගේ උදව් ඕන වෙනවා. ඒ වගේම මර්ලින් පැහැදිලි කරනවා එයා ජෙන්ගිස් ඛාන් සහ ජුලියස් සීසර් ගේ උපදේශකයා වෙලා හිටියා කියන එකත්.

13. Carter Hall aka Khufu aka Hawkman
Hawkgirl දැක්කට පස්සේ ඊලඟට අපිට Hawkman දකින්න හම්බෙනවා. මෙයා හදුන්වා දෙන්නේ තමන් Khufu විදිහට. ඒ කියන්නේ Kendra මුල්ම ජිවිත භවයේ Chay-Ara විදිහට ඉන්න කොට එයාගේ ආදරවන්තයා.


14. Legends of Today
අපි දන්නවා මේ ක්‍රොස් ඕවර් එක තමයි ඉස්සරහට එන Legend of Tomorrow කතාවට මුල් වෙන්නේ කියලා. මේ සතියේ කොටසින් අපිට වර්තමාන සිදුවීම ගැන කියනවා. කොහොමද එකිනෙකා හම්බෙන්නේ, මොකක්ද ඒ අයට තියන ගැටලුව වගේ දේවල් කතා කරන්නේ මේ කොටසින්. හැබයි Hawkman ගේ පලවෙනි හමුවීම නම් ඔලිවර් සහ බැරී දෙන්නටම එච්චර හොඳ වෙන්නේ නෑ.


15. It is your city
සුපිරිවිරයෝ තමන්ගේ බල ප්‍රදේශය වෙන් කරගෙන ඉන්නේ. ඒ හින්දා තමයි බැරී ස්ටාර් සිටි වල දී ඔලිවර් ට වැඩි බරක් දෙන්නෙත්, ඔලිවර් ඒ දේම සෙන්ට්‍රල් සිටි වල දී ෆ්ලෑෂ් ට කරන්නෙත්. වැඩිය ඕනේ නෑ ෆෙලිසිටි පවා සිස්කෝ ට වැඩ පෙන්වන්න දෙන්නේ නෑ එයාගේ රාජධානියේ.

16. Vandal Savage = Hath-Set
කාටර් හෝල් එයාලගේ අතීත කතාව විස්තර කරද්දී හැම ආත්මයක් පාසාම වැන්ඩල් ගේ අතින් මැරෙන්න නියම වෙලා තියනවා කියලා කියනවා. ඇත්තටම කොමික් වලට අනුව නම් මෙහෙම එන්නේ Hath-Set කියන පුද්ගලයා. මෙතන දී කරලා තියෙන්නේ මේ චරිත දෙක එකට එකතු කරලා. ඒ හින්දා තමයි වැන්ඩල් Hawkgirl සහ Hawkman පස්සේ පන්නන විදිහට කතාව අරගෙන යන්නේ. හැබයි කාටර් කියන විදිහට 206 ක ආත්ම භව කතාවට වඩා ආත්ම 6 ක කතාව තමයි කොමික් වලදී බහුලවම අපිට දකින්න හම්බෙන්නේ. ඒත් වැන්ඩල් ව සම්බන්ධ කරන්න ඕනේ හින්දා විශාල ආත්ම භව ගණනක් සම්බන්ධ කරන්න වෙලා තියනවා.



17. Staff of Horus
අපිට CW යුනිවර්ස් එකේ දී හෝරස් ගැන ගොඩක් අහන්න හම්බුනා. අලුතෙන්ම අහන්න හම්බුනේ හෝරස් ගේ යෂ්ටිය ගැන. අපිට දකින්න හම්බුනු යෂ්ටිය ට වඩා ඇත්ත එක නම් ටිකක් වෙනස් හැබැයි.


හැඩය කෙසේ වෙතත් මේ යෂ්ටිය නම් ගොඩක් බලසම්පන්න එකක් වගේ.


18. Heroes team up
ක්‍රොස් ඕවර් එකේ වටිනාම අවස්තාව දෙන්නා එකට එකතු වෙලා වැඩ කරන එක. මේ තියෙන්නේ ඒකට ආරම්බය ගත්ත වේලාව.


19. Becoming Hawkgirl
Kendra ට මේ හැකියාව තියනවා උණාට එයාට එකපාරටම ඒක ලබා ගන්න බැරි වෙනවා. හැබයි අවසානේ දී එයාට පුළුවන් වෙනවා Hawkgirl බවට පත්වෙන්න.


20. Oliver's son?
මීට කලින් සැරේ ක්‍රොස්ඕවර් එකේ දී අපිට මේ ගැන පොඩි අදහසක් දුන්නා නේ. ඔලිවර් කලින් ආදරය කරපු ගැහැණු ළමයාට දරුවෙක් හම්බෙන්න යන කොට මොයිරා ඒක වලක්වනවා. එයාව ඈතකට යවනවා. ගිය සැරේ අපි දැක්කේ සමන්තා විතරයි. ඒත් මේ වතාවේ අපිට එයාගේ ළමයත් දකින්න පුළුවන් වෙනවා. හැබයි මෙයා ගැන වැඩි විස්තර කතා කරන්න වෙන්නේ ඊලඟ කොටසින්.



මේ කරුණු කතා කෙරුවේ පලවෙනි කොටසට අදාලව විතරයි. හැබයි මේ සම්පුර්ණ එකම තනි කොටසක්. ඉතුරු ටික අපි ඊලඟ ලිපියෙන් කතා කරමු.

attila_THE_hun

3 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න