Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Gotham S02E11 Review

Gotham S02E11 Review

Gotham s02e11 - Worse Than a Crime,Review
******* Spoiler Alert *******


ඔන්න දැන් හදන්නේ අපේ යාළුවො බලාගෙන හිටපු මේ සතියේ ගෝතම් රිවිව් එක දෙන්න.. මේ සතියේ ආවේ ගෝතම් මිඩ් සීසන් බ්රේක්/ෆිනාලේ එපිසෝඩ් එක. ඊටත් වඩා වැදගත් උනේ මේ සතියේ ගෝතම් එක්ක බැට්මෑන් වර්සස් සුපර්මෑන් එකේ ස්නීක් පීක් එකකුත් ආපු හින්දා.. ඒ උනත් තනියම ගත්තත් මේ පාර ආපු කොටස මෙතෙක් ආපු කොටස් වලින් හොඳම ඒවා අතර අනිවාර්යයෙන්ම තියන්න පුළුවන්..ඒ වගේම මේ සීසන් එකේදී ආපු ටිකක් වැඩිපුර විහිලුවට බරවෙච්ච කොටසද මන්දා..




01 - Previously on Gotham - මේ පාර කතාව පටන් ගනිද්දිම පෙන්නන්නේ කලින් සතියේ අවසානෙට සිද්ද වෙන තීරණාත්මක සිදුවීම් වල ඉතුරු ටික. පිහි ඇනුම් දෙකක් කෑවත් අල්ෆ්රෙඩ් තාමත් කෙලින් ඉන්නවා.. අල්ෆ්රෙඩ් ව හොයාගෙන එන ටැබතා ඇතුළු කට්ටියගෙන් බේරෙන්නත් ලැබෙනවා.. මේ අතර තියෝ බ්රුස් ව අල්ලාගෙන තමන්ගේ පේන්ට් හවුස් එකටම ගෙනෙල්ල රිචුවල් එකේ අවසාන පියවරට සුදානම් කරනවා.. පේන්ට් හවුස් එක වගේ ඔබ්වියස් තැනකට ගෙනාපු එකනම් මම දකින දුර්වල කමක්.. එත් සමහර විට එහෙම කරන්න ඇත්තේ තියෝ ගේ බලය පෙන්නන්න හින්ද වෙන්නත් ඇති..
ඔය අතරේම තමයි ලුශියස් ෆොක්ස් බැට්කේව් එක ( අවුලක් නෑනේ එහෙම කිව්වට?) ඇතුලේ ඉඳන් එලියට කෑ ගහගෙන එන්නේ තෝමස් වේන් ගේ හාර්ඩ් ඩිස්ක් එක හැදුවා කියලා.. ඒ කියන්නේ ගෝතම් කතාවේ ඉතුරු ටිකේදි තාත්තගේ පියවර ඔස්සේ යනගමන් තමන්ගේ ව්‍යාපාරයේ රහස් එලිකරගන්න ඩිටෙක්ටිව් බ්රුස් ව දැකගන්න පුළුවන් වෙයි.. කොහොම උනත් ඔය වගේ රහස් තැනක ඉඳලා වේන් මන්දිරයේ තියන ජනප්‍රියම තැනට කිසි විමසිල්ලක් නැතුව කඩාගෙන බිඳගෙන එලියට ආපු එක නම් ලුශියස් ෆොක්ස් ගේ දැනුමට ගැලපෙනවා මදි..
තියෝ ගේ කට්ටියගෙන් බේරගත්ත තමන්ගේ පරණ යාලුවා ජිම් ව පෙන්ගුයින් තමන්ගේ අලුත් යාලුවා එඩී ගේ ගෙදරට ගෙනැල්ලා.. ජිම් ට පෙන්ගුයින් මතක් කරනවා නීතියෙන් පලායන්නන් විදිහිට ඒ දෙන්නට එකතු වෙලා තමයි තියෝ ගැලවන් ව නවත්තන්න පුළුවන් වෙන්නේ කියල..

ජිම් දකින හීනෙන් කියවෙන්නේ, එහෙමත් නැත්තම් කටින් සමනලයෙක් එලියට එනවා හීනෙන් දකිනවා කියන්නේ කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා කියන එකලු.. ඒ කියන්නේ ජිම් ගේ හිතේ තාමත් බාබරා ගැන ආදරයක් තියෙනෙව කියලද? එහෙමත් නැත්තම් පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල් නිසා ආපහු ආදරයක් ඇති වෙලාද? අනිත් අයට සුභ උනාට ඔය හීනෙ ජිම් ලොක්කට සුභ එකක් නම් නෙමෙයි වගේ..



02 - Family issues - තියෝ කියන්නේ මොන වගේ මනුස්සයෙක්ද කියල අපිට ගෝතම් වලින් හරියටම දැකගන ලැබෙන්නේ දැන් නේ, තමන්ගේම අයට උනත් එකම විදිහට තමයි සලකන්නේ.. ටැබතා සහ තියෝ අතර තියෙන පොඩි නෝක්කාඩුව අපිට ආපහු පාරක් දැකගන්නත් ලැබුන..




03 - Owls.. are you serious Bruce? - තියෝ කියන්න විදිහට බ්රුස් ව රවට්ටන්න සිල්වර් සැහෙන උත්සාහයක් ගන්නවා. මෙතැනදී බ්රුස් එයා කැමතිම සතා බකමුණා කියල කියපුවාම හිනා ගියේ මට විතරද.? එතකොට වවුලට කැමති නැද්ද කියල අපේ යාලුවෝ හිතන්න පුළුවන්,එත් ඉතින් වවුලා කියන්නේ එතරම් ප්‍රියජනක සතෙකුත් නෙමෙයි නේ..

ඒක නිසාම මෙතැනදී පොඩ්ඩක් කතා කරන හිතුවා මොකද මේ බැට්මෑන් කියන සංකල්පය එන්නේ කියල.. අපේ යාළුවො දන්නවා බැට්මෑන් චරිතය නිර්මාණය කරන්නේ බොබ් කේන් සහ බිල් ෆින්ගර් කියන දෙන්නා.. නමුත්ගොඩක් තැන්වල අපිට දැකගන්න ලැබෙන්නේ බොබ් කේන් ව විතරයි.. මේ පාර ගෝතම් එක්ක ආපු BvS ස්නීක් පීක් එකේදී ඉඳන් තමයි ඔය නමත් දිගටම සඳහන් කරන්න හිතන්නේ.(ආකම් නයිට් වලදීත් සඳහන් කරලා තිබුනා)
බොබ් කේන් බැට්මෑන් චරිතය නිර්මාණය කරන්නේ දවල් කාලයේ කෙළිලොල් තරුණයෙක් රාත්‍රී කාලයේ තමන්ගේ නගරයේ අපරාධ නවත්වන්න උත්සාහ කරන විදිහට නේ. අනන්‍යතාවය සඟවා ගන්න ඇඳුමක් ඕනේ නිසා එකට යොදා ගන්නේ රාත්‍රියේ ඉන්න දඩයක්කාරයෙක් විදිහට.. මේකට ගැලපෙන්නේ නම් බකමුනා උනාට භයානක පෙනුමක් දෙන්න ඕනේ නිසා බොබ් කේන් හිතනවා වවුලාව මේකට යොදා ගන්න.. ඒ උනාට බොබ් ගේ හිතේ තිබුණ බැට්මෑන් ප්‍රතිරූපය අපි අද දකින කෙනා නෙමෙයි.. අත් අතර රතු පාට පියාපත් වගේ දෙයක් එක්ක හරියටම සාමාන්‍ය වවුලෙක් වගේ කෙනෙක්ව නිර්මාණය කරන්න බොබ් කේන් අදහස් කලාට අපි අද මේ දකින,ආදරය කරන චරිතයේ ප්‍රතිරූපය නිර්මාණය කරන්නේ බිල් ෆින්ගර්.. කල් ගතවෙලා හරි සුදුසු ගෞරවය බිල් ෆින්ගර් ට ලැබිච්ච එකට සතුටුයි..

බ්රුස් ව රවට්ටගන්න චාටු කතාම විතරක් මදි නිසා බොරු පලා යෑමක් සිල්වර් සහ තියෝ දෙන්න සැලසුම් කරපු එක නම් මේ වගේ අවස්ථාවකදී ගොඩක් සාමාන්‍ය දෙයක්..එත් කලින් හිටපු කුලෑටි බ්රුස් වේන් ඒ වගේ දෙකට රවටෙන්නත් ඉඩ තිබුනා.. නමුත් අපි දැන් දන්නවා ගෝතම් වලින් අපිට ශක්තිමත් බ්රුස් වේන් කෙනෙක්ව එලියට එවන්න හදන්නේ කියල.. ඉතින් මේ දේ ඉතාමත් ලේසියෙන් බ්රුස් තේරුම් ගන්නවා සහ සිල්වර් ගෙන් ඇත්ත දැනගෙන තමන් මැරෙන්න යනවා උනත් සිල්වර් ව බේරගන්න කටයුතු කරනවා.. නියම වීරයෙක් ගේ ගති ලක්ෂණ දැන් නම් අපේ බ්රුස් කොලුවට පිහිටලා තියෙනවා.. කොමික් වලදීත් බැට්මෑන් / බ්රුස් වේන් තවත් කෙනෙක්ව ආරක්ෂා කරන්න අවශ්‍ය ඕනෑම පියවරක් ගන්න පසුබට වෙන්නේ නෑනේ..(අනිත් හැම වීරයෙක්ම එහෙම තමයි ඉතින්)




04 - A Diamond plate,a glowing grate, a place you never leave.. Where am I? - කලින් පාර බ්රුස් නැති වෙච්ච එකතු වෙච්ච ජෝඩුව ආපහු පාරක් ඒ වගේම හේතුවක් නිසා එකතු වෙනවා.. මතක ඇතිනේ හාවී-අල්ෆ්රෙඩ් දෙන්න ගියපාරත් වැඩ කරපු විදිහ.. මේ පාර කොටසේදී අල්ෆ්රෙඩ් නිසා කතාවට අමුතුම රසයක් ආව කිව්වොත් මම හිතන්නේ ඔයාල එකඟ වෙයි.. පිස්සුවෙන් වගේ කාර් එකක් හොරකම් කරන්න හදල මුණටම ටිසර් පාරක් කාපු විදිහයි,පොලිසිය මැද්දේ වතුර පාරක් ආපු එකයි නම් පට්ට ෆන්..

නිග්මා අහපු තේරවිල්ල ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න හිතුවා.. ඩයමන්ඩ් ප්ලේට් කියන්නේ බේස්බෝල් ක්‍රීඩාවේදී භාවිතා කරන වචනයක්. පන්දුවට පහර දෙන ස්ථානය, එහෙමත් නැත්තම් ලකුණක් ගන්න දුවලා ආපහු එන්න ඕනේ තැනට තමයි මේ ඩයමන්ඩ් ප්ලේට් එක කියන්නේ.. කොහේ ගියත් අන්තිමට නාතර වෙන තැන කියන එක තමයි ඒ කොටසෙන් කියවෙන්නේ..
ග්ලෝවින් ග්‍රේට් එහෙමත් නැත්තම් හොඳට දැල්වෙන ගිනි උඳුන කියන එකෙන් කියවෙන්නේ වෙන කිසිම තැනකදී නොදැනෙන උණුසුමක් ලැබෙන තැන කියලා..
අන්තිම කෑල්ලෙන් ඉතින් උත්තර නිකන්ම එනවා..අපි කවදාවත් හැර යන්නේ නැති තැන.. වෙන මොකක්ද ඉතින් ගෙදර මිසක්..
තව දෙයක් කියන්න ඕනේ මේ කතාමාලාව පුරාවටම නිග්මා ගේ ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නේ ජිම්,මිස් ක්රින්ග්ල්,පෙන්ගුයින් සහ ලුශියස් ෆොක්ස් විතරයි කියන එක..




05 - 101 reasons to love Dr.Thompkins - මම කලින් දවසකත් කිව්වා වගේ ලෙස්ලි තොම්ප්කින්ස් කියන චරිතය ගෝතම් කතාවේ ඉන ආදරණියම චරිතය බවට පත් වෙලා ඉවරයි.. ජිම් නිසා එයාට දරුවෙක් ලැබෙන්න හිටියත් මේ වෙලා තියෙන දේවල් නිසා ජිම් ට තමන් එක්ක එන්න විදිහක් නෑ කියල එයා දන්නේ ඒ තරමටම ජිම් ගැන දන්නා නිසා..




06 - The Cat and The Fox - මේ පාර කතාවේ වටිනාම කොටස කලේ එහෙමත් නැත්තම් දවසේ වීරයා වෙන්නේ මම හිතන විදිහට සෙලිනා.. හැබැයි කලින් දකින්න ලැබුණු අනිත් කොටස් කිහිපයේදී වඩා ලුශියස් ෆොක්ස් ගේ චරිතයත් මේ පාර කැපී පෙනුනා කිව්වොත් මම හිතන්නේ හරි..
මෙතැනදී සෙලිනා අල්ෆ්රෙඩ් ට "මටත් ඔයාව විශ්වාස කරන්න බෑ, කවුද දන්නේ ඔයා වෙස්වලාගෙන ඉන්න මාෂන් කෙනෙක්ද කියල" කියන එකෙන් කාවද මතක් වෙන්නේ කියල මම අමුතුවෙන් කියන්න ඕනේ නැනේ නේද?




08 - Use a damn vehicle - ඈතින් පේන පේන්ට් හවුස් එකට යන්න වාහනයක් පාවිච්චි කළා නම් ඔයිට වැඩිය ලේසි වෙන්නේ නැද්ද මම අහන්නේ.. එතනටම යන්න නෙමෙයි,මගකට වත් යන්න.. :v
එක කියන්න නෙමේ හැදුවේ.. ඔතන පේන්ට් හවුස් එකට උඩින් හඳ වලාකුළු අතරින් පායලා තියෙන විදිහ නිකන් හරියට බැට් සිග්නල් එක ගහල වගේ නේද ටිකක්..




09 -  The Ceremony - මේ දර්ශනය නිසා පොඩ්ඩක් විතර කලකිරුණා කිව්වොත් හරි. මොකද කොමික් වලදී සෙන්ට් ඩුමාස් ඕඩර් එක සහ කොර්ට් ඔෆ් අවුල්ස් කියන දෙපිරසම ඔයිට වඩා ටිකක් ආරක්ෂාකාරී විදිහට සහ තරමක අඳුරේ ඉඳන් තමයි කරන දේවල් කරන්නේ.. කොර්ට් ඔෆ් අවුල්ස් වලට සම්බන්ධ ඉහල පෙලේ පලන්ති වල අය ඔය වගේ දෙකදී වෙස්මුහුණ පළඳිනවා.. ගෝතම් වලදී අපිට පෙන්වන්නේ කොර්ට් ඔෆ් අවුල්ස් වලට පොඩ්ඩක් සමාන,වෙනස්ම සෙන්ට් ඩුමාස් ඕඩර් එකක්.. කලිනුත් කිව්වා වගේ එහෙම නොකර ඉන්නයි තිබුනේ..
අනික මෙතැනදී දෙපිරස අතර වෙච්ච ගැටුම තව ටිකක් වැඩි කරලා පෙන්නුවා නම් හොඳයි කියලයි මගේ අදහස නම්.. සිල්වර් ගේ ඇතුලේ ඇත්තටම බ්රුස් ගැන හැංගිලා තිබුන කැමැත්ත,අනුකම්පාවත් අපිට දැකගන්න ලැබුන නිසා සමහර විට ඉස්සරහට අපිට කොමික් වල ඉන්නවා වගේ අහිංසක සිල්වර් කෙනෙක්ව දැකගන්න ලැබෙයිද කියලත් හිතෙනවා..




10 - Falling - කොච්චර දරුණු වැඩ කලත් ටැබතා තියෝ තරම්ම් නම් දරුණු නෑ වගේ..ජිම් ට අහු උනත් බේරෙන්න ඉඩක් තියෙන විදිහට තමයි තියෝ මේ වෙලාවේ හැසිරෙන්නේ.. ඒ නිසාම තමයි කැප්ටන් බාර්න්ස් ට වඩා පෙන්ගුයින් හරි කියල ජිම් ට හිතෙන්න ඇත්තේ..



මෙතැනදී ඔස්වල්ඩ් ඇඳන් ඉන්න ඇඳුම දැක්කම කොමික් වල ඉන්න පෙන්ගුයින්වම තමයි මතක් වෙන්නේ මටනම්..




11 - I had a Plan.. I always have a plan - ඔන්න අපේ බ්රුස් කොලුවා අපහු පාරක් ඔප්පු කළා එයා දැන් කොම්ක් වල ඉන්න පුද්ගලයා බවට පත්වෙමින් ඉන්නේ කියල.. මැරෙන්න ගිය එකෙන් බේරගත්තට සෙලිනට,අල්ෆ්රෙඩ් ට ස්තුති කරන්නේ නැතුව එතනින් ගැලවෙන්න සැලසුමක් තිබුනා කියල කියන්නේ තමන්ට උදව් අවශ්‍යවෙලා තිබ්බේ කියන එක පිළිගන්න තියෙන අකමැත්ත නිසා.. කොමික් වලදීත් තියෙන්නේ ඔය මහන්තත්ත කම ම තමයි ඉතින්..




12 - Here we go again - ගෝතම් කතාවේ පයිලට් එපිසෝඩ් එකේදී සිදුවෙච්ච දේට සමාන දෙයක් තමයි මෙතැනදී සිද්ද වෙන්නේ.. හරියට නිකන් ප්‍රතිබිම්බගත දර්ශනයක් වගේ.. මොකද කලින් එකේදී වගේ නෙමෙයි වම දකුණ ටිකක් මාරු වෙලා තමයි මෙතැනදී වෙන්නේ.. මෙතෙක් කාලයක් සීමාව පනින්නේ නැතුව හිටපු ජිම් ට ඒ තීරණය වෙනස් කරන්න උනා..




13 - Is that Fish? - ඔන්න කලින් අවස්ථාවට වඩා ටිකක් වැඩිපුර ඉන්දියන් හිල් එක අතුල අපිට මේ පාර පෙන්නුවා.. මැරිච්ච තියෝ ව පරික්ෂා කරන්න තමයි මෙතනට ගෙනැල්ලා තියෙන්නේ.. කුඩයක් කට ඇතුලට එබුවට වඩා පුදුම වෙන දෙයක් තමයි ෆිෂ් මුනි කියල සැක කරන්න පුළුවන් කෙනෙක්ගේ ශරීරයකුත් පරීක්ෂණ කුටිරයක දාල ඉන්නවා පෙන්නන්න එක..
තවත් වටිනාම දෙයක් තමයි ඩොක්ටර් හියුගෝ ස්ට්‍රේන්ජ් ගේ නම කියවෙන එක.. මිඩ් සීසන් බ්රේක් එකෙන් පස්සේ අපිට වෙනස්ම ගෝතම් කතාවක් දැකගන්න ලැබෙයි කියල වගේ මේ ඉඟි කරන්නේ..




14 - Brace yourself.. Winter is Coming - කතාවේ වටිනාම කොටස අන්තිමටම පෙන්නන මේ ටිකද මන්දා.. වික්ටර් ෆ්‍රීස් එහෙමත් නැත්තම් මිස්ටර් ෆ්‍රීස් ගේ මේ ආගමනය නම් ඇත්තටම එපික්.. ආපහු අපිට ෆ්‍රීස් ව දැකගන්න කලින් වැඩි විස්තර ගේන්නම්.. එතකන් සුභ නත්තල් සමයක්..


#Gotham_sII_eXI_Review

#ClownPrinceOfCrime

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න