Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Dr Fate

Dr Fate


සුපර්මෑන්, බැට්මෑන්, නාමෝර්, වොන්ඩර් වුමන් වගේ අවුරුදු 75ක වගේ ඉතිහාසයක් තියෙන තවත් චරිතයක් තමා ඩොක්ටර් ෆේට් කියන්නේ..1940 මුලින්ම හදුන්වා දෙන Dr.Fate කියන්නේ ඩීසී වල මැජික් සයිඩ් එකේ ඉතාම ප්‍රභලම සාමාජිකයෙක්.. ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙන නිසාමදෝ Dr.Fate ගේ කතාව ඇතුලේ චරිත රාශියක්, සිද්ධීන් රාශියක් දකින්න පුලුවන්.. උදාහරණයක් විදිහට Kent Nelson, Strausses, Inza Nelson, Jared Stevens, Hector Hall, Khalid වගේ පුද්ගලයන් රාශියක්ම Helmet of Nabu පලදපු නිසා Dr.Fate බවට පත් වෙලා තියෙනවා.. මේ හැමෝම ගැනම කතා කරන්න බැරි උනත් වැදගත්ම කරුණු ගැන හරි පොඩි අවධානයක් යොමු කරමු..


JLU animated series / YJ එක බලපු අය එහෙම නම් කොමික්ස් නොකියෙව්වත් Dr.Fate ගැන දන්නවා ඇති.. 


ඒ වගේම NBC ආයතනය විසින් අපේම අවාසනාවකට කැන්සල් කරපු Constantine tv series එකෙත් එක එපිසෝඩ් එකක් Helmet of Nabu / Dr.Fate පෙන්නනවා.. 


ඒ වගේම අපිට Smallville කතාවේ දීත් Dr Fate දකින්න පුළුවන් උණා. 


JLA/JSA වගේ ඩීසී වල ප්‍රධානම කණ්ඩායම් කිහිපයක සාමාජිකත්වයත් Fate හට හිමි වී තිබෙනවා..

Nabuට අයත් හෙල්මට් එක පැලදි ප්‍රධානම පුද්ගලය විදිහට කෙන්ට් නෙල්සන් හදුන්වන්න පුලුවන්.. කෙන්ට් නෙල්සන් තමන්ගේ තාත්තා එක්ක මෙසපොතේමියාවේ පුරා විද්‍යා කැණිමක නිරත වෙලා ඉද්දි ඒ ගොල්ලන් හොයා ගන්නවා නාබුට වෙන්වුණු පූජනීය පන්සලක්.. මේ ස්ථානයේ ඇති මැජික් බලය නිසා ගම්වාසින් මෙම ස්ථානය මග හැරියත් මැජික් ගැන විශ්වාස නොකර කෙන්ට්ගේ තාත්තා එක්ක ඇතුලට යන කෙන්ට්ට විෂ වායු කාන්දුවීමක් නිසා තමන්ගේ තාත්තා මිය යනව බලන්න සිදු වෙනවා.. තමන්ගේ තාත්තා නැවතත් ගෙන්වීමට කෙන්ට්ට අව‍ශ්‍ය උනත් නාබුට අවශ්‍ය කෙන්ට්ව තමන්ගේ ගෝලයා බවට පත් කරගන්න.. මේ නිසා කෙන්ට්ගේ තාත්තා පිලිබද මතකයන් මකා දමන නාබු සතියක් ඇතුලත කෙන්ට්ව වැඩිහිටියෙක් බවට පත් කරලා මැජික් කාලාව උගන්වනවා.. අවසානයේ Lords of Order එක ගැන සහ Lords of Chaos එක ගැනත් මෙම දෙක අතර පවතින සමතුලිත බව ගැනත් මේ දෙකෙහි සදා නොනිවෙන අරගලය ගැනත් සදහන් කරන නාබු, කෙන්ට්ට නාබුගෙ බලය පාවිච්චි කල හැකි helmet එකක් සහ amulet එකක් ලබාදි පිටත් කර හරිනවා.. මේ කෙන්ට් නෙල්සන්ට Helmet of Nabu/Dr.Fate ලැබුණු විදිහ විතරයි මන් සදහන් කලේ.. කෙන්ට්ට අමතරව පුද්ගලයන් 7-8ක් වගේ ප්‍රමාණයක් මෙම හෙල්මට් එක පැලදලා තියෙනවා..


නාබුගෙන් ඉගෙන ගත්ත කෙන්ට්ට සහ නාබුගේ හෙල්මට් එක පලදින ෆේට්ට විශාල බලයක් හිමිවෙනවා.. බොහෝ දුරට ශාරීරික ප්‍රහාර වලට ප්‍රතිරෝධතාවක් දක්වනවා වගේම වයසට යාම නැවතීම හා සියලු මානුෂික රෝගවලට විරුද්ධ ප්‍රතිරෝධතාවක් දක්වනවා.. සුපිරි කාය ශක්තිය(super strength), පියෑඹීමේ හැකියාව(flight), ටෙලිපති(telepathy) හා ටෙලිකනීසස්(telekinesis) පවර්සුත්, සුපිරි වේගයත්(super speed) කෙන්ට්ට තියෙනවා.. ස්පයිඩි සෙන්ස් එක වගේ මිස්ටිකල් සෙන්සසුත් (mystical senses) කෙන්ට්ට තියෙනවා.. හෙල්මට් එක නැතුව උනත් නාබුගේ ඉගැන්වීම් නිසා විශාල මන්ත්‍ර ප්‍රමාණයක් කෙන්ට් විල්සන් දන්නවා.. හෙල්මට් එක දාපු අවස්ථාවක මේ දැනුම තවත් වැඩි වෙනවා.. මීට අමතරව හෙල්මට් එක දාපුවම නොපෙනි යාමේ හැකියාව(invinsibility), කාල තරණය(time travell) ,අමරණීයත්වය(immortality), මතකයන් ඉවත් කිරිම(memory erasing), මායා ප්‍රහාර එල්ල කිරීම(mystical bolts), මැග්නටික් ෆීල්ඩ්ස් පාලනය කිරීම, මායා දර්ශන (illusion casting) නිර්මාණය, වස්තූන් පා කරවීමේ හැකියාව- පුද්ගලයන් ඇතුලුව (levitation) වගේ පවර්ස් රාශියක් තියෙනවා. නාබුගේ හෙල්මට් එක පලදින ඕනම කෙනෙකුට මේ බලයන් ලැබෙනවා.. ඒත් නාබු කැමති නැත්තන් හෙල්මට් එක පලදින පුද්ගලයාව පාලනය කිරීමට නාබුට හැකියාව තියෙනවා..


ඩොක්ටර් ෆේට් ගැන තේරුම් ගන්න මේ ටික කොහෙත්ම ප්‍රමානවත් නොවුනත් මන් හිතනවා මේ ටිකෙන් පුන්චි හරි උනන්දුවක් ෆේට් ගැන ඇති වෙන්නැති කියලා..

Percy_Jackson

4 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න