Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Magik / Illyana Nikolievna Rasputina

Magik / Illyana Nikolievna Rasputina

Illyana Nikolievna Rasputina සෝවියට් සමූහාණ්ඩුවේ සයිබීරියාවේ බයිකාල් විල ළග තියෙන සමූහ ගොවිපළක ඉපදුනේ.. Illyana පියොට්‍ර රස්පුටින්(කොලෝසස්) හා අජටාකාශගාමියෙක් වෙන මිකායිල් රස්පුටින් කියලා මියුටන්ට් අයියලා දෙන්නෙක් ඉන්නවා.. අයියලා දෙන්නා වගේම Illyana ත් මියුටන්ට් කෙනෙක්.. මෙයා ඔමේගා ලෙවල් එකේ මියුටන්ට් කෙනෙක් විදිහට තමයි හදුනාගෙන තියෙන්නේ. 


Illyana පොඩි කාලයේදී පියොට්‍ර ඉලියානාව පාලනයකින් තොරව ගමන් කල ට්‍රැක්ටරයකින් බේරගත්තා.. ඒ වෙලාවෙම ප්‍රොෆෙසර් එක්ස් ඇවිත් පියොට්‍රව එක්ස් මෙන් කණ්ඩායමට බදවාගෙන පියොට්‍රව ඇමරිකාවට එක්කගෙන ගියා.. 

ඩොක්ටර් ඩූම්ගෙන් ආර්කේඩ්ව බේරගන්න එක්ස් මෙන්ලාව යොදවාගන්න හිතාගෙන මිස් ලොකෙ Illyana ඇතුළුව එක්ස් මෙන්ලා කිහිපදෙනෙක්ගේ ආදරණීයයන්ව පැහැරගත්තා.. 


ඔවුන්ව නිදහස් කලාට පස්සේ කොලෝසස්ට තමන්ගේ නංගිව ඇමරිකාවේ තියාගන්න අවසර ලැබුණා.. 
ප්‍රොෆෙසර් චාල්ස් එක්සේවියර් Illyana ගේ ඔළුව අල්ලලා ඇයට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා දුන්නා..
Illyana වයස අවුරුදු 6දි බෙලාස්කො කියන මායාකාරයා Illyana ලිම්බෝ කියන ඩිමෙන්ශන් එකට පැහැරගෙන යනවා.. එක්ස් මෙන් කණ්ඩායම ඒ පස්සෙන් යනවා.. එක්ස් මෙන්ලා එක්ක Illyana පැනලා එන්න හදනකොට බෙලාස්කො Illyana අල්ලගන්නවා.. කිටී ප්‍රයිඩ් Illyana ගේ අතින් අල්ලගෙන හිටියත් බෙලාස්කොගෙ ග්‍රහණය නිසා කිටීට Illyana ව අතෑරෙනවා..

ඒ සිද්ධියෙන් පස්සේ බෙලාස්කො Illyana ගේ ආත්මයේ කොටසක් බ්ලඩ්ස්ටෝන් එකක් බවට හරවනවා.. ඒ නිසා Illyana ට මායා බලය පාලනය කරන්න පුළුවන් විභවයකුත්, බෙලාස්කොට Illyana ව පාලනය කිරීමේ හැකියාවත් ලැබෙනවා.. 


මේ අතරෙදි තමන්ගේ ඩිමෙන්ශන් එකට යන්න බැරිව ලිම්බෝ එකේ හිර උන ඔරෝරො මුන්‍රෝගේ හා කිටී ප්‍රයිඩ්ගේ ඕල්ටනේට් වර්ශන් දෙකක් වෙන ස්ටෝම් හා කැට් දෙන්නා Illyana ව බේරගන්නවා.. තමන් එක්ක ඉන්න කාලයේදි ස්ටෝර්ම් Illyana ට තමන් දන්න මායාවන් ඔක්කොම කියලා දෙනවා.. ඒ වගේම කැට් Illyana ට සටන් ක්‍රම උගන්නනනවා.. ඒ වගේම තුන්දෙනා එකතු වෙලා ලිම්බෝ එක ඇතුලෙදි තමන්ගේ ජීවිතය රැක ගන්න ලිම්බෝ එකේ ඉන්න යක්ෂයන් සමග සටන් කරනවා.. කර්ට් වැග්නර්ගේ ඕල්ටනේට් වර්ශන් එකක් වෙන බෙලාස්කොගේ සේවකයෙක් විදියට වැඩ කරන නයිට්ක්‍රොව්ලර් සමග සටන් කරනවා.. 


තමන්ගේ යථාර්ථයට යන්න ගන්න උත්සාහයකදි Illyana ව ආයෙත් බෙලාස්කොට අහු වෙනවා.. බෙලාස්කො Illyana ව තමන්ගේ ශිෂ්‍යාවක් විදියට අරගෙන උගන්නන්නවා.. ඒත් බෙලාස්කොට ඇත්තටම උවමනා වෙන්නේ Illyana යොදාගෙන එල්ඩර් ගෝඩ්ස්ලාව ගෙන්නන්න.. ඒ වෙලාවේම Illyana ගේ ටෙලිපෝට් වෙන්න පුළුවන් තැටි නිර්මාණය කිරීමේ මියුටන්ට් බලය ක්‍රියාත්මක වෙනවා.. Illyana ක්ෂණයෙන් ලිම්බෝ එකේ ඉදන් රුසියාවේ තමන්ගේ දෙමව්පියෝ ඉන්න ගොවිපළට ටෙලිපෝට් වෙනවා.. ඒත් ලිම්බෝ එක ඇතුළෙදි Illyana වයසට ගියත් , ලිම්බෝ එකෙන් පිටත Illyana හිටපු යථාර්ථයේ කාලය ගෙවිලා තිබ්බේ නෑ.. ඒ නිසා Illyana ගේ දෙමව්පියන්ට Illyana ව අදුරගන්න බැරි උනා..
 


ආයෙත් ලිම්බෝ එකටම ටෙලිපෝට් වුන Illyana තමන්ගේ ජීව ශක්තියෙන් සෝල්ස්වෝඩ් එක නිර්මාණය කරනවා.. සෝල්ස්වෝඩ් එක පාවිච්චි කරන්න කරන්න සෝල්ස්වෝඩ් එකේ බලය වැඩි වෙනවා.. ඒක මුල් කාලයේ සාමාන්‍ය කඩුවක හැඩය ගත්තත් කඩුවේ බලය වැඩි වෙන්න වැඩි වෙන්න සෝල්ස්වෝඩ් එක සංකීර්ණ හැඩ ගත්තා..


සෝල්ස්වෝඩ් එකෙන් බෙලාස්කොව පරාද කරන Illyana ලිම්බෝ එකේ සෝසරස් සුප්‍රීම් බවට පත් වෙනවා.. ඒ වගේම ලිම්බෝ එකේ පාලකයා බවටත් පත් වෙනවා.. ඒත් Illyana ආපහු තමන්ගේ යථාර්ථයේ එක්ස් මෙන්ලා ළගට එනවා.. ඒ එන්නේ හරියටම කිටී ප්‍රයිඩ් අතින් Illyana ගේ අත අතෑරෙන අවස්ථාවේ..(යථාර්ථයේ කාලය ගමන් කලේ නෑ..) ඒ වෙනකොට Illyana ට වයස අවුරුදු 13ක් වෙලා.. කිටීටත් ඒ වෙනකොට වයස අවුරුදු 13යි.. කිටී, Illyana දෙන්නා එක්ස් මැන්ශන් එකේ කාමර සගයන් උනා වගේම දෙන්නම ඉතාම ළගින් ආශ්‍රය කළ යාළුවන් බවට පත් උනා..

මැගික්ගේ මූලික බලය ටෙලිපෝට් වෙන්න පුළුවන් තැටි නිර්මාණය.. ඒවා හරහා Illyana ට වෙනත් මානවලටත් යන්න පුළුවන් වෙනවා.. 

ඊළගට Illyana ලිම්බෝ එක ඇතුලේ සෝසරස් සුප්‍රීම් වෙන්න තරම් මායාවන් දන්නවා.. ඒත් යථාර්ථයේ ඒ ගොඩක් මායාවන් වැඩ කරන්නේ නෑ.. නමුත් ඩොක්ටර් වූඩූ තරමටම ආසන්නයට එන්න තරම් මැගික්ට මායාවන් පුළුවන්.. 

ඒ වගේම ලිම්බෝ එකේ පාලනයත් මැගික්ට තියෙනවා.. 
ලිම්බෝ එක ඇතුලේ ගොඩක් කල් ගත කරපු නිසා චාල්ස් එක්සේවියර්ටවත් Illyana ගේ හිත කියවන්න බැරි තරම් ශක්තිමත් මානසික ආවරණයක් Illyana ට තියෙනවා.. 
ලිම්බෝ එකේ පාලකයාට ඉබේම ලැබෙන මායා ආවරණයකුත් මැගික්ට තියෙනවා..
ඒ වගේම සෝල්ස්වෝඩ් එකෙන් මායාම වස්තූන්ට විරුද්ධව ලොකු හානියක් කරන්න පුළුවන්.. 
කිටී ප්‍රයිඩ්ටත් සෝල්ස්වෝඩ් එක හරහා යන්න බැරි උනා..


පෘථිවියේදි මැගික්ගේ මායා බලයන්වලට සීමා තියෙනවා වගේම අදුරු මායාවන් යොදාගත්තොත් මැගික්ගේ අදුරු, නපුරු පෞරුෂයක් වෙන ඩාක්චයිල්ඩ් අවදි වෙනවා..
ඊට අමතරව ස්ටෙපින් ඩිස්ක් යොදාගෙන මැගික් යන දුර වැඩි වෙන්න වැඩි වෙන්න ස්ටෙපින් ඩිස්ක්වල පාලනයත් මැගික්ගේ ග්‍රහණයෙන් මිදෙනවා..


‪#‎ආර්කේඩ්‬

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න