Daredevil Season 2 Official Trailer 01 Breakdown
ටිසරයකින් කාලෙකට පස්සේ
ලෝකයේ හොදම කොමික්බුක් ටීවී ෂෝ එක විදියට නම් දරපු ඩෙයාඩෙවිල් සීසන් 2 එකේ
නිල ට්‍රේලරයක් පසුගියදා දකින්න ලැබුණා. ඔබත් නිරෝගී, වයසට ගැලපෙන මනසක්
තියෙන 18+ අයෙක් නම් අනිවාර්යෙන්ම මේක එනකන් ඉවසිල්ලක් නැතුව ඇති. මේ
ට්‍රේලරෙත් මෑතකදී ආපු කොමික්බුක් මුවිස්වල ට්‍රේලර් තරම්ම සුපිරියට ගහපු
ට්‍රේලර් එකක් කිව්වනං ඇත්තටම මදිපුංචිකමක්. මොකද මේක ඊටත් වැඩිය
සුවිශේෂයි. අපි එහෙනං මේකේ සුවිශේෂී අවස්ථා ගැන කතා කරමු.
ඩෙයාඩෙවිල්ගේ
ඔරිජින් එක මුලික කරගත් පලවෙනි සීසන් එකෙන් පස්සේ දෙවෙනි සීසන් එකෙන්
අපිට අපිට හදුන්වා දෙනවා තවත් විශේෂ චරිත දෙකක්. ඒ තමයි පනිෂර් සහ
ඉලෙක්ට්‍රා. එකෙනුත් මේ ට්‍රේලරෙන් වැඩි අවධානයක් දීලා තිබ්බේ ද වෝකින්
ඩෙඩ් නළු Jon Bernthalගේ පනිෂර් චරිතයට. ඒ වගේම මේ සීසන් එක කලින් සීසන්
එකටත් වැඩිය අදුරු තේමාවක් ගනියි කියලයි කියන්නේ. එහෙනං ට්‍රේලරේ ආයේ පාරක්
බලලම ඉමු.
පලවෙනි සීසන් එකේ විල්සන් ෆිස්ක් සහ ද හෑන්ඩ් ක්ලැන් එක පැහැදිලිවම ඩෙයාඩෙවිල්ගේ හතුරාගේ භූමිකාව නිරුපණය වුනාට මේකෙදි ඒ භූමිකාවට ඉන්නේ ට්‍රේලරේ විදියට නම් පනිෂර් වගේ. ඒ නිසා හොද සහ නරක අතර පැහැදිලි වෙන් කර හදුනා ගන්න මැට් ට වගේම අපිටත් සමහරවිට ටිකක් අමාරු වේවි.
Meet the Punisher...... Hero of the second season ?
ෆ්‍රෑන්ක් කාසල් නොහොත් පනිෂර්, අපේ ඩෙයාඩෙවිල්ගේ හතුරා වගේ පෙනුනට ඔහුගේ
ප්‍රතිපත්ති සහ තර්ක අනුව නම් පනිෂර් කරන දේ හරි වගේ, ඒත් ඒක ඇත්තටම හරිද ?
අපේ ලෝයර් උන්නැහේගේ අදහස මොකක්ද ? මේ ගැන කතා කරද්දී ඉලෙක්ට්රා ගැනයි
කිංපින් ගැනයි අමතක කරන්නත් හොද නෑ. ඒ දෙන්නත් ඉන්නවනේ සීසන් 2 එකේ.
Origin of a Game-ender
අනිවාර්යෙන්ම අපිට පනිෂර්ගේ ඔරිජින් එක දකින්න ලැබෙනවා. එත් ප්‍රශ්නේ
කියන්නේ එක කතාවේම කොටසක්ද නැත්තම් (ඩෙයාඩෙවිල්, ජෙසිකා ජෝන්ස් ඔරිජින්
වගේ) අතීතාවර්ජනයක්ද කියන එක. මිලිටරි ට්‍රේනිං එකක් තියෙන ෆ්‍රෑන්ක් කාසල්
පනිෂර් වෙන්නෙ තමන්ගේ පවුල අමු අමුවේ මරලා දාපු නිසා කියලා අමුතුවෙන්
කියන්න දෙයක් නෑ නේ. අපි ඒ ගැන වැඩිදුර කතා කරමු පනිෂර්ගේ ලිපියකින්.
The White-Skull
මේක ටිසර් එකෙත් පෙන්නුවා මතක ඇති. පේන විදියට කැරන් පනිෂර්ගේ පරණ වාර්තා
ගැන අවුස්සලා බලනවා වගේ. ඒ X-Ray පින්තුරෙන් පෙන්නන්නෙ සාමාන්‍ය හිස් කබලක්
වගේ නං නෙවෙයි. මේක පනිෂර්ගේ ක්ලැසික් ස්කල් එක වෙන්න පුළුවන්. කැරන් බලන
වාර්තා ගැන කියනවනං ඒක අනිවාර්යයෙන් අපරාධයක් ගැන වෙන්න ඕනේ. ඒ ෆ්‍රෑන්ක්ගෙ
ජිවිතේ අවාසනාවන්ත ඉරණම ගැන වෙන්නත් පුළුවන්.
Daredevil on Action
සීසන් 2 එක ඇක්ෂන් වලින් නම් අඩුවක් නැතිවෙයි. ඒ වගේම සීසන් 1 එකේ හොදම සටන් ජවනිකාව වුන hallway fight එක වගේ එකක් මේකෙත් තියෙනවා.
Punisher's War Journal
"You hit'em and they get back up, I hit'em and they stay down"
පනිෂර් එකම කෙනෙක් එක්ක සටනට යන්නෙ ගොඩක් කලාතුරකින් කියන්නේ ඇයි කියලා තේරෙනවා ඇතිනෙ.
Daredevil vs Punisher
මේ සිදුවීමේ එක්තරා අවස්ථාවක පෙන්නනවා ෆ්‍රෑන්ක්ටත් නිල ඇදුමක් වගේ එකක්
දාන් ඉන්න එකක්. සමහර විට ඒක පනිෂර්ගෙ ස්කල් පින්තුරේ තියෙන ලෙදර් සන්නාහය
වෙන්නත් ඉඩ තියෙනවා. මේකෙදි ඩෙයාඩෙවිල් ඇදුම දිහා අවධානයෙන් යුතුව බැලුවොත්
පෙනෙයි මේක සීසන් 1 වල අන්තිම එපිසෝඩ් එකේ පෙන්නන ඇදුම කියලා. ඒ ඇදුමම
සමහර තැන්වල පෙන්නද්දී අපිට පේනවා ඒකෙ මුහුණට මැහුම් දාලා තියෙනවා වගේ. ඒ
මැහුම දාන්නත් හේතු වෙන්නෙ පනිෂර් ද දන්නෑ. ඊට අමතරව අළුත් ඇදුමකුත් මේකෙදි
හදුන්වා දේවි. කොමික් වලදී නම් පනිෂර් අගය කරන ඉතාම සුළු චරිත අතුරින්
ඩෙයාඩෙවිලුත් කෙනෙක්. අපි බලමු මෙතැනදී ඔවුන්ගේ සම්බන්ධය ගොඩ නැගෙන්නේ
කොහොමද කියලා.
The Bible of Shawshank Redemption
මේකේ දි
ඉන්නෙත් පනිෂර් වෙන්න ඕනි. ඒ අත දැක්කම කියන්න පුළුවන් අර කලින් කියපු
ලෙදර් ආමර් එක දාගෙනයි ඉන්නේ කියලා. ඒත් තවත් සමහරු කියන විදියට මේ ඉන්නේ
බුල්ස් අයි වෙන්නත් පුළුවන්. මතක ඇතිනෙ ඊ සීසන් 1 එකේ දැක්ක බුල්ස් අයි
ඊස්ටර් එග් එක...
එත් මේ බුල්ස් අයි ම තමයි කියලා තහවුරු කරලා
කියන්න නම් බෑ මොකද මාවල්/නෙට්ෆ්ලික්ස් ලා කිසිම ප්‍රකාශයක් කරේ නෑ බුල්ස්
අයිත් මේ සීසන් එකට ඉන්නවා කියලා.
Well that's brutal !
මේ
ඉන්නේ පනිෂර්ගෙන් පනිෂ්මන්ට් එක ලබපු අය. වැරදි කරපු අයට පනිෂර්ගෙන්
සමාවක් ලැබෙන්නේ හොද කොල්ලෙක්ට හොද කෙල්ලෙක් සෙට් වෙනවා වගේ කලාතුරකින්. (ඒ
කියන්නේ මේ කපේදී නෑ කියන එක) වැරදි කරපු එවුන්ව මරන සිරියල් කිලර් කෙනෙක්
වගේ පනිෂර් ව මේකෙන් නිරුපණය කෙරෙනවා.
Punisher's Arsenal
90' ගණන්වල වගේ පනිෂර් ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ හිටියේ. ඒ කොච්චරද
කියනවනං මාවල්වල නිකුත්වෙන හැම කොමික් එකකම වගේ පනිෂර්ව දැම්මා (The
Punisher, Punisher: War Journal, and Punisher: War Zone කියන ඔහුගේම
කොමික් සීරිස් වලට අමතරව). මාවල් ලට කොමික් එකක් හිට් කරන්න ඕනේ වුනු
වෙලාවක, අළුත් කොමික් එකක් මාකට් කරන්න ඕන වුනහම කරෙත් පනිෂර්ව ඒ අස්සට
දාපු එක. ඒත් මාවල් ලට එකත් මදි වුනහම කරේ...
ඔව්, මාවල් ලා පනිෂර්ගේ ආයුධ ගබඩාව ගැන විශේෂ සංස්කරණයකුත් නිකුත් කරා.
Best damn Avocados at law
මැට්ගෙයි ෆොගීගෙයි මිත්‍රත්වය ගැනත් වචනයක් කතා නොකරොත් ඒක ලොකු අඩුවක්.
මොකද මේ දෙන්නගේ මිත්‍රත්වය MCU එකේ හොඳම bromance වලින් එකක්. හෙල්ස්
කිචන් එක වෙනුවෙන් මැට් සියදිවි හානිකරගන්න තරම් දුරකට යන එක ගැන ෆොගී
ඉන්නේ එච්චර කැමැත්තකින් නෙවෙයි වගේ.
Matt's Catholicism
සීසන් 1 වල දැක්කා වගේම සීසන් 2ත් මැට්ගෙයි පල්ලියයි අතර සම්බන්ධය මේකෙනුත්
බලාගන්න පුළුවන්. ඒ වගේම Father Lantom සීසන් 2ත් ඉන්නවා මැට්ගෙ
අධ්‍යාත්මික සෙවීම් සම්බන්ධ උපකාර වෙනුවෙන්. ගොඩක් වෙලාවට අපිට මැට් හිටපු
අනාථ නිවාසය St. Agnes ගැන ගොඩක් දේවල් දැනගන්න හැකි වෙයි. මොකද සීසන් 1
වල Father Lantom මැට් නොදන්න මොකක් හරි දන්නවා වගේ තේරෙන නිසා.
Secrets of St. Agnes
මේ කුරුසය දාපු කන්‍යා සොයුරිය මැට් ගේ ලොකු රහසක් රකිනවා කියලා නං ඕන
ඔට්ටුවක් අල්ලන්න පුළුවන්. 'nuff said. ඒ මොකක්ද කියලා ආපුවහම බලන්න
පුළුවනි.
Claire is back !
ජෙසික ජෝන්ස් වලින් පස්සේ නයිට්
නර්ස් සුපුරුදු වැඩසටහනට බැහැලා වගේ. මෙතැනදී ක්ලෙයාර් කියනවා "This city
needs him" කියලා. ඒත් ප්‍රශ්නේ වෙන්නෙ මෙයා කියන්නේ ඩෙයාඩෙවිල් ගැනමද ?
Green-Wood Cemetery in Brooklyn
මේක නිව් යෝක් කොමික් කොන් ටිසරෙත් තිබ්බා. සීසන් 1 වල වගේම සීසන් 2 එකෙත් ගොඩක් කිට්ටු කෙනෙක් මැරෙවිද කියන්නත් බෑ
Last encounter ?
පනිෂර් කී දෙනෙක්ව මැරුවත් ඒ වෙලාවල්වල නොදුටු වෙනසක් පේනවා මේ මොහොතේ. ඒ
හරියට අකමැත්තෙන් වුනත් කරන්න යන මිනීමැරුමක් වගේ. ඒ කවුරු වෙන්න පුලුවන්ද ?
අපොයි මැට් ??
That line !
Jon Bernthal කලින් ෆිල්ම් වල
පනිෂර්ට හිටපු දෙන්නටමත් වැඩිය පනිෂර් චරිතයට නියමෙටම ගැලපෙනවා වගේම ඒ
වොයිස් එක, ඒ ඇක්ටින් එක එහෙම සුපිරියටම කරනවා කියලා ට්‍රේලරෙන්ම කියන්න
පුළුවන්. ඒ නිසාමද දන්නෑ ඉස්සරහට පනිෂර් සීරිස් එකකුත් මාවල්-නෙට්ෆ්ලික්සලා
කරන්න යන්නෙ. කොහොම වුනත් අදාළ චරිත වලට නළුවෝ තෝරන එකට මාවල් ලා දක්වන්නේ
පුදුම දක්ෂතාවය කවදත් රසිකයන් අමන්දානන්දයට පත් කරනවා
An old friend...
"Hellow, Mathew"
මෙන්න මේ ඇක්සන්ට් එක, මේ ඉලෙක්ට්‍රා එනකං තමයි පෙරුම් පුරා බලන් ඉදියේ.
මේ මාසේ 25 එන ට්‍රේලරේදී මෙයාගේ තවත් දර්ශන දකින්න ලැබේවි. එතකොට අපි
වැඩිදුර කතා කරමු.
"No Gooddeed, Goes Unpunished"
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න