Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

BvS : Dawn of Justice Final Trailer Break Down

BvS : Dawn of Justice Final Trailer Break Down
Trailer Brakedown For Batman vs Superman : Dawn of Justice Offcial Final Trailer


සෑහෙන කාලෙකට පස්සේ ඔන්න මටත් මොකක් හරි දෙයක් ලියන්න අවස්ථාව ලැබුනා විතරයි අලුත් ට්‍රේලර් ඒකත් රිලීස් උනා ( ලීක් උනා කියලත් සමහරු කියනවා ) ඉතින් ඒ ගැන මුලින්ම ලියන්න ඕනේ කියල හිතුවා..
 
මුලින්ම තව පාරක් ට්‍රේලර් එක බලලා ඉමු.


කලින් ආපු ට්‍රේලර්ස් වගේම සුපිරි දර්ශන ටිකක් එක්ක තිබුනා වගේම තමයි කලින් ආපු ට්‍රේලර්ස් වලට ආපු කතාව ස්පොයිල් කළා කියන චෝදනාව ආයේ පාරක් මේකටත් දැඩිව එල්ල උනා කියලත් කියන්න ඕනේ.. ඒ කතාවේ සත්‍යතාව දැනගන්න නම් ඉතින් අපිට තව මාසයක් බලාගෙන ඉන්න තියෙන්නේ..

ට්‍රේලර් එක පටන් ගන්නේ ඇකඩමි සම්මාන ලාභී ජෙරමි අයර්න්, එහෙමත් නැත්තම් අපේ අලුත්ම අල්ෆ්රෙඩ් පෙනිවර්ත් ගේ කටහඬත් එක්ක.. කලින් අවස්තාවලදී වගේ නෙමෙයි මේ පාර අපිට හුරුපුරුදු අල්ෆ්රෙඩ් ගේ කටහඬ වගේමයි දැනුනේ, වෙනත් විදිහකට කියනව නම් ගෝතම් වලදී සහ නෝලන් ගේ සිනෙමා ත්‍රිත්වයේ වගේ බ්‍රිතාන්‍ය උරුව වැඩි උච්චාරණයක් වෙනුවට ඇනිමෙටඩ් යුනිවර්ස් එකේ අල්ෆ්රෙඩ් කටහඬකට ගොඩක් කිට්ටුවෙන් යන, තරමක අලස කමකින්,එත් ටිකක් බරට කතා කරන උපහාසාත්මක අල්ෆ්රෙඩ් කෙනෙක්ව වගේ ඇහුනේ..


ඔන්න ඊට පස්සේ ඉඳන් තමයි අපිට අලුතෙන්ම හම්බෙන batman ගේ වැඩ ටික ගැන හරියටම පෙන්නන්නේ..බැට්වින්ග් එක ඉස්සරහ ඉඳන් පිම්මක් පැනල විදුරු ජනේලයක් තුලින් සාම්ප්‍රධායික බැට් එන්ට්‍රන්ස් එකක් මුලින්ම පෙන්නලා අපේ කුතුහලේ වැඩි කරනවා..
කලින්ම පෙන්නුවනේ අල්ෆ්රෙඩ් කියනව තුන්වෙනි තට්ටුවේ කට්ටිය ඉන්නවා ඒ නිසා දෙවැනි තට්ටුවෙන් යමු කියල. එතනින් තේරෙනවා දිග කාලයක් බැටා එක්ක වැඩ කරලා අල්ෆ්රෙඩ් පදම් වෙලා ඉන්නේ කියල..

හම්මේ ඉතින් මෙතන ගහගන්න ටික දැක්කම මට කඳුලුත් පැන්නා..නෑ නෑ,මට රිදිලා නෙමේ..සතුටට..
උපායශීලිව සටන් කරද්දී පන්ච් කරන එකයි කික් කරන එකයි විතරක් නෙමේ ඊටත් එහා ගිය ක්‍රම භාවිතා කරනවා.. බේල් වගේ නෙමේ බැට්ෆ්ලෙක් කියන්නේ වටා පිටාවේ තියෙන විදිහට අනුගත වෙලා සටන් කරන කෙනෙක් කියල හොඳින්ම තේරුම් ගන්න පුළුවන්..ඒ වගේම සෑහෙන ශක්තියක් තියෙනවා කියල තේරෙනවා..
සුප්ලේක්ස් සිටි, RKO වගේ එව්වත් ගහනවා වගේ.


මෙතැනදී දැක්කද බෙල්ල ප්ටිපස්සට අනපු පිහිපාර ලිස්සල ගියා විතරයි.. කලින් දවසකත් කිව්වා වගේ මේ ඇඳුම තමා චිත්‍රපට වැළදු බෙල්ල හරවන්න පුළුවන් විදිහට හදපු පළමු batman කොස්ටියුම් එක. එත් හොඳ ශක්තිමත්ව තියෙනවා කියලත් අපිට පෙන්නනවා..


දෙපැත්තේ ඉන්න දෙන්නට එකපාර අත් දෙකෙන් ගහන එක මිස් උනා නම් ආපහු පාරක් බලන්න.


ගහපු පාර ඔලුව බිම ඇනිච්ච විදිහ දැක්කම මු මලාද කියලත් හිතෙනවා..


කොච්චර හොඳට ගහගත්තත් ෆිල්ම් එකකින් කොමික් එකක batman ගේ ෆයිට් සීන් එකක ලස්සන ගේන්න අමාරුයි කියලයි මට හිතෙන්නේ.. මොකද කොමික් එකකදී පැනල් එකෙන් පැනල් එකට යනකොට වෙන වෙනස්කම් එක දිගට යන රූප රාමු වලින් ගන්න බෑ..
මම කියන්නේ මේ නරකයි කියලයි නෙමේ, ඒත් මේකත් නිකන් මදි මදි වගේ :3
ඒ නිසාම වෙන්න ඇති බැට් කේව් එකේදී බ්රුස් කියන්නේ වයසත් එක්ක තමන්ගේ ස්පීඩ් එක අඩු වෙලා කියල..
එතැනදී අල්ෆ්රෙඩ් දෙන උත්තරේ නම් පට්ට..


ඊලංගට පෙන්නන්නේ tv spot එකකදී පෙන්නපු හොඳටම තරහ ගිය බ්රුස් ගැන.. tv spot එක බැලුව නම් මතක ඇති අල්ෆ්රෙඩ් සුපි එක්ක බ්රුස් වලියක් දාගන්න එක නවත්තන්න හදන්නේ කියල.. එත් මෙට්‍රොපොලිස් ගැටුමේ දි දහස් ගානක් මැරුණා වගේ ඉස්සරහට තවත් මිනිස්සු මැරෙන්න ඉඩ තියෙන නිසා හතුරෙක් උනත් නැතත්,අපිට අවධානමක් ගන්න බෑ කියන මතයේ තමයි බ්රුස් ඉන්නේ..


එහෙනම් මෙට්‍රොපොලිස් ගැටුමේදී අමතක කරන්න බැරි තරම් ලොකු දෙයක් වෙලා තියෙනවා කියන එක තවත් පැහැදිලි වෙනවා..

බැට්මොබයිල් එක ඕනෙකමින්ම සුපි ගේ ඇඟේ වද්දනවා වගේ තමයි පෙන්න තියෙන්නේ.. කොහොමත් ඉතින් බැටා කියන්නේ ඔය වගේ කුජිත් වැඩ ඕනේ තරම් කරන එකෙක්.


ඊට පස්සේ එක දිගට විවිධ විවිධ සිදුවීම් පෙළක් තමා පෙන්නන්නේ..
හෝ හෝ හෝ.. ක්ලාර්ක් ලොයිස් දෙන්න ගොඩක් දුර ගිහින් වගේ :3 ෆිල්ම් එකේදී දෙන්න මෙට්‍රොපොලිස් වල අපාර්ට්මන්ට් එකක් ඉන්නවා කියල තමයි ආරංචිය..


මෙතැනදී තමයි අපිට ඉතිහාසයේ පලවෙනි වතාවට චිත්‍රපටයක් තුලින් වොන්ඩර් වුමන් කතා කරනවා පෙන්නන්නේ.. gal ගේ ඇඟ ගැන, ෆයිටින් ස්කිල්ස් ගැන අනං මනං කියපු අය අන්තිමට නතර උනේ කටහඬ අවුල කියලනේ.. මෙතැනදී තෙරෙනේවා ඊශ්රායල් ඇක්සන්ට් එක අඩු කරලා එහෙමත් නැත්තම් වෙනස් කරලා තමයි කතා කරන්නේ කියල..


අපිට තේරෙනවා බ්රුස් ඩයනා ට ලයින් පාරක් දානවා කියල.. ගෝතම් වල ඉන්න මල්ටි බිලියනර් ප්ලේබෝයි කියන්නේ නිකම් නෙමේනේ ඉතින්..
හැබැයි බ්රුස් මහත්තයෝ, මේ ඉන්න ඔයාට මෙච්චරකල් හම්බෙච්ච ජාතියේ ගෑනු කෙනෙක් නම් නෙමේ තමා ;)

වොන්ඩර් වුමන් ගේ බැටල් ජම්ප් එක


ආපහු පාරක් එක දිගට දර්ශන පෙළක් යනවා.. ඒ අතර නයිට්මෙයර් සික්වන්ස් එකේ ඔමේගා සලකුණ පෙන්නන දර්ශනයත් තියෙනවා.. එතැනදී ඈතින් පෙන්න තියෙන්නේ බුම් ටියුබ්ස්ද?



අන්තිමටම පෙන්නන දර්ශනේ ගැන මම වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ ;)



#Trailer Brakedown #BatmanVsSuperman #DawnOfJustice


#ClownPrinceOfCrime

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න