Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow S04E14 Review

Arrow S04E14 Review
Arrow S04E14 - Code of Silence


වෙනදා වගේම මේ සතියේ ඇරෝ කතාවත් සිදුවීම් ගොඩක් සිද්ධ වුනු එකක්. අපි ඒ මොනවාද කියලා එකින් එක අරගෙන බලමු.

Another Wilson?
ඇරෝ සීසන් 4 වලට තව විල්සන් කෙනෙක් හදුන්වලා දෙනවා කියලා මීට කලින් ආරංචියක් ආවා. අපි ඇරෝ සීසන් 4 වල බාගයකට වඩා දුරක් ආවත් තවම එහෙම ලකුණක් වත් නෑ. හැබැයි අද කතාවේ දී අපිට පොඩි ඉඟියක් හම්බුණා. ෆෙලිසිටි Ruve ගැන කියනවා If she turns left on Wilson She'll be headed home. මේ ඉස්සරහට අපිට දකින්න තියන දෙයක් වෙන්න ත් පුළුවන්. මොකද HIVE එකත් සම්බන්ධ විල්සන් කෙනෙක් අපිට කොමික් වල හම්බෙනවා. ඒ තමයි ස්ලෙඩ් විල්සන් ගේ බිරිඳ Adeline Kane එහෙමත් නැතිනම් Adeline Wilson. ගොඩක් අයට අනුව Ruve නිරුපනය කරන්නේ මේ චරිතය වෙන්න ඉඩ තියනවා. එහෙමත් නැතිනම් එයා ස්ලෙඩ් විල්සන් ට සම්බන්ධයක් තියනවා වෙන්න පුළුවන්.


Milo Armitage 
කොමික් වලට අනුව නම් ආර්මිටේජ් කියන්නේ අවි ආයුධ ගනුදෙනු කරන කෙනෙක්. ඇයි මෙයා අපිට වැදගත් වෙන්නේ. මෙයා බැදලා හිටියේ Sandra එහෙමත් නැතිනම් ඔලිවර් කලින් පෙම්වතිය. වෙන විදිහකින් කියනවා නම් ඔලිවර් ගේ පුතා කෝනර් ගේ සුළු පියා.


ටීවී සිරිස් එකේ දී නම් මෙයා HIVE එකත් එක්ක වැඩ කරන කෙනෙක්. ඒ හින්දා ටීවී සිරිස් එකේ Sandra ගේ කවුන්ටර් පාර්ට් එක වෙන Samanthaa එක්ක සම්බන්දයක් නැති වෙයි. හැබැයි මෙයා අපිට මුණගැහුණු පලවෙනි වතාව මේක නෙවේ. මිට කලින් සීසන් 2 වල 12වෙනි කොටසේ දී බෙන් ටර්නර් එහෙමත් නැතිනම් බ්‍රොන්ස් ටයිගර් හිරෙන් නිදහස් කරන්න කටයුතු කෙරුවේ මෙයා.


Remote Neck Snap
අපි දකිනවා ඩේමියන් ගේ රහස් සංවිධානයේ ප්‍රධානියෝ. පහුගිය ටිකේම කතාවේ අවධානය ටිකක් ඩේමියන් ගෙන් ඈත් වෙලා තිබ්බේ. හැබැයි ඩේමියන් ආපහු ඒ අවධානය තමන් ට ලබා ගත්තා. ඒ වීඩියෝ එකකින් පමණක් පෙනෙන කෙනෙක් ගැන සිතේ මවා ගෙන එයා මරණයට (පෙනුණ විදිහට) පත් කරලා.
මෙතන පොඩි ගැටලුවක් තියනවා. මර්ලින් තවම කියලා නෑ වගේ ඩේමියන් ට ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියලා. (ග්‍රීන් ඇරෝ ගේ අනන්‍යතාවය දන්න කට්ටිය වැඩි හින්දා මේකේ වැදගත් කමක් නැද්ද මන්දා දැන්)

The Demolition Team
ගොඩක් අයට මාවල් කොමික් වල Wrecking Crew එක ගැන මතක ඇති. Bulldozer, Piledriver, Thunderball, සහ Wrecker තමයි ඒකෙ සාමාජිකයෝ. අද අපි දැක්කා ඒ කණ්ඩායමේ DC කොමික් රිප් ඕෆ් කණ්ඩායම. (Wrecking Crew මුලින්ම හදුන්වා දුන්නේ 1974 දී, Demolition Team මුලින්ම හදුන්වා දුන්නේ 1984 දී)


කොමික් වල දී නම් මේ කණ්ඩායමේ ඉන්නවා Rosie the Riveter , Hardhat, Jackson "Jackhammer" Hammersmith, Scoopshovel, සහ Steamroller කියන කට්ටිය. මේ අය ආයුධ වෙනුවට භාවිතා කරන්නේ ඉදිකිරීම් කර්මාන්තයේ දී යොදා ගන්න උපකරණ. මෙතනින් රෝසි කියන චරිතය ගොඩක් වැදගත් වෙනවා. එයා මේ කාණ්ඩයේ නායිකව වගේම දෙවෙනි ලෝක යුද්ධ කාලයේ දී පිරිමින් එක්ක හරි හරියට වැඩ කරපු කාන්තාවන් නියෝජනය කරන සංකේතය වන Rosie the Riveter ගේ නම තමයි භාවිතා කරන්නේ.


ඒත් අපිට ටීවී සිරිස් එකේ දී දකින්න පුළුවන් උනේ Rosie, Hardhat සහ  Jackhammer කියන කට්ටිය විතරයි. ඒ අය භාවිතා කරන ආයුධත් වෙනස්. රෝසි රිවර්ටර් එක වෙනුවට නේල් ගන් එකක් භාවිතා කරන්නේ. ජැක්හැමර් භාවිතා කෙරුවේ ස්ලේජ්හැමර් එකක්.


තව දෙයක් තමයි මෙතනින් ජැක්හැමර් ට හිටියේ X men ෆිල්ම් වල කොලොසිස් ට රඟපාපු කෙනා.

Donna + Lance (Donnce?)
ඔලිවර් රහස් තියාගන්න ගිහින් එයාගේ ළඟම අයත් එක්ක ප්‍රශ්න ඇති කරගත්තා මතකනේ අපිට. මේ සතියේ ලාන්ස් සහ ඩොනා අතර ඇති වෙන්නෙත් එහෙම දෙයක්. හැබැයි අන්තිම මොහොතේ හරි ඒක නිරාකරණය වුනු එක නම් ලොකු දෙයක්.

Incoming Trust Issues
මේ සතියේ ගොඩාක් ෆෙලිසිටි සහ ඔලිවර් අතර තියන සම්බන්ධයේ ශක්තිමත්භාවය, විශ්වාසය මත ගොඩ නැගිලා තියන විදිහ කතා කෙරුවා. මේ ඇයි කියලා දන්නවා නේ. ඊලඟ සතියේ කොටසින් ඔලිවර්ට පුතෙක් ඉන්නවා කියලා හැමෝම දැන ගන්නවා.


Theory of Deduction
මේ සතියේ තියා අසාමාන්‍ය අන්දමට විචක්ෂණශීලී වෙලා. එයා කරුණු එකින් එක ගලපලා බලනකොට ඔලිවර් සහ සමන්තා අතර ඇත්ත දැන ගන්නවා.


Debate 
ඔලිවර් සහ Ruve අතර විවාදය තියන ගොඩනැගිල්ල විනාශ කරන්න DT එකට භාර දෙනවා. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නම් නෑ. අවසානේ දී ඔලිවර්, Ruve කියන ගොඩනැගිල්ල විනාශ වුනු කතාව හින්දා එයාට සැකයක් ඇති වෙන්න ඕනේ ඔලිවර් කියන්නේ ග්‍රීන් ඇරෝ කියලා.



Curtis the Terrific 
කර්ටිස්ට අනුව එයාගේ හොයා ගැනීමෙන් පුළුවන් ආපහු ෆෙලිසිටි ට ඇවිදීම ලබා දෙන්න. මෙතන තියන ගැටලුව තමයි සති දෙක තුනකට විතරක් රෝද පුටුවට දාන්න නම් ඇයි මෙච්චර දුකක් වින්දේ කියන එක. සමහරක් විට ඔරකල් කියන නම යොදා ගන්න බැරි උණු හින්දා ෆෙලිසිටි තවදුරටත් රෝද පුටුවට හිර කරලා තියා ගන්න ඕනේ නෑ කියලා හිතෙන්න ඇති. මෙතන දී ඔලිවර්, කර්ටිස් ට කියනවා ටෙරිෆික් කියලා. ඒ කියන්නේ ළඟදීම දවසක කර්ටිස්, මිස්ටර් ටෙරිෆික් විදිහට එනවා කියන එක ද?



Becoming the Monster
මේ සතියේ ෆ්ලෑෂ්බැක් වල අපිට දකින්න පුළුවන් වෙනවා ඔලිවර් අතින් කොන්ක්ලින් මැරෙනවා. එක අතකින් මේ පුදුම වෙන්න ඕනේ දෙයකුත් නෙවේ. මොකද තව ටික කාලෙකින් ඔලිවර් කිසිම පැකිලීමක් නැතිව මිනිහෙක් මරන්න පුලුවන් කෙනෙක් බවට පත් වෙනවා නේ.



A Device of Untold Power / Passage by the Gods
මෙතන දී බැරන් කියන්නේ අපි මිට කලින් ලිපියක කතා කරපු  Mother Box එක ගැන වෙන්න පුළුවන්.



William
මෙතන මොකක්ද වෙන්න යන්නේ? කෝ එතකොට සමන්තා? එයා හිරකරලා ද නැතිනම් මේ වෙද්දී ත් මරලා ද? අපිට මේ ගැන දැන්ම හිතා ගන්න බෑ.


ඒත් ඊලඟ සතියේ දී මේක ගැන කතා කරනවා වගේ ලොකුවට. බලපු නැති අය ඉන්නවා නම් ට්‍රේලර් එක බලලාම ඉන්න.



තව දෙයක් තමයි ඊළඟ සතියේ තමයි ඇරෝ එකට Vixen එන්නෙත්. එහෙනම් අපි ආයේ ඊලඟ සතියේ කොටසින් මුණ ගැහෙමු.

#attila_THE_hun

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න