Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow S04E13 Review

Arrow S04E13 Review
Arrow S04E13 - Sins of the Father

මේ සතියේ ඇරෝ කතාව ගොඩක් ක්‍රියාකාරී පැත්තට ගිය හින්දා අපිට ඊස්ටර් එග් එහෙම දකින්න තිබ්බේ නැතිම තරම්. රිවිව් එක දෙන්න පරක්කු වෙන්න ඒකත් එක හේතුවක්. මොකද විශේෂ දෙයක් කියන්න තිබ්බේ නැති හින්දා කොටස් දෙකක් ම එකවර කියන්න තමයි මුලින් තීරණය කලේ. පස්සේ කෙටියෙන් හරි මේ සතියේ කතාව ගැන කතා කරන්න හිතුවා.

Sins of the Father 01
මේ සතියේ කතාවේ තේමාව තාත්තා ගේ අතින් සිද්ධ වෙන වැරදි වැඩ නේ. මුලින්ම කතා කරන්නේ ෆෙලිසිටි සහ එයාගේ තාත්තා ගැන. ටීම් ඇරෝ එකේ අනිත් අය ලිග් ඔෆ් ඇසාසින් ගැන කරදර වෙද්දී ෆෙලිසිටි ට සිද්ධ වෙනවා තනියෙන් මුහුණ දෙන්න. එයා තවමත් බලාපොරොත්තු අත හරින්න සුදානම් නෑ එයාගේ තාත්තා බේරාගන්න බැරි තරම් පිරිහිලා කියලා. ඒත් අවසානේ දී එයාට පිළිගන්න වෙනවා ඒක වෙනස් කරන්න බෑ කියලා.

Dr Lamb
තියා ව රෝහලෙන් නිදහස් කරන්න උදව් කරන්නේ ඩොක්ටර් ලෑම්බ් කියලා කෙනෙක්. මෙයා තමයි සීසන් 01 වල දී අවුරුදු පහකට පස්සේ ආව ඔලිවර් පරික්ෂා කරන්නේ.


Leverage
තියා ව බේරාගන්න ඕනේ කරන බෙහෙත දෙන්න නම් ඔලිවර් ට සිද්ධ වෙනවා මර්ලින් ව පරාද කරන්න නිසා ට උදව් කරන්න. මොකද මර්ලින් කැමති වෙන්නේ බලය අත හරින්න.


Clash of Assassins 
පාර්ශව දෙක අතර ගැටුම නිසා සාමාන්‍ය මිනිස්සුන්ට පවා හිරිහැර සිද්ධ වෙනවා. සිද්ධිය නම් එච්චර තාත්ත්වික නෑ කියලා හිතුනේ.


Dark Archer
ඇරෝ කතාවේ සීසන් 01 එකේ ඉදලා අපිට මර්ලින් හම්බෙනවා. මේ චරිතය ගොඩක් ම සංකීර්ණ යි. යහපත් සහ අයහපත් ලක්ෂණ දෙකම මේ චරිතය තුල අපිට දකින්න පුලුවන්. අපි මර්ලින් ගැන සුභවාදී විදිහට හිතන්න පටන් ගන්න කොටම ආපහු එයාව ඔලිවර් ගේ හතුරෙක් කරන්න යනවා. මෙතන දී තව දෙයක් කියන්න ඕනේ. ටීවී සිරිස් එකට සමගාමිව අලුතෙන් කොමික් සිරිස් එකක් ඇවිත් තියනවා Arrow - The Dark Archer කියලා. ඒකෙන් මර්ලින් ගැන අපි නොදන්න ගොඩක් දේවල් විස්තර කරනවා. 


Sins of the Father 02
තාත්තාගේ වැරදි පස්සෙන් පන්නන අනිත් කෙනා තමයි තියා. මර්ලින් කරපු දේට පලිගන්න තමයි නිසා උත්සාහ කරන්නේ. ඒකෙන් අවසානේ දී දුක් විදින්නේ තියා. මර්ලින් තමන්ගේ දුවට කොච්චර ආදරේ උණත් එයා තමන්ගේ අරමුණ ට ඒක බාධාවක් කරගන්නේ නෑ.


Trial by Combat
ගැටුමක් නිමා කරන්න තියන සාර්ථකම ක්‍රමයක් තමයි Trial by Combat. ඔලිවර් යෝජනා කරනවා මේක අනුගමනය කරන්න කියලා. මර්ලින් මේකට කැමති වෙනවා. මොකද එයා දන්නවා නිසා ව පරද්දන්න පුළුවන් කියලා.


She is my wife
මම හිතන්නේ මේ දේ නම් කිසිම කෙනෙක් බලාපොරොත්තු උනේ නැති එකක්. ඔලිවර්, නිසා වෙනුවෙන් ස්වාමියා විදිහට ඉදිරිපත් වෙනවා. මේ වෙලාවේ ෆෙලිසිටි ගේ මුහුණ තමයි බලන්න වටින්නේ.


Two Ra's Al Guls in a row
ඇත්තටම ඇරෝ කතාව ඇතුලේ අපිට ඔලිවර් ගේ දුනු විදිමේ හැකියාව ගැන කතා කරන්නේ අඩුවෙන් කියලා මට හිතෙන්නේ. ඒ වෙනුවට එයාගේ කඩු හරඹය ගැන නම් කතා කරනවා. කලින් Ra's පරාද කෙරුවා වගේම දැන් මර්ලින් ව පරාද කරනවා. මෙතන තියන වැදගත් ම දේ තමයි ඔලිවර් ට දුනු ශිල්පය ප්‍රගුණ කරන්නේ මර්ලින්. අවසානේ දී ඔලිවර් ගුරුවරයා පරාද කරනවා. 
හැබැයි ඔලිවර්, මර්ලින් මරන්නේ නෑ. ඒ වෙනුවට එයාගේ අත කපනවා. හරියට ස්ටාර් වෝර්ස් ෆිල්ම් එකක් වගේ. මෙතන දී වැදගත් වෙන අනිත් කාරණය තමයි ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ එකට අනාගතයේ ඔලිවර් එනවා. එතකොට එයාගේ අතක් කපලා අයින් කරලා තියෙන්නේ. සමහරක් විට මර්ලින් ගේ අත කැපුව එකට එයා පලිය ගත්තා ද දන්නේ නෑ.


Sins of the Father 03
තාත්තා කරපු දේවල් හින්දා තාමත් වන්දි ගෙවන අනිත් කෙනා තමයි නිසා. හැබැයි එයා ඒකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. ඒක ආරම්භ කරන්නේ Ra's ගේ මුද්ද විනාශ කරලා. හැබැයි මේකට මර්ලින් නම් පොඩ්ඩක් වත් කැමති උනේ නෑ.


Flashback
අතීත කතාවේ ත් ආපහු යමක් සිද්ද වෙන්න වගේ යන්නේ. ඔලිවර් ආපහු නගරයට ආපු වෙලාවේ එයාගේ අතේ තිබ්බ අකුරු කොටලා තියන ගල් කෑල්ල බැරන් අතට යනවා. ඊලඟ කතාවේ දී අපිට බලාගන්න පුලුවන් මේකේ තියන වටිනාකම. ඒ වගේම ව්ලැඩ් ගේ මරණය ගැන ටටියනා එක්තරා විදිහක සමාවක් ඔලිවර්ට දෙනවා. 


The one I care most
ඔලිවර් වැඩිපුරම හිතන්නේ ෆෙලිසිටි ගැන නෙවේ ලු. එයාගේ පුතා විලියම් ගැන. මර්ලින් මේ කතාව ඩේමියන් ට කියපු හින්දා අපිට Grave Theory එක ටිකක් පැහැදිලි උනා ද මන්දා. මොකද මුලින් ඉදන් ම තිබ්බ මතයක් තමයි විලියම් හරි සමන්තා හරි තමයි මැරිලා ඉන්නේ කියන කාරණය. මේකෙන් ඒ මතය ටිකක් ශක්තිමත් කරනවා.


එහෙනම් අපි ඉක්මනටම ඊළඟ කොටසින් මුණ ගැහෙමු.

#attila_THE_hun






3 comments:

  1. නියමයි මචන්, සුපිරියටම තියෙනවා Review එක නම්.ඒත් ඉතිං Easter eggs නැහැයි, අරකයි මේකයි කියන එක Review එක නොදී ඉන්න තරම් නම් හේතුවක් නෙමෙයි මම හිතන්නේ.මම තව ටිකක් මේකට එකතු කරනවා.ඒ තමයි, Sins of Father 4 & 5.ඔලිවර් කියනවා එයාගේ තාත්තා හොඳ කෙනෙක් නෙමෙයි සහ එයාව මේ තත්වෙට පත් උනේ තාත්තා නිසා කියලා.ඒක තමයි Sins of Father 4.එතකොට විලියම්ට මොනවා හරි වෙන්නේ ඔලිවර් නිසා නම්, ඒක Sins of Father 5.මොකද කියන්නේ ? :)

    ReplyDelete
  2. Niyamai BN.. Ath Dan ekmnt ubala review denna.. Essara tibba gamma Dan nane BN.. Puluwannm arrow flash valavath review denna try krhnko..

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න