එමා ග්‍රේස් ෆ්රොස්ට් 1600දී එංගලන්තේ ඉදන් ඇමරිකාවට ආපු ව්‍යාපරික පරම්පරාවකින් පැවතගෙන එන පවුලක දූවරු තුන්දෙනාගෙන් දෙවනි දුව.. ඒ වගේම එමාට වැඩිමහල් සහෝදරයෙකුත් හිටියා..
පවුලේ කවුරුත් දැනගෙන හිටියේ නැති උනාට ෆ්රොස්ට් පවුලේ දූවරු තුන්දෙනාම මියුටන්ට්ලා.. තුන්දෙනාගෙම බලයන් මානසික බලයන්..
එමාගේ අක්කා ඇඩ්රියන්ට තියෙන්නේ සයිකොමෙට්රි බලය..(වස්තුවක් ඇල්ලීමෙන් එය කලින් අයිතිව තිබූ පුද්ගලයන්ගේ මතකයන්, අනාගතයේදී අයිති වෙන්න පුළුවන් අයගේ අනාගතයේදී වෙන්න පුළුවන් මතකයන් දැකීමේ බලය )
එමාගේ නංගිට තියෙන බලය පැහැදිළි නෑ.. ඒත් කෝඩීලියා එමාගේ ටෙලිපති බලයට ප්‍රතිරෝධයක් දැක්වුවා..
මේ තුන්දෙනාගෙම බලයන් ලැබෙන්න ගත්තේ මල්වර උනාට පස්සේ..
ඒත් තාත්තාගේ නුසුදුසු සැලකීම් හේතුවෙන් එමා ස්නෝ වැලි බාලිකා පාසලට යන අතරේ සමාජ පිටුවහලෙක් විදියට සැලකුම් ලැබුවේ.. ඒ වගේම එමා නිතරම හිසේ අමාරුවලින් පෙළුණා.. පන්තිවලට සහභාගි වෙනකොට අනික් අයගේ හිත්වල තියෙන දේවල් ඇහෙන්න ගන්න කාලෙදි එමා නිතරම මානසිකව වැටිලා හිටියේ..
එමාගේ බලයන් වර්ධනය වෙනකොට ඒ බලයන්ගෙන් එමාට තිබ්බ ඉලක්ක ගොඩාක් සපුරාගන්න ඇය සමත් වෙනවා.. එමාට ඉස්කෝලේ උගන්නපු ඉයන් කෙන්ඩල් කියන ගුරුතුමා ගැන පොඩි හිතක් ඇති වෙලා තිබ්බේ.. ඒ නිසාම තාත්තාගේ අකමැත්ත උඩ උනත් එමා ලොකු උනාම ගුරුවරියක් වෙනවා කියලා හිතාගෙන හිටියේ.. ඒත් එමා මිස්ටර් කෙන්ඩල්ව ෆ්රොස්ට් වතුයාය ඉස්සරහා සිපගන්නවා දැකපු එමාගේ තාත්තා එමාට බලපෑම් කලා අනාගතයේ ගුරුවරියක් වෙන අදහස අත් ඇරියේ නැත්තන් මේ ගැන හැමෝටම කියලා අවමන් කරනවා කියලා..
එමාගේ අයියා ක්‍රිස්ටියන් සමලිංගික කියලා දැනගත්තට පස්සේ එමාගේ තාත්තා ක්‍රිස්ටියන්ව පවුලෙන් ඈත් කලා.. ඒ එක්කම එමාගේ අයියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා සියදිවි හානි කරගන්න උත්සාහ කලා..
තාත්තගේ බූදලය උරුමයට උරුමක්කාරයෙක් තෝරනකොට ක්‍රිස්ටියන් සමලිංගික නිසා බූදලයෙන් අයින් කල්ලා තිබ්බේ.. ඇඩ්රියන් එමාට වඩා වැඩිමල් උනත් තාත්තා බූදලේ ලියලා තිබ්බේ එමාගේ නමට.. තමන්ගේ ජීවිතයට අවශ්‍ය දේවල් තමන්ම හොයාගන්නවා කියලා හිතපු එමා තාත්තගේ බූදලේ අක්කට පැවරුවා.. ක්‍රිස්ටියන්ව මානසික රෝහලකට ඇතුළත් කලා.. (ඒ කාලේ සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස නම් කරලා තිබ්බේ)
ඊටපස්සේ එමා සුළු සුළු රැකියා කරන ගමන් හෝටලයක ජීවත් උනා.. එමා දවසක් කෑම කාලා ටෙලිපති බලය යොදාගෙන සල්ලි වෙනුවට පත්තර කොළ දෙන්න උත්සාහ කරලා, බලයේ පාලනය නැති නිසා ඒක මාට්ටු වෙලා හෝටලේ පිගන් හෝදන්න උනා.. ඒ වෙලාවේ තමයි එමාට ට්‍රෝයි කිල්කෙලි හම්බෙන්නේ.. එමා ට්‍රෝයි එක්ක පළමු හමුවීමෙන්ම ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා.. ට්‍රෝයි ඒ වෙනකොට ගොඩක් ඔට්ටුවලින් පරාද වෙලා ට්‍රෝයි ගොඩක් ණය වෙලා හිටියේ.. එමා කැසිනෝ එකට ගිහින් ලෝන් ශාක් කියන ණයහිමියාගේ මතකයන් මකන්න උත්සාහ කලා.. ඒත් ඒක හිතපු තරම් සාර්ථක උනේ නෑ.. ඒක නිසා ට්‍රෝයි එමාට කියනවා එමාව පැහැරගත්තා කියලා ගෙදරට බොරුවට දන්වලා සල්ලි ගෙන්න ගමු කියලා.. ඒත් එමාගේ තාත්තා සල්ලි දෙන්න කැමති වෙන්නේ නෑ..
ට්‍රෝයි මැරුණට පස්සේ එමා ලෝන් ශාක්ගේ ව්‍යාපාර සම්බන්ධ සියළු මතකයන් උරාගන්නවා..
එමාගේ අක්කා ඇඩ්රියන් එමාව පැහැරගත්තා කියලා හදපු බොරු වීඩියෝ එක අරගෙන ගිහින් පෙන්නුවට පස්සේ එමාගේ තාත්තා සල්ලි එවනවා.. ඒ සල්ලිත් අරගෙන එමා නිව්යෝක්වලට යනවා..
දවසක් බ්‍රදර්හුඩ් ඔෆ් ඊවිල් මියුටන්ට්ලා එමාව සිහි නැති කරලා පැහැරගෙන මානසික ආයතනයක් වෙන එසෙක්ස් ක්ලිනික් එකට අරගෙන එනවා.. මැග්නීටෝ එමාව එක්සේවියර්ගේ මියුටන්ට්ලා වෙනුවෙන් හදපු ඉස්කෝලෙට අරන් ගිහින් සෙරීබ්‍රෝ එකෙන් එමා ලවා මිනිස්සු ඔක්කොම මරන්න උත්සාහ කලා.. එක්ස් මෙන්ලට අමතරව මේ සිද්ධියට එවලූශනරීස්ලත් සම්බන්ධ වෙනවා..(එවලූශනරීලා කියන්නේ හෝමෝ සේපියන්ලාට කලින් හිටපු මානව පුරුක.. ෆාස්ටස් කියන අමරණීය තාක්ෂණවේදියෙක්[හෙෆාස්ටස් කියලා ග්‍රීක් දේවකතාවල හදුන්වන්නේ මෙයාව] අවුරුදු දහස්ගානකට කලින් මේ ප්‍රි හෝමෝ සේපියන්ලාට කොස්මික් කිරණවලින් බලගැන්වෙන ආමර් හදලා දෙනවා.. ඒ ආමර්වල තාක්ශණය නිසා එවලූශනරීස්ලට බුද්ධියත්, වේගයෙන් සුවවීමේ හැකියාවත්, පියැඹීමේ හැකියාවත්, තව හැකියාවන් කිහිපෙකුත් ලැබෙනවා..)
එවලූශනරීලා එමාව එතනින් අරගෙන ගිහින් ආයෙත් ක්ලිනික් එකට යනකොට එමාගේ සිහිය ආයෙත් ලැබෙනවා..
එමා ඒ සිද්ධියෙන් පස්සේ කොණ්ඩය බ්ලොන්ඩ් කරගන්නවා.. (කලින් තිබ්බේ ඕටම් ඈෂ් පාට කොණ්ඩයක්)
එමා එම්පයර් ස්ටේට් විශ්වවිද්‍යාලයට යනවා.. ඒකෙදි එමාට ආයෙත් මිස්ටර් කෙන්ඩල්ව හම්බෙනවා.. ඒ වගේම මේ විස්වවිද්යාලයේදි එමාට පළවෙනි ටෙලිපතික් මිත්‍රයා හම්බෙනවා.. ඒ ඇස්ට්‍රිඩ් බ්ලූම්.. ඇස්ට්‍රිඩ් එමාට ටෙලිපති බලය පාලනය කරන්න උදව් කරනවා..
මේ අතරෙදි එමාගේ කාමර සගයා ක්‍රිස්ටීන් එක්ක මිස්ටර් කෙන්ඩල් සම්බන්ධයක් පවත්වනවා කියලා එමා හොයාගන්නවා.. ඒ එක්කම එමාගෙයි මිස්ටර් කෙන්ඩල්ගෙයි සමබ්න්ධය දැන ගන්න ක්‍රිස්ටීන් එමාගෙයි, මිස්ටර් කෙන්ඩල්ගෙයි සම්බන්ධය අනික් අයට කියලා මිස්ටර් කෙන්ඩල්ගේ රැකියාව නැති කරනවා කියලා ක්‍රිස්ටීන් තර්ජනය කරනවා.. ඒත් ඇස්ට්‍රිඩ් මිස්ටර් කෙන්ඩල් ලවා එමාගේ බෙල්ල මිරිකන්න මනසෙන් බල කරනකොට එමා තේරුම් ගන්නවා ක්රිස්ටීනුත් ඇස්ට්රිඩ්ගේම පඹයෙක් කියලා.. එමා ඇස්ට්‍රිඩ් එක්ක මනසෙන් සටන් කරනවා.. ඇස්ට්‍රිඩ්ගේ ටෙලිපති බලය ගැන සියළු මතකයන් උරාගන්න එමා අතින් ඇස්ට්‍රිඩ් අපස්මාර තත්වයකට පත්වෙනකොට මිස්ටර් කෙන්ඩල් දැනගන්නවා එමා මියුටන්ට් කෙනෙක් කියලා.. ඒ නිසා මිස්ටර් කෙන්ඩල් එමාව දාලා යනවා..
මේ සිදුවීමෙන් පස්සේ එමා හිතනවා තමන්ගේ හැකියාවන් සගවගෙන ඉන්න එක වැඩක් නෑ කියලා.. එමා මානසික බලයන් යොදාගෙන ව්‍යාපාරිකාවක් වෙලා ලොකු ධනයක් එකතු කරගන්නවා..
එමා ප්‍රධාන පෙළේ සමාගමක අයිතිය ලබාගන්නවා.. ඒ ආයතනයේ අයිතිකාරිය වශයෙන් එමා මැසචුසෙට් ඇකඩමි එක පටන් ගන්නේ.. මේ ධනවත්කම නිසාම එමාට හෙල්ෆයර් කල්බ් එකට එකතු වෙන්න ආරාධනාවකුත් ලැබෙනවා.. ඒ සෙබස්තියන් ශෝගෙන්..
එමා
ෆ්රොස්ට්ගේ මූලික බලය මනසෙන් සන්නිවේදනය කිරීමේ බලය.. චාල්ස්
එක්සේවියර්ගේ බලය තරම් බලවත් නොවුනත් එමාට එක්සේවියර්ටත් වඩා අත්දැකීම්
,ප්‍රගුණ කරපු හැකියාවන් තිබ්බා..
එමා ෆ්රොස්ට් ඔමේගා ලෙවල් ටෙලිපැත් කෙනෙක්..
මතකයන් පාලනය, මානසික ආවරණ, මානසික මැවීම්, තොරතුරු උරාගැනීම, මනෝකාය, මානසික වේදනාවන් ඇති කිරීම, මානසික වශයෙන් පෞරුෂ සංවර්ධනය වගේ චාල්ස් එක්සේවියර්වත් ප්‍රගුණ නොකරපු සමහර මානසික හැකියාවන් එමාට තියෙනවා..
එමා ෆ්රොස්ට්ගේ ද්වීතික බලය කාබනික දියමන්ති ස්වරූපය.. මේ බලය එමාට ඇති කලේ කැසන්ඩ්‍රා නෝවා..
මේ කාබනික ස්වරූපය නිසා එමාට සුපිරි ශක්තියත්, දරා ගැනීමේ හැකියාවත්, සවිබලයත්, අනික් ටෙලිපැත්ලට ප්‍රතිරෝධ තාවයකුත් ලැබෙනවා..
එමා ෆ්රොස්ට් ඔමේගා ලෙවල් ටෙලිපැත් කෙනෙක්..
මතකයන් පාලනය, මානසික ආවරණ, මානසික මැවීම්, තොරතුරු උරාගැනීම, මනෝකාය, මානසික වේදනාවන් ඇති කිරීම, මානසික වශයෙන් පෞරුෂ සංවර්ධනය වගේ චාල්ස් එක්සේවියර්වත් ප්‍රගුණ නොකරපු සමහර මානසික හැකියාවන් එමාට තියෙනවා..
එමා ෆ්රොස්ට්ගේ ද්වීතික බලය කාබනික දියමන්ති ස්වරූපය.. මේ බලය එමාට ඇති කලේ කැසන්ඩ්‍රා නෝවා..
මේ කාබනික ස්වරූපය නිසා එමාට සුපිරි ශක්තියත්, දරා ගැනීමේ හැකියාවත්, සවිබලයත්, අනික් ටෙලිපැත්ලට ප්‍රතිරෝධ තාවයකුත් ලැබෙනවා..
Hamme. .. athi yaantham post ekak :D
ReplyDelete