Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash S02E13 - Review

The Flash S02E13 - Review
The Flash S02E13 - Welcome to Earth 2

මේ එපිසෝඩ් එකේ ප්‍රධාන අරමුණ තමයි මල්ටිවර්ස් එක හදුන්වා දෙන එක. ඒවගේම මේ එපිසෝඩ් එකේ අපිට ඊස්ටර් එග්ස් ගොඩක් දැකගන්න ලැබුනා. අපි එහෙනම් මුලින්ම බලමු ඊස්ටර් එග්ස් ගැන.

Multiverse
අපිට මුලින්ම දැකගන්න ලැබෙනව මල්ටිවර්ස් එක. කවුද දන්නෙ සමහර විට Dc extended universe එකත් මේ මල්ටිවර්ස් එකේ කොහෙ හරි හැංගිලා තියෙන්න පුලුවන්. ඒවගේම ආරංචියෙ හැටියටනම් මූවි යුනිවර්ස් එකයි ටීවී යුනිවර්ස් එකෙයි ක්‍රොස්ඕවර් දැකගන්න පුලුවන් වෙයි ඉස්සරහට( ගොඩක් දුරට ෆ්ලෑශ් ෆිල්ම් එකේ)


Legion of Superheroes
බැරීයි හැරියි සිස්කොයි අර්ත් 2 එකට යන පාරෙ ගොඩක් විෂේශ දේවල් අපිට දකින්න ලැබුනා ඒවගෙන් එකක් තමයි legion Flight Ring එක. මේකෙ තේරුම අපිට ඉස්සරහට legion of superheroes ටීම් එක බලාගන්න පුලුවන් වෙයි කියන එකද? අපිට මීට කලින් මෙයාලව දකින්න ලැබුනා ස්මෝල්විල් එපිසෝඩ් එකකත්.



90's Flash
අපි මීට කලින් මේ ගැන කතා කරලා ඇති හැබැයි ඔන්න අද පලවෙනි පාරට අපිට දැකගන්න ලැබුනා 1990-1991දි ආපු Flash tv series එකේ John wesley shippගෙ Flashව. දන්නැති අයට කියන්නෙ, ජෝන් වෙස්ලි ශිප් අලුත් ෆ්ලෑශ් එකේ බැරී/ෆ්ලෑශ්ගෙ තාත්තට රගපානවා.



Jonah Hex
Jonah hex තමයි අපිට ඊලගට දැකගන්න ලැබුනෙ. මෙයාව අපිට ඉස්සරහට legends of tomorrow එකේ බලාගන්න පුලුවන්.



Green Arrow?
ඊලගට අපිට ග්‍රීන් ඇරෝව දකින්න ලැබෙනවා. හැබැයි අපිට බලපු ගමන් පේන්වා මේ අපි දන්න අදුරන ඔලිවර් නම් නෙවේ කියලා. පේන හැටියට මෙයාට තියෙන්නෙ robotic arm එකක්. මෙයා ගොඩක් දුරට වයසක ඔලිවර් කෙනෙක් වෙන්න පුලුවන්. ආරංචියෙ හැටියට අපිට legends of tomorrow එකේ තමයි මෙයාව දකින්න ලැබෙන්නෙ. එහෙමත් නැත්තන් මෙයා කොනර් හොක් ( ඔලිවර්ගෙ පුතා) වෙන්නත් පුලුවන්.


Mayor Snart
Mayor Snart. කියන්න දෙයක් නෑනෙ මේ වෙනකොට අපි හැමෝම දන්නවනෙ ස්නාර්ට් කියන්නෙ කැප්ටන් කෝල්ඩ් කියලා.



Gorilla Grodd
මේකනන් එච්චරම ලොකු easter egg එකක් නෙවේ. මේ ගොඩක් දුරට earth 2 gorilla city වෙන්න පුලුවන්.


Supergirl
මෙතනදිනන් මම ඇඩුවෙ නැති එක විතරයි. කොහොමහරි මේක flash supergirl crossover එකේ පලවෙනි step එක විතරයි. ඒවගේම මේකෙන් අපිට ගොඩක් දුරට ස්තීර වෙනවා supergirl සහ flash ඉන්නෙ එකම universe එකේ නෙවේ කියලා.


Best reaction
හෙන්රිව දැක්කම barryගෙයි සිස්කොගෙයි reaction එක සුපිරි. කොහොමහරි මෙයාගෙනන් එච්චරම කරක පාටක් පේන්න නෑ.


Earth 2 Barry
බැරීට බැරීව හම්බෙනවා. පුදුමයක් නෙවේ, මේ earth එකෙත් බැරී තනිකර nerd කෙනෙක්. ඒවගේම flash season 1 එකේ වගේ earth 2 බැරිත් හැරිසන් වෙල්ස්ගෙ fan කෙනෙක්. ඒවගේම මන් හිතන්නෙ අපිට පුලුවන් barry කියන්නෙ zoom කියන තියරිය මෙතනින් අයින් කරන්න.


Justice Society
Comic කියවන අය දන්නව ඇති මේක justice society එකට reference එකක්. මොකද comic වල justice society එක අපිට දකින්න ලැබෙන්නෙ earth 2 වල.


Earth 2 Iris
බැරියි අයිරිසුයි මේ earth එකේ husband & wife. කොහොමහරි අයිරිස් ඉක්මනටම තේරුම් ගනියි මේ එයාගෙ බැරී නෙවේ කියලා මොකද එයා detective කෙනෙක් ඒවගේම පේන හැටියට ගොඩක් හොද detective කෙනෙක්.



Earth 2 Deadshot and Singh
ඊලගට අපිට දකින්න ලැබෙනව deadshotව. හැබැයි මේ earth එකෙ එයාට deadshot කියන්නෙ එයාට ටාගට් එකක් තුවක්කුව ගාවට ගෙනත් තිබ්බත් හරියට වෙඩි තියන්න බැරි හින්ද. ඒ වගේම earth 1 වල පොලිස් ප්‍රධානියා earth 2 වල අපරාධකාරයෙක්.



Speed Dial
මන් හිතන්නෙ මේක තමයි අපිට දකින්න ලැබුන ලොකුම easter egg එක. මුලින්ම අපිට දකින්න ලැබෙනව බැරීගෙ තාත්තඑ නම. ඊටපස්සෙ තාත්තයි අම්මයි දෙන්නම. ඊටපස්සෙ ඉන්නෙ eddie. මෙයා ගොඩක් දුරට eddie thawne වෙන්න පුලුවන්. ඊටපස්සෙ ඉන්නෙ bruce. මේ ගොඩක් දුරට bruce wayne/Batman. ( හැබැයි comic වලනන් earth 2 වල bruce wayne මැරෙන්නෙ එයාගෙ දෙමව්පියන් වෙනුවට. ඒවගේම earth 2 batman thomas wayne/bruceගෙ තාත්ත. ) ඊලගට ඉන්නෙ hal. මේ Hal jordan/green lantern වෙන්න පුලුවන්. ඊලගට ඉන්නෙ Diana . Princess diana/wonder woman. දැන් තියෙන ලොකුම ප්‍රශ්නය මේ අය ඇත්තටම superheroesලද ? එතකොට barry කොහොමද මේ අයව දන්නෙ. නෑ මන් හිතන්නෑ මෙයාලා superheroesල කියලා. මෙයාලා ගොඩක් හොද යාලුවො වෙන්න පුලුවන් බැරීගෙ. එහෙමත් නැත්තන් මෙයාලා වෙන කට්ටියක් වෙන්නත් පුලුවන් මොකද bruce,hal,diana කියලා නම් තියෙන්නෙ batman,gl,wwට විතරක් නෙවේ නිසා.


Earth 2 Barry's Mother
කලින් පොටෝ එකේ කිව්ව වගේ අපිඅට දකින්න ලැබුනා බැරීගෙ අම්මගෙ නම පෝන් එකේ. ඒවගේ earth 1 බැරීට දැනගන්න ලැබෙනවා earth 2 nora allen තාමත් ජීවතුන් අතර කියලා. මෙතනදි මට මතක් උනේ flashpoint storyline එක. මන් හිතන්නෙ අපිට ආයෙ earth 1 වල noraව දකින්න පුලුවන් වෙයි කියලා. මොකද season 1 වල flash කාලය හරහා අපහු ගිහින් noraව බේරගන්න හදපු වෙලාවෙ අපිට season 2 flashව (ගොඩක් දුරට ) දකින්න ලැබුන. ඒකෙ තේරුම season 2 වල් ආපහු flash කාලය හරහා එයාගෙ අම්ම මැරෙන දවසට යයි කියන එක.


Killer Frost and Deathstorm
අපි පලවෙනි season එකේ ඉදන් බලන් ඉදපු දෙයක් අපිට අද බලන්න ලැබුනා. ඒ තමයි කේට්ලින් killer frost විදිහට. මෙයා earth 2 killer frost උනාට මොකද නැද්ද? කොහොමහරි මෙයාව අපිටදකින්නබ්ලැබුනෙ තනියමනන් නෙවේ එයත් එක්ක අපිට දකින්න ලැබෙනවා deathstormව. Comic වලනම් අපිට deathstormව දකින්න ලැබෙන්නෙ earth 3 වල වගේම blackest night storyline එකේදි.



Joe
Damn joe, Daaaamn. වෙන මොනා කියන්නද.


RIP Joe
Deathstormගෙ අතින් joe මැරෙනවා. අපිට කලින් දැනගන්න ලැබුන කොහොමත් මේ episode එකේදි main character එකක් මැරෙනවා කියලා. ඒත් මන් හිතුවෙ නෑ joe මැරෙයි කියලා. RiP Joe



3rd time in a row
මේ episode එකේ මැරෙන්නෙ joe විතරක් නෙවේ. අපිට තුන් වෙනි පාරටත් රොනී මැරෙනව දකින්න ලැබෙනවා. හැබැයි earth 1 රොනීනං ආපහු එයි කියලා තමයි ගිඩක් අය අනුමාන කරන්නෙ. මෙයා ගැනනම් කියන්න අමාරුයි.


Reverb
Cisco vs evil cisco/Reverb තමයි මගෙ ආසම scene එක මේ episode එකේ. Cisco තාමත් එයාගෙ powers සම්පූර්ණයෙන්ම තේරුන් අරන් නෑ, මට පුලුවන් ඔයාට කියලා දෙන්න කියලා reverb කිව්වම, Are you trying to cloud city empire strikes back me right now ? Star wars reference එකක් කියලා කියන්න දෙයක් නෑනෙ.
කොහොමහරි reverbගෙ උදව්වෙන් තමයි zoom earth 1 වල සිද්ද වෙන හැම දෙයක්ම දන්නෙ. ඉස්සරහට zoomට තනියම ලොකු ගේමක් දෙන්න වෙයි earth 1 වල වෙන දේවල් දැනගන්න මොකදඑයා ciscoව මැරුව නිසා.


Velocity 7
Velocity 9 වලට එන්න වැඩි කාලයක් යන එකක් නෑ වගේ. දැන් අපිට දකින්න ලැබුනෙ velocity 7. කොහොමහරි velocity 9 වලින් jayට ආපහු එයාගෙ speed එක සම්පූර්ණයෙන්ම ලැබෙයිද ?



Jay මෙතන පැහැදිලි කරනව එයාගෙ speed එක ඇත්තටම නැති උන විදිහ. ඒක කියපු විදිහටනන් මෙයත් zoomට වඩා වෙනස් නෑ වගේ.


Prison
zoom බැරීව අරන් යනවා jesseව හිර කරන් ඉන්න තැනට. හැබැයි jesseට නෙවේ මෙතනදි අපේ අහැ යන්නෙ මොකද මෙතන තව කෙනෙක් ඉන්නවා,


මෙයාව අපිට දකින්න ලැබෙනවා zoomගෙ පුංචි හිර ගෙදර. මෙආ කවුද කියලනම් අපි දන්නෑ හරියටම. පේන හැටියටනම් ටිකක් වයසක කෙනෙක් වගේ. සමහරවිට henry allen වෙන්න පුලුවන,මෙයා earth 1 henry උනොත්නම් ආයෙ සුපිරි. කොහොමහරි හැමදාම වගේ මේපාරත් අපිට ටික කාලයක් බලන් ඉන්න වෙයි මෙආ කවුද කියලා දැනගන්න. 


6 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න