Daredevil Season 2 Trailer 2

CS-DDS2T2-01

Daredevil Season 2 Trailer 02 Breakdown

CS-DDS2T2-01

ඔන්න එහෙනං අපි කිව්වා වගේම පනිෂර් සම්පන්න ට්‍රේලරයකින් පස්සේ ඉලෙක්ට්‍රා සපිරි ට්‍රේලරයක් ආවා. මේ ට්‍රේලරෙත් පළවෙනි එකට දෙවෙනි නෑ. දැන් නං සීසන් 2 එනකං ඉවසං ඉන්න බැරිතරම්. පළවෙනි එකෙත් හැම තත්පරයක් ගැනම කතා කරා වගේ දෙවෙනි එකෙත් හැම අස්සක් මුල්ලක් නෑරම හොයලා බලමු අපේ රේඩාර් එකට අහුවුන තැන් නොවුන තැන් සේරම ගැන. එහෙනං ආයේ පාරක් ට්‍රේලරේ බලලම ඉමු.



Electrified Elektra

CS-DDS2T2-02

දෙවෙනි ට්‍රේලරේ පටන් ගන්නේ පළවෙනි එක ඉවර වෙන තැන ඉඳලා. ඇස් පේන්නෙ නැති මැට් ඒ ඉලෙක්ට්‍රාමයි කියලා අඳුරගත්තේ කොහොමද ? එක මට කලින් කියන්න බැරිවුණා. ඒ තමයි ඉලෙක්ට්‍රාගේ සුවඳ (scent) එකෙන්. ඉලෙක්ට්‍රාව විතරක් නෙවෙයි එයා ආගිය තැන් ගැන වුනත් ඩෙයාඩෙවිල්ට කියන්න පුළුවනි. ඒ බව ඉලෙක්ට්‍රාත් දන්නවා. මැට්ගෙ හිටපු පෙම්වතිය ගේ බිඳලා ඇවිත් තියෙන්නෙ නම් ලොකු අවුලක් නිසා වගේ. ඉලෙක්ට්‍රා චාටුව දැම්මට මැට්ගෙ ප්‍රතිචාරේ නම් මරු
"Oh, sweetheart. You don't break into my house, and then talk to me about trust"
සීසන් 1වල කියවෙනවා වගේ මේ ග්‍රීක් කෙල්ලයි මැට් උන්නැහෙගෙයි දිග... අතීතයක් තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රා ඩෙයාඩෙවිල් ගැනත් දන්න එකෙනුත් කියන්න පුළුවන් මේ දෙන්නගෙ සම්බන්දෙ කොච්චර කිට්ටු එකක්ද කියලා. 
CS-DDS2T2-03

Aftermath of Kingpin 
CS-DDS2T2-04

“The Yakuza never left … they just hibernated, and watch you take out all of their enemies. Now, New York is ripe for the taking.”
ඉලෙක්ට්‍රා මැට්ගෙන් උදව් ඉල්ලන්නෙ මැට් නොදන්න ගොඩක් දේවල් හෙල්ස් කිචන් වල වෙනවා කියන ආරංචියකුත් දීලා. තමන්ගෙ නගරෙම තමන් නොදන්න දේවල් ඊයේ ආපු මේ ග්‍රීක් කෙල්ල දන්නේ කොහොමද ? සීසන් 1වල yakuzaලගෙ බොස් (නොබූ)ව ඩෙයාඩෙවිල් පරාද කරා මතක ඇති. ඒත් නොබූ කියන්නේ නිකන්ම yakuza ලොක්කෙක් නෙවෙයි, ද හෑන්ඩ් එකේ ප්‍රබල සාමාජිකයෙකුත් වෙනවා. ද හෑන්ඩ් එක කියන්නේ mystical Ninja ක්ලෑන් එකක්. මාවල් ලගේ මිස්ටිකල්(ගුප්ත) පැත්ත වැඩිපුරම තියෙන්නෙ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, අයන් ෆිස්ට් වගේ අයට නිසා අපිට ගොඩක් වෙලාවට අයන් ෆිස්ට් සීරිස් එකෙන් ඒ ගැන ගොඩක්ම කියවෙන නිසාත් මේ සීසන් එකෙන් ඒකෙ පැතිකඩ හැදෙන්නත් ඉඩකඩ ගොඩක් තියෙනවා.

Dogs of Hell's Kitchen

CS-DDS2T2-05

කලින් ට්‍රේලරේ MCU එක ගැන ලොකු සඳහනක් නැතත් මේ ට්‍රේලරෙන් අපිට එකක් දකින්න ලැබුණා. මතකද ශිල්ඩ් සීසන් 1 වල එන්චාන්ටරස්ව හොයාගෙන ලේඩි සිෆ් පෘථිවියට එන එපිසෝඩ් එක ?

CS-DDS2T2-06

මේ හෙල් හවුන්ඩ්ස්ලගෙ වැඩි ගණුදෙනුවක් තියෙන්නෙ පනිෂර් එක්ක වෙන්න ඕනෙ

Nelson vs Murdock

CS-DDS2T2-07

Every time I walk up those stairs, I wonder if today’s the day you’re dead in your living room.”
ට්‍රේලර් එකෙන්ම දුක හිතෙන දර්ශනයක් තමයි මේක. ෆොගිගෙයි මැට්ගෙයි මිත්‍රත්වය තවතවත් පළුදු වීමකට ලක් වෙන අවස්ථාවක්. මැට් තවදුරටත් ෆොගිට කන්නලව් කරන්න යන්නෙ නෑ මැට් ඩෙයාඩෙවිල් වීම වෙනුවෙන්. එත් මොන යාළුවද කැමති තමන්ගෙ හොඳම යාළුවා හැමදාම කවිච්චියේ පණ ඇද ඇද ඉන්නවා දකින්න ?
CS-DDS2T2-08

Daredevilizing costume .... 74% completed

CS-DDS2T2-09

සීසන් 1 වල අගහරියේ පෙන්නපු කිට් එකට වැඩිය ඩිංගක් අප්ග්‍රේඩ් කරපු බවක් අපිට බලාගන්න පුළුවන්. මතකනේ කිට් එක හදපු පොර කිව්වා තාම කිට සම්පුර්ණ නෑ කියලා. ඒත් මැට් එක දා ගත්තා මොකද කොහොම වුනත් ඒක ඕනෙ නිසා.

Claire u wot ?

CS-DDS2T2-10

කලින් ට්‍රේලරේදී "This city needs him" කියලා මේකෙදි මෙහෙම කියන්නෙ ඇයි ක්ලෙයාර් ? එතකොට කලිනුත් කිව්වේ ඩෙයාඩෙවිල් ගැන නෙවෙයිද ? 
Who's the Person This City Really needs ?

CS-DDS2T2-11

ඩෙයාඩෙවිල්ට තේරෙනවා තමන් කරන දේවල් නිෂ්පල වෙන බවක්. මෙතැනදී මතක් වෙනවා ඇති කලින් ට්‍රේලරේ පනිෂර්ගේ වචන.
"You hit'em and they get back up, I hit'em and they stay down"
කරන්න දෙයක් නෑ මැට් ට මේ කියුම්වලට ගෙවල් දොරවල් දාලා යන්න හිතෙන්න ඇති.

Not All Dogs Go to Heaven

CS-DDS2T2-12

කලින් කිව්වා වගේම ගොඩක් වෙලාවට මේකටත් හේතුව පනිෂර් වෙන්න ඕන.

"Battle Has Begun Mathew"

CS-DDS2T2-13

මේ කියන බැට්ල් එක ගැන නම් නිච්චියට යමක් කියන්න බැරිවුනත් ඉලෙක්ට්‍රාගේ කොස්ට්යුම් එක ගැන නම් යමක් කියත හැකි. සුපුරුදු සායි (Sai Blades) දෙක ඇරුනම ඉලෙක්ට්‍රා ලෙදර් සන්න්නාහයක් දාන් ඉන්න බවක් පේනවා.

More Stick !!!
CS-DDS2T2-14

"They're called, the Hand"
මේක තවත් ෆ්ලෑෂ් බැක් එකක්ද කියන්නත් බෑ. එත් හෑන්ඩ් ලගේ විස්තර අපිට ස්ටික් ගේ කටින්ම දැනගන්න පුළුවන් වෙයි. කොමික්ස්වල ස්ටික් කියන්නේ the Chaste ක්ලෑන් එකේ ගුරුතුමා ද වෙනවා. the Chasteලා තමයි හෑන්ඩ්ලගේ පරම හතුරා. Chasteලයි හෑන්ඩ්ලයි කොමික්වල ආලෝකය සහ අන්ධකාරය වගේ. ඒ rivalry එක ගැනත් අපිට මේකෙන් බලාගන්න පුළුවන් වේවි.
Meet the Stone and Stick from the Chaste

CS-DDS2T2-15

සීසන් 1 වල මේක මතක ඇති නේ
The Hand Seems Pretty Handy

CS-DDS2T2-16

නොබූ කියන්නෙ හෑන්ඩ් නායකයා වගේ පෙනුනට හෑන්ඩ් වල එකම නායකයා නොබු නෙවෙයි. හයිඩ්රා වල වුනත් එහෙමයි නෙ. එකයි සීසන් 1 වල ඩෙයාඩෙවිල් නොබූව පරාද කරාට හෑන්ඩ් ලා තාම රන් වෙන්නෙ. කිව්වට මොකද ...

CS-DDS2T2-17

...අපේ ඩෙයාඩෙවිලුත් කාලෙකට හෑන්ඩ්ලව මෙහෙයවූවා
ඒත් අපි නොහිතපු විදියට නොබූ ආයේ පණපිටින් එන්නත් පුළුවන්. මොකද හෑන්ඩ්ලගේ ඩාක් මැජික්( අඳුරු මායාවන්) වලට පින් දෙන්න.

Resurrected Nobu ? Or....

CS-DDS2T2-18

ඇස් පනාපිට පිච්චිලා මැරෙනවා දැක්කත් නොබූ මැරුණද නැද්ද කියලා ස්ථිරවම කියන්න බෑ. ඒ වගේම නොබූ තම අවසන් අවසන් සටනේදීත් භාවිත කරපු මේ ආයුධය එයා සාමාන්‍යයෙන් භාවිත කරන අවියද වෙනවා.

CS-DDS2T2-19

හැබැයි මේ ඉන්නෙ ස්කෝපියන් වෙන්නත් පුළුවන්. අල්ටිමේට් ස්පයිඩර්මෑන් ඇනිමේටඩ් සීරිස් එකේදි ස්කෝපියන් කියන්නෙ අයන් ෆිස්ට් එක්ක එකට කුන් ලුන්(K'un L'un) හි සටන් ශිල්ප ඉගෙනගත්තු කෙනෙක්.
CS-DDS2T2-20

ස්කෝපියන් කියන්නේ සාමාන්යෙන් ස්පයිඩර්මෑන් සතුරෙක් වුනත් ඇනිමේටඩ් සීරිස් එකේදී අයන් ෆිස්ට් ගෙ සතුරෙක්. අයන් ෆිස්ට් සීරිස් එකක් ඉදිරියේදී එන නිසාත් ගේම් ඔෆ් ත්රෝන්ස් නළු ෆින් ජෝන්ස් ව ළඟදි අයන් ෆිස්ට් ලෙසට කාස්ට් කළ නිසාත් අල්ටිමේට් ස්පයිඩර්මෑන් version ස්කෝපියන්ව ගේන්නත් පුළුවන්.

Man in the Mask

CS-DDS2T2-21

ගොඩක් වෙලාවට මේ ඉන්නේ Kirigi වෙන්න පුළුවන්. Kirigi හෑන්ඩ් වල මාරාන්තික ඇසෑසින් කෙනෙක් වගේම ඉලෙක්ට්‍රාගේ පරම හතුරෙක්. එහෙනං මෙයා තමයි ඉලෙක්ට්‍රා හඹා එන්නෙ. කොමික් වල මෙයාව ඉලෙක්ට්‍රා එක පාරක් හිස කඳින් වෙන්කරලත් දිවි ගලවාගැනීමට සමත් වුණා. එහෙමත් නැත්තන් මේ ඉන්නෙත් පුනරුත්ථානය වුනු නොබූ වෙන්නත් පුළුවන්.

"You Cannot Stop What We Have Started"

CS-DDS2T2-22

"The Rising is Coming... !"
රයිසිං එකයි මේ දැවැන්ත අගාධයයි ගැන හිතද්දී නම් මේකත් ස්ටික් එපිසෝඩ් එකේ කතා වුණු බ්ලැක් ස්කයි ට සම්බන්ධ එකක් වෙන්න ඕනෙ සමහර වෙලාවට මේක ඉන්හියුමන් සිද්ධියක් වෙන්නත් පුළුවන්. ඒ හෑන්ඩ් ලා ඉන්හියුමන් සහ මායාවන් භාවිත කරලා Demon කෙනෙක් හදන්න හදනවා වෙන්නත් පුළුවන්. කොමික් වලදී හෑන්ඩ් ලට මායාවන් කරන්න පුළුවන් වෙන්නෙ බිස්ට් කියන කෙනෙක් මඟින් ඒවා ලබා දීපු නිසා. ඔරිජින් එක වෙනස් වුනත් හෑන්ඩ්ලා කරන්න හදන මේ එය වෙන්නත් ඉඩකඩ තියෙනවා.

CS-DDS2T2-23

ඒ වුණත් ඩෙයාඩෙවිල් කියන්නේ අපරාධ ගණයේ සීරිස් එකක් පමණක් වීම නිසා මං නම් හිතන්නේ නැහැ අපිට මැජිකල් දේවල් ගොඩක් දකින්න ලැබෙයි කියලා. හැබැයි අයන් ෆිස්ට්, ඩිෆෙන්ඩර්ස් වල නම් ඕන තරම් තියේවි. ඒ වගේම අමතක කරන්න හොඳ නෑ ලුක් කේජ් වගේම ජෙසිකා ජෝන්ස් දෙවෙනි සීසන් එහෙමත් එනවා කියලා.

Awwwweeeeee

CS-DDS2T2-24

මේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. ඒත් එතකොට කැරන් ?

A li'l bit of Punisher

CS-DDS2T2-25

But no less Badass
CS-DDS2T2-26

අපි පනිෂර් ගැන කතා කරන්න තියෙන සේරම වගේ කලින් කතා කරලයි තියෙන්නෙ. ඒ නිසා ඉතුරු වෙලා තියෙන්නෙ තව සති දෙකකින් රිලීස් වුනාම එක දිගට බලන එක විතරයි.

The Man Without Fear

CS-DDS2T2-27

මේවා තමයි ඩෙයාඩෙවිල් ස්ටන්ට්. සීසන් 2 වල නං මේවයින් අඩුවක් නැතිවෙයි වගේ. ඒ වගේම බටන් ටිකත් අප්ග්‍රේඩ් වෙලා කියලා කියන්නත් ඕනි.

CS-DDS2T2-28

CS-DDS2T2-29


12 days ahead

CS-DDS2T2-30

‪#‎Tony‬

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න