Gotham s02e12 - Mr.Freez Review
******* Spoiler Alert *******
ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආපහු ගෝතම් කතාමාලව එන්න පටන් ගත්ත. මිඩ් සීසන් ප්‍රිමියර් එක හැබැයි ලොකු වෙනසක් කලේ නම් බලාපොරොත්තු වෙච්ච විදිහට. එත් සීසන් එකේ ඉස්සරහට වැදගත් වෙන දේවල් කිහිපයක් නම් ඉදිරපත් උනා..
01. Flashback : කතාවේ මුල් හරියේ වැඩිපුරම කෙරෙන්නේ මෙතෙක් කල් වෙච්ච සිදුවීම් ගැන මතක් කරන්න.. ජිම් ගෝර්ඩන් ගේ ප්‍රශ්න කිරීම අතර තුරත් වෙන්නේ ඒක. හැබැයි ඉතින් ජිම් මෙතන උත්තර දෙන විදිහෙන් වරදකාරී බව හොඳටම පෙනෙන්න තිබුනා,එත් අවසානයේදී චෝදනා වලින් නිදහස් වෙලා ආපහු රහස් පරීක්ෂකයෙක් විදිහට වැඩ කරන්න ගන්නවා..
02. JIM and LEE : මේ නම් දෙක මෙහෙම එක ළඟ තියෙද්දී කාව හරි මතක් උනා නම් දාන්න පහක් *high five*
ඩෙඩ් වලදී දැක්කට පස්සේ මොරේනා ව දකිද්දී පොඩි අමුත්තක් දැනුනේ මට විතරද? (ඒ නම කියවෙන්නේ එහෙම නේද? මොකද මම නම් හාවී තරම් හොඳට නම් කියවන්න දන්නේ නෑ ;) )
කොහොමත් සුළු සුළු දක්ෂ වැඩ කලාට බුච් කියන්නේ හැමදාමත් කාගේ හරි පාලනයක් යටතේ හිටපු කෙනෙක් නේ.. ඒකනිසා තනියම මේ පාලනය ගෙනියන එක නම් කොහොමත්ම කරන්න බැරි දෙයක්.. හැබැයි ටැබතා ගේ හවුල හින්දා ගොඩක් දුරට මෙයා ට ආපහු පරණ විදිහටම ඉන්න වෙයි වගේ..
සෙලිනාටත් ඉතින් ඕනේ නැති දෙයක් නෑ නේ..?
04. Cop-sicle : ගෝතම් වල පොලිසියේ රස්සාවක් කරන එක කොච්චර අමාරු දෙයක්ද කියල අමතක වෙලා හිටියේ. වික්ටර් ෆ්‍රීස් ව/ෆ්රයිස් ව නිල වශයෙන් මුලින්ම හඳුන්වා දෙන්නෙත් මෙතැනදී.. නරකමත් නෑ නේ?
05. Getting colder : නිග්මා ගේ වෙනස් වීම අනිත් අයටත් දැනෙන්න පටන් ගන්නවා වගේ. ඕනෙවටත් වඩා නපුරු වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා.
මෙතැනදී කියනව මිස්ටර් ෆ්රීස් පාවිච්චි කරන්නේ ලික්විඩ් හීලියම් කියල.. කොමික් වලදී නම් ගොඩක් වෙලාවට මිස්ටර් ෆ්‍රීස් යූස් කරන්නේ නම් ලික්විඩ් නයිට්‍රිජන්..
අනික මෙතන M.E lab එක වෙනදට වඩා ටිකක් එලිය වැඩිකරලා,ටිකක් සුදුපාට කරලා සිතල කියන දේ ඉස්මතු වෙන විදිහට පෙන්නන්න හදලා තියෙනෙව කියලයි මටනම් හිතුනේ..
06. Caged : පොලිසියෙන් බේරෙන්න පෙන්ගුයින් හැංගිච්ච තැන නම් ටිකක් මෝඩයි.. කොහොමත් ඉතින් පෙන්ගුයින් කියන්නේ බැටා ඉන්න බුද්ධිමත් හතුරෙක් නෙමේනේ. ගෝතම් වලදී අපිට කල්පනාකාරී පෙන්ගුයින් කෙනෙක්ව කලින් දැකගන්න ලැබුන උනාට අම්මගේ මරණෙට පස්සේ පෙන්ගුයින් කරපු ගොඩක් දේවල් නම් වැඩිය හිතල කරේ නැති බවක් පෙන්න තිබුනේ..
ඇත්තටම පෙන්ගුයින්ගේ සහයකයෝන්ට මොකද උනේ.?
07. confession : ජිම් ව ගාවන්නේ නැතුව තියෝ ගැලවන් ගේ මරණෙට සම්පුර්ණ වගකීම පෙන්ගුයින් ගත්තා උනාට කැප්ටන් බාර්න්ස් ගේ හිතේ සැකේ අඩු කරන්න එකට හොඳටම පුළුවන් උනේ නෑ..
මෙච්චර ලේසියෙන් ආකම් වලට යන්න පුළුවන්කම තියෙද්දේ කොහොමද ඉතින් ගෝතම් වල අපරාධ අඩු කරන්නේ..
තවත් දෙයක් තමයි නිව් 52 විලන්ස් වන්ශෝට්ස් වල මිස්ටර් ෆ්රීස් ඔරිජින් එකේදී නෝරා කියන්නේ වික්ටර් ෆ්රීස් ගේ ගේ බිරිඳ කියන ඒකත් වෙනස් කළා කියල කියවපු අයට මතක ඇති.. එතැනදී නෝරා කියන්නේ වික්ටර් කරගෙන යන පරික්ෂනෙට හේතු වෙච්ච කෙනා. ඒ නිසා වික්ටර් ගේ හිතේ නෝරා ගැන ආදරයක් තියෙනවා.. ඒ විදිහ ගේන්නේ නැතුව මිස්ටර් ෆ්රීස් ගේ හොඳම/ගැලපෙනම පසුබිම් කතාව ගෝතම් වලට ගෙනාපු එක නම් ලොකු දෙයක්..
මිස්ටර් ෆ්රීස් කියන චරිතය මුලින්ම හඳුන්වා දෙන්නේ 1945 පෙබරවාරි මාසයේදී නිකුත් කරපු batman #121 කලාපය හරහා,හැබැයි එතැනදී මෙයාට නම දෙන්නේ මිස්ටර් සීරෝ කියල.. අපිට හුරු පුරුදු නාමයෙන් එන්න පටන් ගන්නේ 1965 මාර්තු වලදී ආපු detective comics #373 කලාපයේ ඉඳන්.. මේ චරිතය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ Bob Cane, David Ward, Sheldon Moldoff කියන තුන්දෙනාට
හියුගෝ ස්ට්‍රේන්ජ් ව නිර්මාණය කරන්නේ Bill Finger සහ Bob Cane දෙන්න, ඒ 1940 පෙබරවාරි මාසයේදී detective comics #36 කලාපයට. ජෝකර් ටත් වඩා පරණ batman විලන් කෙනෙක් තමයි හියුගෝ ස්ට්‍රේන්ජ් කියන්නේ..
B.D Wong ගේ පෙනුම හොඳටම තිබ්බ.. මේ චරිතයේ වැදගත් කම ඉස්සරහට අපිට හොඳින්ම බලාගන්න පුළුවන් වෙයි..
කොහොම උනත් නෝරා ඇලන් දැනගන්නවා තමන්ගේ මහත්තයා පරීක්ෂණ කරන්න පාවිච්චි කරන්නේ මියන්ව නෙමේ කියල.. තමන්ට තියෙන ආදරේ වෙනුවෙන් මේ කරන දේවල හින්ද පොලිසියට එයාව පාවා දෙන්නත් මෙයාගේ සුදානමක් නෑ ( මෙන්න නියම ආදර කතා )
මෙතන පෙන්නන්නේ කලින් අවස්ථා වලදී පාවිච්චි කරපු ෆ්‍රීස් රේ ගන් එක නෙමේ.. එකට වඩා මේකනම් පට්ට ^_^
මෙතැනදී කියවෙන විදිහට වික්ටර් ෆ්‍රීස් කරගෙන යන පරීක්ෂණයට සමානම දෙයක් හියුගෝ ස්ට්‍රේන්ජ් අතිනුත් සිද්ද වෙනවා කියන දේ. ඒ මොකක්ද.මොකටද කියල ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි..
ගොඩක් කාලෙකින් රිවිව් එකක් ලියන නිසා පොඩ්ඩක් එහෙන් මෙහෙන් අවුල් ගිහින් ඇති.. වැරදිච්ච.මගහැරිච්ච තැන් තියෙනවා නම් ඒ ගැන මට වගේම අනිත් යටත් දනහන්න එක්ක කමෙන්ට් එකක් දාන්න..
#Gotham_sII_eXII_Review
#ClownPrinceOfCrime
elma machoo thz
ReplyDeleteඅවුලක් නෑ සාර්ථකයි........
ReplyDeleteස්තූතියි මචං