ෆීනික්ස් ෆෝස් කියන්නේ විශ්වයේ ආරම්භයේ ඉදන්ම විශ්වයේ පැවතුණ කොස්මික්
ජීවීන්(අන්තරීක්ෂ භූතාර්ථ)ගෙන් විශ්වයේ පවතින වර්ථමාන හා අනාගත ජීවය හා
විනාශය නිරූපණය කරන කොස්මික් ජීවියෙක්.. ජීවයේ ප්‍රාථමික විශ්වීය ශක්තියේ
විකෘති වෙලා නිර්මාණය වෙච්ච ස්වභාවයක් වෙන ෆීනික්ස් ෆෝස් එක අමරණීයයි වගේම
විනාශ කරන්න බෑ.. ෆීනික්ස් ෆෝස් එක මුළු විශ්වයේම පවතින මානසික ශක්තීන්වල
ආරම්භය හා සම්බන්ධීකාරකයා වගේම නිර්මාණකරණයේ ආරක්ෂකයා.. මුළු විශ්වයම උනත්
විනාශ කර නැවත නිර්මාණය කිරීමට තරම් බලයක් ඇති ෆීනික්ස් ෆෝස්ගේ ජජ්මන්ට්
ඔෆ් ෆීනික්ස්(ෆීනික්ස්ගේ විනිශ්චය) අනුව විශ්වයේ වැඩ නොකරන දේවල්, වැඩකට
නැති දේවල් විනාශ කර විශ්වයට වැඩක් වන පරිදි නිර්මාණය කිරීම ඇතුළත් වෙනවා..
අනෙක් කොස්මික් ජීවීන් වගේම ෆීනික්ස් ෆෝස් එකත් සචේතනික ජීවියෙක් නිසා විශ්වය හරහා ගමන් කරනවා..
ආරම්භයේදි ෆීනික්ස් ෆෝස් එක ස්වරූපයක් නැති ශක්තියෙන් හැදිච්ච ස්කන්ධයක්
විතරයි.. අවුරුදු දහස් ගණනකට කලින් පෘථිවියට ආපු වෙලාවක කල්පිත ෆීනික්ස්
පක්ෂියාව අදහපු ෆෙරන් නමැති මායාකාරයෙක් හම්බෙනවා.. ෆෙරන්ගේ ඒ ඇදහිල්ල
අනුරූප කරගෙන තමයි ෆීනික්ස් ෆෝස් එක අපි කොමික්වල දකින ෆීනික්ස් ගිනි
පක්ෂියාගේ ස්වරූපය ගත්තේ..
ෆීනික්ස් ෆෝස් එක ඇතැම් අවස්ථාවලදී
ජීවින්ගේ ශරීරවලට ඇතුල් වෙනවා.. එහෙම ෆීනික්ස් ෆෝස් එක විසින් අත්පත්
කරගත්ත අය අතරින් ප්‍රසිද්ධම මියුටන්ට් ජීන් ග්‍රේ..
ජීන් ග්‍රේට
අමතරව රේචල් සමර්ස්, හෝප් සමර්ස්, චාල්ස් එක්සේවියර්, මැදෙලින් ප්රයොර්,
අයන් ෆිස්ට්(ෆොන්ග් ජි), වුල්වරීන්(ලෝගන්), කිඩ් ඔමේගා, ස්ටෙෆඩ් කුක්කූස්
නිවුන්නු තුන්දෙනා(එමා ෆ්රොස්ට්ගේ ක්ලෝන දූවරු) , එමා ෆ්රොස්ට්, මැගික්,
කොලෝසස්, සයික්ලොප්ස් සහ නේමාර් වගේම තවත් ගොඩක් දෙනෙක්ගේ ශරීරවලට විශ්වයේ
ආරම්භයේ ඉදන්ම ෆීනික්ස් ෆෝස් එක ඇතුල් වෙලා ඒ සිරුරුවල ඉන්න කාලය තුළ
ඔවුන්ගේ බලයන් වර්ධනය කරවලා තියෙනවා..
අන්තිමට දක්වපු පස්දෙනා(එමා
ෆ්රොස්ට්, මැගික්, කොලෝසස්, සයික්ලොප්ස් හා නේමාර්) ගැන විශේෂයෙන් යමක්
සදහන් කරන්නම ඕන.. එම් ඩේ ඉවෙන්ට් එකෙන් පස්සේ(ස්කාලට් විච් ලෝකයේ ඉන්න
මියුටන්ට්ලාගෙන් 91.4%කගේ බලයන් නැති කරලා දැම්ම ඉවෙන්ට් එක) ඇවෙන්ජර්ස්
වර්සස් එක්ස් මෙන් ඉවෙන්ට් එකේදි ෆීනික්ස් ෆෝස් එක ආපහු පෘථිවියට එනවා
කියලා දැන ගන්න කැප්ටන් ඇමරිකා ඒකට හේතුව හොයනකොට ෆීනික්ස් ෆෝස් එක ආපහු
එන්නේ හෝප් සමර්ස්ව සත්කාරකයා කරගන්න කියලා හොයාගන්නවා.. යුටෝපියාවට එන
ඇවෙන්ජර්ස්ලා හෝපව තමන්ගේ යටතට ගන්න ඉල්ලනවා.. ඒත් ෆීනික්ස් ආපහු එන්නේ
මියුටන්ට්ලාව නැවත ඇති කරන්න කියන මතයේ ඉන්න සයික්ලොප්ස් මේකට විරුද්ධ වෙලා
කැප්ටන් ඇමරිකා එක්ක සටන් කරනවා..(ඇත්තටම ෆීනික්ස් ෆෝස් එකෙන් ආයෙත්
මියුටන්ට්ලාව ඇති කරනවා) ඇවෙන්ජර්ස්ලා යුටෝපියාවට පහර දෙනවා.. හෝප්ව හදේ
නිල් ප්‍රදේශයට(හදේදි හුස්ම ගන්න පුළුවන් කොටස.. වොචර් ජීවත් වෙන්නෙත් හදේ
නිල් කොටසේ) අරගෙන ගියාට පස්සෙත් එක්ස් මෙන්ලා හා ඇවෙන්ජර්ස්ලා අතර සටන
සිද්ධ වෙනවා.. හෝප්ට ෆීනික්ස්ගේ බලය දැනෙනවා.. ඒ බලය දරාගන්න අමාරු වෙයි
කියලා හිතන හෝප් වුල්වරීන්ට තමන්ව මරන්න කියනවා.. ඒත් සයික්ලොප්ස් ඒක
නවත්තනවා.. ෆීනික්ස් ෆෝස් එක ලං වෙනකොට අයන් මෑන් ෆීනික්ස් බස්ටර් කියන
ආමර් එක යොදාගෙන ෆීනික්ස් ෆෝස් එකට පහර දෙනවා.. ඒත් ඒ ප්‍රහාරවලට ෆීනික්ස්
ෆෝස් එක විනාශ කරන්න බැරි වෙනවා.. ඒත් අයන් මෑන් ෆීනික්ස් ෆෝස් එක කොටස්
කිහිපයකට කඩන්න සමත් වෙනවා.. මේ කොටස් සයික්ලොප්ස්, එමා ෆ්රොස්ට්, නේමාර්,
මැගික් හා කොලෝසස්ගේ ශරීරවලට ඇතුළ් වෙනවා.. මේ පස් දෙනා ෆීනික්ස් ෆයිව්
විදියට හදුන්වනවා..
ඒ වගේම බ්ලේඩ් ඔෆ් ෆීනික්ස් කඩුව හරහාත් ෆීනික්ස් ෆෝස් එකේ බලය පාලනය කරන්න පුළුවන්..
ෆීනික්ස් ෆෝස් එකේ මූලික බලයක් වෙන්නේ මුළු විශ්වයේම මානසික බලයන්ගේ
සම්බන්ධකය වීම.. ඒ නිසාම මානසික බලයන් තියෙන සත්කාරකයන්ට ෆීනික්ස් ෆෝස් එක
විශේෂයෙන් ආකර්ෂණය වෙනවා..
ඒ එක්කම අමරණීයත්වය වගේම ෆීනික්ස් ෆෝස් එක හිතන ඕනම කෙනෙක්ට උපරිම බලයනුත් එක්ක නැවත පණදීමේ හැකියාවත් ප්‍රධානයි..
තවත් මූලික බලයක් වෙන්නේ විශ්වයේම ජීව ශක්තිය පාලනය කිරීමේ හැකියාව..
ඒ වගේම කාලය හා අවකාෂය අතරේ ගමන් කරමින් තමන්ගේ ශක්තිය නැවත ගබඩා කරගැනීමේ හැකියාවකුත් තියෙනවා..
ඕනම වර්ගයක ශක්තිය පාලනය කිරීමේ හැකියාව, පදාර්ථ තත්ත්වාන්තරකරණය(උදාහරණ:
ලී රත්තරන් බවට හැරවීම, වීදුරු කඩදාසි කිරීම ) වගේ බලයන් ගොඩක් එක්ක සරලව
කිව්වොත් යථාර්ථය පාලනය කිරීමේ බලය ෆීනික්ස් ෆෝස් එකට තියෙනවා..
ෆීනික්ස් ෆෝස් එක මායාවන්වලට දුර්වල තාවයක් දක්වනවා.. ඒ වගේම අයන් ෆිස්ට්ගේ
කන් ලන්වල ඉන්න ශවු ලෝ මකරාගේ බලයටත් ෆීනික්ස් ෆෝස් එකට හානි කරන්න
පුළුවන් වෙලා තියෙනවා.. කලින් අයන් ෆිස්ට් කෙනෙක් වෙච්ච ෆොන්ග් ජි මකරාගේ
බලය යොදාගෙන ෆීනික්ස් ෆෝස් එක හිලෑ කරලා ෆීනික්ස් ෆෝස් එක යොදාගෙන
තියෙනවා..
Patta.
ReplyDeleteනියම වැඩක් bro
ReplyDelete