Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Things you should know to understand DC Rebirth

Things you should know to understand DC Rebirth

Things you should know to understand DC Rebirth 


පහුගිය කාලෙම මාව දැකගන්න ලැබුනේ නැති වෙන්න ඇති. ගෝතම් කතාමාලාවේ අන්තිම කොටස් කිහිපයේ රිවිව් එක ගෙන්න බැරි තරමටම ගොඩක් කාර්යබහුල උනා.. ඉතින් මුලින්ම ඒ ගැන සමාව ඉල්ලන ගමන්ම පහුගිය කාලේ ගොඩක් කතාබහකට ලක්වෙච්ච/තාමත් ලක්වෙන DC රීබර්ත් ඉවෙන්ට් එක ගැන පැහැදිලි කරලා ඉන්න ඕනේ කියල හිතුව..


පේජ් එකෙන් වැටෙන මීම් එකකට තරම් මේ වගේ වැදගත් පොස්ට් එකකට ලයික් කමෙන්ට් වැටෙන්නේ නැති උනත්, අපි මේ දෙය පටන්ගත්තේ හුදෙක් විනෝදය සපයනවට වඩා, කොමික් ගැන දැනුවත් කරන්න හා ඒ තුලින් එන වෙනස්ම විදිහේ රසවින්දනය ගැන හැමෝටම තේරුම් කරන්න නිසා කිහිප දෙනෙක් හරි කියවල තමන්ගේ අදහස්, ගැටළු ගැන අපෙන් අහන්න, අපිට කියන්න පුළුවන් නම් ලොකු දෙයක්..

මේ ගැන අපි තවත් ලිපියක් සුදානම් කරල තියෙන්නේ. එත් ඊට කලින් මේ දේවල් ටික කියල ඉන්න එක හොඳයි කියල හිතුන.. මෙතනදී අත්වෙන සමහර කරුණු ටිකක් සරලව යන්තමින් සඳහන් කරලා තිබුනොත්, ඒ කියන්නේ ඊළඟ ලිපියේදී ඒ ගැන මිට වඩා පැහැදිලි කරලා තියනවා කියන එකත් මතකයේ පොඩ්ඩක් තියාගන්න..



01. New 52 and DC Comics Numbering system 


කලින් කිව්වා වගේ රීබර්ත් ගැන සම්පුර්ණයෙන්ම පැහැදිලි කරන්න ඕනේ නම් නිව් 52 ගැන වගේම නිව් 52 එන්න හේතුවත් පොඩ්ඩක් කියල ඉන්න ඕනේ.. නිව් 52 කියන්නේ මොකක්ද කියල නම් අමුතුවෙන්ම ආයේ පාරක් පැහැදිලි කරන්න ඕනේ නැති වෙයි කියල හිතෙන නිසා මම කෙලින්ම එන්නම් DC ආයතනය ඇයි නිව් 52 ගෙනාවේ කියන එක ගැන කතා කරන්න..


DC සමාගමේ සම නිෂ්පාදක Dan Didio ගේ සහ තවත් කිහිප දෙනෙක්ගේ අදහස වෙලා තිබ්බේ අංක තුනේ කොමික් ප්‍රකාශන නිසා කොමික් වල පෙළගැස්වීම සහ පාඨකයන්ගේ උනන්දුවට බාදා ඇති වෙනවා කියන එක. DC කොමික්ස් වල සුවිශේෂී සන්ධිස්ථානයක් වෙච්ච ක්‍රයිසිස් ඉවෙන්ට් එකෙන් පස්සේ කොමික් වල අනුපිලිවෙල අංක නැවත පටන් ගන්න තිබ්බ කියන මතයේ හිටපු කොමික් විචාරකයිනුත්, Dan Didio ත් නිසා තමයි new 52 එන්න හේතු වෙන්නේ. 2009 වසරේදී jim lee විසින් සුපි වෙනුවෙන් ගේන අලුත් කොස්ටියුම් එකත් මේකට හේතු වෙනවා. මේක දැකපු Dan Didio හිතනවා DC යුනිවර්ස් එකේ හැමෝටම අපහු අලුතෙන්,එක පාර අලුත් ප්‍රවේශයක් පෙනුමක් දෙන්න ඕනේ කියල. ඉතින් මේ සේරමත් එක්ක මේ දේට පාදක කර ගන්නේ මේ කාලේදී ආපු Geoff ගේ  flashpoint. එකෙන් වෙන සංසිද්ධියක් විදිහට හැදෙන (මෙතෙක් කල් අපි හිතන් හිටපු දේ ) අලුත්ම, වඩාත් නිවැරදිව කියනව නම් වෙනස් වෙච්ච යුනිවර්ස් එක තමයි new 52 කියන්නේ.. ඒ අනුව geoff සහ jim දෙන්න එකතු වෙලා the new 52 Justice League 000 ඉදන් මේ අලුත් යුනිවර්ස් එක බිහිවෙන්නේ.. 


02. New 52 Flaws 


DC ආයතනය කොමික් කලාව වෙනුවෙන් අලුත් දේවල් කරන්න පොඩ්ඩක් වත් බය වෙන්නේ නැති උනාට ඒ කරපු හැම දෙයක්ම අතිසාර්ථක වුන කියල නම් කියන්න බෑ. අන්න ඒ වගේ දෙයක් තමයි new 52 කියන්නෙත්.. මේ දේ ගොඩක් ලොකු වෙනසක් උනත් සමහර තැන් හිතුවටත් වඩා හොඳට ආව වගේම සමහර තැන් වලින් ලොකු හානියකුත් සිද්ද උනා..

පලවෙනි දේ තමයි DC කොමික් චරිත අතර තිබුන Relationship සහ Legacy වලට වෙච්ච හානිය.. විශේෂයෙන්ම ආදර සම්බන්ධතා වලට. ආදර සම්බ්නධතා විනාස කිරීම සම්බන්ධයෙන් marvel සමාගම ඉස්සරහින් හිටපු/ ඉන්න නිසාද මන්ද මේ දේ DC සමාගමත් කලේ.. 

දෙවැනි හානිය තමයි අපි ආදරය කරපු චරිත වල ස්වභාවයන් වෙනස් කරපු එක, උදාහරණ වශයෙන් කළු ජාතික වොලී වෙස්ට් කෙනෙක් ගෙනාපු එක, ටයිටන් කණ්ඩායම නැති වෙච්ච එක. ඔලිවර් කුයින් කියන චරිතයේ තිබ්බ පසුගාමිතාවය වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්..

තුන්වන දේ තමයි කැරැක්ටර් ඩිසයින් වල තිබ්බ අඩුපාඩු ( සොරි jim lee,ඒත් ඔයා කරපු සමහර එව්වට නම් මම එකඟ වෙන්නේ නෑ.. හැබැයි මේවට Dan Didio තමා වැඩිපුර වග කියන්න ඕනේ )

හතර වෙනි දේ තමයි චරිත වල තිබ්බ සමහර පෞර්ශත්වයන් වලට වෙච්ච අඩු පාඩු.. හොදම උදාහරණය සුපී..
හැබැයි කියන්න ඕනේ දෙයක් තමයි මේ දේවල් කරපු එක හරියි කියලත් කියන ය ඕනේ තරම් ඉන්නවා කියන එක. අනික new 52 යටතේදී ආපු සමහර කොමික් සීරියස් සහ ටයිටල්ස් මේ සමහර වෙනස්කම් නිසාම ලොකු ජනප්‍රියතාවයක් සහ සාර්ථකත්වයක් ලැබුන කියන එකත් පිලිගන්නම වෙනවා.. 



03. Geoff "Amazing" John


මෑත ඉතිහාසය තුල බිහිවෙච්ච හොඳම කොමික් රචකයා ජෙෆ් කියල අවිවාදයෙන්ම කියන්න පුළුවන් ( matt fraction තරහ වෙන එක්ක නෑ මාත් එක්ක ) ජෙෆ් ජෝන්ස් ගැන දන්නේ නැත්තම් අපිව අන්ලයික් කරලා ගඟක මුහුදක පැන්නට අවුලක් නෑ.. 

නිව් 52 ගේන්න පාදක වෙච්ච flashpoint වගේම එදා මෙදා තුර ඉතිහාසයේ නොමැකෙන සටහනක් තිබ්බ කොමික් කතා ගොඩක්ම මෙයා අතින් ලියවිලා තියෙනවා. ඒ නිසාම ජෙෆ් තේරුම් ගන්නවා නිව් 52 වලදී කරපු දේවල් වැරදියි කියල (අනිත් අයට කලින්) රීබර්ත් සහ ජෙෆ් ඊට කලින් ලියපු කතා කියවගෙන යද්දී හිතෙන්නේ මේ දේ ගැන කලින්ම තේරුණා නිසා flashpoint ලියද්දීම මේ වෙන්න යන වැරැද්දෙන් ගැලවෙන්න විදිහ ගැන හිතාගෙනම ඒ දේවල් ලියල තියෙනවද කියන එක. ඒ තරමටම ජෙෆ් මේ වගේ දේවල් වලට දක්ෂයි.


තමන් කරපු වැරැද්ද ගැන පහුවෙලා හරි තේරුම් ගන්න Dan Didio ජෙෆ් ගාවට ඇවිත් කියනවා කොටස් 52 කින් new 52 ඉවර කරලා ආපහු අලුතෙන් පටන් ගමු කියන එක. රීබුට් කියන සංකල්පයට අකමැති ජෙෆ් මේ කතාව අතරේදී Dan ගේ කටින් පනින Rebirth කියන වචනෙත් එක්ක මේ දේ කරන්න ඕනේ විදිහ ගැන පැහැදිලි කරලා දෙනවා..

Rebirth කියන එකත් එක්ක ජෙෆ් ගේ ලොකු සම්බන්ධයක් තියෙනවා.. ඒ 2005 වසරේදී ජෙෆ් ගේන කලාප හයක Green Lantern Rebirth කතාව සහ ඒ තුලින්ම ආපහු 2009 වසරේදී ගේන the Flash Rebirth කතාව. පොඩ්ඩක් විකාර වගේ උනාද? "දැන් එතකොට rebirth ඉවෙන්ට් එකෙනුත් GL,Flash rebirth one shots වගයක් ආව නේද? එහෙම ගොන් වැඩ කරන,එකම ටයිටල් එකෙන් ම තව කොමික් ගහන්න හදන අයටද මේ සුපිරි වැඩ්ඩො කියන්නේ" කියල හිතල ඉස්සරහට කියවන එක නවත්තන්න නම් හදන්නේ යන්න කලින් මේ කරුණු දෙකත් කියවලම යන්න..

~ මේ රීඉබර්ත් එක ඉවෙන්ට් එකක්. මේකෙන් ආවේ වන් ෂොට්ස් ටිකක්. කලින් එක කොමික් සීරියස් එකක ටයිටල් එක්ක විතරයි, එක යටතේ ආපු කලාප වලට වෙන වෙනම නම් තියෙනවා..

~ මේ වගේ එක වගේ ටයිටල්ස් විතරක් නෙමේ, එකම ටයිටල් එකෙන්ම එකම අංකයන්ම ආපු වෙනස් කොමික් ඉශියුස් ඕනේ තරම් තියෙනවා.. ( marvel now, all new සහ පොස්ට් secret wars වලින් all new hawkeye #1 කියන ටයිටල් එකෙන්ම කොමික් කලාප තුනක් ආව, all new x men #1 කලාප දෙකක් ආව වගේම මේ ලඟදි ගොඩක් කතාබහකට ලක්වෙච්ච Captain America Steve Rogers කියන එකෙන් මේ අවුරුද්ද තුලම #01 කලාප දෙකක් ආව )

මඩ ගැහුවා ඇති, ආපහු ප්‍රධාන මාතෘකාවට බහිමු.. 

2005 දී ජෙෆ් නැති වෙලා හිටපු හැල් ජෝඩන්, කිලවොග්, කයිල් රේනර්, ගැන්තට් වගේ අය, කොටින්ම කිව්වොත් අභාවයට ගිය මුළු green lantern බලකායම ආපහු පරණ තිබ්බ ස්වාභාවයටම ගේනවා. ඒ විතරක් නෙවෙයි, සිනේස්ට්‍රෝ සහ ස්පෙක්ටර් වගේ අයවත් පරණ තත්වෙටම ගේනවා. ඒ දේ කරන්න රීබුට් කිරීමක් නම් ගාව ගන්නෙවත් නෑ.. 

එතනින් පස්සේ අපිට ආපහු ලැබෙන හැල් ලවාම ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙලා ඉන්න එහෙමත් නැත්තම් නැති වෙලා ඉන්න flash ව ආපහු කරලියට ගේනවා විතරක් නෙමෙයි, නැතිවෙච්ච කාලේදී වෙච්ච දේවල් වලින් අලුතින් පන්නරයක් ලැබිච්ච ශක්තිමත් flash කෙනෙක්ව අපිට දෙනවා..

ඉතින් මේ වගේ දක්ෂතාවයක් තියෙන සහ කොමික් ගැන වගේම, කොමික් රසිකයන්ගේ අවශ්‍යතාවයන් හදුනාගත්ත ජෙෆ් රසිකයන්ට පොරොන්දු වෙනවා නැති වෙච්ච දේ ආපහු ගේනවා කියන එක.. falshpoint, GL/Flash rebirth, new 52 JL වලදී චරිත විශාල ප්‍රමාණයක් එක තැනකට ගෙන්නලා ඒ අයව නියම ආකාරයට හසුරවන්න ජෙෆ් ගේ තියන දක්ෂතාව නිසා මේ කරන්න යන දේ ගැන රසිකයන් වගේම DC පාලනාධිකාරයත් තියා ගත්ත විශ්වාසය නිසාම DC ආයතනයේ ලොකු තනතුරකුත් ජෙෆ් ට ලැබෙනවා..



04. DC REBIRTH 


රීබර්ත් ගැන හරියටම පැහැදිලි කරන්නේ වොන්ඩර්කොන් වලදී පවත්වපු ලයිව්ස්ට්‍රීම් එකෙන්. (කොමික් සමාගමක් ලයිව්ස්ට්‍රීම් එකක් කරපු පලවෙනි අවස්තාවත් මේක) එතැනදී geoff,jim සහ dan පැහැදිලි කරනවා මොකක්ද වෙන්නේ කියන එක.. ඒ දේවල් සේරම ගැන පැහැදිලි කරන්න යන්නේ නැති උනත් කියපු විශේෂ දේවල් ටිකක් ගැන සහ ඒවායේ ගුණ දොස් ගැනත් ලාවට වගේ කියන්න ඕනේ කියල හිතුව..

* පළවෙනිම දේ තමයි new 52 වලදී මාසෙකට ආපු කොමික්ස් ටයිටල්ස් ගණන 52 ක් උනත් රීබර්ත් එකෙන් පස්සේ මාසෙකට එන්නේ කොමික් ටයිටල්ස් 32ක් පමණ වෙන එක (one shots නැතුව) කලබල වෙන්න එපා, අඩුවෙන්නේ කොමික් ටයිටල්ස් ගැන විතරයි. එන කොමික් ගාන කලින් වගේම තමයි. මොකද batman,superman,wonder woman,justice league වගේ dc වල ජනප්‍රියම චරිත/ටයිටල්ස් වලින් මාසෙකට කොමික් කලාප දෙකක් එනවා.. 
ඊටත් වඩා පුදුම දේ තමයි ඩොලර් එකකින් ගැනත් අඩු කරලා..

මිල අඩු කළා උනත් ජනප්‍රියම,එහෙමත් නැත්තම් වැඩිපුරම විකිනෙන චරිත වල කොමික් කලාප දෙක ගානේ එන නිසා කොමික් වල අලෙවිය ගැන නම් dc ආයතනයට භයවෙන්න දෙයක් නෑ. කලින්ටත් වඩා සල්ලි හොයන්නත් ඉඩ තියෙනවා.. අනික සුසයිඩ් ස්ක්වාඩ් එක එන්න තියෙද්දී jim lee අදින කොමික් එක මාසෙකට දෙපාරක් එනකොට ඒක කොමික් අලෙවියට වගේම චිත්‍රපටයේ ජනප්‍රියත්වයටත් ලොකු පිටිවහලක් වෙන්න ඉඩ තියෙනවා..

හැබැයි ඉතින් ජනප්‍රිය නැති පොඩි ටයිටල්ස් ආසාවෙන් කියවපු රසිකයන්ට නම් මේ දේ ගැන පොඩි තරහක් තියෙනවා.. අපේ ඇඩ්මින් කෙනෙකුත් මේ ගැන තාම දොස් කියනවා. අනික LGBT චරිත වලට පහරක් එල්ල උනා කියලත් කට්ටිය චෝදනා කරනවා.

* දෙවෙනි එක තමයි ගොඩක් චරිත වලට පරණ තිබුන පෙනුම ආපහු ලැබිල තියෙනවා.. උදාහරණයක් විදිහට ග්‍රීන් ඇරෝ ට රැවුල් කොටේ ආපහු ලැබිච්ච එක සහ කළු-නිල් නයිට්වින්ග් ව ආපහු ලැබෙන එක විශේෂයි.. 
ලයිව් ස්ට්‍රීම් එක අතරදී ග්‍රීන් ඇරෝ ගැන ජෙෆ් කියන්නේ " හැම ජනප්‍රියම සහ සාර්ථකම ග්‍රීන් ඇරෝ කතාවකදීම ඔලිවර් ට රැවුල තිබ්බා.. කතාව එච්චරයි" කියල. එතැනින්ම තේරෙනවා ජෙෆ් ආපහු පරණ කිර්තිය ගොඩනංවන එක කොච්චර බරපතලව අරන්ද කියල..

අනිත් දේ තමයි නයිට්වින්ග් ගේ ඇදුමේ පාට ආපහු නිල් සහ කළු කරන්න dan එක්ක geoff සහ නයිට්වින්ග් කතාවේ අලුත් රචකයා වාද කරන අවස්ථාවේදී "නයිට්වින්ග් කියන  චරිතය හැම වෙලාවේම කළු සහ නිල් වෙලා ඉන්න ඕනේ" කියල ජෙෆ් කියපු බවක් එලියට එන එක.. හම්මේ ජෙෆ් ඒකටනම් ගොඩක් තෑන්ක්ස්..
හැබැයි ඉතින් රැවුල නැති ඔලිවර් ට සහ රතු කළු නයිට්වින්ග් ට කැමති අයගේ හිතේ තාමත් මේ ගැන පොඩි අවුලක් නැත්තෙමත් නෑ ( අදාළ තැනකට වැදියන්)

* තුන්වෙනි එක තමයි අලුතෙන්ම ටයිටල්ස් ටිකක් නිර්මාණය වෙන එක. උදාහරණයක් හැටියට චීන ජාතික සුපර්මෑන් කෙනක් එන එක සහ සුපී ගේ සහ බැටා ගේ පුතාල දෙන්නගේ ටීම් අප් එකකුත් එන එක.. මේ දේ කරන්නේ නම් චීන ජාතික රසිකයන්ව සහ ළමා රසිකයන්ව වැඩිපුර කොමික් පැත්තට නැඹුරු කරගන්න වෙන්න ඕනේ.. ඩේමියන්-ජොනතන් දෙන්නගේ සුපර් සන්ස් එක ගැන නම් ලොකු බලපොරෝතුවක් තියෙනවා..




තව මොනවද කියන්න ඕනේ කියල මතක් වෙන්නෙත් නෑ, අනික තව එව්වා කියන්න ගියොත් මීටත් වඩා ලිපිය කම්මැලි වෙන නිසා මෙතනින් නවත්තනවා.. අතපසු වෙච්ච තැන්, වැරදිච්ච තැන් සඳහන් කරන්න කියල මතක් කරනව..


අපේ තව ඇඩ්මින් සහෝදර වරු දෙන්නෙක් රීබර්ත් ඉවෙන්ට් එක ගැන පැහැදලි කරලා දැනටමත් ලිපියක් සුදානම් කරලා තියෙන්නේ. මගේ පරක්කුව නිසාම තමයි ඒක තාම දැම්මේ නැත්තේ.. අනිවාර්යයෙන්ම එකත් කියවන්න.. දැනගන්න දෙයක් තියෙනවා නම් මැසේජ් කරලා හරි කමෙන්ට් කරලා හරි අහන්න පැකිලෙන්න එපා..

#ClownPrinceOfCrime

5 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න