Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Psylocke

Psylocke
Elizabeth "Betsy" Braddock aka Psylocke


Otherworld කියන වෙනත් මානයක පිහිටලා තියෙන රාජධානියක(ආතර් රජතුමාගේ Camelot රාජධානිය, Avalon, Green Chapel පිහිටලා තියෙන මානය ) වැසියෙක් වෙන සර් ජේම්ස් බ්‍රැඩොක්ව අනාගතයේ පෘථිවියේ ශූරයා වෙන කැප්ටන් බ්‍රිටේන්ට උපත ලබා දෙන්න මර්ලින් පෘථිවියට එවනවා.. එංගලන්තයට එන ජේම්ස් බ්‍රැඩොක් එක්සත් රාජධානියේ ඉදිරිපෙළේ ගවේෂණාත්මක විද්‍යාඥයෙක් වෙනවා.. ජේම්ස් කසාද බැදලා බ්‍රැඩොක් මන්දිරයේ පදිංචි වෙනවා.. බ්‍රැඩොක් මන්දිරය ඇතුළේ ජේම්ස්, මාස්ටර්මයින්ඩ් කියලා නම් කරපු සුපිරි කම්පියුටර් එකක් හදනවා.. 

ආචාර්ය බ්‍රැඩොක්ට හා එම මැතිණියට දරුවන් 3දෙනෙක් ලැබෙනවා.. වැඩිමල් පුතා ජේමි බ්‍රැඩොක් ජූනියර් සහ නිවුන් දරුවන් දෙදෙනෙක් වෙන බ්‍රයන් බ්‍රැඩොක් සහ එලිසබෙත් 'බෙට්සි' බ්‍රැඩොක්.. බෙට්සි සහ බ්‍රයන් දෙදෙනාට වයස විස්සට ආසන්න වෙන කාලෙදි මාස්ටර්මයින්ඩ් කම්පියුටරය ඇති කරන පිපිරීමකින් ඔවුන්ගේ දෙමාපියන් මියයනවා..

බ්‍රයන් බ්‍රැඩොක් තේම්ස් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබද පශ්චාත් උපාධි පාඨමාලාවේ අධ්‍යයන කටයුතු කරගෙන යන අතරේ බෙට්සි වරලත් ගුවන් නියමුවෙක් ලෙස සේවය කරනවා.. 

බ්‍රයන් කැප්ටන් බ්‍රිටේන් උනාට පස්සේ, දවසක් බෙට්සි බ්‍රයන්ට දැනුම්දෙනවා ඔවුන්ගේ සහෝදරයා ජේමි බ්‍රැඩොක් වතුයායේ ඔහුගේ අළුත් රේසින් මෝටර් රථය අත් හදා බලන අතර අනතුරට ලක්වී ඇති බව.. නමුත් ඒක අනතුරකට වඩා පහරදීමක්.. බෙට්සි බ්‍රයන්වත් ප්ලේන් එකේ අරන් එන්නේ.. ප්ලේන් එක මානසික බලයන් තියෙන ඩොක්ටර් සින් අනතුරකට ලක් කරනවා.. ඒ අනතුරෙන් දෙන්නම වාසනාවට බේරෙනවා.. ඩොක්ටර් සින් බෙට්සිගේ මනස පාලනය කරනවා එයාගේ සහෝදරයන්ව භයානක යක්ෂයන් විදියට පේන්න.. නමුත් ඔවුන් දෙන්නා බෙට්සිව නවත්තනවා.. බෙට්සිව ප්‍රතිකාර සදහා මෝර්ඩර් රීසර්ච් සෙන්ටර් එකට අරන් යනවා.. ඒත් නොදැනුවත්වම බෙට්සිව ඩොක්ටර් සින්ගේම නියෝජිතයෙක් වෙන ඩොක්ටර් රැම්සේ අතට යන්නේ.. බ්‍රයන් ඩොක්ටර් සින්ව පරාද කලාට පස්සේ ඩොක්ටර් රැම්සේ තමන්ගේ ඇත්ත ස්වාමියා රෙඩ් ස්කල් වෙනුවෙන් බෙට්සි සහ ජේමි දෙන්නම තමන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස ගන්නවා.. පසුව ඔවුන් දෙදෙනාව කැප්ටන් බ්‍රිටේන් සහ ඔහුගේ අළුත් මිත්‍රයා කැප්ටන් ඇමරිකා සමග එකතු වෙලා බේරගන්නවා.. 
ඒ අවස්ථාව තමයි බෙට්සි මුලින්ම මානසික අත්දැකීමකට මුහුණදෙන්නේ.. ඒකෙන් බෙට්සිගේ මානසික හැකියාව විවෘත වෙන්න පටන් ගන්නවා.. 


බෙට්සි තමන්ගේ රැකියාවෙන් අස් වෙලා නිරූපිකාවක් විදියට රැකියාව තෝරගන්නවා..
බ්‍රයන් වෙනත් යථාර්ථයකින් ආපු ඩෝප්ල්ගැන්ගර් කෙනෙක් වෙන කැප්ටන් බ්‍රිටොන් සමග සටන් කරනවා.. බ්‍රයන්ව පරාද කරන බ්‍රිටොන් ටෙක්නෙට් කියන අන්තර් මාන කුලීහේවායන් පැමිණ බ්‍රිටොන්ව අල්ලා ගන්නා තාක් කල් බ්‍රයන්ගේ තැන අරගෙන ඉන්නවා.. බ්‍රිටොන් බෙට්සිට අතවර කරන්න උත්සාහ කරනවා.. ඒ අවස්ථාවෙදි බෙට්සි තමන්ගේ මානසික බලයන්ගෙන් බ්‍රිටොන්ගේ මොළය විනාශ කරනවා.. එයින් බ්‍රිටොන් මියයනවා.. බ්‍රිටොන්ගේ අදුම යොදාගෙන බෙට්සිට තමන්ගේ හැකියාවන් සුපර්හියුමන් මට්ටමකට ගන්න පුළුවන් උනා වගේම පියාඹන්නත් පුළුවන් උනා.. ස්ලේමාස්ටර් එක්ක සටනකදි ඔහු බෙට්සිට දරුණු ලෙස පහර දීලා ඇයව අන්ධ කරනවා.. බෙට්සිගේ වේදනාව බ්‍රයන්ට මානසික්ව දැනෙනවා.. බ්‍රයන් වහාම ඇවිත් බෙට්සිව බේරගෙන ස්ලේමාස්ටර්ව මරනවා.. බ්‍රයන් ආයෙත් කැප්ටන් බ්‍රිටෙන් වෙනවා..
ඇල්ප්ස් කදුවලදි බෙට්සිව මෝජෝ සහ ස්පයිරල් විසින් පැහැරගන්නවා.. ඔවුන් බෙට්සිට කෘතිම ඇස් දෙකක් ස්වි කරලා ඇයට නැවත පෙනීම ලබාදෙනවා.. මෝජෝ බෙට්සිව මනසෙන් පාලනය කරනවා.. බෙට්සිට සයිලෝක් යන නම දෙන්නෙත් මෝජෝ.. සයිලෝක් යොදාගෙන මෝජෝ තමන්ගේ ළමා කණ්ඩායම් යොදාගෙන කරන වැඩසටහනට ළමයි පැහැරගෙන එන්න සයිලෝක්ව මනසෙන් පාලනය කරනවා.. චාල්ස් එක්සේවියර්ගේ නිව් මියුටන්ට්ස් කණ්ඩායමේ සාමාජික වුල්ෆ්ස්බේන් සහ සන්ස්පොට් පැහැරගැනීමෙන් අනතුරුව නිව් මියුටන්ට් කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් වුල්ෆ්ස්බේන් සහ සන්ස්පොට් සමග බෙට්සිවත් මෝජෝගේ පාලනයෙන් මුදවගෙන එන්නේ.. බෙට්සිත් ඇගේ බලයන්ට හේතුව ඇය මියුටන්ට් කෙනෙක් වීම නිසා එක්සේවියර්'ස් ස්කූල් ෆෝ ගිෆ්ටඩ් යන්ග්ස්ටර්ස් හි නවතින්න තීරණය කරනවා..


බෙට්සි ඔමේගා ලෙවල් ටෙලිපැත් කෙනෙක්.. ඒ කිව්වේ චාල්ස් සහ ජීන්ට ආසන්න මට්ටමේ ටෙලිපැත් කෙනෙක්.. ස්ට්‍රයිෆෙ හැරුණුකොට පෘථිවියේ 3වෙනි බලවත්ම ටෙලිපැත් බෙට්සි..


ටෙලිකනීසස්(මනසින් වස්තූන් පාලනය කිරීමේ හැකියාව )මගින් ශක්ති ආවරණ නිර්මාණය කිරීමේ හැකියාව බෙට්සිට තියෙනවා.. ඒ වගේම ටෙලිකනීසස් යොදාගෙන මානසික ශක්තියෙන් ආයුධ නිර්මාණය කිරීමේ හැකියාවක් බෙට්සිට තියෙනවා.. මේ ආයුධවලින් සතුරාට මානසික හා භෞතික වශයෙන් හානි සිද්ධ වෙනවා..

මේ ආයුධ අතර ටෙලිකයිනෙටික් කටානා(මානසික ශක්තියෙන් නිමැවූ කඩුවක්),


ටෙලිකයිනෙටික් ක්‍රොස්බෝව් එකක්(විශේෂ ක්‍රියාකාරිත්වයක් සහිත දුන්නක්), 


ටෙලිකයිනෙටික් දුන්නක් සහ ඊතල, 


ටෙලිකයිනෙටික් උල් සහිත කසයක්, 

ටෙලිකයිනෙටික් නියපහුරු(ක්ලෝව්ස්) 


වැනි නොයෙක් ආයුධ නිර්මාණ කරලා තියෙනවා..


කලින් කිව්වා ඇය තුන්වෙනියට බලවත්ම ටෙලිපැත් කියලා.. ඇයට ගොඩාක් දුර ඉන්න කෙනෙක් එක්ක උනත් මනසෙන් කතා කරන්න පුළුවන්.. ඒ දුර සිටින පුද්ගලයාට ඇයගේ හමුවීම පෙනෙන්නේ රෝස දම් පැහැ සමනල තටු වැනි ස්වරූපයකින්..
බෙට්සිට මානසික ඉව හඹාගෙන යාමේ හැකියාව තියෙනවා.. 
ඒ එක්කම අනික් ටෙලිපැත්ලාට ඇයගේ පැමිණීම නොදැනෙන්න ඇය සයිනික් ශැඩෝ එකක සගවා ගැනීමේ හැකියාවකුත් තියෙනවා..
මනස පාලනය, මානසික මිරිගු පෙන්වීම, මානසික අංශභාගය අති කිරීම, මානසික ප්‍රහාර, අමතක කරවීම, මනෝකාය ප්‍රක්ෂේපණය වැනි මානසික බලයන් බොහෝමයක් ඇයට තියෙනවා..
‪#‎ඉට්ස්_යුවර්_ෆ්‬‍රෙන්ඩ්ලි_නේබර්හුඩ්_ආර්කේඩ්

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න