Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow S04E21~E22 Review

Arrow S04E21~E22 Review
Arrow S04E21 - Monument Point


ඇරෝ කතා මාලාවේ සීසන් 4 වල අපිට තව තියෙන්නේ එක කොටසක් විතරයි. මේ වෙද්දී කතාව උච්ච අවස්ථාවට ඇවිත් තියෙන්නේ. අපි බලමු පහුගිය සති දෙකේ කතාවේ සිද්ද වුනු දේවල් ගැන. 

Rubicon on air


මේ වෙද්දී රුබිකොන් එක එහෙමත් නැතිනම් න්‍යෂ්ටික මිසයිල පාලක පද්ධතිය වෙනස් කරන්න පුළුවන් කේතය ඩේමියන් ගාව තියෙන්නේ. මේ හින්දා එයාට පුළුවන් නේටෝ සංවිධානයේ ඉන්න රටවල් වල න්‍යෂ්ටික බලය පාලනය කරන්න. හැබැයි මේ ගොඩට Markovia එකතු උනේ කොහොමද කියන එක තමයි මට තියන අවුල.

Artificial hand is the new sexy


ශිල්ඩ් කතාවේ කොල්ස්න් ට කෘතීම අතක් හම්බුනා වගේම ඇරෝ කතාවේ දී මැල්කම් ටත් අලුතෙන් අතක් හම්බෙනවා. මේක ඩේමියන් ගෙන් ලැබුණු තෑග්ගක්  කියලා කියන්නේ.

A familiar guy


මේ නම් අපිට හුරුපුරුදු මුණක්. X-men; The Last Stand ෆිල්ම් එකේ Juggernaut එහෙමත් නැතිනම් Elementary වල සෙබස්තියන් මොරාන් මතක ඇතිනේ. ඇරෝ කතාවේ දී බ්‍රික්වෙල් එහෙමත් නැතිනම් බ්‍රික් විදිහට ඉන්නේ එයා (Vinnie Jones). මෙයා ඇරෝ කතාවට ලොකු බලපෑමක් ඇති කරපු කෙනෙක්. මර්ලින්, ඩාර්ක් ආර්චර් වෙන්නේ මෙයා අතින් මර්ලින් ගේ බිරිඳ රෙබෙකා මැරෙන හින්දා. අරෝවර්ස් එක ගැන හිතපුවාම මේකේ බලපෑම ලේසි එකක් නෙවේ. මොකද මර්ලින් ඒ හින්දා තමයි Undertaking එක කරන්නේ. ඔලිවර්, ඇරෝ වෙන්නේ ඒක හින්දා. ඔලිවර් සුපිරිවිරයෙක් උන හින්දා තමයි බැරි ටත් එහෙම කරන්න හිතෙන්නේ. ඒ වගේම ඇරෝ සහ ෆ්ලෑෂ් හින්දා තමයි රිප් හන්ටර් අනාගතයෙන් ඇවිත් එකතු කරගන්න කණ්ඩායම බිහිවෙන්නේ. ඒ කියන්නේ ටීවී සිරිස්  තුනක් ම ගෙනියන්න මුල් වෙලා තියෙන්නේ මේ කෙනා වගේ බලාගෙන යද්දී.

Tevat Noah
බයිබලයේ සඳහන් වෙන නෝවා ගේ කතාවට සමාන දෙයක් තමයි ඩේමියන් කරන්න යන්නේ. එයා කරන වැඩේ Genesis කියලා නම් කරන්නෙත් ඒකයි. එයාගේ ආරක්‍ෂිත යාත්‍රාව වෙන්නේ ස්ටාර් සිටි වල ඉදිකරපු මේ ඩෝම් එක. මේක ඇතුලේ ගස් වවපු එක පැත්තකට දාමු. හැබැයි මෙච්චර ගෙවල් ගොඩක් හදන කල් කාටවත් අහු වුනේ නෑ කියන එක නම් ගැටලුවක්.

Anarky is back. I repeat Anarky is back


ඇරෝ කතාවේ දී අපිට තවම මෙයා ඇනාකි විදිහට හම්බෙන්නේ නෑ. Lonnie Machin විදිහට හදුන්වලා දෙන්නේ. ඩේමියන් ගෙන් පලිගන්න එක තමයි මෙයාගේ එකම අරමුණ.


මේකට පැත්තක ඉන්න තියා සහ ඇලෙක්ස් මැදි වෙන එකෙන් ඇනාකි ගේ සැලසුම වෙනස් වෙනවා.

Back to the Calculator


ෆෙලිසිටි කොච්චර වැඩ කාරයෙක් උණත් රුබිකොන් එක වෙනස් කරන්න බෑ. ඒ හින්දා එයා එයාගේ තාත්තා නෝවා කට්ලර් එහෙමත් නැතිනම් කැල්කියුලේටර් ගේ උදව් ගන්න උත්සාහ කරනවා. තාත්තයි දුවයි එකතු උණා කියන්නේ ලෝකේ ඉන්න දක්ෂම හැකර් ස්ලා දෙන්නෙක් එකතු උණා කියන එක.

Kick out from own company


පාමර් ටෙක්නොලොජි වෙන්න කලින් ක්වින් කොන්සොලිඩෙට් විදිහට තියන කොට ඔලිවර් ට තමන් ගේම කොම්පැනි එකෙන් එලියට යන්න උණා. ඒ විදිහටම ස්මෝක් ට ත් පාමර් ටෙක්නොලොජි එකෙන් එලියට යන්න උණා.

How to steal like a boss


ගිනි මද්දහනේ පාමර් ටෙක්නොලොජි එකට කඩා පැනලා හොරකම් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවේ.

Green Arrow in action


ඩේමියන් ගේ කණ්ඩායම ෆෙලිසිටි ඉන්න තැන හොයාගෙන එනවා. මෙතැන දී අපිට ඔලිවර් ගේ සටන් හැකියාව කාලෙකට පස්සේ දකින්න හම්බෙනවා. බ්රික් එක්ක තිබ්බ සටන ඇත්තටම ඉහල මට්ටමක තිබ්බා.

Monument Point


මොනුමන්ට් පොයින්ට් කියන්නේ කොමික් වල හම්බෙන නගරයක්. මේක 1803 දී තමයි ගොඩනගලා තියෙන්නේ. කොමික් වල විදිහට නම් මේ නගරය සම්පුර්ණයෙන්ම වගේ විනාශ උණා. මේ නගරයේ කට්ටිය එක පාරක් ෆ්ලෑෂ් ව නගරයේ නගරාධිපති විදිහටත් නම් කරලා තිබ්බා.
ඇරෝ කතාවේ නම් මේක පිහිටලා තියන්නේ වර්ජිනියා ප්‍රාන්තයේ. කලින් සීසන් එකේ දී රෝයි හාපර් ස්ටාර් සිටි වලින් පිටවෙලා ආවට පස්සේ නැවතිලා හිටියේ මෙහෙ.

Havenrock


හේවන්රොක් කියන්නේ මහා අවසානාවන්ත නගරයක්. මොනුමන්ට් පොයින්ට් බේරාගන්න ගිය එකෙන් මේ නගරය විනාශ වෙලා ගියා. කොමික් වල දී අපිට මේ නගරය හම්බෙන්නේ Havencroft කියලා. මේක මොනුමන්ට් පොයින්ට් ආසන්නයේ තියන උපනගරයක්.

 It is just only ten thousand people. What is the big deal
න්‍යෂ්ටික මිසයිලය හින්දා හේවන්රොක් වල මිනිස්සු දහ දාහක් විතර මිය ගියා. මේක මිලියන ගානක් මැරෙනවා ට වඩා නම් හොදයි තමයි. ඒත් මිනිස්සු දහ දාහක් මැරෙනවා කියන්නේ මෑත අතීතයේ සිද්ධ වෙන ලොකුම විනාශයක්. ගැටලුව තියෙන්නේ ඇරෝ කතාවේ දී එහෙම දෙයක් අපිට දැනුනද කියන එක. මුළු කතාවේම අප්තිඅ ෆෙලිසිටි පොඩ්ඩක් අවුල් ගහලා ඉන්නවා කියලා විතරයි පෙන්නුවේ. අනිත් අයට කිසිම ගානක් නෑ. මේක නම් මම දකින්නේ ඇරෝ කතාවේ ඉතාම දුර්වල ස්ථානයක්.

Flash back


අතීත කතාවත් මේ වෙද්දී උද්වේගකාර තැනකට ඇවිත් තියෙන්නේ. අපිට දැක ගන්න පුළුවන් උණා ටයනා, පිළිමය අල්ලාගෙන ඉන්න කොට එකේ බලපෑමට යටත් වෙනවා.


Arrow S04E22 - Lost in the Flood

Cool Superpower


ඩේමියන් ඩාර්ක් ගේ හැකියාවන් එන්න එන්නම වැඩි වෙනවා වගේ. කලින් කොටස ඉවර වෙද්දී ඔලිවර් සහ ඩිගල්සට ඩේමියන් හම්බුනු වෙලාවේදී ඩේමියන් ට විදපු ඊතල සහ වෙඩි උණ්ඩ නිකම්ම වාෂ්ප වෙලා ගියා.

Dr Strangelove
Dr Strangelove කියන්නේ 1964 දී නිකුත් වුනු ෆිල්ම් එකක්. මේකට පාදක වෙලා තියෙන්නේ ඇමරිකාව සහ රුසියාව අතර තියන බල අරගලය ගැන. ඩේමියන් මේක ගැන සඳහන් කරන්නේ වර්තමනයේ තියන බල අරගලය ගැන සඳහන් කරන්න. එයා බලා පොරොත්තු වෙන්නේ ඒක වෙනස් කරන්න. (ඇයි හැම විලන් කෙනෙක් ටම ලෝකේ අලුතෙන් හදන්න ඕනේ???)

Is that all?

හේවන්රොක් ඛේදවාචකය ගැන අපිට පොඩි විස්තරයක් කියනවා. ලංකාවේ ගං වතුර ගැන උණත් මීට වඩා බරපතල විදිහට අපේ රටේ ප්‍රවෘත්ති වලින් කතා කෙරුවා.

Mr Terrific is not terrifying so much


ඇත්තම කියනවා නම් ඇරෝ කතාවේ අඳුරු ගතිය නැතිකරන වගකීම භාරදීලා තියෙන්නේ කර්ටිස් ට. කර්ටිස් ට මුලින්ම නෝවා කට්ලර් හම්බුනු අවස්ථාව ඒ වගේ එකක්.

All in one deal


ඩේමියන් කියන විදිහටම එයා හිරෙන් පනින කොට අනිත් අයත් එක්කරගෙන ආපු හින්දා ගොඩක් අය ඉන්නවා උදව් ගන්න පුළුවන්. ඒ හින්දා ඇරෝ කතාවේ දී අපිට මුණ ගැහුණු චරිත ආපහු හම්බෙනවා. ෆෙලිසිටි ගේ කලින් පෙම්වතා ෂෙල්ඩන් එන්නෙත් ඒ විදිහට.

Mount Weather


ඔලිවර් සහ ඩිගල්ස් මුලින්ම ඩේමියන් ගේ ඩෝම් එක දකින කොට ඩිගල්ස් සඳහන් කරන මවුන්ට් වෙදර් කියන්නේ ඇමරිකාවේ හදිසි ආපදා අවස්ථාවක දී ප්‍රයෝජනයට ගන්න ආරක්‍ෂිත ස්ථානයක්.

Most awesome family reunion


මෙච්චර ගැටලු තියන වෙලාවක උණත් ෆෙලිසිටි ගේ පවුලේ සේරම එකට එකතු වුනු වෙලාව නම් ඒ සේරම ප්‍රශ්න අමතක වෙන විදිහේ එකක්.

Yellow pill on Thea


තියන ප්‍රශ්න මදිවට, තියා කහ පාට පෙති වලින් සිහිය මුලා කරලා ඉන්න ප්‍රශ්නය බලන්නත් වෙලා ඔලිවර්ට.

That is some shooting


කොමික් වල ඇරෝ කියන්නේ දක්ෂම දුනුවායෙක්. ඒත් ගොඩක් වේලාවට අපිට ටීවී සිරිස් එකේ දී ඔලිවර් ගේ මේ හැකියාව ගොඩක් පෙන්නුම් කරන්නේ නෑ. හැබැයි අපිට මේ සැරේ කොටසේ දී ඔලිවර් ගෙන් අසාමාන්‍ය හැකියාවක් දකින්න පුළුවන් උනා. ඒ යන ගමන් ආපස්සට හැරිලා ඉලක්කයට විදපු අවස්ථාවක්.

Red Star


අතීත සිද්ධි වල දී ටයනා එක අවස්ථාවක දී කියනවා Kovar කියලා කෙනෙක් ගැන. අපිට කොමික් වලදී Leonid Kovar එහෙමත් නැතිනම් Red Star කියලා කෙනෙක් හම්බෙනවා. ඊලඟ සීසන් එකේ දී රුසියාව කතාවට සම්බන්ධ වෙනවා කියලා ආරංචියක් තියන හින්දා මෙයාව දැක ගන්නත් පුළුවන් වෙයි අතීත සිද්ධියක.

True Believers


ඩිගල්ස් වගේම මමත් හිතාගෙන හිටියේ ඩෝම් එක ඇතුලේ ඉන්න සේරම කහපාට පෙති අරගෙන ඉන්නේ කියලා. ඒත් එහෙම නැ. ඒ විදිහට බලද්දී සැහෙන දෙනෙක් ඩේමියන් ගේ සැලසුමට එකඟයි වගේ.

Well scored Anarky


ඇනාකි ගේ අරමුණ නරක උණත් (Ruve ට කරපු දේ නම් මම අනුමත කරනවා හැබැයි) තනියම මුලස්ථානයට පහරදීලා Ruve අල්ලා ගන්නවා. ඒක ලේසි වැඩක් නෙවේ.

The girl go wild


අතීත කතාවේ දී අපිට දැක ගන්න පුළුවන් වෙනවා ටයනා රයිටර් ගේ තැනට පත්වෙන්න යනවා කියලා. ඒ අතින් ඩේමියන් මේ පිළිමය සංයමයක් ඇතිව භාවිතා කරනවා වගේ.

Star City need a new Mayer


දැන් ඉතින් සේරම වැඩ පැත්තක දාලා ඊළඟ සීසන් එකේ දී නගරාධිපති කෙනෙක් හොයන්න වෙනවා ආපහු.

Directly to the Chaos


සේරම සැලසුම් විනාශ උනාට පස්සේ ඩේමියන් මරගෙන මැරෙන මෙහෙයුමක් ක්‍රියාතමක කරන්න යන්නේ. ඒ හින්දා එයා ෆෙලිසිටිව තමන්ගේ ග්‍රහණයට ගන්නවා.

මේ සිදුවීමත් එක්ක අවසාන කොටස ගොඩක් තීරණාත්මක වෙයි. අපි බලමු ඇරෝ කතාවේ සීසන් 4 වලදී අපිව කොයිතරම් දුරකට අරගෙන යයිද කියලා.

#attila_THE_hun


1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න