Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Speed Force

Speed Force

DC යුනිවර්ස් එකෙ ඉන්න ස්පීඩ්ස්ටර් ලා හැමෝගෙම ස්පීඩ් මූලාශ්‍රය තමා ස්පීඩ් ෆොර්ස් එක. කොමික් මූලාශ වල තියෙනෙ විදියට ස්පීඩ් ෆොර්ස් එක ක්‍රියේට් කරන්නෙ එනර්ජි ජෙනරේට් කරන්නෙ අපි කවුරුත් දන්න බැරී ඇලන් එහෙමත් නැත්නම් ෆ්ලෑශ්. කෙටියෙන් කිව්වොත් ස්පීඩ් ෆොර්ස් එකක් කියන්නෙ යම් කිසි ලොකේශන් එකක් එහෙමත් නැත්නම් ඩිමෙන්ශන්(අන්තරමානයක්) එකක්, රියැලටියෙන් එහෙම නැත්නම් යාථාර්තයෙන් පිටත පවතින. පොඩ්ඩක් හොයල බැලුවොත් දැන ගන්න ලැබෙයි DC මල්ටීවර්ස් පිහිටල තියෙන්නෙ ස්පීඩ් ෆොර්ස් එක තුල බව. 


DC යුනීවර්ස් එකෙ හැම ස්පීඩ්ස්ටර් කෙනෙක්ම මේ ස්පිඩ් ෆොර්ස් එකට සම්බන්දයි. නමුත් මේ එක් එක්කෙනාගෙ ස්පීඩ් ෆොර්ස් එකට සම්බන්ද වෙන හැටි ,ඔරිජින් වෙනස්.ස්පීඩ්ස්ටර් කෙනෙක් මැරුණම ඒ කෙනා.... ස්පීඩ් ෆොර්ස් එකේම කොටසක් වෙනවා ඒ වගේම එනර්ජි එක වැඩි වෙනවා.යුනීවර්ස් එකෙ ඉන්න සුපර් හීරෝස්ලට ... මේ ස්පීඩ් ෆොර්ස් එකත් එක්ක කනෙක්ට් වෙන්න බෑ කොච්ච ස්පීඩ් උනත්.උදාහරණයක් ලෙස Super Man ,ඒ වගේම Green Lantern.ඒ වගේම ස්පීඩ්ස්ටර් කෙනෙක් උනත් ස්පීඩ් ෆොර්ස් එකට කනෙක්ට් වෙන්න බෑ සමහර අයට,ඒ රිවස් ෆ්ලෑශ් , හන්ටර් සොලමන් (සූම්).කියන දෙන්නා.


මැක්ස් මර්කරි අණාවරනය කර ගන්නවා ෆ්ලෑශ් තියන ස්ටෙප් එකක් එකක් ගානෙ ස්පීඩ් ෆෝර්ස් එකෙ එනර්ජි එක උත්පාදනය එහෙමත් නැත්නම් ජෙනරෙට් වෙනවා කියල.ස්ට්‍රයික් බයි ලයිට්නින්ග් එහෙම නැතන්ම් අකුණ වැදීමෙන් බැරී ට ස්පීඩ් එක ලැබෙද්දී ස්පීඩ් ෆෝර්ස් එක ක්‍රියේට් වෙනවා සත්‍ය කාලය(True time) හරහා කම්පන තරංග සෑම ඩිමෙන්ශන්(අන්තරමාන) තුලටම ගමන් කිරිම මගින්. දිවීම මගින් බැරී ජෙනරේට් කරනවා වෝල් එකක් වර්තමානය හා ටයිම් බැරියර් එක අතර, ඒ මගින් නිකුත් කෙරෙන විද්‍යුත් ශක්තියක්. එමගින් යතාර්තයෙ පවතින ඔනෑම තැනක් ඔනාම වෙලාවක් ස්පීඩ් ෆොර්ස් එකට කනෙක්ට් වෙනවා.ඔන්න ඔය විදියට තමා .... බේසික් ස්පීඩ් ෆොර්ස් එක ගොඩනැගිලා තියෙන්නෙ.
ෆ්ලෑශ් දුවන්න දුවන්න ස්පීඩ් ෆෝර්ස් එක ප්‍රසාරණය වෙනවා.කොහොමහරි බැරී මැරුණොත් එතනින් එහාට ස්පීඩ් ෆොර්ස් එක ප්‍රසාරණය වෙන්නෙ නෑ,කොටින්ම බැරී කියන්නෙ ස්පීඩ් ෆොර්ස් එකෙ එන්ජින් එක වගෙ.
ඒ වගේම ස්පීඩ් ෆොර්ස් එක මගින් ස්පීඩ්ස්ටර්ලට ලැබෙන පවර් ගැනත් කතා නොකරම බෑනෙ....... මන් නම් ගොඩක්ම කැමති කියන infinite mass punch එකට මතක ඇති නේ බැරී ගේ ඒ පන්ච් එක.


ඒ වගෙම තව ස්පීඩ් ෆෝස් එකට ප්‍රවේශ වීමේ හැකියාව ඇති අයට, සුපිරි වේගය, සුපිරි දැරීමේ හැකියාවක්, වේගවත් වූ හැගීම් දැනීම්(වේගවත් සංජානනමය හැකියා), ත්වරණාත්මක සුවවීමේ හැකියාව, මන්දනයෙන් සිදුවන වයසට යාම, ස්පීඩ් ෆෝස් අවුරා(ප්‍රභාමණ්ඩලය ), වේගවත් වූ මොළයේ ක්‍රියාකාරිත්වය, සුළි නිර්මාණය, ඝන වස්තු හරහා ගමන් කිරීම, වේගය සොරකම් කීරීම ඇතුළු වේගය හා සම්බන්ධ වෙන බලයන් බොහෝමයක් ස්පීඩ්ස්ටර් ලට ලැබෙනවා.

#TmT

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සුපිරි ආර්ටිකල් එක සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.....

    ජය වේවා...

    ස්තුතියි

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න