Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash S02E17~E18 Review

The Flash S02E17~E18 Review
The Flash S02E17 - Flash Back (Aired on 29-03-2016)

වෙනදට රිවීව් එක දෙන්න ටිකක් පරක්කු උනත් මේ වෙනකන් කවදාවත් මෙච්චර පරක්කු වෙලා නෑ ඒකට හේතුව තමයිමේ දවස් වල ගොඩක් වැඩ වැඩි කම. යන්තන් නිවාඩුවක් ලැබුන කොහොමහරි මෙච්චර පරක්කු උන එකට සමාවෙන්න කියලා කියන්න ඕන. 



බැරී එයාගෙ ස්පීඩ් එක වැඩි කරගන්න ගන්න උත්සහය ගැන තමයි මේ එපිසෝඩ් එකේ අපිට බලන්න ලැබෙන්නෙ. කොහොමහරි ගොඩක් සිත්ගනා සුලු දෙයක් අපිට දකින්න ලැබෙනවා මේ සීන් එකේ. ඒවගේම ගොඩක් අයට මේක මිස් වෙන්න ඇති. ඒ තමයි ජෙසී කුයික් ජොනී කුයික් වගේ අය එයාලගෙ ස්පීඩ් එක ගන්න පාවිච්චි කරන speed formula එක. 



බැරී ආපහු අතීතෙට යනව හබැයි මේ පාරනම් යන්නෙ තෝන්ව හම්බෙලා වේගෙන් යනහැටි දැනගන්න.



Barry vs Barry kiki emoticon
දැන්නම් මට නිදහසේ මැරෙතැහැකි. මේ සීන් එකේදි මට මතක් උනේම නිව් 52 වල barry vs future flash (blue flash) සීන් එක. 




බැරී කොච්චර පරණ බැරී විදිහට රගපෑවත් වෙල්ස් එහෙමත් නැත්තන් තෝන්ට තේරෙනව මොකක් හරි සීන් එකක් යනවා කියලා මෙතන. මට විතරද හිතෙන්නෙ මෙතන බැරීට දාල තියෙන මාංචු කුට්ටම අරන් ගියානම් සූම්ව අල්ල ගන්න ලේසි කියල අඩුමගානෙ අරන් යන්න බැරිනන් ඒවගේ එකක් හදාගන්නහරි තිබ්බනෙ දොරටුව අරින්න කලින් 

squint emoticon

මේ එපිසෝඩ් එකේ හැරී පෝටර් references ගොඩක් තිබුන ඒවගේම මෙයා ටිකක් හැරී පෝටර් වගේ කියල හිතෙන්නෙ මට විතරද? 



එඩීව අපිට දකින්න ලැබෙනව කාලෙකින් හැබැයි ඉතින් ආයෙනම් එඩීව දකින්න ලැබෙයි කියලා හිතන්න අමාරුයි 



මෙතනදි සිස්කොගෙ reaction එක පට්ට. doppelganger සීන් එක පට්ට no cisco net not yet




Time wraithල අපිට මීට කලින් කොමික් වල දකින්න ලැබිලා නෑ. black flashගෙ version එකක් කියලත් කියතැහැකි හැබැයි බ්ලැක් ෆ්ලෑශ් එන්නෙ ස්පීඩ්ස්ටර් කෙනෙක් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි. කොහොමහරි අපිට දකින්න ලැබැනව ස්පීඩ්ස්ටර් කෙනෙක්ගෙ මාස්ක් එකක් කොටසක්. ස්පීඩ්ස්ටර් කෙනෙක් මැරුනම එයා ස්පීඩ් ෆෝර්ස් එකේ කොටසක් වෙනවා. ඒවගේම තෝන්ට අනුව මේ time wraithලත් ස්පීඩ් ෆෝර්ස් එකට කනෙක්ට් වෙලා ඉන්නෙ. මටනන් හිතෙන්නෙ අනාගතේදි මැරෙන ස්පීඩ්ස්ටර් කෙනෙක්ගෙ මල සිරුරක් ගොඩක් දුරට බැරී වෙන්නත් පුලුවන්. හැරී පෝටර් බලලා තියෙන අයට මතක් වෙන්න ඇති මේ සීන් එකේදි dementorලව. 



මටනන් තාමත් හිතෙන්නෙ මෙයාලා මේ එපිසෝඩ් එකට පයිඩ් පයිපර් ඉන්න එපිසෝඩ් එක තෝරගත්තෙම මූත් හැරී පෝටර් වගේ නිසා වෙන්න ඇති කියලා:3 get it dementors = time wraith 



The Flash S02E18 - Versus Zoom (Aired on 19-04-2016)



මේ එපිසෝඩ් එකේ අපිට සූම්ගෙ ඔරිජින් එක දකින්න ලැබෙනවා මේකෙන් අපිට අයන් මාස්ක් එකේ ඉන්නෙ ඇත්ත ජේ ගැරික්ද කියන තියරියට පොඩි පොඩි ප්‍රශ්න වගයක් මතු වෙනවා. පලවෙනි එක තමයි හෙල්මට් එක. ජේ ගැරික් කිව්වම කොමික් වල විතරක් නෙවේ ඕන දෙයක් බැලුවම මුලින්ම මතක් වෙන්නෙ හෙල්මට් එක. ඒවගේම හන්ටර්ගෙ තාත්තා ඇදන් ඉන්නෙත් ජේගෙ සූට් එකට ගොඩක් සමාන ඇදුමක්. ඒක නිසා අපිට හිතන්න වෙනවා දැනට සූම් කිව්ව දේ ඇත්ත කියලා. ජේ ගැරික් කියන්නෙත් සූම්ම තමයි කියන එක. මමනන් තාමත් ඒක පිලිගන්න කැමති නෑ හැබැයි ඉතින් මේ වෙනකන් ලැබුන තොරතුරු අනුව අපිට ඒක පිලි නොගෙන ඉන්න අමාරුයි.




මෙතන වෙන සීන් එක සුපර්ගල් බලන්නෙ නැති අයට තේරුන් නැතිවෙන්න ඇති. මෙතනද වෙන්නෙ බැරී සුපර්ගල් ඉන්න ලෝකෙට අපි දැනට කියමුකො අර්ත් 3 කියලා ( කොමික් වලනන් අර්ත් 3 කියන්නෙ crime syndicate ලගෙ ලෝකෙ ) ඒත් අපිට තාම හදුන්වල දීල තියෙන්නෙ මල්ටිවර්ස් එකේ ලෝක් තුනයි හින්දා දැනට අපි මේකට අර්ත් 3 කියමු.




අපිට පලවෙනි පාරට අර්ත් 2 වොලී ගැන කතා කරනව අහන්න ලැබෙනව. මේ වෙනකොට අපි ගොඩක් දුරට හැම අර්ත් 1 කැරැක්ටර් එකකම doppelganger එක දකින්න ලැබුනා ඒත් අර්ත් 2 වොලීවනම් තාම දකින්න ලැබුනෙ නෑ.



More Star Wars references



මේකෙයි සූම්ගෙ වෙස්මුහුනෙයි මොනවහරි සමාන දෙයක් දැක්කද ? මේකෙන්මද දන්නෑ සූම් එයාගෙ වෙස්මුහුණත් හදන්න ඇත්තෙ




අපිට දකින්න ලැබෙනව සූම්ට ස්පීඩ් එක ලැබෙන හැටි. ඒකත් නරකම නෑ



බැරී කොහොමහරි සූම්ව අල්ලගන්නව එයාගෙ අතීතය සූම්ට එරෙහිව පාවිච්චි කරලා. හැබැයි ඉතින් මේකට නන් සූම්ව නවත්ත බැරි වෙනව. අනික එහෙම උනොත් ඉතුරු එපිසෝඩ්ස් ටිකට මොනා කරන්නද සූම්ව නවත්තන්න ඕන්නන් කලින් එපිසෝඩ් එකේ තෝන් බැරීට දාපු මාංචු දෙකක් හදාගත්තනන් හරි කියලා හිතෙන්නෙ මට විතරද



සුපර් ස්පීඩ් එකට අමතර සූම්ට ඇස් වල පාට මාරු කරන්න පුලුවන් පවර් එකකුත් තියෙනව වගේ කොහොමහරි මේ විදිහට තමයි පේන හැටියට සූම් කටහඩ මාරු කරන්නෙ.



සිස්කොට පෝන් බිල් ගෙවන්න ඕන වෙන එකක් නෑ වගේ ඉස්සරහට වෙන ලෝකෙක ඉන්න කෙනෙක්ව බලන එක වෙනම දෙයක් හැබැයි ඒ කෙනත් එක්ක කතා කරන එක නම් මට ටිකක් අවුල් වගේ



මෙතනදි අපිට ලැබෙන explanation එකනන් ටිකක් අවුල් මට කොමික් බුක් ෆෑන් කෙනෙක් හැටියට මම මීට වඩා බලාපොරොත්තු උනා අනික මෙයාලා අර්ත් 1 හන්ටර්ව හදුන්න දුන්න එකෙනුත් කිසිම වැඩක් නෑ බැරීලට සූම්ගෙ ඇත්ත නම දැනගන්න ලැබුන එකට අමතරව. අනික තමන්ගෙ අතීතෙයෙ වර්ශන් එකක් මැරුවහම මෙයා තාමත් කොහොමද ජීවතුන් අතර ඉන්නෙ? මේකෙන් උනේ ප්‍රශ්න වල්ට උත්තර දෙනව වෙනුවට තව ප්‍රශ්න ඇති කරපු එක විතරයි. සූම් මෙයාව මරලා බොඩි එක බිමට දාලා කියනවා well this is a complication කියලා. මුල ඉදලම සූම් මේක ප්ලෑන් කරානන් මොන එහෙකට එහෙම කියන්නෙ ?



නිව් 52 ෆ්ලෑශ් කොමික් එකක අපිට මේ වගේ සිද්දියක් දකින්න ලැබෙනව. Darwin Elias තමයි මේකට වගකියන්න ඕන කොමික් වලනම්. 

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න