Arrow S04E20 - Genesis (Aired on 4th of May, 2016)
අපි දැන් ඇරෝ කතා මාලාවේ අවසානයට ළඟාවෙලා ඉන්නේ. ඒ හින්දා මෙච්චර කාලයක් ගොඩනගාගෙන ආපු කරුණු එකතැනකට එකතු වෙන විදිහ අපිට බලාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ කොටසේ දී අපිට දකින්න ලැබුණු විශේෂ දේවල් මොනවාද කියලා.
හැමෝම පිළිගන්න දෙයක් තමයි ස්ලෙඩ් විල්සන් තමයි ඇරෝ කතාවේ හිටිය හොදම විලන් කියලා. ඊටත් වඩා ඇරෝ කතාවේ කැපී පේන චරිතය එයා කියන එක. ඒ හින්දාම ස්ලෙඩ් විල්සන් අයින් කරලා දාපු එක ගැන ගොඩක් අය තවම අකමැත්තෙන් ඉන්නේ. ඒත් සීසන් 4 වල දී අපිට හම්බුනු ඩේමියන් ඊට වඩා ආකර්ශනිය විලන් කෙනෙක්. මම නම් පුද්ගලිකවම ඇරෝ කතාවේ ආසාවෙන් ම බලන්නේ ඩේමියන් ඉන්න කොටස් ටික. ඩේමියන් පෙනී ඉන්න දර්ශනයක තත්පරයක කාලයක් වත් නිකරුනේ නාස්ති කරන්නේ නෑ.
මයිලෝ ආමිටේජ් කියන්නේ දෙවෙනි සීසන් එකේ ඉදන් තිරය පිටිපස්සේ හිටපු කෙනෙක්. එයාගේ අවසන් කැමති පත්‍රයත් ඩේමියන් ලියලා දුන්නා.
A lady in Saree? Jayalalitha is that you?
Hey Bad guys, give us a couple of days. After the break shall we fight again. Cool?
ටිකක් පුහුණු වෙලා, පොඩි නිවාඩුවක් එහෙම අරගෙන එනකල් ඩේමියන් ඉන්න ඕනේ එයාගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න.
මේක නම් ජිවත් වෙන්න නරක තැනකුත් නෙවේ වගේ
ඔලිවර් සහ ෆෙලිසිටි යන්නේ හබ් සිටි වලට. ඒ කියන්නේ Question ජිවත් වන නගරයට. මැජික්, අද්භූත දේවල් ගැන ඉගෙන ගන්න මේ නගරය හොදම තැනක් තමයි.
Mountain Top, Hidden Temple
මැජික් විතරක් නෙවේ, වෙන ඕනෑම දෙයක් ඉගෙන ගන්න සුපිරි වීරයෝ යන්නේ මේ වගේ තැන් වලටනේ. බැට් මෑන්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, අයන් ෆිස්ට් ඒ අතරින් ටික දෙනෙක්.
එස්රින් කියන විදිහට එයා Sharman කෙනෙක්. ඒ කියන්නේ නොපෙනෙන ලෝකයත් එක්ක සම්බන්ධකම් පවත්වන කෙනෙක්. අපි කලින් කියපු Question කියන්නෙත් මෙහෙම කෙනෙක්.
ජෝන් අහුවෙන උගුල් වල සීමාවක් නෑ වගේ දැන්. මේ පාර නම් කරදරේ වැටුනේ දැන දැනම.
Nexus
නෙක්සස් එකක් කියන්නේ යම්කිසි තැනකින් තවත් තැනකට සම්බන්ධයක් පවතින ස්ථානයක්. මෙතන දී නම් විශ්ව ශක්තියට සම්බන්ධයක් දක්වන තැනක් විදිහට තමයි කතාවේ පෙන්නුම් කෙරුවේ.
නෙක්සස් එකක් කියන්නේ යම්කිසි තැනකින් තවත් තැනකට සම්බන්ධයක් පවතින ස්ථානයක්. මෙතන දී නම් විශ්ව ශක්තියට සම්බන්ධයක් දක්වන තැනක් විදිහට තමයි කතාවේ පෙන්නුම් කෙරුවේ.
හැරී පෝටර් කතාවේ එන පෙට්‍රෝනාස් වශිය මතකද? කොහොමත් මේකට කලින් දවසේ ෆ්ලෑෂ් කතාව බැලුවා නම් අපිට සිස්කෝ ඒක මතක් කරලා දුන්නානේ. මේ සතියේ ඇරෝ කතාවේ නම කිව්වේ නැති උණාට තිබ්බේ ඒ සංකල්පය. තමන් ඇතුලේ තියන අඳුරු හැඟීම් අයින් කරලා සතුටු දායක හැඟීම් වලින් තමයි දිනන්න පුළුවන්.
Cliche එකක් කියන්නේ එදා මෙදා තුර නැවත නැවතත් භාවිතා කරපු සංකල්පයක්. අපිට ඇරෝ එකේ දීත් මෙහෙම එකක් දකින්න පුළුවන් උනා. ඒ තමයි ඩිගල් පස්සේ ගෝස්ට් ලා පස්සේ පන්නන කොට එකපාරටම කොහේදෝ ඉදන් ෆෙලිසිටි වාහනයකින් ඇවිත් හප්පනවා. මේකේ පුදුම හිතෙන කාරණය තමයි ස්ටාර් සිටි සහ හබ් සිටි තියෙන්නේ එකිනෙකට කිලෝමීටර් 2500 කට වඩා ඈතින් කියන එක.
The new hope
අවසානේ දී ඔලිවර් සමත් වෙනවා ඩේමියන් ගේ බලය ට එරෙහි වෙන්න. අපිට මේකෙන් කියවෙන්නේ නෑ ඩේමියන් පරාද කරන්න පුළුවන් කියලා තවම. හැබැයි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් දැන්.
I didn't see this coming
මේ සතියේ කතාවේ වැදගත්ම අවස්තාව තමයි මෙතන. කරන්න දෙයක් නැතිම තැන ඩිගල් ට සිද්ධ වෙනවා එයාගේ සහෝදරයා මරන්න. ඩිගල් ට මෙච්චර දුරක් යන්න වෙයි කියලා මම නම් හිතුවේ නෑ.
Rubicon
ඇයි මේ හැම විලන් කෙනෙක් ටම මේ ලෝකේ විනාශ කරන්න ඕන වෙලා තියෙන්නේ. ඩේමියන් Rubicon හරහා මේ දේ කරන්න බලාපොරොත්තු වෙනවා.
Under the Dome
තියා හිරකරගෙන ඉන්නේ Dome එකක් ඇතුලේ. මේක තමයි ඩේමියන් ගේ ආරක්‍ෂිත කුටිය. මේකේ මතුපිට සකස් වෙලා තියෙන්නේ ෂඩස්‍රාකාර හැඩතල වලින්.
මේක දකින කොටම DC ලාගේ Convergence ක්‍රොස්ඕවර් ඉවෙන්ට් එක තමයි මට නම් මතක් උනේ.
ඒ වගේම මේක CW ලගේ සහෝදර නාලිකාව වෙන CBS එකේ විකාශය වුනු Under the Dome කතාව ට ටිකක් සමානයි වගේ.
අපිට දැන් ඩේමියන් ගේ සැලසුම් පැහැදිලියි. අපි බලමු ඉස්සරහට ඒවා ක්‍රියාතමක වෙන විදිහ.
attila_THE_hun

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න