Arrow S04E19 - Canary Cry (Episode aired 27 April 2016)
Righteous Cause
පහුගිය කාල සීමාව අපේ පේජ් එකට ටිකක් අවසනාවන්ත කාලයක්. මොකද අපේ යාලුවෝ හැමෝම ඕන කමින් බලාගෙන ඉන්න ටීවී සිරිස් රිවීව් ලබා දෙන වැඩේ සම්පුර්ණයෙන්ම වගේ නතර උණා. ඉදිරි දවස් කිහිපය ඇතුලත ඒක නිවැරදි කරගන්න අපි උපරිම උත්සාහය දරනවා. අපි මුලින්ම ඇරෝ කතාවෙන් වැඩේ පටන් ගමු.
අවසාන වශයෙන් අපි කතා කෙරුවේ ලෝරල් ගේ මරණය ගැන. ඒ මරණයත් එක්ක ඇතිවෙන වෙනස්කම් තමයි 19 වෙනි කොටසින් කතා කලේ. ඔයාලට මතක තියනවා ද දන්නේ නෑ අපි ලෝරල් ගේ මරණය සිද්ධ වුනු කොටස ඉතාම දුර්වල කොටසක් කියලා කතා කළා. ඒත් ඊට පස්සේ ආපු 19 වෙනි කොටස නම් ඉතාම සාර්ථක කොටසක්. අපි බලමු ඇයි එහෙම උනේ කියලා.
Back-Date
අපි හැමෝම නොමඟ යවපු දෙයක් තමයි මේ අවමංගල්‍ය උත්සවය. මොකද මේකේ දී ලෝරල් ඉන්නවා. ඒත් මේක ලෝරල් ගේ මල ගෙදර නෙවේ ටොමිගේ මළගෙදර. ලෝරල් සහ ඔලිවර් අතර අභ්‍යන්තර සම්බන්ධයෙ ස්වභාවය පැහැදිලි කරන්න මේක යොදාගෙන තියනවා.
Burden
ඔලිවර් අනතුරු අඟවන කොටත් ඒක ගණන් ගන්නේ නැතුව හිටිය එක ගැන ඩිගල්ස් ගේ හිතට වද දෙනවා දැන්. මොකද එයා දන්නවා ලෝරල් ගේ මරණය ට එයා සැහෙන්න වග කියන්න ඕනේ කියලා.
Canary.....?
මේ අවස්ථාවේ දී නම් අපි හැමෝගෙම හිතට පොඩි බලාපොරොත්තුවක් ආවා. මොකද ඇරෝ කතාවේ සිද්ධ වුනු දේවල් එක්ක බලනකොට මෙහෙම දෙයක් වෙන්න හොදටම පුළුවන් නේ. පස්සේ අවස්ථාවක දී ලාන්ස් පවා ලෝරල් ආපහු ගෙන්වන්න උත්සහ කරන්නේ මේ මතය හින්දා. ඒත් පස්සේ හෙළි දරව් වෙනවා මේ ඉන්නේ කැනරි වෙන්න උත්සාහ කරන කෙනෙක් විතරයි කියලා.
Back to the team
ලෝරල් ගේ මරණයට කලින් එයාව ඉස්මතු කරන්න තාවකාලිකව ෆෙලිසිටි අයින් කරන්න උණා. දැන් ඒ ගැටලුව නැති හින්දා ආපහු ෆෙලිසිටිට පුරුදු තැන දෙන්න පුළුවන්.
Evelyn Crawford aka Starling
කැනරි වගේ පෙනී ඉන්න හදන කෙනා Evelyn Crawford Sharp කියලා තමයි හදුන්වා දෙන්නේ. කොමික් වල නම් මෙයා බ්ලැක් කැනරි ගේ අනුගාමිකයෙක්. බ්ලැක් කැනරි අළුතෙන් Birds of Prey හදන කොට මෙයා Starling විදිහට එකට එකතු උණා.
මේ කොටස සාර්ථක වෙන්න ප්ලොට් එකේ තිබුණු සාර්තකවය, චරිත වල හැසිරීම නිරුපණය කිරීම වගේම වෙනත් කරුණු ගොඩක් බලපෑවා. ඒ අතරේ Evelyn ව නවත්වන්න ග්‍රීන් ඇරෝ උත්සහ කරන අවස්ථාව ගොඩක් වැදගත්. මේ වගේ සිදුවීම් අපිට ඕන තරම් ෆිල්ම් වල හම්බෙලා තියනවා උණාට මේක වැදගත් වෙන්නේ මෙතන දී බ්ලැක් කැනරි ට කතාව පුරා ලබා දුන්නේ නැති ගෞරවය මේ විනාඩිය ඇතුලත ලබා දීපු හින්දා.
I have seen this movie before
මේ වාක්‍ය ඇහුණු ගමන් ම මට නම් මතක් උනේ Nolan ගේ Batman Trilogy එක
Honoring the Name
බ්ලැක් කැනරි ගේ නම අපාරාධ කාරයෙක් විදිහට ප්‍රසිද්ද වෙන්න හදනකොට ඔලිවර් කරන තියන එකම දේ කෙරුවා. ඒ ලෝරල් කියන්නේ බ්ලැක් කැනරි කියලා එළිදරව් කරපු එක. ඇත්තටම මෙතනට එනකල්ම මම බ්ලැක් කැනරි චරිතය ආපහු ගේන්න ඉඩ තියනවා කියලා බලාපොරොත්තු තියා ගත්තා. ඒත් මේකෙන් පස්සේ නම් බ්ලැක් කැනරි කියන නම ලෙජන්ඩ් එකක් කරපු හින්දා ආයේ බ්ලැක් කැනරි ගේන්න ඉඩක් නෑ.
Mysterious Grave Scene
ඇරෝ සීසන් 4 පලවෙනි කොටසේ ඉදන්ම හැමෝටම තිබුණු ගැටලුව තමයි මේ සොහොන කාගේද කියලා. අවසානය දක්වාම මේක රහසක් විදිහට තියාගන්න නිෂ්පාදකයෝ සමත් උණා. මෙතන දී පුද්ගලිකව මම පවා මේක ලෝරල් ඒ සොහොන කියලා පිළිගත්තේ නෑ. ඒකට හේතුව තමයි කලින් කරපු ගණනය කිරීම් අනුව මේක ඇරෝ කතාවේ අවසාන කොටස වෙන්න තිබ්බේ. ඒත් ඇරෝ කතාව හේතුවක් නැතුව (සමහරක් විට මේ හේතුව හින්දාම) ඇරෝ කතාව විකාශය නොකර හිටිය හින්දා (ඇරෝ කතාව ගලාගෙන යන්නේ සත්‍ය කාලය අනුව) සොහොනේ දර්ශනය ආවේ මැද කොටසකට. ඒ හින්දා පිළිගන්න අකැමති උණත් යථාර්තයට මුහුණ දෙන්න සිද්ධ උණා.
What will happen next?
මෙතන දී ලෝරල් ඇත්තටම මැරෙයිද කියන එකට අපි මුල ඉදන්ම නෑ කියන මතයේ හිටියේ. මොකද ඇරෝ කතාව සහ කොමික් වල අපිට හම්බෙන ග්‍රීන් ඇරෝ අතර සමාන කම් ගොඩක් අඩුවෙන් තියෙන්නේ. ඒවා අතරින් ප්‍රධානම දේ තමයි බ්ලැක් කැනරි ගේ ආදරය. ෆෙලිසිටි අයින් කරලා ආපහු ලෝරල් සමීප කරද්දී ගොඩක් අය සතුටු උනේ ඒකයි.
ඒත් හැමෝම නොහිතපු විදිහට ලෝරල් ට ඉවත් වෙන්න උනේ ඇයි. මේකට දෙන්න පුළුවන් එකම හේතුව නම් DC කොමික් සහ වෝනර් බ්‍රදර්ස් ලාගේ පදනමක් නැති තීරණයක්. ඒ තමයි මල්ටිවර්ස් සේරම එකට ගත්තාම ෆ්ලෑෂ් ලා විතරයි එකකට වැඩි ගාණක් ඉන්න පුළුවන්. ඒ හින්දා ඇරෝ කතාවට හාර්ලි කුයින් ගේන්න බැරි උණා. Deadshot අයින් කරන්න උනා. කටානා අතුරුදහන් කෙරුවා. Amanda Waller මරලා දැම්මා. දැන් බ්ලැක් කැනරි ඉවත් කිරීමත් එක්ක කාලයක් මතයක් විතරක් වෙලා තිබ්බ බ්ලැක් කැනරි ජස්ටිස් ලීග් ෆිල්ම් එකේ ඉන්නවා කියන මතය තහවුරු කිරීමක් වෙන්න පුලුවන්.
ඒ හින්දා බ්ලැක් කැනරි ආයේ ඇරෝ කතාවේ දකින්න ලැබෙන එකක් නෑ. අඩු ගානේ DCEU එකට බ්ලැක් කැනරි ඇවිත් ආපහු යනකල් වත්.
හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නෑ Katie Cassidy ඇරෝ කතාවෙන් අයින් වෙනවා කියලා. දැනට තියන මතය තමයි සීසන් 5 දී වෙන චරිතයක් විදිහට මෙයා ආපහු එනවා කියලා. හැබැයි ඉතින් මේක මතයක් විතරයි තවම.
එහෙම නම් මේ සතියේ ඇරෝ කතාව ට කලින් අපිට තව එක කොටසක් ගැන කතා කරන්න තියනවා. ඒක ගැනත් ඉක්මනටම කතා කරමු.
#attila_THE_hun
thz machoo anith ewath ikmata denna puluwanm hodai gotham ,flash
ReplyDeleteThanks mchn...!
ReplyDeleteEla machan patta wdak digatama karan palayan
ReplyDelete