Frame by Frame Trailer Breakdown
මාවල් හි පෘථිවියේ ඉන්න බලවත්ම චරිත අතුරින් ප්රමුඛ ස්ථානයක් ගන්න චරිතයක් වෙන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍රපටයේ වෙනස්ම විදිහේ ට්‍රේලර් එකක් අපිට අළුත් අවුරුද්දට දැකගන්න ලැබුණා.
මේක ට්‍රේලර් එකකට වඩා කෙටි ඔරිජින් චිත්‍රපටයක් කිව්වත් වැරදි නෑ. ඒකත් ටික දවසකින් නිකුත් වීමට නියමිත වසරේ Most Anticipated චිත්‍රපටයක් වන මාවල් ලගෙම එකක් වන කැප්ටන් ඇමරිකා සිවිල් වෝ එකට කලින් වීම තවත් විශේෂත්වයක්. එමෙන්ම මේ චිත්‍රපටය මගින් තවත් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් සුපර්හිරෝ චරිතයක් ලෙසින් MCU එකට එකතු වෙනවා. ඒ තමයි අපි කවුරුත් ආදරය කරන අවිවාදයෙන්ම සුපිරි නළුවෙක් වන බෙනඩික්ට් කම්බර්බැච් !
මේක ට්‍රේලර් එකකට වඩා කෙටි ඔරිජින් චිත්‍රපටයක් කිව්වත් වැරදි නෑ. ඒකත් ටික දවසකින් නිකුත් වීමට නියමිත වසරේ Most Anticipated චිත්‍රපටයක් වන මාවල් ලගෙම එකක් වන කැප්ටන් ඇමරිකා සිවිල් වෝ එකට කලින් වීම තවත් විශේෂත්වයක්. එමෙන්ම මේ චිත්‍රපටය මගින් තවත් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් සුපර්හිරෝ චරිතයක් ලෙසින් MCU එකට එකතු වෙනවා. ඒ තමයි අපි කවුරුත් ආදරය කරන අවිවාදයෙන්ම සුපිරි නළුවෙක් වන බෙනඩික්ට් කම්බර්බැච් !
එහෙනං අපි frame by frame වැඩේට බහිමු
Stephen Strange !
කවුද මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ? සමහර අය ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගැන කලින්ම දන්නවා ඇති. නොදන්න අය කලබල වෙන්න එපා අපි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගැනත් විස්තරයක් ඉක්මනින්ම දෙනවා. දැනට කෙටියෙන් කියන්නම්. ස්ටිෆන් වින්සන්ට් ස්ට්‍රේන්ජ් කියන්නෙ ලෝකයේ හොඳම ස්නායු ශල්යවෛද්යවරයෙක්. ඒ කියන්නේ මෙයාට ඉස්සර ඉඳන්ම කියන්නෙ "ඩොක්ටර්" ස්ට්‍රේන්ජ් කියලම තමා. රිය අනතුරක් නිසා ස්ට්රෙන්ජ්ගේ අත් දෙකේම අස්ථි බරපතල ලෙසින් හානි සිදුවෙනවා. එනිසා අත් දෙකෙන් යාන්ත්‍රික ක්‍රියාවන් කරන්න බැරි වෙනවා. අපිට මේ රුපරාමුවෙන් පේන්නෙ ඒ රිය අනතුර. ශල්‍ය වෛද්‍යවරයෙක්ට අත් දෙක කොයිතරම් වැදගත්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ අතර පසුබිමින් ඇහෙන කටහඬ ගොඩක් වෙලාවට බැරන් මොර්ඩෝ ගෙ වෙන්න ඕන. ඒ කවුද ඒ ? ඉවසලා ඉන්න.
All Different Marvel Logo ?
සාමාන්‍ය විදියට රෝල් වෙන මාවල් ලෝගෝ එක එකපාර කළුපාටට හැරෙනවා කියන්නේ අනිවාර්යෙන්ම මොකක්හරි අමුත්තක් තියෙනවා. ට්‍රේලරේ පටන් ගන්න හරියේ ඉඳන් පසුබිම් සංගිතයෙනුත් යම් කිසි ගුප්තභාවයක් දැනෙන්න සලස්වලා තියෙනවා. අපි අමතක කරන්න හොඳ නෑ මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නෙ සිනිස්ටර්, එක්සොර්සිසම් ඔෆ් එමලි රෝස් වගේ ප්‍රකට හොරර් ෆිල්ම් ඩිරෙක්ට් කරපු ස්කොට් ඩෙරික්සන් කියලා.
A Stranger On the Streets
ගොඩක් අයට මතක ඇති මේ ඇඳුම අපි සෙට් ෆොටෝස් වල දැක්කා. පේන විදියට ආසියාතික රටක වගේ පේන මේක අපිට සමාන කරන්න පුළුවන් ස්ට්‍රේන්ජ් ගෙ ටිබෙට් ආගමනය.
"You're a man looking through a keyhole"
අපිට ප්‍රථම වතාවට Ancient Oneගෙ කටහඬ අහන්න ලැබෙනවා. එයා ගැනත් අපි කියන්නම් ඊළඟට.
Hands... A Little Strange ?
අපිට මෙතැනදී පෙන්නනවා අනතුරින් ස්ටිෆන්ගෙ අත්. කාර් අනතුරෙන් සහ ශල්‍යකර්ම රැසකට පස්සේ.
Sherlock Meets THE WOMAN !!!
රිය අනතුරෙන් පස්සේ සට්රේන්ජ්ව රෝහල් ගත කරද්දී අපිට පෙන්නනවා තවත් විශේෂ කෙනෙක්. මේ තමයි අයිරින් ඇඩ්ලර්. හැබැයි ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් වල. රේචල් මැක්ඇඩම්ස්ගෙ චරිතය මේකෙදි නම් ස්ට්‍රේන්ජ්ගේ ඇසිස්ටන් කෙනෙක් කියලයි කියවෙන්නෙ. ඒ කියන්නේ මෙයා ක්ලියා වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. කොමික් වලදී ක්ලියා තමයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ බිරිඳ වෙන්නෙ. එයත් සෝසරස් කෙනෙක්. හැබැයි මෙයා ෆිල්ම් එකේ හැටියට නම් Dr. ජීනා ඇට්වෝටර් වෙන්න ඉඩ තියෙනවා. earth - 2772හි පමණක් සඳහන් වෙන මෙයා ස්ටිෆන් ස්ට්‍රේන්ජ් ගෙ ආදරවන්තිය වෙනවා. Excecutive Producer වන Stephen Broussard කියන විදියට රේචල් තමයි අපිට කතාව narrate කරන්නෙ. මතකයිනෙ ෂර්ලොක් හෝම්ස් කතාවලදී කතාව අපිට කියන්නේ වොට්සන් කියලා. අන්න ඒ වගේ. එහෙම බලද්දී අයිරින් ඇඩ්ලර් තමයි මේ ෆිල්ම් එකේදී වොට්සන්. හරි ඒක ලොකු ගැටළුවක් නෙවෙයි හැබැයි ප්‍රශ්නයක් කරගන්න එපා.
Started From the Top, Now He's at the Bottom
කොමික් වලදී ස්ටිෆන් ස්ට්‍රේන්ජ් කියන්නේ තම වෘත්තියේ පරතෙරටම ගිය දක්ෂ පොහොසත් ශල්‍යවෛද්‍ය වරයෙක්. ඒත් රිය අනතුරෙන් පස්සේ අන්ත දුප්පත් තැනටම වැටෙනවා. ඒක අපිට මෙතැනදී ස්ටිෆන් නිව්යෝක් ස්කයිලයින් එක බලන විදිහෙන් ලස්සනට පැහැදිලි කෙරෙනවා.
"Your Work Saved Thousands of People"
මෙතැනදී දකින්න ලැබෙන්නෙත් ඒ එදා සහ අද ගැන. දහස්ගණනකට උදව් කරපු අත් දෙකක් වුණාට අද කාටවත්ම බෑ ඒ අත් දෙකට පිහිටක් වෙන්න.
"What If I Told You, That Reality is One of Many ?"
අපිට මෙතැනදී පැහැදිලිවම පෙන්නනවා අනතුරෙන් පස්සේ ස්ටිෆන්ගෙ අත්වලට වෙච්ච හානිය. ඒ වගේම Ancient One අපිට යථාර්තයන් එකකට වඩා තියෙනවා කියලත් කියනවා. හරියට නියෝට මෝෆියස් මෙට්රික්ස් එක ගැන කියලා දෙනවා වගේ. හැබැයි Ancient One මෙතැනදී කියන දේ මාවල් මල්ටි-ඩිමෙන්ශන් ගැන වෙන්නත් පුළුවන්.
Last Resort
මෙතන පෙන්නන මේ ආරාමය Ancient Oneගෙ නවාතැන වෙන්නත් පුළුවන්. හැබැයි කොමික්ස්වල නම් ඒක මිට වැඩිය ගොඩක් වෙනස්. මොකද ඒ හිමාලය කඳුවැටිය නිසා.
A Samurai in the Park ?
මේ තමයි බැරන් මොර්ඩෝ. සමුරායි කෙනෙක් වගේ පෙනුනට ඊට වැඩිය ගොඩක් වෙනස් චරිතයක්. ඔස්කාර් ඇවොර්ඩ් එකක් දිනපු Chiwetel Ejiofor තමයි මේ චරිතය රඟපාන්නේ. මේ වගේ ඇඳුමක් ඇඳගෙන පාරේ යද්දි මිනිස්සුන්ට ගානක්වත් නෑ කියලා හිතෙනවා ඇති. ඒත් ඇත්තවශයෙන්ම කියනවනම් ඒ මිනිස්සුන්ට පෙනුනොත් නෙ, මායාකර්මයක් මඟින් මිනිස්සුන්ට නොපෙනී යන්න මෙයාලට පුළුවන්. හරියට ගැනු ළමයි මැද්දෙන් මං යනවා වගේ.
A Non-Beliver
“I don’t believe in fairy tales about chakras or energy of the power of belief.”
මෙතැනදී අපිට අහන්න ලැබෙනවා බෙනඩික්ට්ගෙ කටහඬ ස්ටිෆන් ස්ට්‍රේන්ජ් විදිහට. ඒකත් ඇමරිකන් ඉංග්‍රීසි උච්චාරණයෙන්.බ්‍රිතාන්‍ය ජාතික නළුවෙක් ඇමරිකන් ඇක්සන්ට් එකෙන් කතා කරනවා කියන්නේ හිතන්නේ නැතිවුනාට අමාරු දෙයක්. ස්ටිෆන් කියනවා එයා සුරංගනා කතා විශ්වාස කරන්නෙ නෑ කියලා. මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ ඉන්න කෙනෙක්, නොර්ස් දෙවියො, පිටසක්වල ජීවින්, වගේ දේවල් යථාර්තයක් වෙච්ච ලෝකෙක ඉඳගෙන මෙහෙම කියන එක නම් පුදුමයි. අපිට පසුබිමින් පේනවා නාම පුවරුවක් එකේ සඳහන් වෙන Dharan කියන්නේ නේපාලයේ ප්‍රධාන නගරයක නමක්.
Morpheus of Doctor Strange
ඒ තමයි Ancient One.
"You Wonder What I See in your Future ?"
කොමික්වල වගේම අපිට දකින්න ලැබෙනවා මොර්ඩෝ සහ ස්ට්‍රේන්ජ් එකට ගමන් කරනවා. මේ දෙන්නට තියෙන්නෙ කිට්ටු සම්බන්ධතාවයක්. ඒ වගේම මොර්ඩෝ කියන්නේ Ancient Oneගෙ හොඳම ශිෂ්‍යයන්ගෙන් කෙනෙක්.
Meet the Ancient One
අවසානයේ අපිට පැහැදිලිවම දකින්න ලැබෙනවා Tilda Swintonගෙ Ancient One දිහා. Ancient One සෝසරර් සුප්‍රීම් කෙනෙක්. මෙයා තමයි තමන්ගේ උරුමය අවසානයේ ස්ටිෆන් ස්ට්‍රේන්ජ්ට බාර දෙන්නෙ. කොමික්වල මෙයා ආසියානු වයසක පිරිමි කෙනෙක් වුනාට ස්කොට් ඩෙරික්සන් හිතාමතාම Tilda Swintonව Ancient One කියලා ගත්තෙ ඒ චරිතය පුද්ගලයෙක්ට වඩා නාමයක් විදිහට අරගෙන.
"You wonder what I see in your future ? possibility"
ටිල්ඩා කියන්නෙත් ඔස්කාර් ඇවොර්ඩ් එකක් ගහපු නිළියක්. අනිවාර්යෙන්ම මෙයා මේ චරිතය නියමෙටම කරාවි. ඒවගේම මෙයා ලේසිපාසු නෑ. මෙයාට පුළුවන්...
Stephen Strange Got Knocked His Soul Out !
සාමාන්යෙන් චිත්‍රපටිවල පවා දකින්න ලැබෙන් නැති දෙයක් තමයි අපි ට්‍රේලරෙන් මේ දැක්කෙ. මනොකය විසිවෙන්න ගහනවා සාමාන්යෙන් දකින්න ලැබෙනවා කොහොමත් අඩුයිනේ. මෙතන ඉඳන් අපිට දකින්න ලැබෙනවා හිත අදහන්න බැරි විෂුවල් එෆෙක්ට්ස් වගයක්.
Guess Who
මේ තමයි Mads Mikkelsen නොහොත් ඔයාලගේ හැනිබල් ලෙක්ටර්. හැනිබල් සීරිස් එක බලලා ඇතිනෙ.
"There Are Other Ways to Save Lives"
හිමාලය කඳුවැටියේ ඉන්න මේ කැල්ල සට්රේන්ජ්ගෙ පුහුණුවීම් වලින් එකක් වෙන්න ඕනේ.
Hannibal is the Villain
Madsගෙ චරිතෙ මොකක්ද කියලා තාම නිශ්චිතව කියන්න බෑ. ගොඩක් අය කියනවා මේ Dormammu වෙන්න පුළුවන් කියලා. Marvel's Avengers Allience ගහපු අය ගොඩක් වෙලාවට මෙයාව දන්නවා ඇති. ඩෝර්මාම්මු කියන්නේ මැජික් වලින් නිර්මිත ශක්තියක්. කොමික්ස්වල මෙයා තානොස් තරමේ සුපර්විලන් කෙනෙක්. මම හිතන්නේ නෑ එතරම් බලවත් කෙනෙක්ව ගත්තු ගමන් මේ වගේ ඔරිජින් ෆිල්ම් එකකට දායි කියලා. මට හිතෙන්නේ Madsගෙ චරිතය Mephisto වෙයි කියලා. මෙෆිස්ටෝ කියන්නේ ඩීමන් කෙනෙක්. එයා තමයි මාවල් වල සාතන් චරිතය. Madsට අමතරව අපිට තවත් හුරුපුරුදු කෙනෙක් දකින්න පුළුවන්. ඒ තමයි යූරි බෝයිකා කියලා කවුරුත් දන්නා Undisputed නළු ස්කොට් ඇඩ්කින්ස්. එයාගේ චරිතෙත් තාම කවුද කියලා කියන්න අමාරුයි.
Baron Mordo
මොර්ඩෝ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් තරම්ම පරණ චරිතයක්. මෙයාව මුලින්ම එළිදැක්වුණේ දෙවෙනි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වෙළුම වන Strange Tales #111වලින්. බැරන් මොර්ඩෝ ස්ටිෆන් ස්ට්රේන්ජ්ගෙ යාලුවෙක් වුනත් එයා සදාකාලිකවම යාලුවෙක් නෙවෙයි දවසක පරම හතුරෙක්ද වෙනවා. ඒත් ඒ දවස අද නෙවෙයි. මේ චිත්‍රපටයේදී එතරම් දුර යන එකක් නෑ.
Some Christopher Nolan Stuff By Derrickson
ඉන්සෙප්ෂන් මැට්රික්ස් වල වගේ මේ සිදුවීම් අපිට චිත්‍රපටය පුරාවටම දැකගන්න ලැබේවි. කෙවින් ෆෙයිජි කිව්වා MCU වල මැජික් කියන සංකල්පය Matrix, Cosmos (1980) series වගේ ඒවායින් අභාෂය ලැබූ එකක් කියලා. ඒ කියන්නේ මේකෙදි මැජික් කියන්නේ ක්වොන්ටම් භෞතිකයට
"Teach me !"
අපිත් ඒ වගේ දෙයක් හැබැහින් දැක්කොත් කියනේ මේකම තමා.
Behold, The Sorcerer Supreme !!!
ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට උපාධිය ලැබුණු ඒ මොහොත. MBBS කියලා නෙමේ, Sorcerer Supreme විදිහට. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට ඉදිරියෙන් පේන කවුළුවේ ස්වභාවය අනුව හිතාගන්න පුළුවන් ඔහු මේ ඉන්නේ සැන්ටම් සැන්ටෝරම් (sanctum sanctorum) එක කියලා
ස්ටිෆන් ස්ට්‍රේන්ජ් සෝසරර් සුප්‍රීම් වුනාට පස්සේ නවාතැන වෙන්නෙ මේක. ඒ වගේම මේකේ පිහිටීමත් සුවිශේෂී එකක්. ග්රින්විච් ගමේ පිහිටලා තියෙන මේක මිස්ටික් ශක්තීන්ගෙ ගලනයන්ගේ මධ්‍යයේද වෙනවා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට අමතරව මේක ඩිෆෙන්ඩරස් මෙන්ම නිව් ඇවෙන්ජර්ස් මධ්‍යස්ථාන ලෙසින්ද ඔවුන්ට නවාතැන් සපයා තියෙනවා.
" So much you don't know"
ඒවට උත්තර ඉදිරියේදී ලැබේවි !!!
tnz post ekata. Doctor Strange The Sorcerer Supreme (2007) me film eka gana post ekak danna.
ReplyDeleteවටිනව බ්‍රො
ReplyDelete