ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන අය සීසන් 6 එනකල් බලන් ඉද්දි එකේ කොටසක් කලින් ම බැලුවා වගේ උණා ඇරෝ කතාව බලන කොට. තවමත් යථා තත්ත්වයට පත් වෙන්න බැරි උණා ඒක හින්දා. BvS ෆිල්ම් එකේ හයිප් එක හින්දා අතපහු උණු කලින් සතියේ කතාව ගැන සහ මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරි උණු මේ සතියේ කතාව ගැන එක පාරටම විස්තර කරන්න අපි හිතුවා.
Arrow S04E17 - Beacon of Hope
Bug-Eyed Bandit
ෆ්ලෑෂ් කතාවේ දී අපිට දකින්න හම්බුනු Bug-Eyed Bandit තමයි මේ කොටසේ විලන්. කොමික් වල දී නම් අපිට Bug-Eyed Bandit කියලා මුණ ගැහෙන්නේ පිරිමි කෙනෙක්. ඒ හින්දා කොමික් වල එන Bertram Larvan කියන නම වෙනුවට අපිට Brie Larvan කියන නම තමයි තිබ්බේ. දැනට අරෝවර්ස් එකේ ඉන්න දක්ෂම හැකර් ෆෙලිසිටි උණාට මෙයාත් ඒ මට්ටමට ම ඉන්නවා. ආරක්ෂක උපක්‍රම උපරිම තියන බන්දනාගාර ලේඛනය වෙනස් කරනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවේ නේ.
හැබැයි එයාගේ මී මැස්සෝ ටික එකතු වෙලා හදන ආරක්ෂකයා නම් අපිට කොමික් වල හම්බෙන්නේ නෑ.
Neglected Former Leader
ඩේමියන් හිටිය විදිහ එක්ක බලද්දී දැන් නම් අසරණ වෙලා වගේ කියලා හිතෙනවා. කලින් හිටිය පරිවාර පිරිස දැන් නෑ. හැබැයි ඇරෝ කතාව පුරාම ඩේමියන් ගේ චරිතය පුදුම විදිහට මතු කරලා අරගෙන තියනවා. මේ වෙලාවේ උණත් ඩේමියන් හැසිරෙන විදිහ හින්දා කොච්චර දුෂ්ට චරිතයක් උණත් එපා වෙන්නේ නෑ.
Extra Attention
අපි දැන් නම් මෙහෙම කරන්න හේතුව දන්නවා. අවසාන කොටස් දෙක තුනේ කවදාවත් නැතුව ලෝරල් ගේ චරිතය ඉස්මතු කරලා පෙන්නුවා. කතාවේ සුළු චරිතයක් වගේ හිටපු කෙනා එකාපාරටම ආපහු ප්‍රධාන චරිතයක් උණා.
Bee Jokes
මේක නම් ගොඩක් ජනප්‍රිය භාවිතයක්. ඉංග්‍රීසි භාෂාවේ තියන be අකුරු දෙක වෙනුවට bee අකුරු තුන දාලා කතා කරන එක තමි මෙතන දී වෙන්නේ Because, Behave, Before වගේ වචන Bee-cause, Bee-have, Bee-fore විදිහට භාවිතා වෙන එක.
Newest Member of Team Arrow
ෆෙලිසිටි ගේ ඉවත් වීමත් එක්ක ටීම් ඇරෝ එකට පරිඝනකය පිටිපස්සේ ඉදන් සේරම මෙහෙයවන්න කෙනෙක් ඕන උණා. ඊළඟට ඉන්න හොදම කෙනා තමයි කර්ටිස්. ගොඩක් වේලාවට මෙයා ටීම් ඇරෝ එකේ පුර්ණ කාලින සාමාජිකයෙක් කරයි ඉස්සරහට.
Murmur
අපිට මෙයාව මීට කලින් හම්බුනේ සීසන් 3 වල 16 වෙනි කොටසේ දී.
මෙයාගේ කැපිලා පේන්න තියන විශේෂ දේ තමයි මෙයා කට මහගෙන ඉන්නේ. (කන්නේ බොන්නේ කොහොමද කියලා අහන්න එපා, මම දන්නෙත් නෑ) කොමික් වල දී වගේම ඇරෝ කතාවෙත් මෙයාගේ නම Michael Amar විදිහට තියෙන්නේ.
මෙයාගේ කැපිලා පේන්න තියන විශේෂ දේ තමයි මෙයා කට මහගෙන ඉන්නේ. (කන්නේ බොන්නේ කොහොමද කියලා අහන්න එපා, මම දන්නෙත් නෑ) කොමික් වල දී වගේම ඇරෝ කතාවෙත් මෙයාගේ නම Michael Amar විදිහට තියෙන්නේ.
Ewww Gross
වෙන මොකක් කියන්නද ඉතින් මේ ගැන
Arrow S04E18 - Eleven-Fifty-Nine
මේ කොටස ගැන කතා කරන්න කලින් එක දෙයක් කියන්න තියනවා. ඒ තමයි මේ කොටස තමයි මෑත කාලීනව ඇරෝ කතාවේ ආපු දුර්වලම ප්ලොට් එකක් තියන කොටස. කතාව, දෙබස්, අවස්ථා නිරුපණය විතරක් නෙවේ වෙනදා දකින විදිහේ චරිත නිරුපණයක් වත් අපි දැක්කේ නෑ. ඒ උණත් මේ කොටස ගොඩක් අයගේ අවධානය දිනා ගන්න සමත් උණා. ඒ කතාව අවසානයේ දකින්න ලැබුණු විශේෂ සිදුවීම හින්දා. ඒ වගේම තමයි මේ කොටසේ පසුබිම් සංගීතය ගොඩක් ඉහල මට්ටමක තිබ්බා.
අපි බලමු කතාවේ සිද්ධ උනේ මොනවාද කියලා.
Awesome Andy
කතාවේ දකින්න තිබුණු ප්‍රධානම දුර්වලතාවය තමයි ඇන්ඩි ගේ ක්‍රියා කලාපය. මෙයා ඩේමියන් ට වැඩ කරනවා කියන එක කතාව ඇතුලේ නිකම් ම ඉස්මතු වෙන එකක්. ඒත් මේ වගේ සුලභ සිදුවීමක් එහෙමත් නැතිනම් cliché එකක් කතාවේ ප්‍රධාන හරය විදිහට යොදා ගන්න හදපු හින්දා කතාවේ රසවත් භාවය අඩුවෙනවා.
මෙතන දී ජෝන් ගේ හැසිරීම අපිට එක්තරා දුරකට සාධාරණීකරණය කරන්න පුළුවන් උනත් හැමදේම ගැන හොයලා බලන ජෝන් ගේ චරිතය මෙතන දී දකින්න බැරි උණු එක කනගාටුවට කරුණක්.
Idol
ඩේමියන් ට බලය ලැබෙන ප්‍රතිමාව ආරක්ෂා සහිතව තියන්නේ නැතුව හැමෝටම පේන්න විදුරු පෙටියක දාලා තියාගෙන ඉන්නවා. ටිකක් හරි නුවණ තියන වැඩක් විදිහට තිබ්බේ එක කොටසක් අයින් කරපු එක විතරයි. ඒකත් ජෝන් ගේ වැඩේ හින්දා තේරුමක් නැති වෙනවා.
ඒ වගේම දුපතේ ඉන්න කොට ඔලිවර් මේ ප්‍රතිමාව කලින් දැකලා තියනවා කියපු එකට ටීම් ඇරෝ එකේ ප්‍රතිචාරය නම් ගොඩක් වටිනවා.
DA by day Vigilante by night
ලෝරල් ගේ තිබුණු ආසාවක් තමයි DA තනතුරට පත් වෙන එක. හැබැයි එයා නොහිතපු විදිහට ඒ අවස්ථාව උදා වෙනවා. මේ දෙකෙන් වඩා වටින්නේ කෝකද කියන දෙගිඩියාව එයාට ඇති වෙනවා.
Really?
මේක දැකපු වාම නම් හිනා ගියා. ඔලිවර් මේ ඉන්නේ තමන් ගේම රහස් කුටියේ නේ. ළඟක දී ආරක්ෂාව වැඩි කරපු එකේ.
Retired Captain
ලාන්ස් තනතුරෙන් ඉවත් කරලා තිබ්බ උණත් තවම සුවිශේෂි වැඩක් කරනවා. අවධානය වෙනස් කරන්න මේ කරපු දේ ත් ඒ වගේ එකක්.
Jackson Pollock's Panting
ඩේමියන් කියනවා ඇන්ඩි ට වෙඩි තියලා බිත්තිය ජැක්සන් පොලොක් ගේ චිත්‍රයක් කරනවා කියලා. ජැක්සන් පොලොක් කියන්නේ 20 වෙනි සියවසේ මුල් භාගයේ ඇමෙරිකාවේ හිටිය චිත්‍ර ශිල්පියෙක්. එයා ගේ විශේෂම හැකියාව උනේ දියර ඉසීමෙන් නිර්මාණ කරන එක. මේ තියෙන්නේ එයාගේ විශිෂ්ටතම නිර්මාණය විදිහට හදුන්වන ඩොලර් මිලියන 140 කට (ලංකා රුපියල් වලින් බිලියන 20.3 ක්) අලෙවි වුනු Number 5 කියන චිත්‍රය.
Greatest Reveal of the Year
ඇති යාන්තම් කෙනෙක් ඔලිවර් සහ ග්‍රීන් ඇරෝ කියන්නේ එක්කෙනක් කියලා හොයා ගත්තා.
I Didn't See This Coming
ඇත්තටම කියනවා නම් මේක බලාපොරොත්තු නොවුණු දෙයක්. විශේෂයෙන්ම ෆෙලිසිටි ගේ ඉවත් වීමත් එක්ක ලෝරල්ගේ චරිත ය ගොඩ නගපු හින්දා ගොඩක් අය සතුටු උණා කොමික් වල විදිහටම කතාව ගෙනියනවා කියලා. ඒත් හිතුවේ නැති මොහොතක ලෝරල් ව කතාවෙන් ඉවත් කළා.
දැනට තියන ආරංචි අනුව නම් මේ මරණය ව්‍යාජ එකක් වෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ මෙතනින් එහාට අපිට ලෝරල් නම් දකින්න බැරි වෙයි. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේ චරිතය කතාවෙන් ඉවත් කරනවා කියන එක. කාලය හරහා ගමන් කිරීම, සමාන්තර ග්‍රහලෝක පවතින අරෝවර්ස් එක ඇතුලේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.
මෙතන දී අපිට දැක ගන්න පුළුවන් වෙනවා ලෝරල් ගේ හිතේ ඔලිවර් ගැන තියන ආදරය තවම වෙනස් වෙලා නෑ කියලා.
Ollie, I know that I am not the love of your life...
But you will always be the love of mine.
මේ ටික අහලා අවුල් ගහපු නැති කෙනෙක් නම් ඉන්න විදිහක් නෑ. ඒ කොටස ඒ තරමටම හිතට වදිනවා. කතාව පුරාම තිබ්බ අඩු පාඩු සේරම පරදවලා විශේෂ වෙන්න මේ ටික හේතු වෙනවා.
ඒ වගේම තමයි ලෝරල් ගාව තියෙන්නේ ඔලිවර් ගාව දුපතේ ඉන්න කොට තිබුණු ෆොටෝ එක. ඒ තමයි ටයනා ගෙනත් දෙන්නම් කියපු එක. මේ සීසන් 5 ගැන කරන ඉඟියක් වෙන්නත් පුළුවන්.
ඒ වගේම ලෝරල් මෙතන දී කියපු කතාවේ සැඟවුණු තේරුමක් තියනවා කියලා මතයක් තියනවා. ඩේමියන් පරාද කරන්න උපකාරී වෙන ක්‍රමයක් ගැන අදහස් කරා කියන මතය ගොඩක් අයට තියනවා. කාමරයෙන් එළියෙන් ඉදලා බලාගෙන ඉන්නවා වගේ දර්ශනයත් එකපාරටම ලෝරල් ගේ තත්ත්වය නරක අතට හැරුණු එකත් මේකට හේතුවක්.
ඊළඟට කතාව පුරාම අපිට තිබුණු ගැටලුව. පලවෙනි කොටසේ පෙන්නපු සොහොන කාගේද කියන එක. මේ ලෝරල් ගේ සොහොන කියලා තීරණය කලොත් ඒක හැමදේටම ගැලපෙනවා. ඒත් නිල නොවන මට්ටමින් නිකුත් වුනු පසුතල චායාරුප හින්දා මේ මතය ගැන විවිධ මත තියනවා. ඒ අතරින් ප්‍රධානම එකක් තමයි ඔලිවර් ළඟ තියන මේ සොහොන් කොතේ විලියම් ක්ලේටන් කියන නම පැහැදිලිව බලා ගන්න පුළුවන් එක. සමහරක් විට කතාවේ අවසානය රහසක් විදිහට තියාගන්න උපක්‍රමයක් වෙන්නත් පුළුවන් මේ.
ආපහු අපිට ඇරෝ කතාව බලාගන්න පුළුවන් වෙන්නේ 27 වෙනිදා. සමහරක් විට ඒ කොටසින් ගොඩක් ප්‍රශ්න විසදාගන්න පුළුවන් වෙයි.
#attila_THE_hun

No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න