Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Cloak and Dagger

Cloak and Dagger
මාවල් ආයතනය අලුතෙන් ටීවී සිරිස් එකක් කරනවා කියලා ප්‍රකාශ කළා. ඒ Cloak සහ Dagger දෙන්නා ගැන. ඉතින් අපි හිතුවා මේ දෙන්න ගැන පොඩ්ඩක් කතා කරන්න. 

ටැන්ඩි බෝවන් a.k.a Dagger
ටැන්ඩි බෝවන් ඔහයෝවල ශේකර් හයිට්ස්වල කදු බෑවුමක පිහිටලා තිබ්බ බොහෝ පොහොසත් මිනිස්සු ජීවත් වෙච්ච උපනගරයක හැදී වැඩුණ දැරියක්.. ඇගේ මව වන මෙලිස්සා බෝවන් කීර්තිමත් නමුත් තමා ගැනම පමණක් සලකන පොහොසත් නිරූපිකාවක්.. ඇය පොහොසත් වෙන්නේ තමන්ගේ රැකියාවෙන් පමණක් නොව ආත්මීය පුනරුප්පත්තිය සොයාගන්න හිතාගෙන ඉන්දියාවට ගිය ටැන්ඩිගේ තාත්තාගේ දේපළ පවරාගැනීම හරහාය.. 
පසුකාලීනව මෙලිස්සා පිලිප් කාලයිල් සමග විවාහ වෙනවා.. පිලිප් කරුණාවන්ත උනත් තාත්තා තමන්ව හැර ගිය නිසා හිත් රිදීමෙන් හිටපු ටැන්ඩි පිලිප්ව ප්‍රතික්ෂේප කලා.. ඒ නිසාම මෙලිස්සාත් ටැන්ඩි ගැන නොසලකා හැරියා..
වයස අවුරුදු 16ක් වෙනකොට කවුරුත් තමන්ට ආදරේ නැතැයි කියන හැගීම නිසා ටැන්ඩි රොබ් ඩැල්ට්‍රයි නමැති තරුණයෙක් සමග පෙමින් බැදෙනවා.. නමුත් රොබුත් කොලේජ් යන්න ගත්තට පස්සේ කලකිරුණු ටැන්ඩි නිවස අතෑරලා තනියම බස් එකක නැගලා නිව් යෝර්ක් නගරයට පිටත් උනා..

ටයිරෝන් ජොන්සන් a.k.a Cloak
දකුණු බොස්ටන්වල දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණ ටයිරෝන්ට තිබ්බ එකම දුර්වලතාව උනේ උපතින්මා ආපු ගොත ගැසීම.. 
ටයිරෝන්ගේ හොදම යාළුවා උන බිලී සහ ටයිරෝන් ඔවුන්ට වයස අවුරුදු 17දි කඩයක් මංකොල්ල කා එහි සේවකයාට වෙඩි තබා පැන ගිය සිදුවීමක් සියැසින් දකිනවා.. සොරුන් දුවනවාත් සමගම ඒ මංකොල්ලය සදහා වැරදීමකින් තමන් හා ටයිරෝන් අසු වේ යැයි සිතූ බිලීද දුවන්න ගන්නවා.. පොලිස් නිලධාරියෙක් බිලීට නවතින ලෙස නියෝග කලත් ඔහු නවතින්නේ නෑ.. ඒ අතරේ පොලිස් නිලධාරියාට ඔවුන්ගේ නිර්දෝෂීභාවය පැහැදිළි කරන්න උත්සාහ කරපු ටයිරෝන් කියපු දේවල් ටයිරෝන්ගේ ගොතය නිසා පොලිස් නිලධාරියාට පැහැදිළිව ඇහුණේ නෑ.. පොලිස් නිලධාරියාගේ වෙඩි පහරින් බිලී මිය යනවා.. බිලීගේ මරණයට තමා වගකිවයුතුයි යන හැගීමත්, පොලිස් නිලධාරීන්ට ඇති බයත් නිසා ටයිරෝන් නිව් යෝර්ක් නගරයට පලා යනවා..

ටැන්ඩි බෝවන් සහ ටයිරෝන් ජොන්සන්
මෑන්හැටන්වල බස් පර්යන්තයේදී ටැන්ඩි බෝවන්ව මංකොල්ල කන්න හදපු පුද්ගලයෙක්ගෙන් බේරගන්න ටයිරෝන් සමත් වෙනවා.. මේ දෙන්නා ඉක්මනටම හොද මිත්‍රයන් බවට පත් වෙනවා..
ඒ අතරෙදි ආගන්තුක පුද්ගලයෙක් ටැන්ඩිට ආහාර සහ හිසට සෙවණක් ලබාදෙන්න පොරොන්දු වෙලා ඔහු සමග එන්න කියනවා.. මේ ගැන සැකයක් ඇති උන ටයිරෝනුත් ටැන්ඩි එක්කම යනවා.. 
තවත් නිවසෙන් පළා යන තරුණ තරුණියන් කිහිපදෙනෙක් සමග ටැන්ඩි හා ටයිරෝන් රැගෙන යන්නේ දොස්තර සයිමන් මාශල්.. ඔහු පිරිසව සිහි නැති කරවලා ඔවුන්ට ඩී-ලයිට් නම් මත්ද්‍රව්‍යයක් එන්නත් කරනවා.. ටයිරෝන් සහ ටැන්ඩි දෙදෙනා සහ තවත් අයෙක් හැර අනික් අය මේ මත්ද්‍රව්‍යය නිසා මිය යනවා.. ඔවුන් තිදෙනා මාශල්ගෙන් පලා යනවා.. ගග හරහා යන්න ගගට පැන්නාට පසු ටැන්ඩි හා ටයිරෝන්ගේ බලයන් ක්‍රියාක්මක වෙනවා.. ටයිරෝන්ට තමන්ව අදුරෙන් ගිලගත් බවක් හා අමුතු කුසගින්නක් දැනෙන්න ගන්නවා.. නමුත් ඉතාමත් දීප්තිමත් ලෙස ආලෝකමත් වෙමින් සිටි ටැන්ඩි නිසා ටයිරෝන්ට යම් පහසුවක් දැනෙනවා.. තමන්ගේ අළුත් අදුරු, සෙවණැලි ස්වරූපය වසාගන්න ටයිරෝන් තමන්ව දිග ආවරණයකින් ආවරණය කරගන්නවා..
ඔවුන්ව අල්ලා ගැනීමට එන මාශල්ගේ සහයකයන්ව ක්ලෝක් විසින් උරාගන්නවා.. 
ඔවුන් දෙදෙනා පසුව ක්ලෝක් සහ ඩැගර් නම්වලින් තමන් හදුන්වා ගන්නවා..



ක්ලෝක්(ටයිරෝන්)ගේ ශරීරය ඩාක්ෆෝස් ඩිමෙන්ශන් නමැති අදුරු ශක්ති විශේෂයකින් පිරුණු වෙනත් මානයකට ගමන් කරන දොරටුවක්.. මේ මානය යටත් කරගෙන ඉන්න විලෝපිකයා නිසා ක්ලෝක්ට පණ ඇති ජීවීන්ව උරාගැනීමට පාලනය කරගත නොහැකි කුසගින්නක් ඇති වුවත් ඩැගර් ආසන්නයේ සිටින විට ඇගේ ආලෝකය හේතුවෙන් ඔහුට එම අපහසුතාවන් මගහැරෙනවා..
එමෙන්ම ක්ලෝක්ට අදුරු ශක්තිය පාලනය කරලා ඔහු අවට අදුරු ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්.. මේ අදුරු ක්ෂේත්‍රයට හසුවෙන පුද්ගලයන්ට හිරිවැටෙනසුළු සීතලක් හා බියක් ඇති වෙනවා.. 
ඊට අමතරව ක්ලෝක්ට ඩාක්ඩිමෙන්ශන් එක හරහා ටෙලිපෝට් වෙන්න පුළුවන් වගේම ඝන ද්‍රව්‍ය හරහා ගමන් කිරීමේ හකියාවත් තියෙනවා..


ඩැගර්ගේ ජීව ශක්තිය අනෙක් පුද්ගලයන්ට වඩා ගොඩක් වැඩියි.. ඇයට ජීව ශක්තිය හරහා ජීව ආලෝකය නිපදවන්න පුළුවන්.. ඩැගර්ද තමන්ගේ ශක්තිය ලබාගන්නේ අදුරු ශක්තිය හරහා.. 
ඩැගර්ට තමන්ගේ ඇගිලිතුඩු හරහා අගල් 6ක් පමණ දිගැති ජීව ආලෝකයෙන් නිපදවූ කිරිච්චි(ඩැගර්ස්) නිර්මාණය කරන්න පුළුවන්.. මේ ජීව ශක්ති කිරිච්චි පහර වදින පුද්ගලයන්ට තමන් කල වැරදි ක්‍රියා, පව් සිහි වෙනවා.. මේ ඩැගර්ස්වලින් අජීවී වස්තුවලට හානි කරන්න බැහැ.. 
ඩැගර්ට තමන්ගේ ජීව ආලෝකය හරහා මිනිසුන්ගේ සිරුරුවල විශ ඉවත් කිරීමේ හැකියාව තියෙනවා.. 
එමෙන්ම ඩැගර්ට ජීව ශක්තිය, ජීව ආලෝක ශක්තිය පාලනය කිරීමේ හැකියාව තියෙනවා..


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න